හෘද රෝග අවදානමෙන් මිදෙන්න ක්‍රම 7ක්

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
හෘද රෝග අවදානමෙන් මිදෙන්න ක්‍රම 7ක්

හෘදය රැකේ නම් ඔබත් රැකේ. එසේ හෙයින් හෘදයාබාධ අවදානම ඔබටත් ඇති දැයි යන්න කල්තියා හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. හෘදයාබාධයක පෙරමඟ ලකුණු හඳුනා ගන්නේ කෙසේද? මේ පිළිබඳ ඔබ දැනුවත් වී සිටී නම් එය ඔබට ගැටලුවක් වන්නේ නැත.

මෙහිදී ඔබගේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම, “HDL” මට්ටම, , “LDL” මට්ටම, සීනි මට්ටම සාමාන්‍ය පරාසයන්හි පවත්වා ගැනීම ඉතා වැදගත්. තවද ඔබ මැදිවියේ සිට (අවුරුදු 40 සිට) වයස්ගත වීමේදී සෑම මසකටම වරක් ඔබගේ රුධිර පීඩනය පරීක්‍ෂා කර ගැනීම සිදුකළ යුතුයි.


ඇතැම් විට ඉහත සාධක සාමාන්‍ය පරාසයන්හිදී පැවැතියදී පවා පපු පෙදෙසෙහි යම් කාලපරාසයක් තුළ පවත්නා අපහසුකාරී තත්ත්වයන් තිබිය හැකියි. එවැනි තත්ත්වයන් කිසිසේත් මඟහැරීම සිදු නොකළ යුතුයි. පපුව ඇතුළතින් හටගන්නා මෙම පීඩනය මිනිත්තු කිහිපයකට වඩා පැවැතීම හෝ මෙම තත්ත්වය ඇති වූ පසුව විවේක ගන්නා විට අඩු වී නැවැත ක්‍රියාකාරී වන විට වැඩි වීම සිදුවිය හැකියි. මෙම තත්ත්වය ඇති වන්නේ හෘද පේශියට ලැබෙන රුධිර සැපැයුම අවම වූ විටයි.
එසේ පපු පෙදෙසින් හටගන්නා වේදනාව ගෙල, උරහිස, අත් දක්වා පැතිරී යෑම ඇතැම් රෝගීන් අත්විඳී. පපු පෙදෙසේ පවතින මෙම අපහසුකාරී තත්ත්වයන් සමඟ වමනය, හිසරදය, හුස්ම ගැනීමේ අපහසු බව, ඔක්කාරය වැනි රෝග ලක්‍ෂණද පැවතිය හැකියි. මෙවැනි රෝග ලක්‍ෂණ ඔබටත් ඇත්නම් ඒ පිළිබඳ විශේෂ අවධානය යොමුකර හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු හමුවීම ඔබගේ දිවියේ යහපැවැත්මට ඉතා වැදගත් වෙයි.


ඔබගේ දෛනික ආහාර රටාව හා ආහාර පුරුදුද හෘදයාබාධයක අවදානම් සාධක විය හැකිය. එසේ නම් කුඩා අවධියේ සිට ඔබගේ ආහාර රටාව හා ආහාර පුරුදු නිසි හිතකර ආකාරයකට පවත්වා ගතහොත් ආහාර මඟින් ඒ සඳහා ඇති අවදානම මඟහරවා ගත හැකියි.
ප්‍රමාණය ඉක්මවා වරකට වැඩි ආහාර ප්‍රමාණයක් ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. ප්‍රමාණය ඉක්මවා ආහාර ගත් විට සිදුවන්නේ ශරීරයට දිනකට අවශ්‍ය කැලරි ප්‍රමාණයට වඩා කැලරි ගැනීම මඟින් හෘදයාබාධ සඳහා අවදානම් සාධකයක් වන තරබාරුව නම් තත්ත්වය ඇති වීමයි. ඉක්මනින් ආහාර ගැනීමෙන්ද වැළකී සිටිය යුතුයි. එවිට ලෙප්ටින් නම් හෝර්මෝනය මඟින් සිදුකරන ආහාර ගැනීම පාලනය කිරීමේ යාන්ත්‍රණය නිසි පරිදි සිදුවෙයි.


එළවළු හා පලතුරු වැඩිපුර ආහාරයට ගැනීම සිදුකළ යුතුයි. එළවළු හා පලතුරු විටමින්, ඛනිජ ලවණ හා තන්තුවලින් අනූන වන අතර අන්තර්ගත කැලරි ප්‍රමාණයද අඩුය. එළවළු හා පලතුරු තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු වැදගත් කරුණු වන්නේ තෙලෙන් බදින ලද අධිකව ලුණු දමා ටින් කළ හා අධිකව සීනි යොදා සැකසූ එළවළු හා පලතුරු ගැනීම අවම කළ යුතුයි.
රණිල බෝග හා නිවුඩ්ඩ ඉවත් නොකළ සහල් වර්ග දෛනිකව ඔබේ ආහාරයට එකතු කරගත යුතුයි. පිරිපහදු කළ සුදු හාල් පිටි, පාන්, බිස්කට්, කේක් වැනි දෑ ආහාරයට ගැනීම අවම කළ යුතුයි.


බටර්, මාගරින් වැඩිපුර ආහාරයට ගැනීම නුසුදුසුයි. සම ඉවත් කරන ලද මස් ආහාරයට ගැනීම කළ යුතුයි. නමුත් හරක් මස්, උෟරු මස්, එළු මස් වැනි මස් වර්ග ආහාරයට එක්කර ගැනීම අවම කළ යුතුයි. මන්ද ඒවායේ සංතෘප්ත මේදය (අහිතකර මේදය) වැඩි ප්‍රමාණයක් අඩංගු බැවිනි.
වරක් ආහාර පිසීමට භාවිත කරන ලද තෙල් නැවැත වරක් භාවිතයට නුසුදුසුයි. රටකජු, කජු ආහාරයට ගැනීම සුදුසුයි. නමුත් වැඩිපුර ආහාරයට නොගෙන මධ්‍යස්ථ ප්‍රමාණයෙන් ආහාරයට ගත යුතුය යන්න විශේෂයෙන් මතක තබාගත යුතුයි. සෑම විටම නිවෙසේ සකසන ලද ආහාර පරිභෝජනයට ගන්නේ නම් ඉතා අගනේය. නිවෙසෙන් පිටත සැකසූ ආහාර ගැනීම අවම කළ යුතුයි. මෙවැනි ආහාර පුරුදු ඔබ අනුගමනය කරන්නේ නම් හෘදයාබාධ වැලඳීමට ආහාර මඟින් ඇති අවදානම අවම කර ගත හැකිය.
දුම්බීම හා මද්‍යසාර පානයද හෘදයාබාධ වැලඳීමට හේතු වන ප්‍රධාන අවදානම් සාධකවලින් මූලික තැනක් ගන්නා සාධකයන්ය. එනිසා එයින් වැළකී සිටීමට තරයේ මතක තබාගත යුතුයි.


නමුත් ඔබ විශේෂයෙන් මතක තබාගත යුතු වන්නේ නිසි ආහාර පුරුදු අනුගමනය කළද හෘදයාබාධ අවදානම ඔබට ඇති බැවින් ඉහත රෝග ලක්‍ෂණ ඔබට ඇති වුවහොත් වහාම නිසි වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගත යුතුය යන්නයි.
 

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    :rofl::rofl::rofl:

    Join Date: Sep 2011
    Posts: 495
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif