හෘද සැත්කමකට නිර්දේශ වූ... (Heart Attack...)

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    හෘද සැත්කමකට නිර්දේශ වූ... (Heart Attack...)

    18906717.jpg


    මගේ සටහන: Elakiri සොයුර, සොයුරිය... අද ලියන සටහනේ ඇති දේ සමහර විට ඔබ දැනටමත් දන්නා දෙයක් වෙන්න පුළුවන්. නොදන්නා දෙයක් වෙන්නත් පුළුවන්. නමුත් මට පෙරදින සවස අහම්බෙන් හමුවූ පුවත්පත් කොටසක් (චුන් පාන් වෙළද මහතෙක් පාන් ගෙඩි දෙකක් ඔතා දීමට භාවිතා කල) නිසා අද මේ Post එක වෙන් වෙන්නේ ඒ ගැන නොදන්න අයට එය කියා දෙන්න.

    වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් හෘදය ආශ්‍රිත රෝග වලට මුහුණ දී සිටී. මනුෂ්‍යයන් වන අපි රෝගී වූ විට අසරණය. හෘද රෝගයක්‌ හැදී ශෛල්‍ය කර්මයක්‌ සඳහා නිර්දේශ වූ විට ඊටත් වඩා අසරණය. සමහර විට ඔබගේ දෙමවුපියන්, ඥාතීන්, හිතමිතුරන්, අසල්වැසියන් හෝ කවුරුන් හෝ හෘද රෝගයකට මුහුණදී සිටිනවා විය හැක. එවන් වූ අවස්තාවකදී ඔබට මෙම post එක යම්කිසි අයුරකින් වැදගත් වනවා ඇත. හෘද රෝග මුහුණදී සිටින යම් කෙනෙකුට මෙම පණිවුඩය දැන ගැනීමට සැලැස්‌වීම මා විසින් කරන විශාල කුසල කර්මයක්‌ සේ මමද මෙය සලකමි.

    මෙහි කථානායක වන ගාල්ල නගර සභාවේ හිටපු ලේකම් නමින් විමලසිරි නානායක්‌කාර මහතා මා පෞද්ගලිකව නොහදුනන අතර, පුවත්පතේ නම සහ දිනය කොටස සොයා ගැනීමට නොහැකි වූ අතර සෑම පුවත්පතකටම අනන්‍ය වූ රටාව අනුව මෙය දිවයින පුවත්පත යැයි මා අනුමාන කරමි. එසේම මා ඉතා හොදින් නිරීක්‍ෂණය කල අතර මා හට හොදින්ම අවබෝද වුයේ මෙය මුදල් ගෙවා පලකල හුදු පුවතක් නොවන වගය. ඒ කෙසේ වුවද මෙහි සත්‍ය-අසත්‍යතාව තීරණය කීරීම ඔබට භාර කරමි. අපි විමලසිරි නානායක්‌කාර මහතාට සවන් දෙමු...



    නමින් විමලසිරි නානායක්‌කාර වන මම ගාල්ල නගර සභාවේ හිටපු ලේකම්ය. හිටපු ලේකම් කියන්නේ මම දැන් විශ්‍රාමික නිසයි. ගාල්ල නගර සභාවේ සේවයට පැමිණියේ අම්බලන්ගොඩ සිටයි. වේලාවට සේවා ආයතනයට පැමිණිය යුතු නිසා බොහෝ අවස්‌ථාවල දුම්රියට නැග ගැනීම සඳහා දුවගෙන ඒමට සිදු වෙනවා. මෙසේ දුවගෙන ඒමේදී දින කිහිපයක්‌ පපුවේ වේදනාවක්‌ දැනෙන්නට වුණා. ඒ ආකාරයෙන් පඩිපෙළක්‌ නැඟීමේදී ද පපුවේ වේදනාවක්‌ දැනුණා. දිගින් දිගටම මේ තත්ත්වය තිබූ නිසා වෛද්‍ය උපදෙස්‌ පැතුව මා හට උපදෙස්‌ දුන් වෛද්‍යතුමා මාව කරාපිටිය හෘද රෝහල වෙත යොමු කළා. එහිදී කළ ඇන්ජියේ ග්‍රෑම් පරීක්‍ෂණයේදී හෙළි වූයේ හෘදයට රුධිරය ගෙන යන නාල 70% ත් 99% ත් අතර ප්‍රමාණයකින් අවහිර වී ඇති බවය.

    ඒ අනුව ඔවුන්ගේ නිගමනය වූයේ මා හට හෘද සැත්කමක්‌ කළ යුතු බවය. මෙම සැත්කම ජනාධිපති අරමුදලේ සහාය ඇතිව කරගෙන යැමට කටයුතු සලස්‌වද්දී ගාල්ල අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මිතුරකු නුගේගොඩ ස්‌ටැන්ලි තිලකරත්න මාවතේ අංක 112/1 දරන ස්‌ථානයේ ඇති ජැපනීස්‌ බයෝපති ආයතනය ගැන දැනුවත් කළා. ඒ අතරම හියාරේ පදිංචි කරුණාසේන නම් මහතකු ඔහුගේ බිරිඳ ද හෘද රෝග සැත්කමකට භාජන නොකර බයෝපති ආයතනයෙන් මීට අවුරුදු 3 කට පෙර ප්‍රතිකාර ලබා සුවයෙන් සිටින බවත් දැන ගතිමි. මෙසේ දැන ගත් කරුණු කාරණා අනුව මම ජපන් බයෝපති ආයතනයේ උපදේශක වෛද්‍ය ඇලන්ටන් වීරසිංහ මහතාගෙන් ප්‍රතිකාර ලබාගත්තෙමි. මා මෙන්ම හෘද රෝග සැත්කමක්‌ කිරීමට නිර්දේශව සිටි මාගේ ඥති විදුහල්පතිවරයකු වන ගාමිනී නානායක්‌කාර මහතා ද හෘද රෝග ශල්‍යකර්මයන්ගෙන් නිදහස්‌ව දැන් සුවයේ පසුවනවා.

    එක දිගටම මාස හයක්‌ පමණ කාලයක්‌ බයෝපති වෛද්‍යවරුන් සඳහාම ජපානයේ නිෂ්පාදිත කිසිදු අතුරු ආබාධයක්‌ නොමැති ඖෂධ පමණක්‌ භාවිත කරන බයෝපති උපදේශක වෛද්‍යතුමා අපට නිතරම උපදෙස්‌ දුන්නේ අපට පළපුරුදු අපගේ වෛද්‍යවරයා හෝ වෛද්‍යවරුන්ගෙන් ඈත් නොවී බයෝපති ප්‍රතිකාරය ද ලබාගන්නා ලෙසයි.

    මාස 06 ක්‌ ප්‍රතිකාර කර අවසන් තීරණය ලෙස ඔහු පැවසුවේ දැන් අප හට හෘද රෝග සැත්කමක්‌ අවශ්‍ය නොවන බවයි. අපට පළපුරුදු හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවී අවශ්‍ය පරීක්‍ෂණ කරවා ගන්නා ලෙසත් එහි ප්‍රතිඵලය තමා හට ද දන්වන ලෙසත් පැවැසීය. ලැබුණ උපදෙස්‌ පරිදි අපි අපට පළපුරුදු හෘද රෝග විශේෂඥවරු හමුවුණා. අපව පරීක්‍ෂා කළ එතුමන්ලාගේ අවසන් නිර්දේශය වූයේ හෘද රෝග ශෛල්‍යකර්මවලින් අප නිදහස්‌ බවයි. මෙය ඉතා සතුටට කරුණකි.

    හෘද රෝගී සැත්කම්වලට අකමැති රෝගීන්ට හරි ප්‍රතිකාරයක්‌ ලබාගැනීමට ඇති එකම ජපන් බයෝපති වෛද්‍ය මධ්‍යස්‌ථානය ගැන දැනුවත් කිරීම මහඟු පිනක්‌ සේ සලකා මා මේ බව පුවත්පතට ලිවීමට අදහස්‌ කළා.

    දුරකථන අංක 0777320898 කතා කර ජැපනීස්‌ බයෝපති ආයතනයෙන් අවශ්‍ය විස්‌තර ලබාගත හැක. ඔබට මගෙන් යමක්‌ දැන ගැනීමට ඇත්නම් කරුණාකර 0912243989 හෝ 0714475790 මට කතා කරන්න.

    හෘද රෝග සැත්කම්වලට අකමැති සියලු දෙනාටම මෙම පණිවුඩය දැන ගැනීමට සැලැස්‌වීම මා කරන විශාල කුසල කර්මයක්‌ සේ සලකමි.

    -විමලසිරි නානායක්‌කාර වක්වැල්ල පාර, ගාල්ල

    අවශ්‍යතාවය අනුව මා අත ඇති උක්ත විස්තරය අඩංගු පුවත්පත් කොටස පරිලෝකනය කර (scanning) ඔබ වෙනුවෙන් ලබාදීමට හැකිබව කරුණාවෙන් සලකන්න.

    සෑම Elakiri සොයුරු-සොයුරියන්ට තම ජීවිතය ජය ගැනීමට, වැඩ කටියුතු ඉතා හොදින් කරගෙන යැමට ශක්තිය-දිරිය ලැබේවා.. කායික පීඩා, මානසික පීඩා, දුරැවේවා.. නිදුක් නීරෝගී සුවපත් භාවය සදාකල් ලැබේවා..!!! ස්තුතියි.
    :) :) :)
    (Post එක වැදගත් කියලා ඔබට හැගෙනවා නම් කරුණාකර BUMP එකකින් අන් අයටද කියවීමට සලස්වන්න. :yes: )
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    okata hoda sinhala beheth thiyenawa.... oninam kiyapan..
    ගොඩාක් ස්තුතියි සහෝ... අනිවාර්යයෙන් අපේ දේශීය වෙදකමේ මේවට බෙහෙත් තියෙන්න ඕනි. සියරට දේ සිරි සැප දේ... :D (මම මේක දැම්මේ අහම්බෙන් කියවන්න හම්බවුන පත්තර කෑල්ලක් දැකලා)