සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග
මේජර් ජාලිය ඈපා ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි නිලධාරියෙකි. ඔහු 1988-89 භීෂණ කාලයේදී ඇඹිලිපිටිය ප්‍රදෙශයේ සේවය කලේය. ඔහු ලොව පුරා ආන්දෝලනයට ලක්වූ ඇඹිලිපිටිය පාසල් සිසුන් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම පිලිබඳ සිද්ධියේ එක් චූදිතයෙකු වූ අතර ඒ සඳහා අධිකරණයෙන් වරදකරුවෙකු වී සිරදඞුවම් ද ලැබීය. වර්තමානයේ සිරෙන් නිදහස්ව නිහඞ ජීවිතයක් ගත කරන මේජර් ජාලිය ඈපා ප්‍රථම වතාවට ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය පිලිබඳව මාධ්‍යකට අදහස් දක්වයි. ඔහුටද ඇඹිලිපිටිය සිදුවීම පිලිබඳව කීමට කතාවක් තිබේ. මේ එම කතාවයි.1) මේජර් ජාලිය ඈපා ඔබගේ හමුදා ජීවිතය ගැන යමක් කිවහොත් ? මොන ක්‍රියාන්විත වලද ඔබ සිටියේ
ඔව් මා කොතලාවල ආරක්ශක විද්‍යාපීඨයට බැදුනේ 1981 සැප් මාසයේ. එවකට එය විශ්වවිද්‍යාලයක් නොවන නිසා කළමනාකරණය උපාධිය (BA (Mgt)) හැදැරීමට කොලඹ විශ්වවිද්‍යාලයට ඇතුලත් වුනා. උපාධිය අවසන් කර වැඩිදුර හමුදා පුහුනුව දියතලාව හමුදා ඇකඩමියට ඇතුලත්ව දෙවන ලුතිතන් වරයෙක් ලෙස 1985 සැප්තැම්බර් මාසයේ කාලතුවක්කු රෙජිමේන්තුවට බැදුනා. මාගේ හමුදා ජිවිතයේන් වැඩි හරියක් ගෙවුනේ ක්‍රියාන්විත රාජකාරි වල.
මාගේ මුල්ම deployment එක වුයේ ඔඩුසුඩාන්. ඉන් අනතුරුව මුරුන්කන්, මන්නාරමෙ තල්අඩි, මාන්කුලම්, කිලිනොච්චි හමුදා කදවුරු වල සේවය කලා. 87 සාම සාකච්ඡා වලින් පසු දේණියාය, වෙඩිතල්තිව්, මොණරාගල සහ ඇඹිලිපිටියෙත්, නැවත යුද්ධය ඇරඹිමත් සමග යාපනයේ මාවඩිපුරම්, මන්නාරමේ, වවුනියාව , වැලිඔය, අම්පාර. වැනි කදවුරු වල ක්‍රියන්විත රාජකාරියේ යෙදුනා. එ වගේම නැවතත් වවුනියාව , මන්නාරමේ, මඩකලපුව , ත්‍රිකුනාමලය, කල්පිටිය හමුදා කදවුරු ආශ්‍රිතව ක්‍රියාන්විත වල යෙදුනා. ප්‍රධාන ක්‍රියාන්විත නම් බලවේගය, අස්සක සේනා, වන්නිවික්‍රම 1,2,3, හයේ පහර, අකුනු පහර, සහා නැගෙනහිර පලාත මුදාගැනිමේ මෙහෙයුම්, වවුනියාවෙ FDL එක expand කිරිමේ මෙහෙයුම්, මාවඩිපුරම් FDL ආරක්ශා කිරිමේ මෙහෙයුම්, තලෙයිමන්නාරම දූපත clear කිරිමෙ මෙහෙයුම්, මඩු පල්ලිය මුදා ගැනිමේ මෙහෙයුම්, සහා convoy ආරක්ශා කිරිමේ මෙහෙයුම් වලට සහභාගි වුනා. මා ඒකකයේ විධායක නිලධාරි (Adjutant) බතරොයි දේකක් අලුතින් පිහිටවලා එහි පලමු බතරොයි නිලධාරි අණදෙන ලෙසත්, ඒකකයේ දෙවන අණදෙන නිලධාරි ලෙසත් රාජකාරි කොට තිබෙනවා.
ඒවගේම දියතලාව අධුනිකයි පුහුනු පඨමලා කන්ඩ භාර නිලධාරි ලෙසත්, දියතලාව කෙඩෙට් නිලධාරි පසැලේ Intake 36 හි course officer ලෙස පුහුනු කිරිම් අංශයෙනුත්, රත්නපුර සම්බන්ධිකරණ මුලස්ථානයේ දෙවන ශ්‍රේනියේ මාංඩලික නිලධාරි ලෙසත්, පාබල බ්‍රිගේඩ් ගෘප් කිහිපයක බ්‍රිගේඩ් මේජර් ලෙසත් පනාගොඩ පලමු සේනාංකයේ ජෙනරාල් මාංඩලික නිලධාරි 11 ( GSO II ) ලෙසත් මාංඩලික රාජකාරි කර තිබෙනවා.
මා මිමි 130 කාලතුවක්කුව specialize කර තිබෙනවා. පිටරට පාඨමලා හතරකුත්, දේශිය පාඨමාලා අටක් පමනත් කර තිබෙනවා. එයට බුද්ධි පාඨමාලා දෙකක් සහා නිළධාරින් සදහා ICRC වලින් මෙහෙයවන ලද Law of War for Officers පාඨමාලාවත් ඇතුලත්.
2) ඇඹිලිපිටිය සිසු ඛේදවාචකයට ඔබ සම්බන්ධ වන්නේ කෙසේද ?
මා එම කාල වකවානුවෙ 6 වන කාලතුවක්කු රෙජිමේන්තුවෙ ලුතිනන් වරයෙක්. මා විසින් ආරම්භ කරන ලද 16 වන කාරක බතරොයියේ පලමු බතරොයි නිළදාරි අනදේනයි. මා යටතේ කුට්ටිගල කදවුරත් රත්නපුරේ නීලපොල වත්තත් ( කුඩා කදවුරක් වත්තේ ආරක්ශාවට ) තිබ්බා. ඒ අතරෙම ඇඹිලිපිටිය මහවැලි නිවාඩු නිකේතනයේ පිහිටුවා තිබු රත්නපුර සම්බන්ධිකරණ කාර්‍යාලයේ දෙවන ශ්‍රේනියේ මාන්ඩලික නිලධාරි ලෙස සම්බන්ධිකරණ නිලධාරිතුමා යටතේ සේවය කලා. සම්බන්ධිකරණ තුමා (Coordinating Officer) ගේ වගකීම තමයි සියලුම රජයේ ආයතන ප්‍රධානින්ට නිසි ආරක්ශාව සහ නායකත්වය ලබා දී එම ආයතන පවත්වාගෙන යාමයි.
දිසාපතිගේ ගේ පටන් රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ප්‍රධානීන් ඔහුගේ අණ්ට යටයි. එයට අමතරව ඔහු 6 වන කාලතුවක්කු රෙජිමේන්තුවෙත් අණදෙන නිලධාරි තුමා. මා ඔහුගේ මාන්ඩලික නිලධාරි ලෙස ඔහුගේ රාජකාරි කටයුතු වලට සහය වුනා. මා ස්ථාන ගතවි සිටියේ එම මහවැලි කදවුරෙයි. ඔහු යටතේ දිස්ත්‍රික්කයේ සියලුම හමුදා කදවුරු ( 16-17 පමණ්) සියලුම පොලිස් ස්ථාන ( 10 ක් විතර ) තිබුනා. ඉතිං ප්‍රදේශයේ මහජනයා තම පැමිනිලි කිරිමට මෙම සම්බන්ධිකරණ කාර්‍යාලයට පැමිනෙනවා. මේ සේවන කදවුරට වගෙම අන් කදවුර බල ප්‍රදේශ වල හමුදා පොලිස් ක්‍රියාමාර්ග සැබැදිවයි මේම පැමිනිලි. සැම විටම සම්බන්ධිකරණ නිලදාරි තුමා හමු වීමට ප්‍රතම ඒම ජනයා මා හමු වෙනවා. ඒ නිසාම මා මේ සේවන කදවුරට බල ප්‍රදේශයට අයත් ජනයාත් මා මහවැලි කදවුරෙදි හමුවී තිබෙනවා.
3) ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසු පිරිසක් හමුදා අත් අඩංගුවට පත් වන අතර ඔවුන් පසුව අතුරුදහන් වනවා. මේ සිද්ධියට ඔබ වග කිය යුත්තෙක්ද ?
එය මෙසේයි. මා ඒ මුලුකාලසීමාවටම අණ දුන්නේ කුට්ටිගල හමුදා කදවුරට සහා නීලපොල වත්ත හා සැබැදිවයි. මොකද වගකීමෙන් බැදෙන්නේ අනුකන්ඩ බාර නිලධාරි හෝ/ සහා නිලධාරි අණ්දේණ (බතරොයි නිළධාරි අණදේන) හෝ/සහා අණදේණ නිළධාරි තුමයි. මේකට කියන්නේ Chain of Command. මේ සිදුවීම සිදුවුනේ ඇඹිලිපිටිය නගර සීමා බලප්‍රදේශය භාර සේවන හමුදා කදවුරේ. මා රාජකාරි කලේ ඊට මිටර් 500-800 ඇතින් පිහිටි මහවැලි කදවුරේ පිහිටි සම්බන්ධිකරණ කාර්‍යාලයේ. මාගේ රාජකාරි ස්වභාවය වුයේ සම්බන්ධිකරණ නිලධාරි තුමාගේ උපදෙස් අනුව සම්බන්ධිකරණ කටයුතු ඉටුකිරීමයි. ඒ කියන්නේ pen to paper work. මා අණදෙන රාජකාරි කුට්ටිගල ප්‍රදේශයේ හැර රත්නපුර දිස්ත්‍රික්කයේ වෙනත් කිසිම ප්‍රදේශය කලේ නැහැ. ඒ අනුව මා මේ සිදුවීම් වලට කිසිම අණදීමක් කර නැහැ.
4) ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති දයානන්ද ලොකුගලප්පත්ති ඒ කාලයේ ඔබගේ මිතුරෙක්ද ? ඔහුට මොකක්ද හමුදාව සමග තිබ්බ ගණුදෙනුව
මා රාජකාරි කරන ප්‍රදේශවල කිසි කෙනෙක් සමග ( රජයේ නිලධාරින් හෝ වේවා ) රාජකාරි මට්ටමෙන් පමනයි සම්බන්දතාවන් පවත්වන්නේ. ඇත්තෙන්ම මා හමුදාව තුලත් batch mates ලා හැර ජේෂ්ඨ/ කනිෂ්ඨ නිළධාරින් සමග රාජකාරි කාලය තුල පැවැත්වුයෙත් රාජකාරි සබදතා පමනයි. ඒ මා එතරමටම impersonal. ඉතිං මා ගලප්පත්ති විදුහල්පති සමග රාජකාරි මට්ටමෙන් එපිට කිසිදු සබදතාවක් තිබුනේ නැත. රාජකාරි මට්ටමේන් පවා තිබ්බේ ඉතා අඩු සබදතාවක්. ඔහු සෙවන කදවුර, විදුහල අසල නිසා, සමග සබදතා පැවැත්වු බව මා දනිමි. ඒ නිසාම එදා ඔහු මගේ මිතුරෙක් නොවේ. නමුත් නඩුව පැවතුන කාලයේ ඉදන් අද දක්වා අන් අයට වඩා මා සමග ඔහු වඩා හිතවත්.
අන් රජයේ ආයතන, උසාවිය හැර GA කාර්‍යාලයේ සිට පහලට, අත්‍යවශ්‍ය සේවා( ජල, විදුලි, බස් ගමනාගමන මෙන් පාසැල් පැවැත්වීමද අපගේ ප්‍රධානම රාජකාරි වලින් එකක්. ඒ වගෙම රජයේ නිළධාරින් හට අරක්ෂාව දීමත් අපේ රාජකරියක්. ඒ අනුව ගලප්පත්ති පර්ශද විදුහල්පති ( ඔහුගේ පර්ෂදය යටතේ තවත් පාසැළ් කිහිපයක් තිබුනා. ඒවා administratively පාලනය කලේ ඔහුයි) හට පාසැළ් පවත්වාගෙන යාම නිසා ජනතා විමුක්ති පෙරමුනෙන් මරණිය තර්ජන තිබ්බා. එක් අවස්ථාවක් පිස්තෝලයෙන් ඔහුට පසු පසින් පැමින වෙඩි තිබ්බා. ශිෂයෙක් කෑ ගහපු නිසා ඔහු මුවා වීම තුල වෙඩි නොවැදි බේරුනා. ඉන් පසුව සම්බන්ධිකරණ නිළදාරිතුමාගේ උපදෙස් අනුව සෙවන කදවුර විසින් පාසැළටත් ඔහුගේ නිළනිවසටත් ආරක්ෂාව සැපයුවා.
5) ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය යට සිටි බුද්ධික කුලතුංග නම් ජවිපෙ ක්‍රියාධරයා ගැන කවුරුත් දන්නේ නෑ ඔහු පිලිබඳව සඳහනකුත් නෑ. ඔහුගේ භූමිකාව මොකක්ද ?
ඔහු ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ තරුන ගුරුවරයෙක්. ඔහු ම.ම.වි ඉඩමන් කොටසක් පැට්‍රොල් ෂෙඩ් එකක් අලුතින් හදන්න දේන්න ගත් තීරනයට විරුද්ධව ශිෂයන් උසිගන්වා ශිෂයන්ගේ උද්ඝෝෂණය යටින් සිට මෙහෙය වුවා. මේ කාලයේ අප ඇඹිලිපිටියේ නොවෙයි හිටියේ. ඒ වගේම ගලප්පත්තිත් හිටියේ අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්‍යාලයේ. හිටපු විදුහල්පති තුමාට මෙය පාලනය කර ගත නොහැකි වූ නිසා ඔහු ඉන් ඉවත් කර ගලප්පත්ති එහි විදුහල්පති ලෙස පත් කර එවලා තියෙනවා. ඒ සමගම තමයි අප රෙජිමේන්තුවෙ මොනරාගල සිට ඇඹිලිපිටියට එව්වේ. මේ සිදුවීම් දෙකම එකම කාලයක සිදුවුයේ. මා කුට්ටිගල ස්ථාන ගත වුවා. සේවන කදවුරේ ස්ථාන ගත භඨ පිරිස් වලට අණ දුන්නේ මේජර් රන්ජිත් රූපසිංහ. පසුව කර්නල් නිලයෙන් හමුදාවෙන් විශ්‍රාම ගියා. ඔහුත් සම්බන්ධිකරණ නිලධාරි තුමා වන බ්‍රිගේඩියර් පැරි ලියනගේත් ඇඹිලිපිටිය ම. ම. විද්‍යාලයට ගොස් ගුරු, ශිෂ්‍යයන් ඇමතුවා. මතකද ඒ කාලයේ ශිෂ්‍ය සටන් පාඨය වුයේ ” පලමුව මව්බිම දෙවනුව පාසැළ” කියායි. ඔහු ඉතා තදින් කතාකලා. ඇත්තටම ගලප්පත්ති විදුහල් පති නැවිලා හිටියේ ජවිපේ පැත්තට. ඒ මරණීය බයට.අප කලේ ඊටා වඩා වැඩි භිතියක් රාජ්‍ය නිලධාරින්ට දීමයි.
ඉතිං මේ ගුරුවරයා ම.ම. විද්‍යාලයේ පටන් ගත්තා කෙඩෙටින් ප්ලැටුන් එකක්. එසේ ශිෂ්‍යයන් තම ග්‍රහණයට නතු කර ගත්තා. මේ ශිෂ්‍යයන් අත් අඩංගුවට පත්වෙන්නේ ඇඹිලිපිටිය කඩදාසි කම්හල ගිනි තැබිමෙන් පසුවයි. මා මේ කියන්නේ ඊට පෙර සිදුවීම්. ඔහු මේ ශිෂ්‍යයන්ව පන්ති පහ කරවීම අවි පුහුනු කදවුරු වලට යැවීම් ආදිය කලා. මේ අය ජවිපේ ශිෂ්‍ය සන්නද්ධ අංශ්‍ය ලෙස කටයුතු කරා. අප මොහුව දේපාරක් අත් අඩංගුවට ගත්තා. පලමු වර ගලප්පත්ති විදුහල්පති තුමා මැදිහත්වී ඔහුව බේරා ගත්තා. ඒ පාසැලේ ශිෂ්‍යයන් පාලනය කර ගන්න වෙන්න ඇති. දෙවැනිවර අර මා කියු කර්නල් රුපසිංහ බේරලා ඇරියා. කියන්නේ ඔහුත් ආගමේ බුද්ධිකත් ක්‍රිස්තියානි ආගමේ කියලයි. ඉතිං පෙහෙකම්හල ගිනි තැබිමේ සිද්ධියට ( සේවන කදවුර බලප්‍රදේශයේ පිහිටි) ශිෂ්‍ය සන්නද්ධ අංශයත් සහභාගි වෙලා තිබ්බා. ඒ ගැන පරික්ෂණ කරනවිට බුද්ධික ප්‍රදේශයෙන් පලා ගොස් හිටියා. අපට සොයා ගන්න බැරිවුනා. ඔහු පල්ලියේ අධාරයෙන් රට ගොස් ඇති බව පසුව අප දැන ගත්තා.
6) අතුරුදහන් වූ සිසුන් ජවිපෙ ශිෂ්‍ය සන්නද්ධ අංශයේ සිටියාද ? ඔබට එසේ සිටි සිසුන් නම් වශයෙන් කිව හැකිද ?
එක් කෙනෙක් හැර අන් සියලු දේනාම අවි පුහුනු කදවුරු වලට සහභාගි වෙලා අවි පුහුනුව ලබා තියෙනවා. උදේෂ් කාවින්ද, ප්‍රසන්න හදුවල, සුසිල් කුමාර, රසික කලුගම්පිටිය, සිසිල්, අන් අයගේ නම් මට මතක නැහැ. උදේෂ්, හදුවල සුසිල් වගේ අය මිනිමැරුම් පවා කර තියේනවා. මොකද ගොඩක් මිනිමැරුම් සිදුවුනේ පැය 17.45-18.45 වගේ හවස සහ රාත්‍රිය අතර. ඒ කියන්නේ last light එකේදි. එය කර මේ අය ගෙදර එනවා. ගෙදර අය සැක හිතන්නේත් නැහැ. මේ සියල්ලන්ගෙන් කොටසක් රාජ්‍ය දේපල ගිනිතබා විනාශ කර තිබෙනවා.
7) මෙතන කිසිම රාජ්‍ය විරෝධී ක්‍රියා නොකරපු අහිංසකයොත් සිටියාද ? ඔවුන් කවුද ?
ඔව්. ඔහු තමයි මල්වත්ත කියන ශිෂ්‍යයා. මා ඒ ගැන සම්බන්ධිකරණ නිළධාරි තුමාට නිදහස් කරන්න කියා කියා තියෙනවා. මොකද මා සම්බන්ධිකරණ නිළධාරි තුමාට සැම කදවුරකින්ම එන සැම introgation report එකක්ම බලනවා. මා සැම විටම big picture එකේ සිටියේ. එය මාන්ඩලික නිළධාරි කෙනෙකුගේ පරම රාජකාරියක්. හමුදාවේ කෙනෙකුගෙන් අසා බලන්න පුලුවන් එය එසේමද කියා. මල්වත්තව නිදහස් නොකෙරුනේ ඔහුව අන් අය සමගමයි රදවා හිටියේ. නමුත් එයට මා එකග වුයේ නැහැ. මා අණදෙන නිළධාරිවරයෙක් නොවන නිසා ( මාන්ඩලික නිලධාරියෙක් පමනක් වු නිසා ) මා හට ඉන් එහාට කල හැකි දෙයක් වුයේ නැහැ.
මහාධිකරණ නඩු විභාගය කාලයෙදි ස්ටිවන් වැනි නිදහස්. කල එදා රැදවියන් සාක්ශි දෙන විට බ්‍රිගේඩියර් මා හට ඔච්චමට කියුවේ ජාලිය කොහොමද අපි මල්වත්තව නිදහස් කල තිබුන නම් කියා. නමුත් ඒ වෙනවිට මා reform වෙමින් සිටි බැවින් මනුශ්‍ය ජිවිතයක වටිනාකම හොදින් වටහා ගෙන ( මට එතකොට වයස 34-35 වගේ) සිටි බැවින් ඔහු කී දේ මාගේ එක් කනකින් ඇතුලත් වී අනෙක් කනේන් පිටවුනා. අදටත් මා එ ගැන දුක් වෙනවා ඒ අහිංසකයෙක් නිසා. ඔහු පංති කර ඇති බව මට මතකයි. හැබැයි එවැනි අය අප කලේ බූස්ස කදවුරට ඇරිමයි. අන් අය ගැන. අන් අය ගැන මා හට ඒ කෝණයෙන් දුකක් නැහැ. හේතුව අවි පුහුනුව ලබා තිබේනම්, අවි සමග අත් අඩංගුවට පත්වි ඇත්නම්, මීනි මරා ඇත්නම් සහා රාජ්‍ය දේපල විනාශ කර ඇත්නම් ඒ අය විනාශ කිරිමටයි රාජ්‍ය ආරක්ශක ඇමති රන්ජන් විජේරත්න මැතිතුමා වාචික උපදෙස් ලබා දී තිබුනේ. කෙසේ වෙතත් මල්වත්ත වෙනුවෙන් මා කතා කරන්න ශක්තියක් තිබිම ගැන මා කුඩා සතුටක් ලබනවා. ඒ එම අපරාධයේ කොටස් කරුවෙක් නොවීම නිසයි.