හෙජින් විනාශයට වගකිවයුත්තේ කවුද?
හෙජින් විනාශයට වගකිවයුත්තේ කවුද?
හෙජින් ගිවිසුම යටතේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවට ගෙවිය යුතු ඩොලර් මිලියන 162 හා ඊට ලැබිය යුතු පොලිය ඛනිජ තෙල් සංස්ථාව විසින් එම බැංකුවට ගෙවිය යුතු බවට බි්රතාන්ය වාණිජ මහාධිකරණය තීන්දු කර තිබේ. මේ බැංකුව තමන්ට අයවිය යුතු මුදල් ලබාගැනීම සඳහා බේරුම්කාර මණ්ඩලයක් ඉදිරියට නොගොස් බි්රතාන්ය වාණිජ මහාධිකරණය ඉදිරියට ගියේ එයින් දෙන තීන්දුව මගින් ගිවිසුමට අදාළ අනෙක් බැංකු සම්බන්ධයෙන්ද බලපෑමක් ඇති කිරීමේ අදහසින් විය හැකිය. හෙජින් වැඩපිළිවෙල තෙල් සංස්ථාවට හඳුන්වා දීම සඳහා පුරෝගාමීව ක්‍රියා කළේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවයි. සමහරවිට මෙම වැඩසටහනට අනෙක් බැංකුකරුවන් සම්බන්ධ කරගන්නට ඇත්තේ ද එම බැංකුව විය හැකිය.
දැන් තෙල් සංස්ථාව කියන්නේ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවය. ඒ සඳහා ද තවත් කෝටි ගණනක් වියදම් කරන්නට සිදුවනු ඇතැයි සිතිය හැකිය. අවසානයේදී සිදුවනු ඇත්තේ සියලු බැංකුවලට ඔවුන්ට ගෙවිය යුතු මුදල් පොලී සමග ගෙවන තත්ත්වයක් ඇතිවීමය. ඒ සඳහා දරන්නට සිදුවන වියදම පොලිය සමග ගත්විට ඩොලර් මිලියන 500ක් පමණ විය හැකිය.
මෙම හෙජින් ගිවිසුම සකස් කර තිබුණේ මිල ඉහළයෑමේදී එක්තරා සීමාවක් පසුකළ විට බැංකුවලට ආරක්ෂාව ලැබෙන ආකාරයටත්, මිල පහළයෑමේදී ඒ සමාන ආරක්ෂාවක් තෙල් සංස්ථාවට නොලැබෙන ආකාරයටත්ය. මෙවැනි දැවැන්ත ගනුදෙනු සඳහා ගිවිසුම් ඇති කරගන්නා විට පවා ඒවාහි හරි වැරැද්ද සොයා බලන විධිමත් ක්‍රමයක් රටේ නැති බව ඉන් පෙනීයයි.
මේ ප්රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ආ විට එවකට අගවිනිසුරු ධුරය ඉසිලූ සරත් නන්ද සිල්වා මහතා මෙම ගිවිසුම දූෂිත ගිවිසුමක් ලෙස සලකා බැංකුවලට කළයුතු සියලු ගෙවීම් තාවකාලිකව අත්හිටුවන නියෝගයක් පැනවීය. ඉන්පසු තෙල් මිල පහත දමන නිර්දේශයක් ආණ්ඩුවට ඉදිරිපත් කළේය. ආණ්ඩුව ඒ නිර්දේශයට අනුකූලව ක්‍රියානොකිරීම නිසා කෝපයට පත් එම අගවිනිසුරුවරයා පනවා තිබුණු තහනම් නියෝගය ඉවත් කළේය. අවසානයේ එම අගවිනිසුරුවරයා ආණ්ඩුව සමග ඇති කරගත් තරහට මුළු රටම ලොකු වන්දියක් ගෙවිය යුතු තත්ත්වයකට ඇද දැමුවේය. ඒ අවස්ථාවේදී විය යුතුව තිබුණේ ගිවිසුමේ තිබුණු කොන්දේසි ඒකපාර්ශ්වික හා සාධාරණ නොවේ නම්, එය සාධාරණ හා සමබර ගිවිසුමක් බවට නැවත පත්කිරීමය. සිදුවී තිබුණු ඒ වරද නිවැරදි කිරීමට ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට නොගැනීම නිසා තමන්ට ලැබිය යුතු පූර්ණ වන්දිය ලබාගැනීම සඳහා ජාත්‍යන්තර අධිකරණවලට හෝ ජාත්‍යන්තර බේරුම්කාර මණ්ඩලවලට යාහැකි තත්ත්වයක් බැංකුවලට ලබා දුන්නේය.
දේශපාලකයන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ කැරැට්ටුව පිරිසිදු නොවනවා සේ ම විදේශ බැංකුකරුවන්ගේ කැරැට්ටුවද පිරිසිදු නැත. මෙවැනි විනාශකාරී ගිවිසුම් ශ්‍රී ලංකාව සඳහා අසාමාන්‍ය නොවන බවද කිව යුතුය. ප්‍රීමා ගිවිසුම ඒ සඳහා දැක්විය හැකි තවත් නිදර්ශනයකි. ඒ ගිවිසුමෙන් දේශපාලකයන්ට ලැබුණු අයථා ලාභ නිසා අතිවිශාල ලාභ උපදවන තිරිඟු පිටි ඒකාධිකාරයක් පවත්වාගෙන යෑමට සමාගමට අවස්ථාව ලැබුණි. තාප විදුලි බලය සඳහා පෞද්ගලික සමාගම් කිහිපයක් සමග විදුලිබල මණ්ඩලය ඇති කරගෙන තිබුණු ගිවිසුම් වැටෙන්නේ ද ඒ ගණයටය. එම ගිවිසුම්වල කොන්දේසි සකස් කර ඇත්තේ විදුලිබල මණ්ඩලයේ වියදමින් උපයන ආදායම් සමාගම්වලට ලැබෙන ආකාරයටය.
මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව දූෂණ මර්දනයට මේ ආණ්ඩුවට හෝ 77න් පසු මෙතෙක් බලයට පත්ව ඇති වෙනත් කිසිම ආණ්ඩුවකට හෝ අවංක වුවමනාවක් නැතිකමය. රටේ පවතින දේශපාලන ක්‍රමය සකස් කර තිබෙන්නේ බලයට පත්වන පාලක පක්ෂවලට අයථා ලෙස උපරිම වශයෙන් වස්තුව උපයා ගැනීමේ අයිතිය ලැබෙන ආකාරයටය. එවැනි ක්‍රමයක් තුළ දිගින් දිගට සිදුවන මෙවැනි වංචා පුදුමයට හේතුවක් නොවන අතර, පුදුම විය යුතුව තිබෙන්නේ මෙවැනි දූෂිත ක්‍රමයක් තුළ මේ රට මේ තරමටම හෝ ඉතිරිව තිබීම ගැනය. එහෙත් මේ ක්‍රමයට හැමදාමත් පැවතීමේ හැකියාවක් රටට තිබිය නොහැකිය.
අය්යෝ සල්ලි

Code:
http://ravaya.lk/articals.php?d=02522a2b2726fb0a03bb19f2d8d9524d
අය්යෝ සල්ලි