හෙට ඉඳන් හැමෝම කොළඹ

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හෙටින් (26)ආරම්භ වන සතියේ කොළඹ රැඳී සිටින්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය, ආණ්ඩුවේ සියලු මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

    ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය ආණ්ඩුවේ සියලුම මැති ඇමැතිවරුන්ට වට්ස්අප් පණිවුඩයක් මාර්ගයෙන් මෙම දැනුම් දීම සිදුකර ඇතැයි දැනගන්නට ලැබේ.

    එසේ වුවද ඒ කුමන කාරණයක් නිසා ද යන්න මැති ඇමතිවරුන්ට මෙතෙක් දැනුම් දී නැති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට ගෙන එන බැවින්,ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට කොළඹ රැඳී සිටින ලෙස සහ පිටරට නොයන ලෙස දැනුම්දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි.

    මේ අතර,මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා,ලබන සෙනසුරාදා (01) පාර්ලිමේන්තුව කැඳවීමට ද නියමිතව ඈතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ.

    මේ අතර ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ගේ විදෙස් සංචාර ද මේ සතියේ නතර කර ඇතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය ඔවුන්ට දන්වා ඇතැයි වාර්තා වේ.

    ලන්ඩනයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණි පසු,ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ලබන 28 (බදාදා ) පැවැත්වෙන බවද ආණ්ඩු පක්ෂ කාර්යාලය දන්වා ඇත.
     
    • Like
    Reactions: NRTG

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    200.gif
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,609
    4,467
    113
    මේ රටේ ලොකුමහත්මය මහජනයගෙ සරම ගලවල පුප පාදල IMFඑකට දෙනවා. IMF එක මහජනයගෙ පුපට තඩි ඉන්ජෙක්ශන් එකක් ගහනව දවස් 5ක් උනගන්නව සහලෝල..පැනඩෝල් හැර වෙන මොකවත් බොන්න එපා..

    සිහිය ආවම මහජනය හිටපු ලොකු මහත්තය එලව ගත්තෙ අපරාදෙ කියල වැලපිලා..බයික්10000 අරන් එතුම ආයි එක්ක ඇවිල්ල දැන් ඉන්න ලොකු මහත්තයගෙන් බෙරල දෙන්න කියනවා