තෙල් වැඩි කලත් ප්‍රශ්නයක් නෑ, ඇඩ්වොකාටා එකේ ධනනාත් සහෝදරයත් කිව්වා තෙල් වැඩි කරන්න කියලා නැත්තම් රුපියලේ අගයට තෙල් මිල බලපානවා කියලා.
අනෙක ලෝක වෙළඳ පොළේ දැවැන්ත ඩීසල් හිඟයක් ඇති වෙලා තියනවා මේ තුන්වන ලෝක යුද්දේ ආරම්භය නිසා. රටක් විදියට අපි මේකට සුදානම් වෙන්න ඕනේ. යුද්දේ මුලික අදියරේම තෙල් අඩුවෙන් දිලා රටේ සංචිත අර්බුධයකට ගියොත්, ඉදිරියේදි මේ යුධ තත්තවය වැඩි වෙනකොට අපිට ඒක ලොකුවට බලපානවා.
අනෙක තෙල් පාවිච්චි කරන්නේ වාහන තියෙන ධනපති පන්තිය, නිර්ධන පන්තියට බලපෑමක් වෙන්න මේ ආණ්ඩුව ඉඩ තියන්නේ නෑ. නිර්ධන පන්තියේ අයට වාහන නැති නිසා තෙල් වල මිල වැඩි වෙන එක ඒ මිනිස්සුන්ට සෘජුව බලපාන්නේ නෑ.
අනෙක අනුර සහෝදරයත් කිව්වනේ භාණ්ඩාගාරය ඉදිරි මාස 5-6ක කාලයක් යනකම් කෝටි 6000ක් දරලා තියනවා තව කෝටි 10000ක් ආණ්ඩුවක් විදියට ඒ බර ලැස්ති වෙලා තියනවා. ඒ කියන්නේ ජනතාවට යම් සහනයක් නැතිව නෙමෙයි.