හෙට දින ඔබේ චන්දය බුද්ධිමත්ව භාවිතා කරන්&#3505

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    හෙට දින ඔබේ චන්දය බුද්ධිමත්ව භාවිතා කරන්&#3505

    ..හෙට දින අපේ රටේ තව අවු 5ක අනාගතය තීරණය කරන දවසයි .පක්ෂ පාට භේද වලින් තොරව තමාගේ ප්‍රදේශයේ වැඩක් කරපු ,බුද්ධිමත් , අධ්‍යාපන සුදුසුකම් ( උපාධි තියෙන අය \ අවම උසස්පෙළ ) තිබෙන අය පත් කරගන්න ..පක්ෂ මාරු කරන , බොරු කිය කිය, වැඩක් නොකරපු සහ කරන්නත් බැරි මහින්ද හෝ මෛත්‍රී හෝ රනිල් ගේ නම විකුණගෙන චන්දය ඉල්ලන හිපාටුවෝ පරද්දන්න...
    ..ගොඩක් මන්ත්‍රීවරුන්ට නියෝජ්‍ය ඇමතිකම් , වැදගත් නොවෙන අමාත්‍යංශ වල ඇමතිකම් ලබා දුන්නේ වැඩ කරගන්න තරම් දැනුමක් නොමැති නිසයි .රට පාලනය කරන්න තීරණ ගන්න , පාර්ලිමේන්තුවේ කතාවක් කරන්න , තම දැනුම ප්‍රයෝජනය අරගෙන වැඩක් කරන්න ,පාර්ලිමේන්තුවේ විද්වත් මණ්ඩල වල හිටපු , කෙනෙක් නැවත පත් කරන්න.....නැතිව නිකන් මිනිසුන්ට ගහපු ,බොරුවට පාරක් හදලා නම දාපු එවුන්ට චන්දෙ දෙන්නේ නැතිව .....

    - කැමති අයෙක් උනත් නැතත් තමාගේ පක්ෂයේ සිටින උපාධියක් තියෙන අපේක්ෂකයාට අනිවාර්යෙන් එක මනාපයක් දෙන්න
    - හොද හැදියාවකින් ගමේ \ රටේ \ පාර්ලිමේන්තුවේ හිටිය පක්ෂ මාරු නොකරපු අයට ,මනාපයක් දෙන්න
    - තමාගේ ආසනේ කෙනාට අනිවා එක මනාපයක් දෙන්න.වෙන ආසන වල පැරෂුට්කාරයන්ට දෙන්න එපා .

    - සල්ලි නැතිව ඉදලා පාර්ලිමේන්තුවට ගියාට පස්සේ සල්ලිකාරයෝ උන අයව ප්‍රතික්ෂේප කරන්න
    - ගිය පාර චන්දෙන් පස්සේ මේ පාර චන්දෙට අපු එවුන් ප්‍රතික්ෂේප කරන්න
    - ගමේ වැරදි \ හොර වැඩ \ ගණිකා මඩම් වලට සම්බන්ධ අයව ප්‍රතික්ෂේප කරන්න

    **පක්ෂ පාට කොහොම උනත් තමාගේ පක්ෂයේ බුද්ධිමත් කෙනෙක් පත් කරගන්න ..ස.පේ වත් සමත් නැති අයෙක් රටක් පාලනය කරන්න යවන්න එපා.ජනප්‍රිය දේශපාලනය අයින් කරලා බුද්ධිමත් දේශපාලනයක් ගැන සිතන්න ..රටට ද්‍රෝහියෙක් වෙන්න එපා ...එන්න අපේ රට රැක ගන්න ..!!
    බුද්ධිමත් ජනතා නියෝජිතයෙක් ..බුද්ධිමත් පාර්ලිමේන්තුවක් ..බුද්ධිමත් රටක් ..!!
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    33w5tz8.jpg

    මේ පසුගිය සන්ධාන ආණ්ඩුව විසින් එක්තරා අපේක්ෂකයෙකු විසින් අප පළාතට කරපු දේවල් ගැන දාල බෙදපු පත්‍රිකාවක් ...එකේ ආරක්ෂක නිලධාරී කාමරය සහ ගේට්ටුවට ලක්ෂ 38ක් යනකොට තෙමහල් පාසල් ගොඩනැගිල්ලක් සදහා ලක්ෂ 68 යි ගිහිල්ල තියෙන්නේ .. ඔය gate එක හදන්න කියල ලමයින්ගේනුත් සල්ලි එකතු කරලා තියෙනවා ..ඒ පාසලේ යන ළමයෙක් ඉන්නවා අපේ නෑදෑයෝ වෙන ...

    ..මේක තමයි තිබුන පාලනය ..දැන්වත් මේ රට හදන්න එක වන්න ...සන්ධානේ \ එක්සත් ජාතික පක්ෂය \ ජනතා විමුක්ති පෙරමුණ මේ ඕනි පක්ෂෙක දුෂණ ,වංචා ,මැරකම් වලට සම්බන්ධ අය ප්‍රතික්ෂේප කරන්න ..රටට ආදරය කරන්න ..ඔය චන්දෙ ඉල්ලන එවුන් නෙවෙයි අපිට කන්න දෙන්නේ ..ඉන්න තැනක් දෙන්නේ ...මේ රට ...තමාගේ රටට කෙලෙහිගුණ සලකන්න ..ද්‍රෝහී වෙන්න එපා ..
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    අඩෝ ඔය ඉස්කෝලේ මුර වැඩේ සෙට් කරගන්න බැරි වෙයිද..:(
     
    Slanuhas

    Member
    Jul 29, 2015
    17
    2
    0
    පක්ශය නොව රට ගැන හිතලා චන්දය පාවිච්චි කරන්න..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ගමට වැඩ කරන කෙනා පළාත් සභාවට යවන්න !
    එත් රටට වැඩ කරන කෙනා පාර්ලිමේන්තු යවන්න !

    අනිවා ..ගමේ වැඩ පළාත් සභා \ ප්‍රාදේශීය සභා වලින් කරගන්න ..රටක් හදන්න පාර්ලිමේන්තුවට බුද්ධිමත් අයෙක් පත් කර යවන්න .!