හෙට රණවිරු සැමරුමට වහන පාරවල් මොනවද දන්නවද ?
190/170 බස් වැඩ කරයි ද ?
රථවාහන ගමනාගමනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්..
රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය පවසයි.
ඒ අනුව 19 වන ඉරිදා දින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී විරු දින සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතය.
ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය දැනුම් දී ඇත.
ඒ අනුව එදින සවස 3 සිට පොල්දූව හංදිය සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීමේ මංතීරුව සහ පිටවීමේ මංතීරුව වසැ තැබීමට ක්‍රියාකරනු ඇත.
ඉහත මාර්ග භාවිත කරන රියදුරන්ට පහත විකල්ප මාර්ගයන් භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.