හෙට ලොව ආශ්චර්යයන්

MindTalk

Member
Jun 11, 2016
162
41
0
හෙට ලොව ආශ්චර්යයන්

අද අප දකින ලෝකය මීට දශක දෙක තුනකට ඉහත දී අප බොහෝ අය සිහිනෙන් වත් නො දුටු විද්‍යාත්මක හා තාක්‌ෂණික වෙනස්‌කම් රාශියකින් සමන්විතයි. අනාගත ලෝකයත් ඒ අයුරින් ම අද අප නො සිතන ආකාරයේ යෙදවුම්වලින් සමන්විත වනවා ඇති. මේ විශේෂාංගයෙන් ගෙනහැර දැක්‌වෙන්නේ එවැනි අනාගත ආශ්චර්යයන් සමහරක්‌. මෙයින් ඇතැම් ඒවා තවමත් පවතින්නේ හුදෙක්‌ සංකල්පීය මට්‌ටමේ පමණක්‌ බව ද විශේෂයෙන් සඳහන් කළ යුතු ව තිබෙනවා.

පැයට කිලෝමීටර 1223 කෝච්චි

train.jpg
දැනට ලොව තිබෙන වේගවත් ම කෝච්චියේ උපරිම ප්‍රවේගය පැයට කිලෝමීටර 400 ඉක්‌මවන්නේ නැහැ. එමෙන් තුන් ගුණයකට අධික වේගයකින් කෝච්චි ධාවනය කරවීමට මේ වන විටත් සමාගම් කිහිපයක්‌ වැඩ අරඹා තිබෙනවා. ඉලන් මස්‌ක්‌ නමැති ලෝ ප්‍රකට ව්‍යාපාරිකයා ගේ හයිපර්ලූප් (Hyperloop) නම් කෝච්චිය මේ අතරින් වඩාත් ප්‍රසිද්ධයි. (විදුසර 2016/02/02 දින සතියේ විමසුම බලන්න). නූතන වානිජ ජෙට්‌ යානයක වේගය හා සමාන මේ වේගයෙන් අදාළ කෝච්චිය ගමන් කරන්නේ විශේෂ නළ මාර්ගයක්‌ තුළින්. සම්පීඩිත වාතයෙන් හා කාල විචලන චුම්බක ක්‌ෂේත්‍රයකට නිරාවරණය කිරීමෙන් උපදවාගන්නා විද්යුත්ගාමක බලයකින්. මේ දුම්රියෙන් ගමන් කරන මගියකුට අද සාමාන්‍ය දුම්රියකින් පැය හත හමාරක්‌ තිස්‌සේ යන ගමනක්‌ විනාඩි 35කින් යැමට හැකි වනවා ඇති. මෙහි මූලික සැලසුම් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

කෝපිවලින් බලශක්‌තිය

coffy.jpg
අපේ රටවල කෝපි පානය එතරම් සුලබ නො වුණත් ඇතැම් රටවල කෝපි පානය ඉතා ජනප්‍රියයි. ලන්ඩනයේ පමණක්‌ කෝපි කර්මාන්තය විසින් වාර්ෂිකව ටොන් දෙ ලක්‌ෂයක කෝපි කුඩු ප්‍රමාණයක්‌ ඉවත හෙළනු ලබනවා. සාමාන්‍ය කෝපි කඩයකින් දිනකට පාවිච්චියෙන් පසු ඉවත ලන කෝපි කුඩු ප්‍රමාණය කිලෝග්රෑම් 9ක්‌ පමණ වනවා. මේ සා විශාල අපද්‍රව්‍ය තොගයක්‌ ජෛව ඉන්ධන බවට පරිවර්තනය කර නිවෙස්‌ තාපනය කිරීමේ උදුන්වලට සහ ප්‍රවාහන කටයුතුවලට ඉන්ධනයක්‌ ලෙස යොදාගැනීමට ලන්ඩනයේ පිහිටි bio-bean නම් සමාගමක්‌ කටයුතු කරමින් සිටිනවා. කෝපි කර්මාන්තය ආශ්‍රිත අපද්‍රව්‍යවලින් සියයට 85ක්‌ ම ජෛව ඉන්ධන බවට පත් කළ හැකි බවයි මේ සමාගම පවසන්නේ. ඔවුන් සිදු කරන්නේ තෙල් ඉවත් කළ (කෝපි සුවඳ නැති කිරීමට) කෝපි කුඩු වියළා කැට ආකාරයට සකස්‌ කිරීමයි.

ගිනි නිවීමට ශබ්ද තරංග

fire.jpg
ශබ්ද තරංග යොදාගෙන ගින්නක්‌ නිවීමට ඇති හැකියාව ගැන සොයා බැලූ වර්ජිනියාවේ ජෝර්ඡ් මේසන් විශ්වවිද්‍යාලයයේ සිසුන් දෙදෙනකු වන සෙත් රොබර්ට්‌සන් සහ වියට්‌ ට්‍රෑන් නිශ්චිත සංඛ්‍යාත පරාසයක ශබ්ද තරංග මගින් ගින්නක්‌ අවිලීමට අවශ්‍ය කරන වාතය (ඔක්‌සිජන්) සැපයුමට බාධා පැමිණවිය හැකි බව පෙන්වා දී තිබෙනවා. හර්ට්‌ස්‌ 30ත් 60ත් අතර සංඛ්‍යාත පරසායක දී විද්‍යාගාරය තුළ අවුළුවන ලද සුළු පරිමාණ ගින්නක්‌ නිවා දැමීමට ඔවුන් සමත් වුණා. මුලින් විශ්වවිද්‍යාලයයේ ආචාර්ය මණ්‌ඩලය අතර පවා අවඥාවට ලක්‌ වූ මේ සිසුන් දෙපළ ගේ උත්සාහය මේ වන විට ඇමෙරිකාවේ ගුවන් හමුදාවට ඔවුන් ගේ (පර්යේෂණ) සේවය ලබාගැනීම දක්‌වා ඉහළ පිළිගැනීමකට ලක්‌ වී තිබෙනවා. මේ ගිනි නිවනය මගින් සාම්ප්‍රදායික ගිනි නිවීමේ උපකරණවල අඩංගු මොනොඇමෝනියම් ෆොස්‌ෙµaට්‌ වැනි පරිසර දූෂක රසායන ද්‍රව්‍ය භාවිතය නතර වනවා පමණක්‌ නො ව ගිනි නිවීමට ජලය සහ ෆොaම් යොදාගැනීම ද අවශ්‍ය වන්නේ නැහැ. විශේෂයෙන් ම ලැව්ගිනි නිවීම සඳහා ෙඩ්‍රාaන් යානා යොදාගෙන ශබ්ද තරංග යොමු කිරීම සම්බන්ධයෙන් මේ වන විට පර්යේෂණ පැවැත්වෙනවා.

කෘත්‍රිම බුද්ධියේ දැවැන්ත පිම්මක්‌

inter.jpg
පැතලි පණුවකු දෙකට කැපූ විට වෙන ම පණුවන් දෙනෙකු බවට පත් වනවා. පැතලි පණුවකු ගේ හිස කපා වෙන් කළ විට අලුත් හිසක්‌ වර්ධනය වනවා. ඔවුන් ගේ දේහයට විකිරණ ඇල්ලූ විට හානි වන DNA ප්‍රතිසංස්‌කරණය වනවා. පැතලි පණුවාට මේ තරම් හපන්කමක්‌ කරන්නට පුළුවන්කම ලැබුණේ කොහොම ද කියා සොයන්නට විද්‍යාඥයන් කලක්‌ තිස්‌සේ වෙහෙසුණා. අවසානයේ දී කෘත්‍රිම බුද්ධියක (Artificial intelligence (AI) සහායයෙන් ඒ පිටුපස ක්‍රියත්මක වන ජාන යාන්ත්‍රණය හඳුනාගන්නට ඔවුන් සමත් ව සිටිනවා. විද්‍යාඥයන් විසින් වසර 100කට අධික කලක්‌ පැතලි පණුවා සම්බන්ධව සොයාගෙන තිබූ දත්ත අති මහත් රාශියක්‌ විශ්ලේෂණයට බඳුන් කිරීමෙන් අනතුරුව විද්‍යාඥයන්ට එතරම් කාලයක්‌ තිස්‌සේ සොයාගැනීමට නොහැකි ව තිබූ මේ රහස දින 3ක්‌ ඇතුළත සොයාගන්නට මැසචුසෙට්‌ස්‌හි ටෆ්ස්‌ විශ්වවිද්‍යාලයයේ කෘත්‍රිම බුද්ධිය සමත් වුණා.

ස්‌වයං පිළිසකර වීමේ යාන්ත්‍රණය මිනිසාට වඩා සාර්ථකව කෘත්‍රිම බුද්ධිය විසින් වටහාගනු ලැබීම කෘත්‍රිම බුද්ධි පරිණාමයේ වැදගත් පියවරක්‌ විදියටයි විද්‍යාඥයන් සලකන්නේ. අනාගතයේ දී ස්‌වයං පිළිසකර හැකියාව සහිත රෝබෝවන් බිහි වීමේ ප්‍රබල බලාපොරොත්තු මෙමගින් දැල්වෙන බව විද්‍යාඥයන් පවසනවා.

මත්පැන් පානය කළ රියදුරන් ප්‍රතික්‌ෂේප කරන මෝටර් රථ

drive.jpg
රියදුරා ඇල්කොහොල් භාවිත කර තිබේ ද යන්න සුක්‌කානමේ ඇති ස්‌කෑන් පහසුකමක්‌ ආධාරයෙන් (ඔහු ගේ අතැගිලිවල රුධිරය ස්‌කෑන් කිරීම මගින්) සොයාගෙන රථය ස්‌වයංක්‍රීයව ක්‍රියා විරහිත කිරීමේ තාක්‌ෂණයක්‌ ඇමෙරිකාවේ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අනුබද්ධිත පර්යේෂකයන් විසින් වැඩිදියුණු කරනු ලැබ තිබෙනවා. මෙමගින් කෙරෙන්නේ අධෝරක්‌ත කිරණ කදම්බයක්‌ අතැගිලි තුළ ඇති සියුම් රුධිර නාළිකා තුළට යොමු කර එහි අන්තර්ගත ඇල්කොහොල් ප්‍රතිශතය මැන බැලීමයි. ඇමෙරිකාවේ සියලු ප්‍රාන්තවල රියදුරන් සඳහා අනුමත ඇල්කොහොල් (එතනෝල්) ප්‍රතිශතය සියයට 0.8ට වඩා අඩු අගයක පැවතිය යුතුයි. (සියයට 0.1කින් කියාපාන්නේ රුධිරය ඩෙසිලීටරයක එතනෝල් ග්රැම් 0.10ක්‌ අන්තර්ගත බවයි). මෙය 2020 වසරේ සිට භාතියට එක්‌ වීමට නියමිතයි.

සමස්‌ත පෘථිවියට ම ඉන්ටනෙට්‌

earth.jpg
ගුවනේ රඳවන බැලූන ජාලයක්‌ මගින් ඉන්ටනෙට්‌ සැපයීමේ සංකල්පයක්‌ ගැන අපේ රටේත් ඉකුත් සමයේ අසන්නට ලැබුණා. පෘථිවි කක්‌ෂයේ රඳවන කුඩා චන්ද්‍රිකා 4000ක්‌ ඇසුරෙන් ලොව වෙසෙන සමස්‌ත ජනගහනයට ම ඉන්ටනෙට්‌ පහසුකම දෙන්නට පුළුවන් බව ව්‍යාපාරික ඉලන් මස්‌ක්‌ පවසනවා. (හයිපර්ලූප් කෝච්චිය හඳුන්වා දේන්නට යන්නේත් ඔහුයි) ඉලන් මස්‌aක්‌ මේ වසර තුළ මේ චන්ද්‍රිකාවලින් කොටසක්‌ පහළ පෘථිවි කක්‌ෂයට යෑවීමට බලාපොරෙත්තු වන අතර 2020 වන විට සියලු ම චන්ද්‍රිකා ස්‌ථානගත කිරීම ඉලක්‌කයයි.

පෞරුෂය වෙනස්‌ කරගත හැකි රොබෝවන්

robo.jpg
ස්‌වාමියා ගේ ඒ ඒ මොහොතේ අවශ්‍යතාවන්ට සරිලන ආකාරයට සිය පෞරුෂය වෙනස්‌ කරගත හැකි රොබෝවන් සඳහා ගූගල් ආයතනය මේ වන විට පේටන්ට්‌ හිමිකම් ලබාගෙන තිබෙනවා. "අම්මා වගේ වෙන්න" කියා කියූ විට අම්මා ගේ හඩින් කතා කරන්නට, අම්මා නිතර දෙන අවවාද දෙන්නට මෙවැනි රොබෝවකුට හැකියාව තිබෙනවා. මේ කාර්යය පහසු වීම සඳහා නිරන්තරයෙන් ම විවිධ අය ගේ චර්යාවන්, පෞරුෂයන් අධ්‍යයනය කර මතක තබාගත හැකි වන අයුරිනුයි රොබෝව නිපදවා තිබෙන්නේ. ඒ සඳහා රොබෝව ස්‌වාමියා ගේ පරිගණකයේ, ජංගම දුරකථනයේ ඇති විවිධ අය හා ස්‌වාමියා පවත්වා ඇති සන්නිවේදන සබඳතා වගේ ම අන්තර්ජාලය හරහා ක්‌ලවුඩ් අවකාශයට සම්බන්ධ වී විවිධ පුද්ගලයන් ගේ පෞරුෂයන් පිළිබඳ දත්ත ද හදාරනවා. ස්‌වාමියා ගේ විවිධ මනෝභාවයන් වටහාගෙන ඊට අනුකූලව තම පෞරුෂය වෙනස්‌ කර ගන්නටත් මේ රොබෝවෙන් සමත්කම් දක්‌වනවා.

ස්‌මාර්ට්‌ ආහාර ලේබල

smart.jpg
දැනට පවතින ආහාර ලේබල්වල කල් ඉකුත් වීමේ දිනය සටහන් කෙරෙන්නේ හුදෙක්‌ ම නීතියෙන් බේරීමට විනා ආහාරයේ සැබෑ තත්ත්වය සැලකිල්ලට ගෙන නො වන බවට චෝදනා එල්ල වනවා. ඒ වගේ ම මේවායේ දින වෙනස්‌ කරමින් වංචාවන් සිදු කරන අවස්‌ථා ද වාර්තා වනවා. මෙවැනි ගැටලු නිසා එක්‌සත් රාජධානිය වැනි දියුණු රටක පවා සුපිරි වෙළෙඳසල්වලින් මිල දී ගන්නා ආහාරවලින් සියයට 30ත් 50ත් අතර ප්‍රමාණයක්‌ විසි කිරීමට සිදු වන බව සමීක්‌ෂණ මගින් අනාවරණය වී තිබෙනවා. මීට විසඳුමක්‌ ලෙස අසුරණයේ අඩංගු ආහාරය සමග ම කල් ඉකුත් වන ස්‌මාර්ටේ ලේබලයක්‌ හඳුන්වා දෙන්නට යනවා. මෙහි නිර්මාතෘ අයිතිය තිබෙන්නේ ලන්ඩනයේ Solveiga Pakataite වෙත. මෙය මුලින් ම දෑස්‌ නො පෙනෙන අය වෙනුවෙන් හඳුන්වා දෙන ලද ආහාර ලේබලයක වැඩිදියුණු කිරීමක්‌. මෙහි දී සිදු වන්නේ ආහාරය නරක්‌ වන ප්‍රමාණයට සමාන්තරව ලේබලයේ මතුපිට ඇති සුමට භාවය පිරිහී යැමයි. එනම් ආහාරය සහිත අසුරණය අලුත් නම් ලේබලය සුමටව ඇගිලිවලට හසු වන අතර කල් ඉකුත් වත් ම ලේබලයේ රළු ස්‌වභාවයක්‌ අතට දැනෙනවා. මෙයට හේතුව ලේබලය තුළ පුරවා ඇති ජෙලටින් නමැති ප්‍රොaටීනය කාලයත් සමග බිඳවැටීමයි. මේ අනුව මෙය සුදුසු වන්නේ කෙටි කාලීන භාවිතය පිණිස අලෙවියට තිබෙන මස්‌ මාළු වැනි ප්‍රොaටීන සහිත ආහාර අසුරණ සඳහායි. අඩංගු ආහාර වර්ගයේත් ලේබලයේත් දෙකේ ම ප්‍රොaටීන අඩංගු නිසා ඒවායේ බිඳවැටීම සමාන්තරව සිදු වන බවයි මේ සංකල්පයේ පදනම.

ශීර්ෂ බද්ධය

head.jpg
අවයව බද්ධයන් ගැන ඕනෑ තරම් අප අසා තිබුණත් ශීර්ෂ බද්ධ කිරීමක්‌ ගැන නම් හිතාගන්නට වත් බැහැ. අපට වගේ ම බොහෝ විද්‍යාඥයන්ට ද සිතෙන්නේ ඒ අයුරින් නමුත් ඉතාලි ජාතික වෛද්‍යවරයකු වන සර්ජියෝ කැනවෙරෝ මෙය සියයට 90ක්‌ ම සැබෑ කරගත හැකි සිහිනයක්‌ ලෙසයි සලකන්නේ. මේ වසරේ දී මෙය මිනිසකු අරභයා අත්හදා බැලීමට ඔහු සූදානමින් සිටිනවා. රුසියානු ජාතික වැලරි ස්‌පිරිඩොනොෆ් නමැති මේ මිනිසා උපතින් ම මස්‌ පිඩු අප්‍රාණික වීමේ රෝගයකට ලක්‌ වීම නිසා එකතැනකට සීමා වී සිටින අයෙක්‌. ඔහු ගේ හිස මිය ගිය නිරෝගී අයකු ගේ දේහයට බද්ධ කිරීමයි සැත්කමේ දී සිදු කෙරෙන්නේ. සැත්කම අතරතුර මොළය සෙල්සියස්‌ අංශක සෘණ 10-15 වැනි ශීත තත්ත්වයක පවත්වාගැනෙන අතර සැත්කමෙන් පසු හිස, කඳ විසින් ප්‍රතික්‌ෂේප නො කිරීම පිණිස ප්‍රබල ප්‍රති-ප්‍රතිශක්‌තිකරණ ඔසු ලබා දිය යුතු වනවා. මෙවැනි සැත්කමක ප්‍රබල ම අභියෝගය වන්නේ සුෂුම්නාව මොළය සමග සම්බන්ධ කිරීමයි. මේ සඳහා polyethylene glycol නමැති රසායන ද්‍රව්‍යයේ සහ විද්යුත් උත්තේජකවල සහාය ලබාගැනීමට සර්ජියෝ අදහස්‌ කරගෙන සිටිනවා. කෙසේ වෙතත් මෙය පිළිගත් ජර්නලයක පළ වූ පර්යේෂණයක්‌ නො වන ජන මාධ්‍ය මගින් පමණක්‌ ප්‍රචාරය කෙරුණ අදහසක්‌ නිසා සර්ජියෝ විද්‍යාත්මක ප්‍රජාවේ ප්‍රබල විවේචනයට ලක්‌ වූ බව ද සඳහන් කළ යුතුයි. මෙය සියයට සියයක්‌ ම සාර්ථක නො වන උත්සාහයක්‌ බවයි ස්‌නායු ශල්‍ය වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. අනෙක්‌ අතට මෙය බැරි වීමකින් හෝ සාර්ථක වුවත් ආචාරධර්මීය අංශයෙන් පැනනැගෙන ගැටලුකාරී තත්ත්වයන් මත මීට වෛද්‍ය අනුමැතිය හිමි වේ ද යන්නත් සැක සහිතයි.

නැවතත් ගුවන් නැව්

baloon.jpg
ගුවන් යානා නිපදවෙමින් පැවැති මුල් යුගයේ හයිඩ්‍රජන් පිරවූ බැලූන හා සමාන යානා ගුවන් චාරිකා සඳහා යොදාගැනුණා. ගුවන් නැව් ලෙසිනුයි මේවා හැඳින්වුණේ. බිතාන්‍යයේ Hybrid Air Vehicles නමැති සමාගමක්‌ නැවතත් බැලූන ගුවන් නැවක්‌ හඳුන්වා දී තිබෙනවා. Airlander 10 ලෙසින් කලින් නම් කර තිබූ මෙයට The Martha Gwyn යන රාජකීය නාමය පසුගිය සතියේ පැවැති නිල උත්සවයක දී ලැබුණා. මීටර 92ක දිගින් යුතු මේ යානය ලොව දැනට නිපදවා ඇති දිග ම ගුවන් යානය ලෙස ද වාර්තා පොතට එක්‌ වනවා. මෙවැනි යානා 12ක්‌ 2018 වසර වන විට සේවයේ යෙදවීමට සමාගම අදහස්‌ කරගෙන සිටිනවා. මේ යානා යොදාගනු ඇත්තේ ප්‍රධාන වශයෙන් ම සංචාරකයන් රැගෙන යැමටයි. එහි අඩු වේගය, ධාවනය වන අඩු උස, කවුළු විවර කරගෙන ගමන් කළ හැකි වීම වැනි ලක්‌ෂණ සංචාරක ආකර්ෂණය ඉහළින් දිනාගැනීමට සමක්‌ වනු ඇති. මෙය සියයට 60ක්‌ ම බලය ලබාගන්නේ හීලියම් වායුවෙන්. ඉතිරිය ඩීසල්වලින්. ඒ අනුව මෙය දෙමුහුම් ඉන්ධන ගුවන් යානයක්‌. හීලියම් වායුව අවට වාතයට වඩා ඝනත්වයෙන් අඩු නිසා යානය ඉහළ නැංවීමට හේතුකාරක වනවා. ඕනෑ ම ගොඩබිමකට හෝ ජලයට සිරස්‌ව ගොඩබැස්‌වීමටත් සිරස්‌ව ඉහළ නැංවීමටත් ඇති හැකියාව මේ ගුවන් නැව්වල විශේෂ වාසියක්‌. ගුවනේ එකතැන දින 3ක්‌ වුවත් රඳවා තබාගැනීමේ හැකියාව නිසා විද්‍යාත්මක පර්යේෂණ කටයුතු හමුදා කටයුතු මිනුම් කටයුතු ක්‍රීඩා වැනි අවස්‌ථා විඩියෝගත කිරීම පමණක්‌ නො ව සාමාන්‍ය ගුවන් යානයකට ළගා විය නොහැකි ස්‌ථානවලට ද්‍රව්‍ය ප්‍රවාහනයටත් මේ නවීන ගුවන් නැව් යෙදොගැනීමට අපේක්‌ෂා කෙරෙනවා. මෙහි මුල් ම යානය තැනීමට නිෂ්පාදකයන්ට වසර 10ක පමණ කාලයක්‌ ගත වී තිබෙනවා.

පා වන ගොවිපළවල්

farm.jpg
එන්න එන්න ම වැඩි වන ජනගහනයත්, ඉඩම් සීමා සහිත වීමත්, නාගරීකරණයත් නිසා කෘෂිකාර්මික කටයුතු සඳහා ඇති ඉඩකඩ ඇහිරීගෙන යනවා. ඒ නිසා ම විශාල ආහාර හිගයක්‌ අනාගතයේ දී ඇති වීමට ඉඩ තිබෙනවා. මෙයට එක්‌ විසඳුමක්‌ ලෙස ජලයේ පා වන ගොවිපළවල් සංකල්පය ඉදිරිපත් කරන්නේ ගෘහ නිර්මාණ ශිල්පියකු වන Javier Ponce. ඔහු ගේ සංකල්පයට අනුව ජලයේ පා වන විශාල යාත්‍රාවක ඉදි කෙරෙන මේ වගි බිම් ස්‌තර 3කින් සමන්විතයි. ඉහළ ම ස්‌තරය වෙන් වන්නේ බලශක්‌තිය උත්පාදනයටයි. මැද ස්‌තරය වගා කටයුතු සඳහා වෙන් වන අතර පහළ ම ස්‌තරය මත්ස්‍ය වගාව සඳහා වෙන් කෙරෙනවා.

ඉහළ ම ස්‌තරයේ රඳවා ඇති සූර්ය කෝෂ මගින් තමයි ප්‍රධාන වශයෙන් බලශක්‌තිය උත්පාදනය කෙරෙන්නේ. ඊට අමතරව වැසි ජලය එකතු කර පහළ ස්‌තරයට සැපයීමේත්, ස්‌වාභාවික හිරු එළිය පහළ ස්‌තරයට යොමු කිරීමේත් පහසුකම් එහි සකසා තිබෙනවා. මැද ස්‌තරය හරිතාගාරයක සහ හයිෙඩ්‍රාපොනික්‌ ක්‍රමයට පවත්වාගෙන යනු ලබන වගා බිමකින් යුක්‌තයි. මේ වගාව සඳහා පස්‌ අවශ්‍ය වන්නේ නැහැ. මෙහි නිපදවෙන අපද්‍රව්‍ය පහළ ස්‌තරයේ සිටින මත්ස්‍යයන් ගේ පෝෂණය සඳහා ලබා දෙනවා. නැවතත් මත්ස්‍යයන් වෙතින් එකතු වන අපද්‍රව්‍ය ශාකවල පෝෂණය සඳහා ඉහළට යොමු කෙරෙනවා.

තිරසාර වූ මේ වගාබිම් සංකල්පය යටතේ වාර්ෂිකව එළවළු ටොන් 8152ක්‌ හා මත්ස්‍යයන් ටොන් 1703ක්‌ නිපදවිය හැකි බවට ගණන් බලා තිබෙනවා.

දින හතරේ වැඩ කරන සතිය

date.jpg
මෙය නම් බොහෝ දෙනා ගේ සතුටට හේතු වන අනාගත වෙනසක්‌ වනවා නොඅනුමානයි. දැනට සතියේ වැඩ කරන දින ලෙෂ සම්මතයේ තිබෙන දවස්‌ අවම වශයෙන් 5ක්‌ වත් තිබෙන බව අප දන්නවා. පර්යේෂණ මගින් හෙළි වී ඇත්තේ වැඩ කරන දින ගණන අඩු කළ හැකි නම් සේවා පලදායිතාව ඉහළ නැංවෙන බවයි. එනම් වැඩ කරන්නට ඇති කාලය අඩු වූ විට පැවරී ඇති වැඩ ඉක්‌මනින් නිම කිරීමට සේවකයන් උනන්දු වන බවයි. ඒ වගේ ම නිවාඩු ගැනීම් ද මෙවිට අවම වන බව පර්යේෂණවලින් පෙනී ගොස්‌ තිබෙනවා. මීට අමතරව මිහිතල උණුසුමට සේවා ස්‌ථානවලින් හා මාර්ග තදබදයෙන් වන දායකත්වය ද මේ නිසා සැලකිය යුතු මට්‌ටමකින් කපා හැරේ වි.

Source : http://www.vidusara.com/
 

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    දින හතරේ වැඩ කරන සතිය

    මෙය නම් බොහෝ දෙනා ගේ සතුටට හේතු වන අනාගත වෙනසක්‌ වනවා නොඅනුමානයි. දැනට සතියේ වැඩ කරන දින ලෙෂ සම්මතයේ තිබෙන දවස්‌ අවම වශයෙන් 5ක්‌ වත් තිබෙන බව අප දන්නවා. පර්යේෂණ මගින් හෙළි වී ඇත්තේ වැඩ කරන දින ගණන අඩු කළ හැකි නම් සේවා පලදායිතාව ඉහළ නැංවෙන බවයි. එනම් වැඩ කරන්නට ඇති කාලය අඩු වූ විට පැවරී ඇති වැඩ ඉක්‌මනින් නිම කිරීමට සේවකයන් උනන්දු වන බවයි. ඒ වගේ ම නිවාඩු ගැනීම් ද මෙවිට අවම වන බව පර්යේෂණවලින් පෙනී ගොස්‌ තිබෙනවා. මීට අමතරව මිහිතල උණුසුමට සේවා ස්‌ථානවලින් හා මාර්ග තදබදයෙන් වන දායකත්වය ද මේ නිසා සැලකිය යුතු මට්‌ටමකින් කපා හැරේ වි.

    මෙක ගැන අහල තියනව.ලන්කාවෙ රජයේ ආතන ඇරෙන්න අනික් පුද්ගලික ආයතන ගොඩක්ම පැය 9 වැඩ මුර සතියට දවස් 6ක්. හැබැයි කාර්යක්ශම තාවය අතින් සැහෙන පහලයි. මහන්සි වීම වැඩි හන්ද හැමොම බලන්නෙ තමාගෙ වැඩ ටික වෙන කාට හරි පවරල ශේප් වෙන්න. නව සීලන්තන වගෙ රටවල වැඩ කරන්නෙ දවසට පැය 5ක් හරි 6ක් හරි අතර ප්‍රමානක්.සතියට දවක් 5ක් එ රටවල කාර්යක්ශම තාවය අනික් හැම රටකටම වඩා වැඩි
     
    Last edited: