lol.. ඕවා ඔච්චර හිතන්න එපා බන්.. මමත් 3න් ගමනක් වගේ තට්ටෙම ගෑවා.. මුලින්ම ගෑවේ 2008. ඒ දවස් වල ශේන් වෝඩ් ගේ නෝ ප්‍රොමිසස් අහලා මම උට ලව් කලා.. පස්සේ ඌ වගේම තට්ටේ ගෑවා...
උඹට ආපු ඔය ෆීල් එකම ආවා කණ්නාඩියෙන් බලද්දි.. මැෂින් එක නළල ගාවින් පස්සටම නෝට් එකෙන් අල්ලද්දි හරියට නිකන් ගොයන් කපන මැශින් එකෙන් අල්ලන් ගියා වගේ.. දෙලෝ රත් උනා බන්.. යසට තිබ්බ කොණ්ඩේ....
ගෙදර ඇවිල්ලා බැනුම් කෝටියයි... පාරක යන්න නෑ "මල්ලි ආමි එකට යන්නද අහනවා.." නැදෑ ගෙවල් වල ගියාම "මේ මොකද්ද ඕයි මේ කරන් තියෙන්නේ" කියලා අහනවා..
තට්ටේ ගෑවම මාර සනීපයි බන්.. වතුර වැටෙනකොට මාර ගතී.. ඔළුව පිහිදන්නත් ලේසී.. හුලං වදිනවා සුපිරි..
හෙට ගත අරන් පලයන්... උඹව highlight වෙයි.. "ගෑවා බන් වෙනසකටත් එක්ක කියපන්.." එච්චරයි... චුට්ට චුට්ට වැවීගෙන එනකොටම පොඩි වෙට් ලුක් ජෙල් එකක් ගාලා උඩට උස්සපන්.... සුදු තට්ටේ අස්සෙන් චූටි කොණ්ඩේ ඉස්සිලා වෙට් ලුක් එකට පේන කොට මාට ගති.. රැවුල ෆුල් ශේව් එපා... ඔය පින්තූරේ වගේ වවපන්.. ටිකක් ජිම් යන මසල්ස් තියෙන එකෙක්ට තට්ටේ ගෑවම ලස්සනයි..
ටිකක් හෙමින් වැවෙන්නේ.. මාස 4ක් වගේ යනවා සාමාන්‍යය මට්ටමට එන්න..