මම ළමා කාලයේදී, මාතර උයන්වත්ත ග්‍රවුන්ඩ් එකෙක් පොත් ප්‍රදර්ශනයක් බලන්න තාත්තාත් එක්ක ගියා, අපි ප්‍රදර්ශනය තියෙන බව දන්නේත් ටවුන් එකට ආවට පස්සේ, ප්‍රදර්ශනය නරඹල පොත් අතගාල ආව, තාත්තා දුප්පත් ක්ලාක් කෙනෙක්, ඒවාට වියදම් කරන්න ඔහුට සල්ලි නැති බව මට තේරුම් ගිහින් තිබුණු නිසා පොත් ඉල්ලුවේ නැහැ, පස්සෙන්ද ඉස්කෝලේ ඇරිලා ආවහම මගේ පොත් මේසය උඩ සෝමපුර වීරයෝ පොත තිබුන, මට ඒ වෙලේ දැනුනු සතුට කියල නිම කරන්න බැරි තරම්, එදා ප්‍රදර්ශනයේදී මම ඒ පොත අතට අරගෙන බලල ආපහු තියපු එකක්, මගේ ජීවිතේදී ලැබුණු වටිනාම ත්‍යාගය එයයි,