හෙට ෂුවර් නැහැ...

kvu

Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    දෙයක් ගන්න පුළුවන් කතාවක්...

    ඉස්සර අපේ තාත්තා හවසට වැඩ ඇරිලා එනකොට හැමදාම මොනවහරි අරන් එනවා ,සමහර දාට මටයි මල්ලිටයි කාර් කැන්ඩොස් චොකලට් දෙකකුත් ගේනවා .මන් හිතන්නේ එතකොට එකක් රුපියක් දෙකක් විතර ඇති.බෙන්ගාල බොක්ක යටින් පොල්ලෙල්ලක් ගියා වගේ ..ඕක කාල කොළෙත් ලෙවකාල ඒත් මදි ඉතින්.😢

    ඒ කාලේ මන් මටම පොරොන්දුවක් දී ගත්තා.මන් ලොකුවෙලා හොඳට ඉගන ගෙන ලොකු රස්සාවක් කරලා තියන ලොකුම කැන්ඩොස් චොකලට් එක අරන් තනියම කනවා ඇති වෙනකම් කියල .😔

    කියපු විදිහට ඉගනගෙන රස්සාවක් කලාට කවදාවත් අර කිව්වා වගේ ලොකු කැන්ඩොස් චොකලට් එකක් නම් අරන් කන්න ආසාවක් දැනුනේ නැහැ .
    මොකද ඒ වෙනකොට මගේ ජීවිතේට ඊට වඩා වෙනස් බලාපොරොත්තු ගොන්නක් එකතු වෙලා ඉවරයි.ගෙවල් හදන්න ,ඉඩම් ගන්න , විවාහ වෙන්න ඒ වගේ දහසකුත් දේවල්.
    එක සැරයක් බැලුවොත් චොකලට් කඩයක් එහෙම පිටින්ම අරන් දෙන සැමියෙක් හිටියත් පැණි රස වල තියන අදීනව යටි හිත දන්නා නිසාද මන්දා එහෙම ආසාවක් දැන් නම් මට දැනෙන්නේ වත් නැහැ.

    ඊටත් පස්සේ අඩි උස සපත්තු පිස්සුවක් හැදුනා.මහරගම හන්දියේ තිබ්බ සපත්තු කඩේකින් තඩි උස සපත්තු අරන් කොටට කොටේ ඉන්න මන් අපේ තාත්තටත් හොරෙන් (අම්මා ඒවාට බනින්නේ නැත )ඒවා දාන් ටොකොස් ටොකොස් ගගා ඔෆිස් ගියේ කවදාහරි හොඳට හම්බ කරන දවසක gucci , chanel වගේ ලොකු ලොකු බ්‍රෑන්ඩ් වල සපත්තු දාන්න හීන හිතේ තියන් .
    දෙයියන්ගේ පිහිටෙන් අපේ මහන්සියෙන් දැන් අමාරුවෙන් හරි ඒවත් ගන්න පුළුවන් ..ඒත් වයසින් මුහුකුරා යද්දී ජීවිතේ දැනෙන්න පටන් ගත්දි මේ තරම් බර උහුලන මගේ කකුල් දෙකට තවත් බර දෙන්නේ මොකටද කියල හිතිලද කොහේදෝ ,දාන්න හිතෙන්නෙම සැහැල්ලු පටි සෙරප්පු .

    ඒ තිබ්බ අසාවත් ඔහේ ඉබේම නැති වෙලා ගියා .

    ජීවිතේ ඒ වගේ .🤔
    අපිටත් නොදැනී කාලය , වයස සහ අත්දැකීම් සමග අපේ ජීවිත වෙනස් වනවා.ඊයේ අපි කැමතිම දේ හෙට අපි දැක්කත් අහක බලන් යන දෙයක් බවට වෙනවා .

    ඒ නිසා දැන් ,

    මොකකට හරි හිත ගියොත් අනේ පස්සේ ගමු ,පස්සේ කමු ..එහෙම පස්සක් නෑ ..ඒ වෙලාවේම ඒ ආසාව ඉෂ්ට කරගන්නවා.මොකද මට මාවවත් ෂුවර් නෑ ..මට මගේ හිත ෂුවර් නෑ .

    පොඩි දරුවෙක් කන්න ආස දෙයක් ආස සෙල්ලම් බඩුවක් පුළුවන් කමක් තියනවනම් අරන් නොදී ඉන්න එපා .අපි ළමයි වෙනුවෙන් බැංකු පොත් පිරෙව්වට ගෙවල් දොරවල් හැදුවට ඒ අයට මතක තියෙන්නේ අපි අරන් දුන්න එයාලගේ සිහින විතරයි.සැමියා බිරිඳ කැමති දෙයක් තියනවනම් පුළුවන් උපරිමයෙන් ඒ දේවල් අරන් දෙන්න .ඒ සතුට ඔබ ඔවුන්ගේ ඇස් වලින්
    විඳින්න .හෙට ඒ දේවල් වලින් ඒ අය අද තරම් සතුටු නොවෙන්න පුළුවන්.

    හෙට කරමු ,හෙට යමු ,හෙට ගමු , හෙට කමු කිව්වට හෙට වෙනකන් අපි ජීවත් වෙයි කියල කාටවත් සහතික කරලා කියන්න බැහැ .ජීවත් උනත් අද කැමති දේ අද උවමනා උන දේ හෙටත් අපිට වැදගත් වෙයි කියල නම් කොහොමටත් කාටවත්ම කියන්න බැහැ ..

    වෙන මොන දේ කල් දැම්මත් ජීවිතේ විඳින එක කල් දාන්න එපා .ජීවිතේ රහම හරිය තියෙන්නේ තියෙන්නේ බැංකු පොත්වල නෙමෙයි ,විඳින සහ දැනෙන හැඟීම් සහ සිතුවිලි ඇතුලෙයි .
    #Copied
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    අපි ළමයි වෙනුවෙන් බැංකු පොත් පිරෙව්වට ගෙවල් දොරවල් හැදුවට ඒ අයට මතක තියෙන්නේ අපි අරන් දුන්න එයාලගේ සිහින විතරයි.

    මටනං අරං දුන්න කිසිම සෙල්ලං බඩුවක් මතක නෑහ් බොරු කියන්නෙ මොටද 🤔
     
    • Haha
    • Angry
    Reactions: kvu and silentsahan

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මම ළමා කාලයේදී, මාතර උයන්වත්ත ග්‍රවුන්ඩ් එකෙක් පොත් ප්‍රදර්ශනයක් බලන්න තාත්තාත් එක්ක ගියා, අපි ප්‍රදර්ශනය තියෙන බව දන්නේත් ටවුන් එකට ආවට පස්සේ, ප්‍රදර්ශනය නරඹල පොත් අතගාල ආව, තාත්තා දුප්පත් ක්ලාක් කෙනෙක්, ඒවාට වියදම් කරන්න ඔහුට සල්ලි නැති බව මට තේරුම් ගිහින් තිබුණු නිසා පොත් ඉල්ලුවේ නැහැ, පස්සෙන්ද ඉස්කෝලේ ඇරිලා ආවහම මගේ පොත් මේසය උඩ සෝමපුර වීරයෝ පොත තිබුන, මට ඒ වෙලේ දැනුනු සතුට කියල නිම කරන්න බැරි තරම්, එදා ප්‍රදර්ශනයේදී මම ඒ පොත අතට අරගෙන බලල ආපහු තියපු එකක්, මගේ ජීවිතේදී ලැබුණු වටිනාම ත්‍යාගය එයයි, :-)
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    කාර් චොකලට් මතක් උණා... ඉස්සරනං හෙන ආස කෑමක්.
    ඊ ළඟ එක 5හේ චොකලට්. රු 5ක් හම්බවෙන්නෙ හෙන කලාතුරකින් හින්ද හරිම අඩුවෙන් කාපු රස කෑමක්.

    දුප්පත්කමනං ඒ කාලෙ හැම ගේකම වගේ අදට වඩා දැනෙන්න තිබුණ. අපේ ඉස්කෝලෙ හැම ළමයටම එකම සමාජ තත්වයක් තිබුණෙ. ඒ හින්ද නැති දේ ගැන ලැජ්ජාවක් දැනිලත් නෑ. තත්වෙ දන්න හින්ද අම්මලගෙන් දේවල් ඉල්ලලත් නෑ.

    නූලෙ අදහස ගැන කිවුවොත්,
    අදම අයිතිකරගන්නව කියල බෟෙතික දේවල් පස්සෙනං ගිහින් නෑ. යන්නෙත් නෑ.
    හෙට අවිනිෂ්චිතයි කියල අද ජීවිතේ විඳින්න ඕනෙ කියන එක අනුමත කරන්නෙත් නෑ.
    හෙට අවිනිෂ්චිතයිනං දේවල් ලං කරගන්නවට වඩා, දේවල් අත්හරින එක ඵළදායී කියන එක තමයි මගේ අදහස.