හෙට සූර්යා මත කළු තිතක්

Feb 15, 2016
532
109
0
හෙට සූර්යා මත කළු තිතක්

9b77edd39bb4c3f53ac72d60886db5aa_L.jpg

හෙට (09) පස්වරුවේ සූර්යා මත කළු තිතක් දැක ගත හැකි බව ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂිකා ප්‍රියංකා කෝරලගේ මහත්මිය සඳහන් කරයි.

බුධ ග්‍රහයාගේ සංක්‍රාන්තිය හේතුවෙන් එලෙස බුධ ග්‍රහයා සූර්යයා මත කළු තිතක් ලෙස දැකගත හැකි බව ඇය පෙන්වා දෙයි. එම සිදුවීම සිදුවන්නේ වසර 10කට පසුවන අතර නැවත එවැනි සිදුවීමක් දැකගත හැකිවන්නේ වසර 16 කට පසු බව ද ඇය කියා සිටී.

සූර්යයා, බුධ ග්‍රහයා සහ පෘතුවිය එක ම රේඛාවක් මතට පැමිණීම තුළින් එය දර්ශනයවන බව වාර්තා වේ. පෘතුවියට සුර්යාගෙන් ලැබෙන ආලෝකය එලෙස බුධ ග්‍රහයාගෙන් ආවරණයවීම හේතුවෙන් බුධ ග්‍රහයා කළු තිතක් ලෙස දිස්වනු ඇත.

කෙසේ වුව ද එම සිදුවීම නිරීක්ෂණය කිරීම සඳහා එක එල්ලේ සුර්යයා දෙස බැලීමෙන් වළකින ලෙස ද ඇය සඳහන් කරයි. එම සිදුවීම නිරීක්ෂණය කිරීම සඳහා හෙට පස්වරු 04.00 සිට ගාලු මුවදොර පිටියේ විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය කටයුතු යොදා තිබේ.

විගස පුවත් 24x7
 

detailed

Banned
Nov 14, 2014
107
18
0
ගෝල්ෆේස් පලයන්කෝ දැන් ඉරේ තිතක් බලන්න
[/COLOR][/SIZE][/CENTER][/B]
 

funmalaya

Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    කලිනුත් එකක් තිබිලා ආතර් සී ක්ලාර්ක් මධ්‍යස්තානයේ දුරේක්ෂයෙන් බැලුවා මතකයි .....:rolleyes: