හෙට හෝ අනිද්දා සමාජ මාධ්‍ය ජාල ගිණුම් වෙත ලැබිය හැකි කෙටි පණිවුඩ

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ආදරවන්තයින්ගේ දිනය නිමිත්තෙන් විවිධ ආකාරයේ වංචනික ක්‍රියා සැලසුම් කර ඇති බවට පොලීසියට තොරතුරු වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    හෙට (13) හෝ අනිද්දා (14) එවැනි වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් තරුණ තරුණියන්ගේ ජංගම දුරකථනවලට හෝ සමාජ මාධ්‍ය ජාල ගිණුම් වෙත ලැබිය හැකි කෙටි පණිවුඩයක් සම්බන්ධයෙන් ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කරුණු පැහැදිලි කළේය.

    එහිදී, “හෙට දිනයේදී නැත්නම් 14 වැනිදා ඔබේ දුරකථනයට හෝ සමාජ මාධ්‍ය ජාලා ගිණුමට පණිවුඩයක් ලැබෙන්න පුළුවන්. එහි සඳහන් විය හැක්කේ ඔබේ ආදරවන්තිය හෝ ආදරවන්තයා යම් ත්‍යාගයක් එවා ඇති බවත් එය ලබාගැනීම සඳහා යම් මුදලක් තැන්පත් කරන ලෙස. නැතිනම් යම් භාණ්ඩ බෙදාහරින සේවාවකට මුදලක් තැන්පත් කරන ලෙසටයි. බොහෝ විට වංචනික ක්‍රියාකරන පුද්ගලයින් මෙවැනි දෑ සිදුකරන්න පුළුවන්. එවැනි ක්‍රියාවලට හසුවෙන්න එපා කියලා තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබට එවැනි පණිවුඩයක් ලැබුණු වහාම එය නැවත වතාවක් පැහැදිලි කරගැනීමකින් තොරව මුදල් ලබාදීමට කටයුතු කරන්න එපා. ඔබත් අන්තර්ජාල අපරාධයක වින්දිතයෙකු බවට පත්වෙයි. අන්තර්ජාලය ඔස්සේ එවැනි දැන්වීම් පළකරන පුද්ගලයින් පිළිබඳව පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා,” යනුවෙන් පවසයි.