තිළිණි එක්ක ඕං අපි නං නැහැ ප්‍රකට පුද්ගලයෝ දක්වන ප්‍රතිචාර

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    thilini-priyamali-artists

    වංචා සහගත මූල්‍ය ගනුදෙනු සිදු කළ බවට සැකපිට අත්අඩංගුවේ පසුවන තිළිණි ප්‍රියමාලි සමග විවිධ ආකාරයෙන් සම්බන්ධවූ ප්‍රසිද්ධ චරිත සමාජ මාධ්‍ය තුළ මේ වනවිට හෙලිදරව් කරමින් පෝස්ටු පළවන අතර එම බොහෝ පෝස්ටු නිවැරදි ඒවා නොවන බව නම් ලැයිස්තුවල සිටින අය මාධ්‍ය අමතමින් දන්වා තිබේ.
    මේ සමග පළවන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ‍පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල,හිටපු ඇමැති ජීවන් කුමාරතුංග, සංගීත ශිල්පි පේෂල මනෝජ් හා ජනප්‍රිය නිළි යුරේනි නොෂිකා තමන් ඊට සම්බන්ධ යයි පළවන වාර්තා ගැන දැක්වූ ප්‍රතිචාරයි.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

    මුල්ලේරියාව මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මානසික රෝගීන්ගේ වැඩමුළුවකට සහභාගි වුණු වේලාවේ මම සමග ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා මම දුටුවා. මම කිසිඳු අයුරකින් එම චෝදනාවට ලක්වන කාන්තාව ඇතුළු පිරිසට සම්බන්ධ නැහැ.


    ‍පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

    මගේ නමත් ඇතුළුව සමාජ මාධ්‍යයේ සංසරණය වන නම් ලැයිස්තුව පිළිබඳව විමර්ශනය කරන්න කියලා මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා.ඒ නම් ලැයිස්තුව දාලා තියෙන්නේ පසුගිය දිනවල ආණ්ඩුව විවේචනය කළ මම ඇතුළු දයාසිරි ජයසේකර, හේෂා විතානගේ, චමින්ද විජේසිරි මන්ත්‍රි කණ්ඩායමයි. ඡන්ද කාලෙට ප්‍රකෝටි ගණන් වියදම් කරන කාගෙවත් නම් මේ ලැයිස්තුවේ නැහැ. දූෂිත චෝදනා රැසක් සහිත අමාත්‍යවරයෙක් සහ එක්තරා කලාකරුවෙක් එකතු වෙලා තමයි මෙම ව්‍යාජ ලැයිස්තු සමාජජාලාවලට මුදාහැරීමේ කටයුත්ත කරලා තියෙන්නේ කියලා අපිට නිල නොවන වශයෙන් තොරතුරු ලැබිලා තියෙනවා.


    හිටපු ඇමැති ජීවන් කුමාරතුංග

    මෙම සිද්ධියට මාගේ කිසිම සම්බන්ධයක් නැහැ. තිලිණි ප්‍රියමාලි මම හඳුනන කාන්තාවක්. ඇය නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා මා සම්බන්ධ වුණා. නමුත් ඔය කියන මුදල් ගනුදෙනුවලට මාගේ සම්බන්ධයක් නැහැ.

    මගේ ව්‍යාපාරික මිතුරන් තිදෙනෙක් මා මාර්ගයෙන් තිලිණිව හඳුනා ගත්තා. ඔවුන් තිලිණි ළඟ මුදල් දමා තියෙනවා. නමුත් ඒ කොපමණ මුදලක්ද කියා මා දන්නේ නැහැ. නැවත ඔවුන්ට තිලිණි මුදල් දෙන්නේ නැති වුණාම මම ඊට මැදිහත් වුණා. ඒක තමයි ඔය මම මුදල් දැම්මා කියලා ප්‍රචාරය වෙන්න හේතුව.



    සංගීත ශිල්පි පේෂල මනෝජ්

    මෙහෙම දෙයකුත් තියෙනවා. අපි මේ රට තුළ ජනප්‍රිය පුරවැසියන් නිසා අපිට එක එක විදියේ මිනිසුන් ආශ්‍රය කරන්න හම්බවෙනවා. ඒක එදිනෙදා සමාජයේ සාමාන්‍ය දෙයක්. අපි පාරේ යද්දි පවා මිනිසුන් අපි එක්ක ෆොටෝ ගන්නවා. ඒ ගන්නේ කාලාන්තරයක් තිස්සේ දන්නවා වගේ කරට අත දාගෙන එහෙම. කවුරුහරි එහෙම කෙනෙක් පවා වරදකට සම්බන්ධ වුණොත් පොලිසියෙන් හෝ උසාවියෙන් ෆෝන් චෙක් කරද්දී අපි එක්ක ඉන්න ෆොටෝ එකක් තිබ්බොත් අපි මොකද කරන්නේ. අපි හරිම සර්ව සාධාරණ විදිහට ජීවත් වෙන්නේ. මම නම් කැමැති නැහැ මොන විදිහකින්වත් ඔළුවේ කැක්කුම් දාගන්න. මේ රටේ නීතියක් තියෙනවා. ඒ වගේම හොඳ පොලිසියක් තියෙනවා. ඒ අයට පුළුවන් මේකට සම්බන්ධ අය හොයන්න.


    ජනප්‍රිය නිළි යුරේනි නොෂිකා

    මගේ නම සඳහන් කරමින් තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාවකගේ කූඨ ව්‍යාපාරවලට මමද හවුල් වූ බවට කියැවෙන වට්ස්ඇප් පණිවුඩයක් මේ දිනවල සංසරණය වෙනවා. මේ සඳහන් කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. මෙම කාන්තාව හා මා අතර කිසිඳු ව්‍යාපාරික හෝ වෙනත් කිසිම ආකාරයක සම්බන්ධයක් නැති බව මම තරයේ සඳහන් කරනවා. පෞද්ගලිකව මඩ ගැසීමේ චේතනාවෙන් ව්‍යාජ මාධ්‍යවේදී නම් යොදාගෙන සිදුකරන මේ චරිත ඝාතන සම්බන්ධයෙන් මෙහි නම් සඳහන් කලාකරුවන් සියලුදෙනාම නීතිමය පියවර ගැනීමට සූදානම්.
    4.jpg








    Comments (10)​


    +17
    Don· 1 hour ago
    බලනකොට එකෙක්වත් දන්නෙත් නෑ, සල්ලි දාපු එකෙකුත් නෑ
    Report
    Reply
    1 reply · active 38 minutes ago
    +4
    Gon Joke· 38 minutes ago
    මිනිමරැවො හොයාගන්න බැරිවුන කඵ සල්ලි නොසොයන රටක ෂයිල් නැතිවන හොයාගන්න බැරිවන CCTV මැකෙන රටක හරින්ලා සවේන්දුලා ඉන්න රටක මේ අය හොයාගන්න බැරි වෙයි කියලා හිතෙනවද ? 😝😝😜😝😝😀
    Report
    Reply

    +6
    කොටියගොඩ සුනිල්146p· 1 hour ago
    හතර හිනා හැබැයි එයාව හොදට අදුරනවා සල්ලි නොදැම්මත් එයාගෙන් සල්ලි ගන්න ඇති
    Report
    Reply
    2 replies · active 8 minutes ago
    +3
    TRUTH· 52 minutes ago
    අර ගෝල්ඩන් කි එකට සල්ලිදාපු එවුන් 30% ගානෙ අවුරැදු ගනන් අරගෙන සල්ලි නැතිවුනහම කට ඇරියෙ නැ ඉල්ලුවෙත් නැ. දෙගුනයක් තුන්ගුනයක් හම්බකරාට පස්සෙ සල්ලි ගැන වගක් නැ. එම ලිස්ට් එකේ විනිසුරැකරැවන් දේශපාලනය කරන එවුන් කස්පෝට්ස් කරපු එවුන් හිටියා. රාජපක්ෂ මැදිහත් වෙලා සල්ලි අරගෙන දිපු අය හිටියා. කොතලාවලව හිරේ දාලා ලිස්ට් එක යට ගැහුවා. කඵ සල්ලි ගැන හෙව්වෙ නැ. මේකටත් එම ටිකම තමා. උන්ගෙම එවුන් උන්ව බේරනවා. රටට හෙන ගැහුවත් මුන්ට වගක් නැ.
    Report
    Reply

    +3
    Sellama· 53 minutes ago
    Ape islam nayakayo katholika nayakayo hindu nayakayo kawadawath ohoma ahaganne na. Buddhist aya thamai
    Report
    Reply

    +5
    කැකිරි හේනේ බඩු ලාල්154p· 30 minutes ago
    පේෂල මනෝජ් කියන ගෙවලයා හොඳයි ප්‍රියමාලිට යටට අන්දන්න...
    Report
    Reply

    +5
    Siripala· 42 minutes ago
    ඔතන ඉන්නේ වර්ග හතරක මිනිස්සු ගෑනු. ඔය වර්ග හතරම අනුන්ගෙන් ජීවත්වෙන පර පෝෂිතයෝ. දේශපාලකයෝ, ආගමික නියෝජිතයෝ. 'කලා කාරයෝ' සහ 'රජයේ නිළධාරීන්'. ඔවුන් සතුව ඇත්තේ අසාධාරනයෙන් හම් කරපු මුදල්. ඒවා තැන්පත් කරන්නෙත් දුෂිත තැන්වල. ඒක හරියට සුදුවක් වගේ. ආවොත් ආවා ගියොත් ගියා. නැති වුනාට උන්ට දුකක් නෑ. හේතුව ඒවා අනුන්ට ගින්දර දීලා හම්බ කරපුවා මිස තමන් වෙහෙසවී සාධාරනව හරි හම්බ කරපු මුදල් නොවන නිසා.
    Report
    Reply
    1 reply · active 31 minutes ago
    0
    Sahara perera· 31 minutes ago
    Hariya ta hari..

    Nathi unu eka ma vthamay honfa th!!

    Honda wade

    Gahata th naha badata th naha

    Okun ta ohoma wela madi

    🙏🙏🙏🙏🙏🙏
    Report
    Reply

    +3
    Nimal· 1 hour ago
    ගල උඩ පහරපු බළල වගේ වහන්න හදල හැම තැනම ගාගන්නව දැන් හැමෝම.
    Report
    Reply

    +1
    kaputa12345· 1 hour ago
    All these people are playing together and when she gets into trouble, all of them say NOT ME: nothing else, ALI BABA AND FORTY THIEVES.
    Report
    Reply

     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    ඒ දැරිවි බිලියන 30 ක් දැනට අයථා විදියට මුදල් අරගෙන වංචා කරලා තියෙනවා කියලා හොයා ගෙන තියෙනවලු.

    දැන් නම් සැකයි රටේ මහ බැංකුවක් තියෙනවද කියලා. ඔය මගුලේ බුද්දි අන්ශයක් කියලා එකකුත් තියෙනවා කියනවා මම අහගෙන නන්දලාල් කියනවා.

    හැබැයි, අපි ටිකක් ලොකු ලක්ශ 4 ක් වගේ payment එකක් කළොත් තමා TAX ෆයිල් හැදිලා කොළ ටික ගෙදරට ම එන්නේ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Munge company eke PC wala harddisk athurudahanlu.. Oka karawaganna tamai Seal nokara open karan inna dunney office eka🤭
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Hard Disk ussala nisa Politikkoi Blackmoney karayoyi Tax walin penna dan.. Loku Moru Tax net eken berala Halmessonge Salary eken tax kapanawa... Semata saadarana Tax kramayak kiyanne okai😂🤣🤣
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    " මහ බැංකුව, බුද්දි අන්ශය, නන්දලාල් කියන ගෙවලයා හොඳයි ප්‍රියමාලිට යටට අන්දන්න... " 🤣🤣🤣
     
    • Haha
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    " මහ බැංකුව, බුද්දි අන්ශය, නන්දලාල් කියන ගෙවලයා හොඳයි ප්‍රියමාලිට යටට අන්දන්න... " 🤣🤣🤣

    Central Bank investigation unit didn't seal and lock up Thiliniz Office and now says Data is missing with Hard disks😂.. Tax evaders are safe and salary earners are victims of taxes 😭
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    Central Bank investigation unit didn't seal and lock up Thiliniz Office and now says Data is missing with Hard disks😂.. Tax evaders are safe and salary earners are victims of taxes 😭
    These government arses said the same on Sathosa incident. "One law one country", my bottom 🤣
     
    • Like
    Reactions: IMMuhandiram