සැඩ පහරට හසු වූ තරුණයා ගේ මළ සිරුර හමු වේ
November 25, 2023 09:34 am
බලහරුව, කුඩාඔය ගලා බසින අලුත්වෙල පාලම මතින් යතුරු පැදිය ධාවනය කිරීමට යාමේ දී සැඩපහරට හසු වී ගසාගෙන ගිය පුද්ගලයා ගේ මළ සිරුර සොයාගෙන තිබේ.
සිද්ධිය සිදු වූ ස්ථානයට නුදුරින් තිබී මළ සිරුර සොයාගෙන ඇති අතර, මියගොස් ඇත්තේ හපුතලේ ප්‍රදේශයේ පදිංචි උමාඔය ව්‍යාපෘතියේ සේවය කරන වැඩබිම් සුපරීක්ෂකවරයෙකි.
මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
විද්‍යාපීඨ යන්න සිහින මැවූ සඳුනි නින්දෙන්ම අවසන් ගමන් යයි
November 24, 2023 03:21 pm
"අම්මේ, මම විද්‍යාපීඨයට යන දවසට නම් අඬන්න එපා, එතකොට මට යන්න හිතෙන එකක් නෑ. ඔයා තනි කරලා. ඒත් මං ගුරුවරියක් වෙලා අම්මාගේ බලාපොරොත්තු ඉටු කරන්නම්." යැයි පවසා නින්දට ගිය තරුණියක් නිදි යහනේම අවසන් ගමන් ගිය ශෝක ජනක පුවතක් වාර්තා වුයේ තලාතුඔය, උඩුවෙල, මොනරංගල ගම්මානයෙනි.
එසේ මියගොස් ඇත්තේ, මොනරංගල පදිංචි වයස අවුරුදු 22ක තරුණියක වූ ඇය රත්නායක මුදියන්සේලාගේ සඳුනි හංසමාලි බණ්ඩාර නමැති අයයි.
වරින් වර සෙම් රෝගය සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තද ඇයට වෙනත් කිසිදු රෝගාබාධයක් තිබී නැත.
සිද්ධිය වූ දින රාත්‍රියේ නිවසේ ගතකර ඇත්තේ, මෙම දියණිය සහ මව පමණි. පිය ව්‍යාපාරික කටයුත්තක් සඳහා පිටතට ගොස් තිබුණි.
"21 වැනිදා උදේ 5ට විතර මම දුව නිදා සිටි කාමරයට වෙනදා වගේම ගියා. හැබැයි මට පොඩි සැකයක් ආවා. එයා නිදාගන්න ගිය විදියටම ඉඳපු නිසා. පස්සේ මම පොඩ්ඩක් සැලකිල්ලෙන් බලද්දි කිසිම හැලහොල්මනක් නෑ. මම කතා කළා දුවට. එයා ප්‍රතිචාර දැක්වුවේම නෑ. පස්සේ මම අල්ලපු ගෙවල්වල අයට කතා කරලා දුවව මොනරංගල ඉස්පිරිතාලෙට අරන් ගිහින් ඇතුළත් කළා." යැයි මියගිය සිසුවියගේ මව කියා සිටියාය.
එම දැරිය රෝහල්ගත කරනවිටත් මියගොස් සිටි බව වෛද්‍යවරු ප්‍රකාශ කර තිබුණි.
පස්දුන් රට විද්‍යාපීඨයට ඇතුළුවීමට නියමිතව සිටියේ මිය ගිය දිනට දෙදිනකට පසුව බවත් ඒ සඳහා ඇඳුම් පැලඳුම් ද සුදානම් කර සිහින මවමින් සිටි බවත් ඇයගේ ඥාතීහූ පවසති.
මහනුවර ස්වර්ණමාලී බාලිකාවේ ආදි සිසුවියක් වන ඇය දින කිහිපයකට පෙර සිය නැදෑයන්ට හා මිතුරු මිතුරියන්ටත් තමන් විද්‍යාපීඨයට ඇතුළත් වන බව පවසා ඔවුන් සමග තම සතුට බෙදාගෙන තිබුණි.
මෙම සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර රෝහලේ දී සිදුකර ඇති අතර එහිදී මිය යෑමට හේතුව මොළයේ රුධිර කැටියක් සිරවීම බව අධිකරණ වෛද්‍යවරයා තීරණය කර ඇත.
තලාතුඔය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුලතිලක ඇතුළු නිලධාරීහු මරණය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙය වූහ.
------
Post added on Nov 25, 2023 at 10:40 AM
මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමේ ඔලික්කුලම් පට්ටිමාපුරය ප්‍රදේශයේදී අද (24) අලුයම සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මාස හයක් වයසැති බිලිඳෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ෆාතිමාපුරම් ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ හිස් බිමක නිදා සිටි බිලිඳාට එලෙස සර්පයා දෂ්ඨ කර ඇති අතර ඒ බව හදිසි මරණ පරීක්ෂකවරයාගේ පශ්චාත මරණ පරීක්ෂණයේදී ද අනාවරණය වී ඇත.
අලුයම 3.30ට පමණ මව අසල නිදා සිටි දරුවාට සර්පයෙකු දෂ්ඨ කර ඇති අතර, උදෑසන 7ට පමණ දරුවා සිහිසුන්ව සිටිම හේතුවෙන් මව විසින් රෝහල්ගත කර තිබේ.
එම අවස්ථාවේ දරුවා මියගොස් ඇතැයි අනාවරණය වී ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාර දී ඇත.
එලෙස මියගොස් ඇත්තේ මාස 6ක් වූ ඉග්නේෂ් අභිලාෂ් නැමති පිරිමි දරුවෙකි.
------
Post added on Nov 25, 2023 at 10:42 AM
දරු දෙදෙනාට පිළිසරණක් පතන තක්ෂිලා
November 24, 2023 06:26 pm
අධික වැසි නිසා නිවසේ වහලය කඩා වැටීම හේතුවෙන් පන්සල් ඉඩමේ පැල්පතක වාසය කරන අසනීප තත්ත්වයේ පසු වන අසරණ පවුලක් පිළිබඳ රඹුක්කන, වලල්ගොඩ, මිරිස්හේන ගම්මානයෙන් වාර්තා වේ.
මෙම ගම්මානයේ ජීවත් වන කේ.චමිලා තක්ෂිලා කුමාරි මහත්මිය සහ ඇය ගේ 08 සහ 03 වසරවල ඉගෙනුම ලබන දරුවන් දෙදෙනා වාසය කළ අබලන් නිවසේ දිරාපත් වහලය පසුගියදා ඇදහැලුණු වර්ෂාවෙන් කඩා වැටී ඇත.
මේ වනවිට එම මව සහ පාසල් ළමුන් දෙදෙනා ජීවත් වන්නේ, ගමේ පන්සල වන රඹුක්කන, කොස්හින්න, නාගවනාරාම විහාරස්ථානයට අයත් ඉඩමේ ඇති කුඩා පැල්පතකය.
රඹුක්කන, වලල්ගොඩ විදුහලේ 08 වසරේ සහ 03 වසරේ ඉගෙනුම ලබන දරුවන් ගේ අධ්‍යාපන කටයුතු මෙම තත්ත්වය මත මුළුමනින්ම කඩාවැටී ඇති බව වාර්තා වේ.
මෙම දරුවන් දෙදෙනා, පියා සහ මව සදාකාලික ව ප්‍රථිකාර ලබන රෝගීන් බව සඳහන්ය.
පිය නිවසට නොපැමිණෙන බවත් ඔහු ඉබාගාතේ ඇවිදිමින් සිටින පුද්ගලයකු බවත් අප වාර්තාකරු පැවසීය.
එබැවින් මෙම මව ඉල්ලා සිටින්නේ, මෙම කුඩා දරුවන් දෙදෙනා ගේ අධ්‍යාපන කටයුතු රැකගැනීම සඳහා නොතෙමී සිටීමට හැකි පැල්පතක් සාදා දීමට යම් පිංවතෙක් හෝ සංවිධානයක් උපකාර කරන්නේ නම්, එය ඉතා මහඟු පින්කමක් වන බවයි.
කපිල නන්දලාල්: 0777-958712
------
Post added on Nov 25, 2023 at 10:42 AM