හෙරොයින් සමග චූටි නංගි අත්අඩංගුවට

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,979
    2,162
    113
    colombo
    හෙරොයින් ග්‍රෑම් 08ක් සමග 'චූටි නංගී' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 24 හැවිරිදි කාන්තාවක් මහියංගනය පොලීසිය විසින් ඊයේ (14) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සැකකාරියගෙන් මිලදීගත් හෙරොයින් ග්‍රෑම් 3ක් ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයට රැගෙන යමින් සිටි තවත් සැකකරුවෙක් ද අත්අඩංගුවට ගත්බව මහියංගනය පොලීසිය පැවසීය.

    මහියංගනය පූජා නගරය දොඩම්වත්ත, ගෙවල් 20 ප්‍රදේශයේ පදිංචි සැකකාරිය සිය නිවස අසල දී හෙරොයින් අලෙවි කරමින් සිටිය දී එලෙස අත්අඩංගුවට ගැනුණි.

    හෙරොයින් විකුණා ලබාගත් මුදල් බවට සැකකරන රුපියල් 208,000සක මුදලක් ද ඇයගේ නිවසේ තිබී සොයාගෙන ඇත.

    මෙම සැකකාරිය, මීට පෙර හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගරගත කිරීමෙන් පසු ඇපමත මුදාහැර සිටියදී යළිත් වරක් මෙලෙස හෙරොයින් සමග හසුවූ බවද පොලීසිය සඳහන් කරයි.

    මෙම සැකකාරියගේ සැමියා, පියා, මව සහ සහෝදරිය, සහෝදරියගේ සැමියා ද හෙරොයින් චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති අතර ඔවුන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවෙයි.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    බොරුවට හරි කමක් නෑ දානකොට ෆොටෝ එකක් හරි එක්ක දාපන්.. :lol:
    දැන් බලපන් චූටී නංගි මතක් වෙනවනේ..:lol:
     
    • Haha
    Reactions: Smartm and Ryker

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,468
    113
    පොටෝ එකක් දැම්මොත් බලල කියන්නම් චූටිද කියල. නැතුව අමාරුයි
     
    • Haha
    Reactions: Ryker