හෙල්පිං හම්බන්තොට තීන්දුව ගැන 'සමාව ඉල්ල&#3505

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,285
    12,346
    113
    Ohio, USA
    හෙල්පිං හම්බන්තොට තීන්දුව ගැන 'සමාව ඉල්ල&#3505

    sarath_n-_silva_11.jpg




    'හෙල්පිං හම්බන්තොට' නමින් ප්‍රකට සුනාමි ආධාර වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් 2005 වසරේ පැවති නඩුවේදී මහින්ද රාජපක්ෂ අගමැතිවරයා නිදහස් කිරීම පිළිබඳව ජාතියෙන් සමාව ඉල්ලා සිටින බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා බීබීසී සංදේශයට පැවසීය.
    සන්ඩේ ලීඩර් පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තියක් පදනම් කරගෙන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කබීර් හෂීම් විසින් ඉදිරිපත් කොට තිබුණු පැමිණිල්ලක් මත තමන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන බව පවසමින් එවක අගමැති මහින්ද රාජපක්ෂ විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කොට තිබුණි.
    එය විභාග කළ එවක අගවිනිසුරු සරත් සිල්වා ප්‍රමුඛ ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ලක් අගම්තිවරයා නිදහස් කළේ කබීර් හෂීම් මන්ත්‍රීවරයාද දැඩි දෝෂදර්ශනයට ලක් කරමින්.
    "එතුමාව රිමාන්ඩ් භාරයට අරගෙන හිරගත කිරීමට අවකාශයක් තිබුණේ. මම ඒ වෙලාවේ යුක්තිය ඉටු කෙරුව. මම දන්න තරමින්," බවයි හිටපු අගවිනිසුරුවරයා පවසන්නේ.
    'දූෂිත පාලනය'
    තමන් ජනාධිපතිවරණයට තරඟ වැදීම වැළැක්වීමේ අටියෙන් නඩුවක් ඉදිරිපත් කිරීමට සැරසෙන බවට එවක අගමැතිවරයා මතු කළ තර්කයද විනිශ්චය මණ්ඩලයේ දැඩි අවධානයට ලක් වී තිබේ.

    එහෙත් වර්තමානයේ මහින්ද රාජපක්ෂ පරිපාලනයේ 'නීතියට පටහැනි, අන්ත දූෂිත, පාගා කොමිස් ගහන, රටේ සම්පත් සූරා කන' ක්‍රියාකලාපය සලකා බලන විට එදා ඔහු නිදහස් කිරීම පිළිබඳව ජාතියෙන් සමාව ඉල්ලා සිටින බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය.
    "මේ සියල්ල බලාගෙන යනකොට මට දැන් කල්පනා වෙනවා අර හෙල්පිං හම්බන්තොට කියන එක ඇත්තක්ද නැත්තක්ද කියල. විශාල සැකයක් මතුවෙනවා. ඉතින් සමාව ගත යුතු නැද්ද?," යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි.
    තමන් දුන් තීන්දුවක් පිළිබඳව හිටපු අගවිනිසුරුවරයකු සමාව ඉල්ලා සිටීම ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ පෙර නොවූ විරූ තත්වයක්.
    "මට තියෙන්නේ එදා ගත්ත තීන්දුව හරිද නැද්ද කියල මට සැකයක් තියෙනව. අපි එදා පූර්ව නිගමනයේ ක්‍රියා කළේ මෙයා කවදාවත් ඔය වගේ මුදලක් වංචා කරන්නේ නැහැ කියල. දැන් ගත්තහම එළිවෙලා තියෙන වංචා සහගත තත්වයන් බැලුවම මේ පේනවා මෙතුමාගේ ගතියක් මේක," යනුවෙන්ද සරත් සිල්වා සංදේශයට පැවසීය.
    ජනපති විවාහය
    තමන්ගේ වෙනත් කිසිදු නඩු තීන්දුවක් සම්බන්ධයෙන් තමන්ට මෙවැනි විවේචනයක් නොමැති බවයි හිටපු අග්‍රවිනිශ්චයකාරවරයා පවසන්නේ.
    විශේෂයෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ධුර කාලය 2005 න් අවසන් වන බවට දුන් තීන්දුව දෙමින් තමන් එදා සිටි ස්ථාවරය නිවැරදි බව ඔහු අවධාරණය කරයි.
    "ජනවරම ලැබුණු, පත්වුණු දිනයේ සිට අවුරුදු හයක් යන කොට ජනාධිපතිගේ කාලය අවසානයි. ඒ ස්ථාවරයේ තමයි මම අදත් ඉන්නේ."
    සිකුරාදා කොළඹ නව නගර ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයකදීත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට ජනාධිපති පදවියට පත්වීමට අවස්ථාව සලසා දීම පිළිබඳව සමාව ඉල්ලා සිටි නමුත් 'හෙල්පිං හම්බන්තොට' නඩුව හිටපු අගවිනිසුරුවරයා නමින් සඳහන් කළේ නැත.
    "ඒක මම හිතා මතා කරපු ප්‍රකාශනයක්. මේක අහම්බෙන් කරපු ප්‍රකාශනයක් නෙවෙයි," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.
    ජනාධිපතිවරයාගේ විවාහ උත්සවයේ සාක්ෂිකරු හෝ දෙවැනි මනමාලයා ලෙසින් කටයුතු කළ ඔහු, 'හෙල්පිං හම්බන්තොට' නඩුව විභාග කිරීම කෙතරම් යුක්ති සහගත දැයි සංදේශය විමසූ අවස්ථාවේ හිටපු අගවිනිසුරුවරයා කියා සිටියේ තමන් විවාහයේ සාක්ෂිකරුවකු හෝ දෙවැනි මනමාලයා ලෙසින් කටයුතු කළ බවට පළ වන වාර්තා 'දුර්මතයක්' බවයි.



    http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/10/141017_sarath_silva_apology
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මෙයාට සේරම සැකයි විතරයි , සැකයි කියලා බෑනේ , ඔප්පු කරන්න ඕනා.
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    සරත් සිල්වා, ශිරාණිලා ඔක්කොම එකයි. අගවිනිසුරු වෙලා ඉන්න කාලේ හොඳට කඩේ ගියා දැන් තමයි කරපු වැරදි මතක වෙලා තියෙන්නේ.එහෙමවත් මෙහෙම කියන එක ලොකු දෙයක්. දැන් අගවිනිසුරු මොහාන් පීරිසුත් කඩේ යන එක තමයි කරන්නේ. අධිකරණය ලොක්කගේ බුදලයක් වෙලා. ලොක්කට ඕන අයව තමයි තියාගෙන ඉන්නේ.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මොන පොන්නයෙක්ද මෙ අවුරුදු 10 කට පස්සෙ චොදනා කරනවා කිසිම සාක්කියක් නැතිව මුන් වගෙ උන්ද අගවිනුසුරු වෙලා ඉන්නෙ අනික තව දෙන්නෙක් ඉන්නවා (විනිසුරුවරු)

    සරත් ලා ඔක්කොම කන්න ඔන උනාහාම කබරයාවත් තොලගොයා කරන උන් වගෙ :rofl::P
     

    Similar threads