හෙල්ල පහරින් මරු දුටු කෝට්ටේ ව්‍යාඝ්‍රයා

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    කෝට්ටේ ව්‍යාඝ්‍රයා යි විරුදාවලි ලත් වේධය කුමරු හෙවත් වීදිය බණ්ඩාර එකල කොළොම්තොට බලය අල්ලාගෙන ඒ බලය කෝට්ටේ රාජ්‍යය වෙත ව්‍යාප්ත කිරීමට උත්සාහ දරමින් සිටි පෘතුගීසීන්ගේ පරම සතුරකු වුව ද පෘතුගීසීන් විසින් ම ඔහු හඳුන්වනු ලැබ ඇත්තේ එතෙක් සිංහලයන් අතර පහළ වූ අනභිභවනීය මහා රණශූරයා ලෙසට ය.

    වේධය කුමරුගේ පියා වූයේ පැරැණි රජ පෙළපතකට අයත් වූ කුමාර බණ්ඩාර නම් ප්‍රදේශාධිපතියෙකි. මව සත් වැනි බුවනෙකබාහු රජුගේ ඥාති සොහොයුරියක වූ කපුරු ළමා එතනා ය. තරුණ වියට පත් වේධය කුමරු හෙවත් වීදිය බණ්ඩාර කෝට්ටේ සත් වැනි බුවනෙකබාහු රජුගේ බැනණුවන් බවට පත් විය. ඒ රජුගේ දියණිය වූ සමුද්‍රා කුමරිය විවාහ කැර ගැනීම නිසා ය.

    වීදිය බණ්ඩාර, සමුද්‍රා කුමරිය තමා සතු කැරගත් අයුරු මින් ඉහත පළ වූ කතාවක සඳහන් කළෙමු. පසු ව පරංගියකුට පෙම් බැඳීම නිසා සමුද්‍රා කුමරිය වීදිය බණ්ඩාර අතින් ම මරණයට පත් වූ අයුරු ද ඒ කතාවේ සඳහන් විය. ජයෝ බණ්ඩාර කුමරු මෙන් ම විවාහයෙන් පසු සමුද්‍රා කුමරිය ද ඝාතනය කිරීම නිසා රාජ උදහසට ලක් වූ වීදිය බණ්ඩාරට අවසානයේ සිදු වූයේ කෝට්ටේ රාජ්‍යයෙන් පලා යන්නට ය.

    එහෙත් වැඩි කල් නොගොස් ම වීදිය බණ්ඩාර සොයා ඔහු ආපසු රජ වාසලට කැඳවීමට බුවනෙකබාහු රජුට සිදු විය. එයට හේතු වූයේ සීතාවක මායාදුන්නේ රජු ඉන්දියාවේ මලයාලි දේශයේ පාලකයාගේ සහාය ඇතිව කෝට්ටේ රාජ්‍යයටත් පෘතුගීසීන්ටත් දැවැන්ත ප්‍රහාරයක් දියත් කිරීමට සූදානම් වීම ය.

    තමන්ට එරෙහිව සටනට සූදානම් වන තම මලනු මායාදුන්නේගෙන් කෝට්ටේ රාජ්‍යය බේරා ගැනීමට බුවනෙකබාහු රජු වීදිය බණ්ඩාරගෙන් සහාය ඉල්ලා සිටියේ ය.

    ජයෝ බණ්ඩාර කුමරු හා සමුද්‍රා කුමරිය මරණයට පත් කිරීම ගැන රජුගෙන් සමාව ලබාගත් වීදිය බණ්ඩාර තමා කෝට්ටේ රාජ්‍යය ආරක්ෂා කැර ගැනීමට කැප වන බවට සපථ කෙළේ ය. එය වඩාත් පහසු කරනු පිණිස බුවනෙකබාහු රජු කෙළේ කොළොම්තොට ආරක්ෂා කිරීම පෘතුගීසීන්ට පවරා, ජයවර්ධන පුරය පමණක් තමා යටතේ තබාගෙන, කෝට්ටේ රාජ්‍යයේ සෙසු ප්‍රදේශ පාලනය වීදිය බණ්ඩාරට පවරා දීම ය.

    කොළොම්තොට ඇතුළු මුහුදු බඩ බලය පෘතුගීසීන්ට පවරා දීම ගැන වීදිය බණ්ඩාර විරෝධය පළ කළ නමුත් මායාදුන්නේගෙන් සිදුවන ගැහැට මර්දනය කිරීමට පාතූගීසීන්ගේ සහාය ද ලබාගත යුතු බව බුවනෙකබාහු රජු කියා සිටියේ ය.

    එකල ඉන්දියාවේ පෘතුගීසී ප්‍රදේශ පාලනය භාරව සිටි ප්‍රතිරාජයා වෙත පණිවිඩ යවා මායාදුන්නේට එරෙහිව සටහන සඳහා පෘතුගීසී බල ඇණියක් ගෙන්වා ගැනීමට ද බුවනෙකබාහු රජු සමත් විය.

    මායාදුන්නේ කෝට්ටේ රාජ්‍යය ආක්‍රමණය කරන්නට පළමු ව වීදිය බණ්ඩාර සිය සේනාව සමඟ සීතාවක රාජ්‍යය ආක්‍රමණය කොට එහි බලවත් විනාශයක් සිදු කළ අතර මායාදුන්නේට සිදු වූයේ සිය මාළිගය ද අතහැර පලා යන්නට ය.

    අවසානයේ දී මායාදුන්නේ රජු මුදු මොළොක් හදවතක් ඇති බුවනෙකබාහු රජුගෙන් සමාව ඇයැදියේ ය. එහෙත් වීදිය බණ්ඩාර ඊට කොන්දේසියක් නියම කෙළේ ය. එනම් මායාදුන්නේගේ සහායට පැමිණි මලයාලි හමුදා බළ ඇණි භාරව සිටි සෙන්පතියන් දෙදෙනාගේ හිස් බුවනෙකබාහු රජු වෙත ඉදිරිපත් කරන ලෙස ය.

    තමාට උපකාර කළ මලයාලි පාලකයාගේ උදහසට ලක් වෙමින් වුව ද සිය රාජ්‍යය රැක ගැනීම උදෙසා ඒ කොන්දේසිය ඉටු කිරීමට මායාදුන්නේට සිදු විය.

    සීතාවක රාජ්‍යය මෙවැනි අන්ත පරාජයකට පත්ව තිබූ මේ අවස්ථාවේ වුව ද කන්ද උඩරට රාජ්‍යයේ පාලකයා වු වික්‍රමබාහු රජු කෝට්ටේ රාජ්‍යයට අය විය යුතු කප්පම් නොගෙවුවා පමණක් නොව ඒ සඳහා තමා හමුවට පැමිණි දූතයා ද අවමානයට ලක් කොට පලවා හැරියේ ය. එහි ප්‍රතිඵලය වූයේ වීදිය බණ්ඩාරගේ නායකත්වයෙන් යුතු කෝට්ටේ බළ ඇණි කන්ද උඩරට ආක්‍රමණය කොට එහි බලය සියතට ගැනීම ය.

    කෝට්ටේ රාජ්‍යයට යටත් රාජ්‍යයක් වූ ඌව ප්‍රාන්තයේ ඒ අතර හටගත් අරගලයක් සමනය කිරීම සඳහා එහි යවනු ලැබුවේ ද වීදිය බණ්ඩාර ය. බටවල කුමාරිහාමි නම් වූ වංසවත් අභිරූපියක විවාහ කැර ගැනීමට අධිපති වංස දෙකක කුමරුවන් දෙදෙනකු එකිනෙකාට එරෙහි ව ඉදිරිපත් වීම මේ අවුලට හේතු විය.

    මුලින්ම ඔවුන් අයත් පවුල් දෙක ද ඉන් පසු පවුල්වල නෑදෑ හිතවතුන් ද අවසානයේ දී මුළු ප්‍රාන්තය ද විරුද්ධවාදී කඳවුරු දෙකකට බෙදුණ හ. අරගලය උග්‍ර වූයේ ඒ අයුරිනි. මේ අරගලය සංසිඳුවීමට බුවනෙකබාහු රජු විසින් ඌවට යවන ලද්දේ අති දක්ෂ සෙන්පතියකු වූ බෝඹුවේ රාලහාමි ය. ඔහු මහා බළ ඇණියක් කැටුව ඌවට පැමිණෙන බව ඌවේ වැසියන්ට සැළ වූ පමණින් ම අරගලය සංසිඳුණි.

    එහි පැමිණි බෝඹුවේ රාලහාමි අරගලය යළිත් මතුවීම වැළැක්වීමේ උපායක් වශයෙන් බටවල කුමාරිහාමි තමා ම විවාහ කර ගත්තේ ය. ඉන් පසු ඌවේ ප්‍රතිරාජ පදවිය තමාට ම පවරාගෙන තමා තව දුරටත් කෝට්ටේ රාජ්‍යයට යටත් නැති බව ප්‍රචාරය කෙළේ ය. ඔහු සමඟ එහි ගිය බළඇණිය ද එහිම රඳවාගත්තේ ය. ඉන් උදහසට පත් බුවනෙකබාහු රජු ඔහු අත්අඩංගුවට ගෙන තමා හමුවට පමුණුවන ලෙස උපදෙස් දී වීදිය බණ්ඩාර ඇතුළු සේනාවක් ඌවට පිටත් කෙළේ ය.

    එහෙත්, වීදිය බණ්ඩාරට සිදු වූයේ ගිය පයින්ම ආපසු එන්නට ය. ඔහු කෝට්ටේ රාජ්‍යයෙන් බැහැර වූ අවස්ථාවේ වාසිය ගෙන මායාදුන්නේ සෙංකඩගල වික්‍රමබාහුගේ ද සහාය ඇතිව කෝට්ටේ ආක්‍රමණය කරන්නට සූදානම් වීම ඊට හේතු විය. මායාදුන්නේගේ පුත් ටිකිරි බණ්ඩා රාජසිංහ කුමරු ද මේ සටනේ නායකයෙක් විය. තරුණ වියට පත් අතිදක්ෂ රණ ශූරයකු වූ ඔහු ද වීදිය බණ්ඩාර සමඟ කරට කර සිටින්නට හැකි තත්ත්වයක සිටියේ ය.

    මායාදුන්නේට සහාය පිණිස කන්ද උඩරටින් නික්මුණු වික්‍රමබාහුගේ සේනාවට අතර මඟ දී ම පහර දෙන්නට ඌවේ සිට පෙරැළා එන වීදිය බණ්ඩාර සමත් විය. ගිනිගත්හේන ප්‍රදේශයේ වාඩි ලා සිටි ඒ සේනාවට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කළ වීදිය බණ්ඩාරගේ බළ ඇණිය ඔවුන් අන්ත පරාජයකට පත් කොට ආපසු කන්ද උඩරටට ම පලවා හැරියේ ය.

    ඉක්බිති ආපසු කෝට්ටේට පැමිණි වීදිය බණ්ඩාර සිය බළ ඇණි වඩාත් ශක්තිමත් කොටගෙන සීතාවක ආක්‍රමණය කෙළේ ය. මායාදුන්නේ කෙළේ වීදිය බණ්ඩාරට එක එල්ලේ ම මුහුණ නොදී නගරයේ රහස් කඳවුරු දෙකක සේනා රඳවා කඳුකරයට පලා යාම ය. කෙසේ හෝ වේවා සටනකින් තොරව ම සීතාවක රාජධානිය අල්ලාගත් වීදිය බණ්ඩාර නගරයේ මර්මස්ථාන ගිනිබත් කැරැවා එහි වාඩි ලා ගත්තේ ය.

    එහෙත් වීදිය බණ්ඩාර තමා ගැන වූ අධිතක්සේරුව නිසා සිදු කෙළේ පිරිමැසිය නොහැකි වරදකි. ඒ නම් එළැඹිය හැකි සතුරු උවදුරු ගැන විමසිල්ලෙන් හා අවධානයෙන් නොසිට සිය සේනාවන්ට විවේක සුවයෙන් කල් ගෙවන්නට ඉඩ හැරීම ය. ඔහු සිතුවේ නම ඇසූ පමණින් ම සතුරන් බිය වද්දන තමාට රහසේ ප්‍රහාර එල්ල කිරීමට තරම් කිසිවකු ඉදිරිපත් නොවනු ඇති බව ය.

    එහෙත් සිදු වූයේ ඔහු නොසිතූ® දෙය ම ය. නොසිතූ® මොහොතක සතුරු සේනා වීදිය බණ්ඩාරගේ කඳවුර වට කොට දරුණු ප්‍රහාරයක් එල්ල කළ හ. කිසිම සටන් සූදානමකින් තොරව සිටි ඒ අවස්ථාවේ එල්ල වූ ප්‍රහාරයෙන් පරාජය ඒකාන්ත බව දුටු වීදිය බණ්ඩාර සිය සේනාවට පසු බසින්නට නියෝග දී තෙමේ ද සිය ආරක්ෂකයන් සමඟ පසු බැස ගන වනය තුළ සැඟැවුණේ ය.

    මේ අතර කඳුකරයෙන් ආපසු පැමිණි මායාදුන්නේ රජු වීදිය බණ්ඩාරගේ හිස ගෙනවුත් දෙන්නකුට රන් කාසි පන් දහසක් තෑගි දෙන බව ප්‍රකාශ කොට අණ බෙර ලැවී ය. වීදිය බණ්ඩාර සමඟ සිටි දහ දොළොස් දෙනකු පමණ වූ ආරක්ෂකයන් ඔහුට ද්‍රෝහි ව තෑග්ග ලබා ගැනීමට කුමන්ත්‍රණය කොට හිටි හැටියේ ම අසිපත් අමෝරාගෙන ඔහු වෙත කඩා පැන්න හ.

    ඔහු තමා වෙත සතුරු වූ මේ ද්‍රෝහි ආරක්ෂකයන් කඩු ගාමින් සටන් කරන අතර බළ ඇණියක් සමඟ එහි ළඟා වූයේ ටිකිරි බණ්ඩාර රාජසිංහ ය. අවස්ථාවේ හැටියට කළ යුතු ඥාණාන්විත ක්‍රියාව ඔහු අතින් මැරුම් කෑම නො ව යටත්වීම බව තීරණය කළ වීදිය බණ්ඩාර රණශූරයා ටිකිරි බණ්ඩාර රාජසිංහට යටත් විය. ඉක්බිති මායාදුන්නේ රජු විසින් වීදිය බණ්ඩාර කළුගලින් නිමැවුණු කුටියක් තුළ සිර කරනු ලැබී ය.

    වීදිය බණ්ඩාර රඳවනු ලැබ සිටි සිර කුටියට පිවිසීමට අවසර ලැබ සිටි කිහිප දෙනා අතරින් මායාදුන්නේ රජුගේ දියණි සූරිය දේවි ද එක් තැනැත්තියක් වූවා ය. ඉන් ඉහත දැක නොතිබුණ ද වීදිය බණ්ඩාරගේ ශූරවීරකම් පිළිබඳ අසා තිබූ තොරතුරුවලින් ඒ වන විට ඇය තුළ ඔහු කෙරෙහි විශාල ගෞරවයක් හා පැහැදීමක් හටගෙන තිබුණි.

    ඔහුගේ ප්‍රතාපවත් විලාසය දෙනෙතින් දැකීමෙන් පසු ඒ ගෞරවය හා පැහැදීම තවදුරටත් වර්ධනය වූවා පමණක් නොව ඔහු කෙරෙහි විශේෂ ඇල්මක් ද ඇය තුළ හට ගත්තේ ය.

    ඉන් පසු හැකි සෑම විටෙක ම ඕ සිර කුටිය තුළ දී වීදිය බණ්ඩාර හමු වී ඔහුගේ සිතට කිසියම් සැනැසීමක් ඇති කිරීමට උත්සාහ කළා ය. මේ හමුවීම් දෙදෙනා අතර ආදරයකට හා බැඳීමකට මඟ හෙළි කෙළේ ය. වීදිය බණ්ඩාරට සිර ගෙයින් නිදහස් වීමට ඉඩ සලසා ඔහුගේ ඉදිරි ජීවිතය වාසනාවන්ත කිරීමට සූරිය දේවී තීරණය කළා ය.

    ඒ අනුව එක් දිනෙක මායාදුන්නේ හා රාජසිංහ කුමරු මාලිගයෙන් බැහැර ව සිටිය දී සිර කුටියට පිවිසි ඕ එහි දොර විවර කොට රහසේ වීදිය බණ්ඩාර ඉන් පිට කළා ය. ඇයට ඒ ගැන සුදුසු අයුරින් කෘතඥතාව පිරිනමන බවට පොරොන්දු වූ හෙතෙම කැලෑ මං ඔස්සේ කෝට්ටේ බලා පිටත් විය.

    ආපසු කෝට්ටේ රජ වාසලට පැමිණ බුවනෙකබාහු රජු විසින් පිළිගනු ලැබ යළිත් සිය කාර්යභාරය ආරම්භ කිරීමෙන් පසු ඔහු පළමුවෙන් ම කළේ චර පුරුෂයන් යොදවා සූරිය දේවි සීතාවක රාජ්‍යයෙන් ගෙන්වාගෙන බුවනෙකබාහු රජුගේ ආශීර්වාදය ද ඇතිව ඇය විවාහ කැර ගැනීම ය.

    ඔහුගෙන් පසු රජකමට හිමිකරු වූයේ සදිය බණ්ඩාරට දා ව රජුගේ දියණි සමුද්‍රා දේවී කුසින් උපන් ධර්මපාල කුමරු ය. ඒ වන විට ළමා වියෙහි පසු වූ ධර්මපාල කුමරු නාම මාත්‍රිකව රජ පදවියෙහි තබා රාජ්‍ය පාලන කටයුතු මෙහෙයවන ලද්දේ වීදිය බණ්ඩාර විසිනි. ඔහුගේ පාලනය යටතේ කෝට්ටේ රාජ්‍යය තුළ කතෝලික පල්ලි ඉදිකිරීම හෝ පවත්වාගෙන යෑම, කතෝලික ආගම දේශනා කිරීම සහ කතෝලික ආගම ඇදහීම රාජාඥාවක් මගින් තහනම් කරනු ලැබී ය.

    ඉන් උදහසට පත් කතෝලික බලධරයන් කළේ වීදිය බණ්ඩාර උපායෙන් රවටා කොළඹට ගෙන ගොස් සිර අඩස්සියට පත් කිරීම ය. ඔහු විලංගු ලා කොළඹ කොටුවේ සිර මැදිරියක් තුළ රඳවා තබන ලද්දේ ඔහුට විරුද්ධව නඩු ඇසීම සඳහා ඉන්දියාවේ ගෝවට යවනු ලබන තුරු ය. එකල මුහුදු ගමනාගමනය සඳහා යොදා ගනු ලැබුවේ රුවල් නැව් ය. ඒ අවස්ථාවේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය රුවල් නැව් යාත්‍රා කිරීම සඳහා හිතකර නො වී ය. වීදිය බණ්ඩාර කොළඹ කොටුවේ සිර මැදිරිය තුළ රඳවන ලද්දේ එහෙයිනි.

    කාලගුණය හිතකර වූ වහාම ඔහු ගෝවට ගෙන යනු ලබන හෙයින් ඉන් පළමු ව ඔහු බේරා ගැනීම සඳහා සූරිය දේවි ක්ෂණිකව ක්‍රියාත්මක වූවා ය. ඇගේ උපාය වූයේ කෝට්ටේ රාජ්‍යයේ සිට කොළඹ කොටුවේ වීදිය බණ්ඩාර සිටි සිරමැදිරිය දක්වා උමඟක් කැණවීම ය. සැලැසුම් කරන ලද අයුරින් ම උමඟ කැණ ඔහු බේරා ගැනීමට අවසානයේ දී ඕ සමත් වූවා ය.

    සූරිය දේවියගේ සූක්ෂම උපාය නිසා පෘතුගීසි අත්අඩංගුවෙන් බේරී ආපසු කෝට්ටේ රාජ්‍යයට පැමිණි වීදිය බණ්ඩාරට යළිත් සිදු වූයේ සටන් පිට සටන්වලට මුහුණ දෙන්නට ය. අවසානයේ දී ඔහුට මායාදුන්නේ හා පෘතුගීසීන් ඒකාබද්ධ ව තමාට එරෙහිව කරන සටන්වලට මුහුණ දෙන්නට සිදු විය.

    පස් වසරක් ම ඒ සටන්වලින් ජය ලබාගත හැකි වුව ද අවසානයේ දී ටිකිරි බණ්ඩාර රාජසිංහගේ බළ ඇණි සහ පෘතුගීසි බළ ඇණි එක්ව එල්ල කළ ප්‍රහාරයකින් පරාජය අත්වන බව දුටු වීදිය බණ්ඩාර යාපා පටුන වෙත පලා ගියේ ය. එහි පාලකයා වූ චාගරාජට ද ඒ අවස්ථාව වන විට අවශ්‍ය ව තිබුණේ පෘතුගීසි බලය රටෙන් තුරන් කිරීමට හෙයින් ඔහු වීදිය බණ්ඩාර මහත් හරසරින් පිළි ගත්තේ ය.

    දෙදෙනා අතර පැවැති සාකච්ඡාවෙන් පසුව සිංහල දෙමළ දෙවර්ගයෙන් ම සැදුම් ලත් විසි දහසක පමණ බළ ඇණියක් සංවිධානය කරනු ලැබී ය. නියම කැරැගත් දිනෙක සවස් කාලයේ හින්දු සෙබළ පිරිස දිවුරුම් දීමේ අවස්ථාව සඳහා නල්ලූර් කෝවිලට රැස් වූහ.

    වීදිය බණ්ඩාර සහ ඔහුට සමීප සිංහල නායකයෝ කිහිප දෙනෙක් ද ඊට සහභාගි වූහ. ඒ අතර ඇති වූයේ අනපේක්ෂිත සිදුවීමකි. කිසියම් අත්වැරැද්දක් හේතු කොටගෙන කොතැනකින් හෝ විසි වූ ගිනි පුපුරක් වීදිය බණ්ඩාර අසල තිබූ වෙඩි බෙහෙත් බඳුනක් මතට වැටී හදිසි ගින්නක් හට ගත්තේ ය.

    එය කිසිවකු හිතා මතා ම තමා විනාශ කිරීමට යෙදූ උපායකැයි සිතූ® වීදිය බණ්ඩාර සිය අසිපත අමෝරා ගත්තේ ය. ඔහු කැටුව සිටි සිංහල නායකයන් ද ඔහු අනුගමනය කරද්දී ඔවුන් තමන්ට පහර දෙන්නට සූදානම් වෙති යි සිතූ දෙමළ සෙන්පතියෝ ද අසිපත් ඉහළට එසැවූහ.

    මොහොතකින් එය දෙපක්ෂය අතර දරුණු සටනක් බවට පරිවර්තනය විය. රණශූර වීදිය බණ්ඩාරගේ කඩු පහරින් මැරී වැටුණු දෙමළ මළ කඳන් ඔහු ඉදිරියේ ගොඩගැසෙද්දී තව තවත් දෙමළ සෙබළු ඔහු වට කොට පහර එල්ල කරන්නට වූහ.

    ඔහු සටන් කෙළේ සියඹලා ගසකට පිට දීගෙන ය. මුහුණට මුහුණලා කොතෙක් පිරිසක් සටනට එළැඹිය ද වීදිය බණ්ඩාර බිම හෙළන්නට නොහැකි බව අවබෝධ කැරැගත් එක් දෙමළ සෙබළෙක් පිටුපසින් ගොස් සියඹලා ගසට නැඟී ඒ මත සිට ඔහුට වේගවත් හෙල්ල පහරක් එල්ල කෙළේ ය. ප්‍රතාපවත්, රණශූර වීදිය බණ්ඩාර අවසානයේ දී ඒ හෙල්ල පහරින් මැරී වැටුණේ ය.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    Vidiya Bandara kumaru samaga 15000 k sinhala Hamudava Jaffna valata giya bava kiya vea. Vidiya Bandara Kumaru marunath, Mea ithiri Sinhala 15000 ta mokadha une ? Ohun Jaffna valama nathara una bava kiya wea. Dan Jaffna vala inna Tamils la samahara aya atthatama sinhala aya wea. Rajasinga ,Rajasinham uneya, Balasinghe ,Balasingham uneya, Rajarattna, Rajaratthnam uneya. Prabakaram da Sinhala generation ena ayek bava kiyawea. Prabakaran shaped sinhala aya atha.
     
    • Like
    Reactions: LOL_SEEN

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමයක් තියන රටක, හෙල්ල විසික් කිරීමෙන් බලය ඇල්ලීමට උත්සහ කිරිම මම තරයේම හෙලා දකිනව:no: මේ සදහා අනිවාර්යෙන්ම හොයා බැලීමට පූර්ණ බලැති ජානධිපති කොමිටියක් පත් කල යුතුයි:yes:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    weediye bandara ee kaale werala dige thibba hama palliyakkma kudukarala nathi nasthikarala dala thiyenawa...masa ganak eka eka gane...tika kalekin ea patthe behethakatawath palliyak hoyaganna thibila na....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    වීදිය බණ්ඩාර කරපු සමහර වැඩ නිසා රට සුද්දගෙන් බේරගන්න බැරි උනා. එතුමා කොච්චර හොද සටන් කාරයෙක් උනත් ඉක්මන් කෝපය නිසා ගොඩක් විනාස කරපු කෙනෙක්.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    suddo hitiye na machan widiye bandarage kale...pruthugisi hitiye... :) tharaha nan awith thiyenawa wadi thama..wife wath maruwane..passe eya aye ipadila meya lagatama enawa..aye badina eyawa..lassana kathawak..samudra devi..