හෙලුව පෙන්නලා සාසනේ කාලා නෑ

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    හෙලුව පෙන්නලා සාසනේ කාලා නෑ

    හෙලුව පෙන්නලා සාසනේ කාලා.. බැනුම් අහලා අම්මා තාත්තාගේ ඉදන්ම.. Views කොච්චර ගත්තත් වැඩක් තියෙයිද බන්? මේ වගේ සිංදුවකට ලැබෙන එක View එක වටිනවා ඊට වඩා.

     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    මේ සින්දුවේ සීන් එක මොකක්ද බන් :sorry: කොල්ලගේ පරණ කැල්ල ද :dull:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    එදා පෙම්කළ ඇය අද මවක් වූ පුවත ඇසී ලියැවුණු මිහිඳුගේ අලුත්ම ගීතය පිටුපස සැඟවුණු මනුරංගගේ දිවියේ සත්‍ය කතාව



    ''ආදරය'' අපි හැමෝටම ඕනි දෙයක්. අපි හැමෝම හොයන දෙයක්, අපේම කරගන්න පුලුවන් තරම් කැපකිරීම් කරන දෙයක්. හැබැයි හැම ආදර කතාවක්ම විවාහයෙන් කෙළවර වෙන්නේ නෑ. මොකද සමහර හේතු ජීවිතේ හිතන්නෙවත් නැති වෙලාවක අපිව වෙනත් පැත්තකට හරවනවා. ඒ නිසාම පණවගේ කරපු ආදරේට කඳුලු බින්දු එක්ක තිත තියන්න සිද්ධ වෙනවා.

    එතනින් පස්සේ කතාබහ කළේ නෑ කියලා, නිතර නිතර මුණ ගැහුනේ නෑ කියලා ඒ ආදරේ හිතින් අමතක කරලා දාන්නනම් බෑ. පුංචි හේතුවකුත් ඇති ඒ අතීතේ ආයෙත් අපේ මතකයට එන්න.

    මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් ගැන. පහුගිය දවසක ජනප්‍රිය ගායක මිහිදු ආරියරත්න ඔහුගේ නවතම ගීතය එළිදැක්වූවා. ඒ සින්දුවේ නම වුණේ ''දුවණි''. අලුත ඉපදුණු පුංචි දුවෙක් ගැන සින්දුවේ කියැවුණත් එතනින් එහාට ගියපු ලස්සන ආදර කතාවක් මේ ගීතයේ ගැබ්වෙලා තිබුණා. ඒ ගැන අපිට දැනගන්න ලැබුණේ ගීතයේ පද රචනය කරපු මනුරංග විජේසේකරගෙන්. ඇත්තටම මේ සින්දුවෙන් කියැවෙන්නේ මනුරංග විජේසේකරගේ ජීවිතේ සත්‍ය කතාවක්. ඔහු ආදරය කරපු තරුණියක් මවක් වුණු දවස ගැන තමයි මේ විදියට පදවැල් වලට පෙරලලා ලස්සන ගීතයක් ඔවුන් නිර්මාණය කරලා තියෙන්නේ.

    ඒ ගැන අපි මනුරංගගෙන් අහපු වෙලාවේ ඒ මතකය ඔහු ආවර්ජණය කළේ මේ විදියට.....

    ''ජීවිතේ අපි කාටහරි ආදරේ කරනකොට, ඒ කාලේදි තියෙන හීන විවාහයක් වුණොත් හැබෑ වෙනවා, හැබැයි විවාහ නොවී වෙන්වුනොත් ඒ හීනේ හීනයක්ම විදියට අපේ හිතේ ගැබ්වෙලා තියෙනවා, හැබැයි අපි නැතුව වුණත් මේ ලෝකේ කොතැනක හරි ඒ හීනේ හැබෑවක් වෙලා තියෙන්න පුලුවන්. එතනදී මම කියන චරිතය නැතිවෙන්න පුලුවන්. මේ සින්දුවෙන් මම කියන්න හැදුවෙත් ඒ වගේ කතාවක්.

    පාසැල් කාලෙන් පස්සේ මම ආදරේ කරපු තරුණියක් හිටියා. එයා මහනුවර. අපි දෙන්නා හරිම ආදරෙන් තමයි හිටියේ. ඒත් කාලයත් එක්ක අපි දෙන්නගෙ ආදරේට පුංචි පුංචි බාධාවන් ටිකක් එනවා. මට උසස් අධ්‍යාපන කටයුතුවලට සිංගප්පූරුවේ යන්න වෙනවා. ඊට පස්සේ අපි දෙන්නට මුණගැහෙන්න අවස්ථාවක් උදා වෙන්නේ නෑ. කොහොමහරි අපේ ආදරේ එතැනින් නතරවෙනවා. හීන කොච්චර තිබුණත් ඒවා හැබෑ කරගන්න බැරිවෙන අවස්ථා අපිට ඕනි තරම් තියෙන්න පුලුවන්. ඔය විදියට අපි වෙන්වෙලා ඉද්දි මට දැනගන්න ලැබෙනවා මං ආදරේ කරපු පෙම්වතිය දැන් අම්මා කෙනෙක් වෙලා ඉන්නවා කියලා. ඇයට ලැබිලා තියෙන්නේ පුංචි දුවෙක්. මම එදත් නුවර ඉඳන් එද්දි තමයි කෝල් එකක් ආවේ යාලුවෙකුගෙන්, අන්න අරයට දුවෙක් ලැබිලා ඉන්නවා කියලා. ඇත්තටම ඒ වෙලාවේ හිතට සතුටක් දැනුනා.

    අපි ආදරේ කරන හැමෝම අපේ වෙන්නේ නෑ, සමහර වෙලාවට ඒ දේවල් අමාරුවෙන් හරි අමතක කරන්න අපිට සිද්ධ වෙනවා, එහෙම වුණා කියලා ආදරේ කරපු කෙනාට වෛර කරන එකවත්, ඇයගෙන් පලිගන්න එකවත් කරන්නේ නැතුව මේ වගේ දේවල් හරිම සෞම්‍ය විදියට විඳදරාගන්න කියන පණිවිඩය තමයි මට සමාජයට දෙන්න ඕනි වුණේ''

    මේ තමයි ඒ සත්‍ය ආදර කතාවත් එක්ක නිර්මාණය වුණු ''දුවණි'' ගීතය....
     
    • Like
    Reactions: HSW

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ළමයෙක් හම්බවෙන සීන් එකක් තියන වීඩියෝ එකකට හෙළුව පෙන්නල නෑ කියන්නම බෑ.