හෙළයෝ_බැබිලෝනියාවටත්_ගිහින්

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හෙළයෝ_බැබිලෝනියාවටත්_ගිහින්

    හෙළයෝ බැබිලෝනියාවටත් ගිහින්



    lion-of-babylon-e7w1tp.jpg


    21 වැනි සියවසේ තාක්ෂණය (අනුන්ගේ) ගැන අද අපි උදම් අනමු. පොළොවෙන් යකඩ හාරා වානේ නිපදවා ඉදිකට්ටක් හෝ අල්පෙනෙත්තක් පවා නිපදවීමට අපගේ මෙම විද්‍යාඥයන්ට හා විශාරදයන්ට නොහැකි වී ඇත. එදා මී හරක් බාන හා නගුල ඇසුරින් බත නිපදවූ ගොවියා අද ඇමෙරිකන් (FAO) තාක්ෂණයට ගොස් රජරට වකුගඩු රෝගයක් සාදාගෙන 38,000 ක් මියගොස් 4 ලක්ෂයකට රෝගය වැළඳී ඇත. විස්මිතයයි කියන බටහිර වෙදකමින් හෝ දේවතාවුන් වැනියයි කියන විශේෂඥ දොස්තරලාට හෝ රජරට වකුගඩු එකදු රෝගියකු සුවපත් කිරීමට නොහැකි වී ඇත. වැවට අභියෝග කරමින් ඉදිකළ වික්ටෝරියා ඇතුළු ගංගා හරස් කළ වේලි පෝට්ලන්ඩ් ප්‍රමිතියේ සිමෙන්තිවලින් සාදා ඇත. අවුරුදු 50 ක ආයු කාලයකින් පසු මෙම සිමෙන්තිවල ශක්තිය ඉවත්වී වේල්ල දිරන්නට ගනී. ලෝක ස්වභාවය අවබෝධ කරගත් ආදි හෙළයාගේ විද්‍යාව හා තාක්ෂණය අද නූතනම තාක්ෂණය බවට පත්වී ඇත. මින් පෙර දැක්වූ රසදියෙන් ක්‍රියාත්මක මර්කරි වෝටෙක්ස් ඇන්ජිම එබඳුය.



    වත්මන් ලෝක ඉතිහාසය සම්පාදනය කෙරී ඇත්තේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සිවිල් සේවකයන් විසිනි. ඒ 20 සියවස මුල් භාගයේදීය. එකල ලෝක බලවතා ඉංග්‍රීසීන්වීම ඊට හේතුවයි. ඒ අනුව අවුරුදු 5500 ක් හෝ ඊට වඩා පැරණි බැබිලෝනියාව වත්මන් ඉරාකය ආදීන ලොව පැරණිම ශිෂ්ටාචාරය ලෙස සලකන ලදී. 1950 වනවිට මෙය අවුරුදු 6000 හෝ ඊට වඩා පැරණි ලෙස සංශෝධනය කර පෙරදාතම (Update) කරන ලදී.


    සිංහලයා අවුරුදු 2500 ක් පැරණි බව මහාවංශය ඇතුළු මහා විහාරීය සාහිත්‍යයෙන් කියැවිණ. එම අභිමානයෙන් යුතුව 1956 දී අප 2500 වසරේ සම්බුද්ධ ජයන්තිය (ජුබිලිය) පැවැත්වීමු. වසර 25 රිදී ජුබිලිය, වසර 50 රත්තරන් ජුබිලිය හා වසර 75 දියමන්ති ජුබිලියට එහා ගිය 2500 වසරක ජුබිලියක් ඇති බව කියා අපි ආඩම්බර වීමු. වසර 12,500 පැරණි හිරන් කසුම් විසින් කොකේසස් කඳුකර ප්‍රදේශය පාලනය කෙරුණු බව එවිට දැන සිටියේ දහඅට පුරාණයෙන් යුතු සංස්කෘත පුරාණ ග්‍රන්ථයන් කියවා තිබූ ඉංග්‍රීසි ජාතික උගතුන් කීපදෙනකු පමණි. රාවණයන්ට පරම්පරා තුනකට පමණ ප්‍රථම සිටි දේවයානි නොහොත් මන්දාත කුමරිය ඇගේ පුතුන් තිදෙනාට ගුවනින් ගොස් ප්‍රහාර එල්ල කරන සැටි උගැන්වූවාය. ඇයගේ දියණිය සතුව තිබූ අජමුඛ වර්ගයේ ගුවන් යානාව නිසා ඇය අජමුඛී ලෙස හැඳින්විණ. මේ සියල්ල ක්‍රි.පූර්ව 8000 ට නොහොත් වසර 10,000 වඩා පැරණිය. වසර 2003 දී කැම්බේ බොක්කේදී මුහුදු පත්ලේ අඩි 4000 යට හමුවූ කාබන් පරික්ෂණයට අනුව වසර 10,000 ක් පැරණි ලෙස නිගමනය කරන ලද ජනස්ථාන් හැටියට (දණ්ඩකාරණ්‍යයේ අගනුවර) හඳුන්වන නගරයක අවශේෂයන්ට අනුව මෙම කාලනීර්ණයට එළැඹේ. හෙළ ගුවන් යානය වසර 10,000 ට වඩා පැරණිය.


    lion.jpg



    1960 අගදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරා විද්‍යා මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතා ප්‍රකාශ කළේ මහා වංශයට අනුව ගිය අවුරුදු 2500 ක අපේ පැරණිකම වැරදි බවත් අප ද අවුරුදු 6000 ක් හෝ ඊට වඩා පැරණි බවත්ය. එතුමා එය සනාථ කළේ ලංකාවේ සිංහ කොඩියේ ඇති කඩුව අතින් ගත් සිංහයා ලාංඡනය එලෙසින්ම බැබිලෝනියාවේද ඇති බැවිනි. ඒ අනුව අපට බැබිලෝනියාව හා සම්බන්ධයක් තිබූ බවත් අප ද ඔවුන්ගේ කඩුව අතින්ගත් සිංහයා ලාංඡනය ලබාගන්නට ඇති බවය. ඉංග්‍රීසිකාරයා තම අධ්‍යාපනය යටතේ අපට උගන්වා ඇත්තේ ලංකාවට හැමදේම පිටින් ලැබීම මිස ලංකාවේ යමක් පිටරටකට යෑම ගැන නොවේ. ලංකාවේ නාවිකයන් සිටි බව හෝ බොහෝ රටවල් ලංකාවට ඇණවුම් ඉදිරිපත් කර නැව් සාදාගත් බව හෝ ඉතිහාස පොතට ඇතුළු නොකිරීමට ඉංග්‍රීසි මිෂනාරි අධ්‍යාපනය වග බලාගෙන ඇත.


    හයවැනි හෝ හත්වැනි හෝ පන්තියේදී ලොව පුදුම හත සිසුන්ට ඉගැන්වීම සිදුකෙරේ. බැබිලෝනියාවේ එල්​ෙලන උයන්වතු එක ​ෙලා්ක පුදුමයකි. නමුත් මෙහි ඔර්ජිනල් එල්ලෙන උයන්වත්ත සීගිරියේ තිබුණු බව තම ශිෂ්‍යයන්ට නූගන්වා සඟවා තැබීමට වත්මන් ගුරු දේවතාවෝ හා ගුරු දෙවිවරු පරෙස්සම් වෙති. සුද්දාගේ සංවර්ධනයට කහින ඔවුන් දේශීය දේ සඟවන්නේ ඇයිද යනු ප්‍රශ්නයකි.
    දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය බිඳවැටී ලෝක බලවතාගේ තත්ත්වයෙන් බ්‍රිතාන්‍යය ඉවත් විය. 1950 පසු ලෝක බලවතා බවට දැන් පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඔවුන්ගේ ලෝක අධිරාජ්‍යය අප දකින්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෙසටය. ගෝලීයකරණය හා විශ්ව ගම්මානය ලෙස හඳුන්වන්නේ මුළු ලෝකය ඇමෙරිකාවේ එක මිටට ගැනීමය. ලංකාවේ ගොවිතැන ඇමෙරිකාවට පාවාදී (FAO වෙත) රජරට වකුගඩු රෝගයෙන් අපි අද පීඩා විඳින්නෙමු. මානව හිමිකම් කොමිසමට රට පාවාදී යුද අපරාධ චෝදනාවලින් පීඩා විඳිමු. ජල සම්පත IIMI (International Irrigation Management Institute) නමැති ආයතනයට (කොම්පැණියට) පාවාදී ජලය හිඟවීමේ හා විෂවීමේ පීඩා විඳිමු. අදත් අප කැමති නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත්වීමට බාධාවක් නැත. එය අපේ අයිතියකි. එක්සත් ජාතීන්ගේ බුරියානි කෑ ලංකාවේ ආණ්ඩුවලට දැන් ඉවත්වීමට නොහැක.


    20120208-Queen_of_the_Night_(Babylon).jpg


    එම අසුබ ඇමරිකන්කාරයාම අපගේ වසර 6000 ට ඉහතදී අප ගුවනින් බැබිලෝනියාවට යෑමත්, බැබිලෝනියානු ශිෂ්ටාචාරය හෙළයන්ගේ මගපෙන්වීම්වලින් ගොඩනැංවීමත් ගැන තොරතුරු සොයා දැනගෙන ප්‍රසිද්ධ කළහ. ඒ 1998 අප්‍රේල් මාසයේදීය. ලංකාවේ මාධ්‍යකරුවන්, ඉතිහාසය හා පුරාවිද්‍යා මහාචාර්යවරුන්, දේශපාලනඥයන් (උගත්) මෙම රහස රටට එළිදරව් නොකර සඟවා තබාගත්ත. ඇමෙරිකන් රූපවාහිනී නාළිකාවක් වන ඉතිහාස චැනලය 1998 මැයි මාසයේදී මෙය ලෝකයට හෙළිදරවු කළේය. පළමුවරට 1998 අගෝස්තු මාසයේදී පුවත්පතක් මගින් මෙය හෙළිදරවු කරන ලදී. පුරාවිද්‍යාත්මක​ සොයාගැනීම කළ ඇමෙරිකානුවෝ ගුවන් මගින් බැබිලෝනියාවට ගිය සිංහ මිනිසුන් හැඳිනගෙන එම තොරතුර බීර බෝතලයකට ලඝු කිරීම සඳහා අප සිංහ වංශයේ හා Is there a lion in you යන වෙළෙඳ දැන්වීමට මාස 6 ක අනුග්‍රාහකත්වය දැක්වූහ.


    වර්තමාන ඉරාකයට අයත් පැරණි බැබිලෝනියාවේ පුරාවිද්‍යාත්මක කැණීම ඇරඹුවේ 1998 පෙබරවාරි මාසයේදීය. පිළිස්සූ මැටි පුවරුවල අකුරු ලිවීම බැබිලෝනියන්, සුමේරියන්, ඊජිප්තු, ෆිනිෂියන් ආදී අතුරුදන් වී ගිය ශිෂ්ඨාචාරවල බහුලව දක්නට ඇත. විජයාගමනයට පෙර ලංකාවද නැතිවී ගිය ශිෂ්ටාචාරයක් ලෙස (Lost Civilization) ලංකාවේ පඩිකන වංශයේ ඉතිහාස හා පුරා විද්‍යා මහාචාර්යවරුද සැලකීමට උත්සාහ දරති. ලංකාවෙන් බැබිලෝනියාවට ශිෂ්ටාචාරය යාම හිරන් කසුබ්ගේ කොකේසස් රාජ්‍යය, වීරචන්න (චීරචන) ඇතිකළ දකුණු ඇමෙරිකානු (පාතාල) ශිෂ්ටාචාරය, දනුබ් කුමරු ඇති කළ ඩැනියුබ් දනුබ් ගඟ ආශ්‍රිත රමණීය රට (රොමානියා) රාවණගේ වෛද්‍යකම් ජ්‍යොතිෂ්‍යය සංගීත හා ගායන යුද ශිල්ප වෛද්‍ය ක්‍රම සටන් ශිල්ප ආදිය දේව අධ්‍යාපන ක්‍රමය පුෂ්පක යානය නොහොත් දඬුමොනරය නමැති ගුවන් යානය යනාදී සියල්ල මිථ්‍යාවක් බව කියා පඩිකන වංශයේ මහාචාර්යවරු ප්‍රතිලාභ ලබාගනිති.
    කැණීමේදී සොයාගත් මැටි පුවරුවලට අනුව බැබිලෝනියානු ශිෂ්ටාචාරය ගොඩනැගී ඇත්තේ ගුවනින් ආ සිංහ මිනිසුන් ලබාදුන් උපදෙස් අනුවය. මෙම සඳහන ඇත්තක් බව ඔප්පු වන්නේ බැබිලෝනියානු ජාතික ලාංඡනය වන සිංහ ශරීරය, පියාපත් දෙක හා මිනිස් මුහුණ ඇති අමුතු සත්වයා දෙස බැලීමෙනි. මේ හුදු සංකේත තුනකි. සිංහ ශරීරය සිංහ මිනිසුන් වෙනුවෙනි. විශාල පියාපත් දෙක ඔවුන් ආ ගුවන් යානාව වෙනුවෙනි. මිනිස් මුහුණ බැබිලෝනියානු මිනිසා වෙනුවෙනි. බැබිලෝනියාවට හෙළයාගේ බලපෑම කොතරම්ද යන්න ඉන් පැහැදිලිය.


    ගුවන් යානය පොළොවට පාත්වද්දී මිනිසුන් බියවූ බව මැටි පුවරු පවසයි. සිනාසීමෙන් හා අත් දිගුකිරීමෙන් එම බිය දුරුවිය. දෙපාර්ශ්වය එකිනෙකා කිට්ටුවට අවුත් හස්ත මුද්‍රාවෙන් කතා කළහ. තෑගි බෝග හුවමාරු කරගත්හ. මෙසේ මිත්‍රවීමෙන් පසු එම සිංහ මිනිසුන්ගේ උපදෙස් පරිදි දීර්ඝකාලීනව බැබිලෝනියානු ශිෂ්ටාචාරය බිහිවිය. කුඹුක්කන් කුමරුගේ කුඹුක්කන් ඔයේ ගල් අමුණ, 1984 දී මතුවූ මාදුරුඔය ගල් අමුණ, හැඩ ඔයේ විනාශ වී ඇති ගල් අමුණ ආදියෙන් රාවණ යුගයේ සිට ගංගාවල අමුණු බැඳ ජලය ලබාගෙන වී ගොවිතැන් කළ බව පෙනේ. මෙම අමුණ බැඳීමට කුඹුක්කන් කුමරුට සහාය වූ දනුබ් කුමරු එම දැනුම හා අත්දැකීම තුළින් දකුණු යුරෝපයට ගොස් ගංගාශ්‍රිතව අමුණු බැඳ ශිෂ්ටාචාරයක් ගොඩනැගීය. එබැවින් එය දනුබ් ගඟ (ඩැනියුබ්) නම් විය. ඉදි කළ රමණීය නමැති රට අදත් රොමනියා ලෙස හැඳින්වේ. මීට පසුව සිදුවූ බැබිලෝනියාව ගොඩනැංවීම සිදුවුණේ යුප්‍රටීස් හා ටයිග්‍රීස් ගංගා ආශ්‍රිතව අමුණු බැඳ ජලය ලබා ගොවිතැන් කිරීමෙනි. වැව් ශිෂ්ටාචාරයට පෙර ලංකාවේද ගංගා නිම්න ජනාවාස හා ගංගා නිම්න ශිෂ්ටාචාරයක් වූ බව පැහැදිලිය. අග්නිදිග නාග රාජධානිය මුහුදු ගිල්මට යටවීම නිසා ගංගාවල පහළ නිම්නවලින් ඉවත්වී වැව් නිර්මාණය ඇරඹීමු.
    මේ අනුව මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතාටද අතපසුවීමක් සිදුව ඇති බව පැහැදිලිය. 1998 බැබිලෝනියන් කැණීමට පෙර අප ද දැන සිටියේ ලොව පැරණිම ශිෂ්ටාචාරය බැබිලෝනියාව බවත් එය වසර 6000 හෝ ඊට වඩා පැරැණි බවත්ය. මෙම අදහස දැරීම නිසා බැබිලෝනියාවේ ඇති කඩුව අතින් ගත් සිංහ ලාංඡනය අප ද ලබාගත් බව සිතීම සිදුවී ඇත්තේ අනිත් පැත්තටය. සිංහල ශිෂ්ටාචාරයේ වයස අවුරුදු 2500 ලෙස එදා සැලකීම නිසා මෙසේ වැරදියට නිගමනය කිරීමට මහාචාර්යවරයාට සිදුවිය.


    සිංහ මිනිසුන්ගේ රටේ ඇති සිංහ පර්වතය යනු සීගිරිය බව පැහැදිලිය. සීගිරිය නිර්මාණය කිරීමට යොදා ඇති තාක්ෂණය අනුව එල්ලෙන උයන්වතු එහි තිබූ බවට සැකයක් නැත. කාශ්‍යප රජු සීගිරිය නිර්මාණය කළා නොව රජමාලිගය හා පාලනයට අදාළ පිරිස සීගිරියේ ස්ථාපනය කළා පමණි. බියෙන් සැඟවී සිටින රජෙකුට අවුරුදු 17 ක් තුළ මෙබඳු නිර්මාණයක් කර සම්පූර්ණ කළ නොහැක. කුඩා කාලයේ අප ද උණ බම්බුවලින් කපා ගත් මල් බඳුන්වල එල්ලෙන වැල් සහිත මල් වර්ග වගා කළ සැටි මතකය. එයම වැඩි දියුණු කර මහා පරිමාණයට ගෙනඒමෙන් එල්ලෙන උයන්වතු නිර්මාණය කළ හැකිය.


    නැවතත් කඩුව අතින් ගත් සිංහයා ලාංඡනය විමසීමට ගතහොත් එය තේරුම් ගැනීම අපහසු නැත. සිංහයාගේ ශරීරය වටේ දක්වන ​ෙර්ඛාද බෙල්ල වටා රෝමද කුසය වඩා රෝමද පාසන්ධිද, වල්ගයේ අග ද යන සියල්ල ගිනිදැල්ය. ඒවායේ වර්ණය රන්වන් පාටය. එබැවින් සිංහයාගෙන් සූර්යයා සංකේතවත් කිරීමට මිස තිරිසන් සතකු එහි දක්වා නැත. දකුණතින් කඩුව ගැනීම යනු සූර්යය ආධිපත්‍යය නොහොත් සූර්ය නියෝගය සංකේතවත් කිරීමය. ඉන් අදහස් වන්නේ සියලු මිනිස් කටයුතු එම රටට හෝ ප්‍රදේශයට හිරුරැස් බලපාන ආකාරයට සිදුවිය යුතුය යන්නය. හඳේ ක්‍රියාකාරිත්වය, ග්‍රහලෝකවල රශ්මීන් බලපෑම, වර්ෂාව, ජලය වාෂ්ප වීම වායුගෝලීය උෂ්ණත්වය, සුළං හැමීම, දියවැල්, උෂ්ණ හා ශීත කාන්තාර හා හිමෙන් වැසී කඳුමුදුන්, සත්ව හා ශාකවල පැවැත්ම යන මේ සියල්ල සූර්ය ක්‍රියාකාරිත්වය අනුවම සිදුවිය යුතුය. වර්තමාන ලෝකයේ එසේ සිදු නොවී මිනිසාගේ ආධිපත්‍යය සොබාදහම මතට පැටවීම නිසා නුදුරු අනාගතයේදී විශාල විනාශයන් සිදුවන බවට අනාවැකි ලොව දසතින්ම ඇසේ. හිරුරැස් මඳවීමේ දෘශ්‍යමාන සාක්ෂිය මිනිසුන්ගේ හම සුදුවීමය. ගසකොළ හරිහැටි නොවැ​ෙවන නිසා යුරෝපය විසින් එඬේර වෘත්තිය ​තෝරා ගැනීම නිවැරදිය. ඒ වෙනුවට පොළොව යට ඇති අවසානයක් වන සම්පත් මතුවටම ගෙන කර්මාන්ත කරන වර්තමාන කාර්මික හා වානිජ යුගයට තව පරම්පරා 2 ක් යා නොහැක. එදිනට යුරෝපයට යළි එඬේර යුගයට යාමට සිදුවන බව කියන History Repeats (ඉතිහාසය නැවත නැවතත්) න්‍යාය ගොඩනැගුවේ ආර්නල්ඩ් ටොයිම්බි ඉතිහාසඥයාය. ඒ සිංහයාගේ කඩුව දක්වන ආඥාව ඇසුරිනි.


    බැබිලෝනියානු, සුමේරියානු, ඊජිප්තු, මොහන්ජෝදාරෝ හරප්පා, ඉන්කා, මායා ක්‍රීට් දූපත, බොරෝබුදූර්, ඉන්දු ඉරාන රමණීය වැනි පැරණි ශිෂ්ටාචාර සියල්ල අද නැතිවී ගිය (lost) ශිෂ්ටාචාරයන්ය. ඉන් ඉතිරිව ඇත්තේ හෙළ නොහොත් සිංහල ශිෂ්ටාචාරයයි. එමෙන්ම සමනල කඳු වැටියේ මතුවූ ගිනිකන්ද ද්වාපර යුගයේ අගදී ගිනිමල් විහිදුවමින් පුපුරා එහි ලාවා නිරිත දෙසට ගැලුවේය. නිරිතදිග තැනිතලාවේ ඇති එකිනෙකට හා මුහුදට සමාන්තර හෙල්වැටි පංතීන්ද, ගිං ගඟෙහි ඇති ජලාකාර (දැලක් බඳු) ජලවහන රටාවද ලාවා ගල්වීම නිසා ඇතිවූ විකෘතියක් බව භූවිද්‍යා මහාචාර්ය විතාන මහතා (නැසීගිය) පැහැදිලි කර ඇත. ලාවා ගලා එනවිට හබරගමුවේ (සබරගමුව) හබරයෝ පලන්තැන්නට (පලස්තීනයට) සංක්‍රමණය වූහ. ඒ ජූදා නමැති නායකයා සමගිනි. ලංකාවේ අදත් විභීෂණ, සුමන සමන්, උපුල්වන් හා අප්පු සිං​​ෙඤා් (රංවල දෙවියෝ) වැනි නැසීගිය ජනප්‍රිය ජන නායකයන් දෙවිවරුන් ලෙස අදහන්නා සේ ජූදාද දේවත්වයට නංවා ජුදාගම (යුදෙව් ආගම) අදහති. ටෝරා ඔවුන්ගේ ආගමික ග්‍රන්ථයයි. හබුරු බස හීබෲ බස බවට පත්විය. හීබෲ අකුරු පැරණි හෙළ අකුරුවලට සමානකමක් දක්වයි. පැරණිම ඉන්දියානු සෙල්ලිපිවලද, සමුද්‍රගුප්තගේ අලහබාද් ටැම් ලිපියේද ලංකාවේ විසූ සබර හා පුලින්ද යන මිනිසුන් ගැන සඳහන්ය. එබැවින් සබරයන් (හබරයන්) ඓතිහාසිකය. හෝමාගම අසල හබරකඩ හා පිටිගල අසල හබරකඩ මෙම හබරයන්ගේ ජනාවාසවල බටහිර හා දකුණු සීමා බව පැහැදිලිය.


    බැබිලෝනියාවට ශිෂ්ටාචාරය ගෙනයාම, දකුණු යුරෝපයට (රමණීය රට) ශිෂ්ටාචාරය ගෙනයාම, පලස්තැන්නට (පලස්තීනයට) හබර සංස්කෘතිය ගෙන යාම, දකුණු ඇමෙරිකාවේ ටිවනකු (ටිටිකාකා විල අසල) ශිෂ්ටාචාරය (පාතාල) වීරචන විසින් පිහිටුවනු ලැබීම ආදී දැන් ඓතිහාසික වශයෙන් ඔප්පු වන දේට මූලික වී ඇත්තේ ලොව පැරණිම මිනිසුන් වන (12500 හෝ ඊට වඩා පැරණි) හෙළයන්ය. බ්ලැවට්ස්කි මැතිනිය 1881 දී ඕල්කට් මහතාද සමග ලංකාවට ආවේ ලෝකයට ශිෂ්ටාචාරය පැතිරවූ එම ආසියාවේ දකුණෙහි දූපත සොයාගැනීමට බව අැයගේ මිනිබිරිය විසින් ලියැවුණු බ්ලැවට්ස්කි චරිතයෙහි සඳහන්ය.


    නමුත් අද දින සංවර්ධනය පසුපස යමින් සිංහලයා මරාදමා 1972 දී උපත ලද ශ්‍රී ලාංකිකයා කියා සිටින්නේ තමන් ඇතිවුණේ උතුරු නැගෙනහිර සිටි දෙමළ ජනතාවගෙන් බවය. යාපනය විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පද්මනාදන් මේ බව පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ 2017 මැයි මාසයේදීය. එය එසේ නොවන බවට සාක්ෂි ඉදිරිපත් කළ පිළිතුරු ලිපි පළනොවීය. ඇමෙරිකන් කාරයා කියූ හෙළයන් වසර 6000 ට පෙර ගුවනින් බැබිලෝනියාවට ගොස් ශිෂ්ටාචාරය බිහිකිරීමද ජනතාවගේ දෑසින් සඟවා ඇත.




    කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;)

    .
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    History චැනල් එකේ ඩොකියුමන්ට්‍රි එක මොකක්ද
     
    • Like
    Reactions: Oli_Vili

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    Babloniyawa mokakda ban helaya agaharu loketath gihin thiyenawa kiyala kiyanne.:rofl:
    Balapanko minissu ehe giyapu daka ravana ge mokak hari hambei.:yes:
     
    • Like
    Reactions: Oli_Vili

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    අවුරුදු 12000කට වඩා පැරණි හෙළයන්ගේ මවුබසවු "සිංහල බසේ" එන "මනස්ගාත" යන වචනයේ අර්ථය උදාහරණයක් මගින් දැනගැනීමට අවැසිනම් නැවතත් ඉහත ලිපිය කියවන්න :P:P:rofl::rofl::rofl::P:P