හෙළිනොවූ_උමා ඔයේ මහා විනාශය

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,190
    17,126
    113
    හෙළිනොවූ_උමා ඔයේ මහා විනාශය

    රටට හෙළිනොවූ උමා ඔයේ මහා විනාශය - වහගන්න බැරි තරම් ලොකු උල්පතකින් ජලය තත්පරයට ලීටර් දහස් ගාණක් කාන්දු වෙන්නේ මෙහෙමයි

    ඉදිකිරීම් නිම වෙමින් පැවැති උමාඔය බහුකාර්ය වාරි ව්‍යාපෘතියේ භූගත උමඟේ බණ්‌ඩාරවෙල මැතිවරණ කොට්‌ඨාසයේ ඌව කරඳගොල්ල අවසානයේ උමං දොරටුවෙන් පසුගිය 17 වැනි දා වන විට අනපේක්‌ෂිත අයුරින් ගලා එනු ලබන කාන්දු ජල දහරාව තත්පරයට ජලය ලීටර් 976 සිට මේ වන විට තත්පරයට ජල ලීටර් 1078 දක්‌වා වැඩි වෙමින් පවතින නිසා බණ්‌ඩාරවෙල ප්‍රදේශවාසීහු මහත් කැළඹීමකට පත් වී සිටිති. ඒ අනුව උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ හා එක්‌ව 2017 ජුනි 28 දා බණ්‌ඩාරවෙල නගරයේදී උද්ඝෝෂණයක්‌ පැවැත්වීමට ජනතාව තීරණය කර තිබේ.

    ඔවුන් විසින් පසුගිය 17 දා කරන ලද මෙම ගණනය කිරීම් අනුව එය පැවතියේ තත්පරයට ජල ලීටර් 976 ලෙසිනි. එය විනාඩියකට ජල ලීටර් 58560 ක්‌ වන අතර පැයකට ජල ලීටර් 3513600 කි. දිනකට ජල ලීටර් 84326400 ක්‌ ලෙසට ද ගණන් බලා තිබිණි.

    උමාඔය බහු කාර්ය වාරි ව්‍යාපෘතිය පසුගිය රජය යටතේ පාරිසරික වාර්තාවක්‌ හෝ නොකැඳවා වේගවත්ව ඉදිකරගෙන යන අතරතුර (ඉදිකිරීම් සියයට 16 ක්‌ නිම වෙද්දී) මුලින්ම 2014 දෙසැම්බර් 26 දා භූගත උමඟය කිලෝමීටර් 3 - 9 ක්‌ කැණීම් සිදුකරගෙන යන විට උමඟ තුළ තත්පරයට ජල ලීටර් 876 ක මහ ජල කාන්දුවක්‌ ඇතිවන්නට විය.

    ඒ සමඟම බණ්‌ඩාරවෙල හා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල පානිය ජල ළිං වේගයෙන් සිඳී යන්නට විය. ඒ වැව් අමුනු උල්පත් සියල්ලම සිඳී ගොස්‌ ගෙවල් දොරවල් ඉරිතලා පුපරා යන්නට වුණි.

    එම රජයේ බිඳ වැටීමත් සමඟ වර්තමාන යහ පාලන රජය ආරම්භ වුණි.

    මේ රජයට ද උමාඔය සුරැකීමේ ජනතා ව්‍යාපාරය මඟින් උමාඔය ව්‍යාපෘතියෙන් සිදුවන හානිය පෙන්වා දීමෙන් පසු වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම ව්‍යාපෘතියේ සියලු ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීය.

    එසේම එයින් හානි වූ ජනතාවට වන්දි ගෙවන්නත් පොරොන්දු වී එහි යළි පරිසර අධ්‍යයනයක්‌ සිදු කළේය.

    පසුව වත්මන් යහපාලන රජයද යළිත් පෙර සේම එහි ඉදිකිරීම් කරගෙන යාමට කොන්ත්‍රාත් සමාගමට අනුමැතිය දුන්නේය.

    එහිදී මෙම ව්‍යාපෘතියෙන් පීඩාවට පත්වූවෝ උමා ඔය සුරැකීමේ සංවිධාන කටයුතු පසෙකට දමා යළිත් උමාඔය බහු ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ නමින් ඒකරාශි වන්නට වූහ.

    මෙම රටේ හදවත වන් මධ්‍යම කඳුකරයේ ගැඹුරුම ස්‌ථානයෙන් රුධිරය වහනය වන්නා සේ වටිනා ජල සම්පතක්‌ මෙම ජල කාන්දුවෙන් සිදුවෙන බවත් මෙයට පෙර සිදු වූ ජල කාන්දු වසා දැමීම සඳහා ගෙන එන ලද ටොන් ගණනාවක විෂ රසායන ද්‍රව්‍ය මෙම කාන්දු ජලය හා මසුව ඌව කරඳගොල්ල පහත් බිම් කරා යන බවත් දැන් ජනතාව පවසති.

    එසේම කිලෝමීටර් 12 -5 දිග වැලිමඩ පුහුල්පොල සිට ඇල්ල ඌව කරඳගොල්ල දක්‌වා ඇති මෙම භූගත උමං මාර්ගයේ දැනට පුහුල්පොල දෙසින් කිලෝමීටර් 5 - 2 ක්‌ කැණීම් සිදුකර ඇති අතර ඌව කරඳගොල්ල දෙසින් කිලෝමීටර් 3 ක්‌ කැණීම් සිදුකෙරේ. ඒ දෙසින් මෙම ජල කාන්දුව ඇති වීම නිසා එහි කැණීම් කටයුතු දින නියමයක්‌ නොමැතිව අත්හිටුවා ඇත. මෙම ජල කාන්දු මැඩලීමට උපයෝගී කරගන්නා විෂ රසායණික ද්‍රව්‍ය මෙම උමං මගේ කිලෝමීටර් 12 - 5 පුරා ඉදිරි කාලයේදී පැතිර ගොස්‌ අවට ජල උල්පත්වලට එම විෂ රසායන ද්‍රව්‍ය මසු වීමේ අවදානමක්‌ ඇතැයි ජනතාව කියති.

    කෙසේ වුවද මෙම පුහුල්පොල සිට ඌව කරඳගොල්ල දක්‌වා දිවෙන උමං මඟ ඉහළින් ඇති අක්‌කර දස දහසකට වඩා ගොවි බිම්වල ජලය සිඳී ගොස්‌ පුරන්වන අවදානමක්‌ ඇති බව ජනාතාව කීහ. එමෙන්ම කුඩා තේ වතු හා සමාගම් සතු තේ වතු වියළී ගොස්‌ය. දැනටමත් බදුල්ල - කොළඹ ඒ 6 ප්‍රධාන මාර්ගයේ ඇල්ල හා බණ්‌ඩාරවෙල ප්‍රදේශවල ගිලා බැසීම් සිදුවෙමින් ඇත.

    ප්‍රදේශයේ වෙළෙඳසල් ගොඩනැඟිලි ගිලා බසිමින් ඇලවෙමින් පුපුරා යමින් තිබේ. කඳු බිම් ද දස අතට පුපුරා ගොස්‌ සුන්දර බණ්‌ඩාරවෙල නගරය අවදානම් කාලාපයක්‌ව පවතින බව එම ප්‍රදේශවාසිහු පවසති.

    ඒ හේතුවෙන් නිවාස, ඉඩම්, වතුපිටිවල වටිනාකම අඩු වී ඇත. බණ්‌ඩාරවෙලට පැමිණීමට සංචාරකයෝ බියක්‌ දක්‌වති. අවම වශයෙන් බණ්‌ඩාරවෙල ප්‍රදේශයෙන් මඟුල් තුලාවක්‌ කර ගැනීමට පවා අකමැති තත්ත්වයක්‌ ගොඩ නැගී ඇති බව ජනතාව පවසති.

    මේ සියල්ලටම එරෙහිව ඔවුහු 28 වැනිදා බණ්‌ඩාරවෙල නගරයේදී පාලකයන් ඇහැරෙනු - කඳුකරය විනාශයි - ජනතාව අනාථයි යන්න තේමාව කරගෙන විදී බැස මහා උද්ඝෝෂණයකට සැරසී සිටිති.

    16681797_380028955714299_7414314557287408858_n.jpg

    16806937_380028952380966_419711022845256292_n.jpg

    19148907_1340951659335256_8356980265342956627_n.jpg

    19149249_1340953012668454_5374254295262516204_n.jpg

    19260791_1340952199335202_3830175797314347643_n.jpg

    19396931_1340952106001878_673412188093861780_n.jpg

    14681680_1100670766696681_3714678472490162687_n.png

    15036658_1131429613620796_5437741242810005654_n.jpg

    15977002_1191187970978293_9184858890173172512_n.jpg

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ ලීක් වන වතුර බටයක් බස්සලා පොලොව උඩට ගෙනෙල්ලා ලොකු වැවක් බන්ඩාරවෙල හදන්න මේ ආන්ඩුව දැන් වැඩපිලිවෙලක් හදලා ඉවරයි.2017 ඉවර වෙනකොට බන්ඩාරවෙල ලොකු වැවක් හදලා එහේ ජල ප්‍රශ්නය විසදනවා.නල පානිය ජලය ගෙවල් වලට එවනවා.ලින් සිඳි යාම ගැන බිය නොවන්න. මහින්ද කරපු උමා ඔය ගැන රනිල්ට මෛත්‍රීට බනින්න එපා.මහින්ද ආපහු ගොඩ ගන්න බැරි වෙන්න රට අරගෙන ගියා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,190
    17,126
    113
    කාලකන්නි සංවර්ධනේ

    මේක හොද ප්‍රොජෙක්ට් එකක් වෙන්න පුළුවන්.ඒත් මම නම් කියන්නේ මේක කරන්න දුන්න සමාගම වැරදියි.මේ වගේ බැරෑරුම් දෙයක් කරන්න බාරදෙන්න තිබ්බේ යුරෝපෙට හරි ජපානෙට හරි.එහෙම උනානම් මේ වගේ විනාශයක් වෙන්නේ නැහැ.අපේ පාලකයෝ ලාභය බලාගෙන කොමිස් කුට්ටියට වැඩ කරන නිසා තමා මේ ඔක්කොම.:(
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    උමා ඔය ආපසු හරවන්න බෑ

    June 22, 2017 04:31 pm

    උමා ඔය ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ලබාගෙන ඇති පරිසර වාර්තා සම්බන්ධයෙන් කිසිසේත් එකඟවිය නොහැකි බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

    මෙම ව්‍යාපෘතිය හේතුවෙන් මේ වන විට පාරිසරික ගැටළු රැසක් මතුවී ඇති බවත්, එසේ වුවත් වර්තමානයේ මෙහි කටයුතුවලින් සියයට 77ක් අවසන් කර බවත්, ඒ හේතුවෙන් ආපසු හැරීමේ හැකියාවක් නැතැයි ද ඒ මහතා කීවේය.

    හැකි විගස කිලෝමීටර් 15ක් දිග උමගේ කටයුතු අවසන් කර එය සීල් කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව පැවසූ ඒ මහතා කියා සිටියේ ඉන් පසු පවතින ගැටළු මගහැරී යනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

    අනුරාධ ජයරත්න මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද(22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පැවසුවේ උමා ඔය ව්‍යාපෘතියට අදාළ සැලසුම් සකස් කිරීමේ අවස්ථාවේදී ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කිසිම සහයෝගයක් ලබාගෙන නැති බවයි.

    - http://sinhala.adaderana.lk/news/74463/උමා-ඔය-ආපසු-හරවන්න-බෑ

    umaoya.jpg

    - http://www.ada.lk/article/255126/උමාඔය-ජල-කාන්දුවෙන්-ඉදිකිරීමට-බාධා

    up
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේක හොද ප්‍රොජෙක්ට් එකක් වෙන්න පුළුවන්.ඒත් මම නම් කියන්නේ මේක කරන්න දුන්න සමාගම වැරදියි.මේ වගේ බැරෑරුම් දෙයක් කරන්න බාරදෙන්න තිබ්බේ යුරෝපෙට හරි ජපානෙට හරි.එහෙම උනානම් මේ වගේ විනාශයක් වෙන්නේ නැහැ.අපේ පාලකයෝ ලාභය බලාගෙන කොමිස් කුට්ටියට වැඩ කරන නිසා තමා මේ ඔක්කොම.:(

    චීනුන්ට මේවට වන්දි ගෙවන්නම වෙනවා.අපි 2020 චීනේට පහර දෙනවා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,190
    17,126
    113

    චීනුන්ට මේවට වන්දි ගෙවන්නම වෙනවා.අපි 2020 චීනේට පහර දෙනවා

    Turbine transportation

    මෙන්න මේක කියවල බලපන්. හොද පැහැදිලි කිරීමක් තියනව.

    http://www.elakiri.com/forum/showthread.php?t=1779431

    antime mewa kohen kelawara weida danne na bn:confused:

    :sorry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    මේ ලීක් වන වතුර බටයක් බස්සලා පොලොව උඩට ගෙනෙල්ලා ලොකු වැවක් බන්ඩාරවෙල හදන්න මේ ආන්ඩුව දැන් වැඩපිලිවෙලක් හදලා ඉවරයි.2017 ඉවර වෙනකොට බන්ඩාරවෙල ලොකු වැවක් හදලා එහේ ජල ප්‍රශ්නය විසදනවා.නල පානිය ජලය ගෙවල් වලට එවනවා.ලින් සිඳි යාම ගැන බිය නොවන්න. මහින්ද කරපු උමා ඔය ගැන රනිල්ට මෛත්‍රීට බනින්න එපා.මහින්ද ආපහු ගොඩ ගන්න බැරි වෙන්න රට අරගෙන ගියා

    bate puke ghganin
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,948
    1
    12,282
    113
    අදාළ නෑ නේ
    මේ ලීක් වන වතුර බටයක් බස්සලා පොලොව උඩට ගෙනෙල්ලා ලොකු වැවක් බන්ඩාරවෙල හදන්න මේ ආන්ඩුව දැන් වැඩපිලිවෙලක් හදලා ඉවරයි.2017 ඉවර වෙනකොට බන්ඩාරවෙල ලොකු වැවක් හදලා එහේ ජල ප්‍රශ්නය විසදනවා.නල පානිය ජලය ගෙවල් වලට එවනවා.ලින් සිඳි යාම ගැන බිය නොවන්න. මහින්ද කරපු උමා ඔය ගැන රනිල්ට මෛත්‍රීට බනින්න එපා.මහින්ද ආපහු ගොඩ ගන්න බැරි වෙන්න රට අරගෙන ගියා

    උබේ පුකේ රනිල් බට ගහනව වගේ කොරන්න බැහැ බොල මේ වගේ වැඩ
    තෝ නොදන්න රෙද්දවල් වලට කට නොදා පල ආපහු තොගේ කරෝල වාඩියට
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උබේ පුකේ රනිල් බට ගහනව වගේ කොරන්න බැහැ බොල මේ වගේ වැඩ
    තෝ නොදන්න රෙද්දවල් වලට කට නොදා පල ආපහු තොගේ කරෝල වාඩියට

    water-leakage-solutions-article-3.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇරෝසන්,ගුනේබායි නම් දන්නවා ඔය ප්‍රොජෙක්ට් එක ගැන හරියටම.උන් කිව්වා ඕකේ ඔය කියනතරම් ගැටළුවක් නැහැලු.ඒ පැත්තට වතුර නැති එක විතරයිලු.
     
    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    මේක හොද ප්‍රොජෙක්ට් එකක් වෙන්න පුළුවන්.ඒත් මම නම් කියන්නේ මේක කරන්න දුන්න සමාගම වැරදියි.මේ වගේ බැරෑරුම් දෙයක් කරන්න බාරදෙන්න තිබ්බේ යුරෝපෙට හරි ජපානෙට හරි.එහෙම උනානම් මේ වගේ විනාශයක් වෙන්නේ නැහැ.අපේ පාලකයෝ ලාභය බලාගෙන කොමිස් කුට්ටියට වැඩ කරන නිසා තමා මේ ඔක්කොම.:(

    Agreed macho
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අගහරු ලොකේ වතුර හොයන කාලේ පොල්වේ ලීක් උන වතුර උඩට ආපහු ගන්න බෑ කියන අනාතයො