හෙළි නොවූ රහස් හෙළිවේ..

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    හෙළි නොවූ රහස් හෙළිවේ..

    'යෝෂිත රාජපක්ෂ පිළිබඳව නාවික හමුදාව කල පරිෂණයකින් හෙළි නොවූ රහස් හෙළිවේ...
    11129689_483890548431487_1345791606124284169_n.jpg

    නාවික හමුදා පටිපාටිය උල්ලංඝනය කරමින් බඳවා ගත් යෝෂිත කනිෂ්ක රාජපක්ෂ හට මාස 13 ක විශේෂ පුහුණුවක් යුක්රේනදී ලබා දී ඇත. යුක්රේන රජයට සම්බන්ද “State Self-Supporting Foreign Trade and Investment Firm.” ආයතන විසින් එකී සියලු වියදම් දරා ඇත. එම සියලු සැලසුම් දියත් කර ඇත්තේ මේ දිනවල යුක්රේන බෙදුම්වාදීන්ට අවි සැපයීමේ ජාවාරමට හසුවී අත්අඩංගුවට ගැනීමට සොයන හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංගය.
    මෙම විමර්ශන වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ ඒ වෙනුවෙන් පිහිටවූ විශේෂ කමිටුවට ඇතුලත් වූ රියර් අද්මිරාල් D.W.B. Wettawa, කොමදෝරු U.S.R. Perera සහ M.M.V.B. Medegoda කොමදෝරු M.M.V.B. Medegoda විසිනි.

    නාවික හමුදා කැඩෙට් නිලධාරී තනතුරක් සඳහා අවශ්‍ය අවම අධ්‍යාපන සහතික වශයෙන් ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, හා සිංහල විෂයන් ඇතුළු විෂයන් හයකට සම්මාන සමාර්ථ අවශ්‍ය වේ. ඔහුගේ නාවික හමුදා ලිපි ගොනුව පිරික්සීමේදී හෙළි වී ඇත්තේ අනිවාර්ය විෂයක් වූ සිංහල සඳහා සමාර්ථ සහතිකයක් හෝ උසස් පෙළ අධ්‍යාපන සහතික නොමැති බවය. යෝෂිත රාජපක්ෂ ගේ උප ලුතිනන් ධුරය සඳහා National University of Defence Academy in Ukraine හි පුහුණුව සඳහා උදයංග වීරතුංග විසින් නොමිලේ සියල්ල සම්පාදනය කලේ , එම නිලය සඳහා Britannia Royal Naval College හි අධ්‍යාපනය ලැබූ වේ නම් ඒ සඳහා ප්‍රමාණවත් අධ්‍යාපන සුදුසුකම් නොමැති නිසාය. ඔහුගේ පුහුණු කාලය වෙනුවෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වූ ගෝටාභය රාජපක්ෂ ගේ නියෝගයෙන් සියලු , ගුවන් ටිකට් පත් ඇතුළු ප්‍රවාහන වියදම් , දීමනා , වැටුප්, දුරකථන බිල් ගෙවා ඇති බවද හෙළි වී ඇත.
    පුහුණුව සඳහා සියලු වියදම් දරන ලද්දේ උදයංග වීරතුංග ගේ යුක්රේන සම්බන්දකම් හරහාය.

    එම පුහුණුව අවසානයේදී ත්‍රිකුනාමලයෙදී විසිර යාමේ උත්සවයේදී එවකට නාවික හමුදාපතිවු කරන්නාගොඩ මහතා ගෙන් “Midshipman of the Year” සම්මානයෙන්ද පුද දෙන ලදී. සුදුසුකම් ලාභී භටයින් සිය ගණනක් සිටියදී පුස්සෙක් සුදුස්සෙක් වුයේ එසේය.
    :confused::confused::confused:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    නාවික හමුදාවෙ 2 වෙනි කැළල, 1 විජිත රොහන විජෙමුනී
     
    Last edited:

    Similar threads