හෙළ උරුමය කෙළින පච
ගිහි අපේක්ෂකයන් දැමීම ගැන හෙළ උරුමයේ හිටපු මන්ත්‍රී හිමිවරුන්ගේ විරෝධය
දේශීය 2010 පෙබරවාරි 23 වෙනි අඟහරුවාදා, 13:15
මහ මැතිවරණයේදී ජාතික හෙළ උරුමයේ අපේක්ෂකයන් ලෙස ගිහි අපේක්ෂකයන් දැමීම සම්බන්ධයෙන් හෙළ උරුමයේ හිටපු මන්ත්‍රී ස්වාමීන් වහන්සේලා සිය විරෝධය පළ කරයි. මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ හෙළ උරුමය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩවත්තේ නන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ තමන් වහන්සේලා අපේක්ෂකත්වය ඉල්ලා තිබියදී හෙළ උරුමය මෙලෙස අත්තනෝමතික ලෙස ගිහියන් දැමීමට තීරණය කර ඇති බවයි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ නන්ද ස්වාමීන් වහන්සේ, "හෙළ උරුමයේ හිටපු මන්ත්‍රී ස්වාමීන් වහන්සේලා ලෙස අපි අපේක්ෂකත්වය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබියදී හෙළ උරුමය තීරණයක් අරගෙන තිබෙනවා දිස්ත්‍රික්ක 5කට විතරක් ඉදිරිපත් වෙලා ඒවාට ගිහි අපේක්ෂකයන් දාන්න. නමුත් රතන හාමුදුරුවෝ විතරක් ගම්පහ දිස්ත්‍රික්කයට දාලා.
රතන හාමුදුරුවෝ ප්‍රකාශයක් කර තිබුණා අනෙක් මන්ත්‍රී ස්වාමීන් වහන්සේලා අකමැතිවූ නිසා ගිහියන් අපේක්ෂකයන් ලෙස දැමීමට තීරණය කළ බව. නමුත් අපි අකමැති වුණේ නැහැ. එම තනතුරුවලින් අපිව අයින් කරලා තමයි මෙලෙස ගිහියන් දැමීමට තීරණය කර තිබේන්නේ.
අපි ආණ්ඩුවෙනුත් ඉල්ලීමක් කළා අපේක්ෂකත්වය දෙන්න කියලා. නමුත් සන්ධාන ව්‍යවස්ථාවට අනුව භික්ෂූන් වහන්සේලා දැමීමට හැකියාවක් නොමැති බව පවසා ඔවුන් එය ප්‍රතික්ෂේප කළා." යැයිද ප්‍රකාශ කළහ.