හෙළ බසින් වියැකී යන වදන්
01. බිරන් තට්ටුවෙලා - බයවෙලා, තැති ගැනිලා.02. බෝකරනවා - උපද්දනවා, වැඩි කරනවා (දරුවන් බෝ කරනවා)03. බෝ නානවා - දිය නෑම04. බකුරුවන් බාගෙන - අඳුර වෙලාගෙන, අඳුරෙන් වැසී05. බගුරන් බෑම - හරකුන් මුත‍්‍රා කිරීම06. බෝල් තියනවා - කමතක වී ඒකරාශි කිරීම07. බෝල් බඳිනවා - වැවක මාලු ඇල්ලීම තහනම් කරමින් විදානේරාළ විසින් වැවේ කෙළවර බෝලත්තක් බැඳීම.08. බෝලත්ත - පිලගස්වල අතු මිටියක් එකතු කර අතු ගෑමට හදා ගන්නා උපකරණය.09. බාන - ජෝඩුව (හරක් බාන)10.බාන - ලණුව (හරක් බැඳීමට ගන්නා ලණුව)11. බක්කම්මා - ලොකු අම්මා12. බක්ක - ලොකු, මහත13. බොර - මී පැණි14. බරු - කමතේ බැත (වී)15. බුටෑව - වල් පැළෑටි සහ වැල් එකට ගෙතී හැදුන කැලය.16. බක්කච්චී - ලොකු තාත්තා17. බිම්මල - වී කෙටීම සඳහා ගෙමැද්දේ වලලා මතුපිටට මතුකර ගෙන ඇති රවුම් ගල, පෙරදා වී කෙටුවේ බිම්මල් සහ වංගෙඩි වලිනි.18. බෑමල්ල - කට ලොකුවට වියා ඇති පන් මල්ල.19. බොලන් - උඹ, උඹහැත්තෙ, අයිසෙ20. බඩදිය බානවා - මුත‍්‍රා කිරීම21. බොල් කැපීම - වී බැතයක ඇති බොල් ඉවත් කිරීම.22. බලු ගැත්තා - යටහත් සේවකයා23. බඩජාරි - කෑදර24. බෙරලනවා - ප‍්‍රසිද්ධ කරනවා, පතුරුවනවා.25. බයියා - කොල්ලා, මෝඩයා26. බේත්පාරේ යනවා - බේත් ගෙන ඒමට යනවා.27. බැද්ද - කැලය, ළඳු කැලෑව28. බින්න බහිනවා - විවාහවී බිරිඳගේ නිවසේ පදිංචිවීම29. බින්න ඇද බානවා - බොරු කියනවා30. බෙඟයක් - පොළොව ඇතුළට ගිය සිදුරක්, ගහක ඇතුළට ගිය සිදුරක්31. බෙනේ - සිදුර32. බී පච්චො - බොන්න (කුරුම්බා ගෙඩිය බීපච්චො)33. බිං නැගීම - පළමු වරට හාන හීීය.34. බිත්තර වඩනවා - නැකතට බීජ වැපිරීම35. බගන්දරාව - නිතර මුත‍්‍රා කිරීමට සිදුවීමේ රෝගය36. බඩ බැන්දිය - බඩේ එල්ලා ගෙන (බැඳගෙන) යන දරුවා, රිළා - වඳුරු මව්වරු මෙසේ දරුවන්් බඩ බැඳගෙන යති.37. බුබ්බඩයා - මෝඩයා38. බුසුලුවා - හිසකෙස් අවුස්සාගෙන සිටින අය.39. බුම්මාගෙන - එක් ඉරියව්වකින් නිහඬව කල්පනා කරමින් සිටීම.40. බකිරිබචං වීම - දිය බත්වීම, තෙමීම41. බුරුල් බාලා - සිව්පාවෙකු ගැබ්ගත් විට (එළදෙන බුරුල්බාලා) කියති.42. බුරුල් බාලා - දෙනුන්ගේ තන පුඩු මහත්වීම, කිරි එරීම.43. බැහැනැක් වෙනවා - මල්වරවීම, වැඩිවියට පත්වීම44. බුම්මැඩියා - නිතරම නිදාගන්නා අය.45. බදරැස් කනවා - තෙරපෙනවා, තද වෙනවා.46. බුදියා ගැනීම - නිදා ගැනීම47. බෑයා - සහෝදරයා48. බිං ලියන්නාව - උදැල්ල49. බෝයක්සීරු වෙනවා - බුලත්විටක් කෑම50. බෝය කිරීම - බැත මලුවලට පිරවීම51. බෙරි වෙලා - ඉදිලා වැඩිවෙලා (බත් බෙරිවෙලා)52. බුරුත්තක් - තොගයක්, සමූහයක්53. බුද්ධ බෝගය - බුදුන්ට වෙන් කරන පංගුව54. බෙර වායා - බෙර වාදකයා55. බේබි කපනවා - බූරුවා ගැසීම, සූදුකෙළිය
01. යාලත්ත – තනිපලයක් පමණක් ඇති ගෙය02. යාල්ලනවා - මනිනවා (විශේෂයෙන් වී මැනීමට මේ වචනය යොදයි)03. යකුනැංගා - තරහ ගියා04. යාදින්න – බැගෑපත්ව කරන කන්නලව්ව05. යටංගාව - යටි අත (යටිපැත්ත)06. රිවි මෝදිය – උදෑසන, හිමිදිරිය07. රුසියා - දක්ෂයා08. රැහැ - කුලය, වංශය, පෙළපත09. රැහේ එකා – කුලයේ අය10. රත්තා - ගින්දර11. යාදෙනවා - ගැලපෙනවා12. රොත්ත - සමූහය, තොගය, ගොඩ13. රූටනවා - ලිස්සා යනවා14. රෙදි කච්චිය – විසිරියනක් දිග රෙද්ද15. වියලණුව - වියගහ, හරකාගේ කරමත තියා බඳින ලණුව16. වරුවක් - ලොකුවැල්වලින් වියා ඊට මැටි ගසා හදන වී අටුවක්17. විලක්කුව - හනස්සක් තීරුවලට ඉරා එහි රෙදි පාන්කඩ ඔතා තෙලෙහි තවරා පත්තු කිරීමට ගන්නා පහන් දැල්ල18. විජ විජහට – ඉක්මනට, ලහි ලහියේ19. වක්කරනවා - හලනවා, වතුර වක්කරනවා, නානවා20. වාං දෑව - වළං සෑදීමට ගන්නා මැටි මිශ‍්‍රණය21. වාං පතුල් - හේන්වල වල්කොටන විට දෙපතුලට දමා ගන්නා සතුන්ගේ හම්වලින් සාදාගත් පාවහන්.22. රුදාව - කැක්කුම, වේදනාව, දැඟලිල්ල23. වාඩුව - පලිය, එකට එක24. වංචාඩුව - අරමුණක්, ඉලක්කයක් නැතිව25. වල් ගෙවඩනවා - කැලය කැපීමට මුලපුරනවා.26. වකුටු වී – නැමී27. වාරුව - ශක්තිය, හයිය28. වරුව - දවසින් අඩක්29. වරෙච්චො - එන්න30. වක්කලම – වතුර ගලාගොස් වැටෙන තැන හෑරී ඇති වළ31. වරු පල්ල – අටුවේ පතුල හා පොළොව අතර ඇති කොටස32. වාජ්ජං කාරයා - බෙර වයන්නා33. වායා - වාදනය කරන්නා34. වර අල්ලනවා – වැවක ජලය පිරී වාන්දැමීමට ආසන්න වීම35. වයිතාලය – හිමිදිරිය, අලුයම36. වරපොට - බෙරයේ දෑස් තදකිරීමට හම්පටිවලින් යොදා ඇති බැමි37. වරමන්ද - ශක්තිමත් කුළුහරකුන් වැනි සතුන් ඇල්ලීමට යොදාගන්නා මන්ද, සතෙකුගේ වේලාගත් හම පටිවලට ඉරා එකිනෙක පටි 3ක් 5 ක් 7 ක් ආදී වශයෙන් දඟකවා අඹරා ගන්නා ලණුව, කුළු හරකුන් අල්ලන්නේ මේවා යොදා ගැනීමෙනි. ශක්තිමත්ව ඇඹරූ වරමදු අලි ඇල්ලීමටද යොදා ගැනේ.38. විජ්ජුම්බරයක් – කලබලයක්, රණ්ඩු දබරවීමක්.39. වසලයා - රොඩී කුලයේ කෙනෙක්40. විළිසංගෙ මානය – ලජ්ජා බය41. ලන්ද – එක්වරක් වගාකොට අත්හරින ලද කැලය 42. ලොවනවා - ලෙවකෑම43. විරසකය – අමනාපය44. වගේ වගක් නෑ - කිසිම සැලකිල්ලක් නෑ45. වට මලුව - කුඹුරේ තැනින් තැන ගොඩගසනු ලබන කුඩා ගොයම් කොළය46. වැහි බිජු - වැහිවළාකුළු47. වැහිකේදිලි - වැහිපොද, වැහිබිංදු48. වැහි ආනාව - වැස්සේ ඝෝෂාව49. වැලේ වැල් නෑ - කිසිම වගතුගක් නෑ, අතේ මිටේ ශතයක් නෑ50. වරිගක්කාරයා - නෑ පරපුරේ කෙනෙක්51. වයිරක්කාරයා - තරහකාරයා52. වම්බී – කය විකුණා ජීවත් වන ගැහැනිය (වෙසඟන)53. වම්බිගෙ පුතා - නිශ්චිත පියෙකු නැති දරුවා
01. බඩලුව - ගසක ඇතුළු පැත්ත02. බද්දෙරාළ - වරිග සභා සඳහා ගමකින් පෙනී සිටින ගම් ප‍්‍රධානියා03. බුලත් නම්බුව - කෙනෙකුට බුලත් හෙප්පුව පිරිනැමීමේදී ගරුසරු ඇතිව පිරිනැමීම (හිසට සුදු පිරුවටයක් දමාගෙන දෑතින්ම බුලත් හෙප්පුව අල්ලා අමුත්තාට පිරිනැමීම)04. බුලත් මඩේ - බුලත් පුවක් ආදිය යහන් ගැබක තබා අයියනායක දෙවියන්ට පිරිනමන පූජාව05. බුලත් තිහාන - බුලත්වලින් දෙවියන්ට ඔප්පු කරන බාරය06. බරු ගහලා - පතුරු ගහලා- අපිළිවෙළට ගැනීම07. බණ්ඩිපොල්ල - කුරක්කන් අටුවක පිටින් පිට තබා හරහට බඳින පොල්ල08. බොරදන් ඇරීම - ලීයක පවතින ඇදය හැරීම09. බරපැන් ඇරවීම - ගෙවිය යුතු මුදල් හදල් ගෙවීම10. බිතක්කනේ - බිත්තිය අසල11. බෙරිහන්දීම - හරකුන් කෑගැසීම12. බාව - වල්ගය13. බඩතුරේ - බඩතුළ14. බඩේ ගින්දර බැරුවා - දැඩි වේදනාව- දුක උහුලන්න බැරි දුක15. බඩවෙලා - ගැබ්ගෙන16. බාගදා - සමහර වෙලාවට17. බොරදිය මංකඩ - වැවක හරකුන්ට වතුර බීමට සකස් කර ඇති ස්ථානය18. බණ්ඩිපොලු – ගසක් උඩ පැලක් සෑදීමේදී ගසේ උඩු අතට හිටින්නට බඳින පොලු19. මගුල් තුලාව - මගුල් ගෙදරකදී කෑම ගැනීමට නෑදෑයන් එකට වාඩි වූ පසු ඔවුන් ඉදිරියෙන් පිරුවටයක් (සුදු රෙද්දක් එලා ඒ මත පත්කොළ තබා කෑම වර්ග පත්කොළයට බෙදීමෙන් පසු හැමදෙනා එකවර කෑම ගැනීම.20. මුප්පම් ගම් - හාර මසක් වයසැති වී21. මිසක්කං - එහෙම මිස22. මේවඩනවා - පිළිගන්වනවා23. මේවර කරනවා - නියමිත වැඩ කොටස් ඉටුකිරීම24. මුරුත්තේ - ආහාරය25. මුරුතැන් – ආහාර26. මායියා - බිරින්දෑ27. මෝ - අම්මා28. මයිත්තුව - කාරණය29. මුඩුමයා - මූසල මිනිහා30. මේච්චල් කිරීම - රැකබලා ගැනීම31. මුරුවට – තෙල්මිරිකා ඉතිරිවන රොඩ්ඩ32. මුරුත්තාව - අසිහිය,, සිහිය නැතිකම33. මාගම්සෝළිය - කාන්තාවක් නිසා ඇතිවන චෝදනාව34. මුල්මස් ඇල්ලීම – අවුරුද්දේ ප‍්‍රථම වරට වැවේ මාළු ඇල්ලීම35. මංචිය – කුස්සිය, මුරුතැන් ගෙය36. මුලිච්චිවීම - මුණගැසීම37. මිටිහාල් - කෑම පිසීමට නෑඹිලියට හාල් ගැනීමෙන් පසු ඒ හාල්වලින් මිටක් රැගෙන මුට්ටියකට පරිස්සමට දමන හාල්38. මාළුපිණි - ව්‍යංජන39. මංපානවා -පාර පෙන්වීම40. මං අහුරනවා - පාර වහනවා41. මට්ටුවුණා - යටත්වුණා, පාඩමක් ඉගෙන ගත්තා, පරාජය වුණා42. මටුල්ල - පොල්අත්ත හා ගස එකිනෙකට බැඳී පවත්නා රෙද්දක් වැනි කොටස43. මඩවනවා -පොඩිකරනවා, පාගනවා (කොළ මඩවනවා)44. මූකරලා - මෝරලා, පැහිලා45. මූකල - මේරූ46. මුකලාන - මෝරා ඇති ලොකු කැලය47. මූනිච්චාවට - රැවටිල්ලට, බොරු මායමට48. මුහුවුණා - මිශ‍්‍රවුණා, කලවම් වුණා49. මුලුවස්සේ - සෑම තැනකම50. මුලුක්කාදිය – හැම මුල්ලක් ගානේම
බණ්ඩාර ඒකනායක