සෞදි අරාබියාවේ පුද්ගලික රියදුරෙකු ලෙස සේවයේ නියුතුව සිටි ශ්‍රී ලාංකිකයෙකු ගෙහිමියා ඝාතනය කොට ඔහුගේ බිරිඳ දූෂණය කළ බවට විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.
මෙම අපරාධය සිදුකිරීමෙන් පසු සැකකාර ශ්‍රී ලාංකික සේවකයා සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇතත් ආරක්ෂක නිලධාරියෙකු ඒ බව දැක දැඩි පරිශ්‍රමයකින් පසු ඔහු ග්‍රහණයට නතුකර ගැනීමට සමත්ව තිබේ.
නම හෙළිදරව් නොවූවද 50 හැවිරිදි සැකකරු නැගෙනහිර සෞදියේ කොබාර් නගරයේ නිවසකදී ඉකුත් සඳුදා දින මෙම අපරාධය සිදුකර ඇති බව එරට daily Sharq පුවත්පත වාර්තා කරයි.
“ඔහු ඔහුගේ ජීවිතය අවසන් කරගැනීමට උත්සාහ කළත්, පොලීසිය ඊට වඩා ඉක්මන්වීම නිසා ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව” එකී පුවත්පත් වාර්තාවේ දැක්වෙයි.
ශ්‍රී ලංකාව ඇතුළු තවත් දකුණු ආසියාතික රටවලින් පැමිණ සෞදි අරාබියේ සේවය කරන පිරිස මිලියන 28 ට ආසන්න බව කියැවෙයි.
- Adaderana

තමයි