හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා දිවි ගමනට සමුදෙයි..🔴

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    මහජන මුදලින් නඩත්තු උන තවත් එක චරිතයක් නිමාවිය ..
     
    • Like
    Reactions: War Fighter

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    මාලනීට යන ඵනමං නැති කරේ විජය කුමාරණතුංග..බොරුවට බඳිනවා කියලා පොරොන්දු දීලා මිනිහගේ වැඩේ කරගෙන සල්ලි වලටයි බලේටයි පෙරේතකමේ චන්ද්‍රිකාව බැන්ඳා.මාලනී ඵක්කම රඟපෑවා ඒ කාලේ මාලනීගේ ජනප්‍රියකම නිසා.විජය මාලනී ඉන්න ෆිල්ම් ඵකක් කියන්නේ ඒ කාලේ නිකන් පිස්සුවක් වගේලු.මිනිස්සු පොරකනවලු ෆිල්ම් ඵකක් හෝල් ඵකකට අාවහම බලන්න යන්න.විජය ලෝකෙට මානව හිතවාදියා වගේ හිටියට පට්ටම අවස්ථාවාදියෙක්..තමන්ගේ වාසියට ඕන ඵකක්..ජෙප්පෝ වගේ..😅


    ඒකත් ඇත්ත දැන් පේනවා නේ එක මානව හිතවාදියෙක් ජනාධිපති වෙලා හාන හෑම 😂
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,122
    2,003
    113
    හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.
    කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වේ.
    මිය යනවිට ඇය 78වන වියෙහි පසුවූවාය.
    1947 අප්‍රේල් මස 30වනදා කැලණිය ප්‍රදේශයේදී වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නමින් උපත ලැබූ ඇය පසු කාලීනව මාලනී ෆොන්සේකා නමින් හෙළ සිනමාව අතික්‍රමණය කරමින් ප්‍රකට විය.
    1963 වසරේ දී වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය, 1968 වසරේදී පුංචි බාබා චිත්‍රපටයෙන් සිනමාවට පිවියාය.
    1973 වසරේදී ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ඇය, හොඳම නිළිය ඇතුළුව ජනාධිපති, සරසවි, ඕ.සී.අයි.සී, සුමති වැනි සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.
    නිධානය, බඹරු ඇවිත්, වෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මාවරුනේ වැනි විත්‍රපට මාලනී ෆොන්සේකා මහත්මියගේ රංගන කුසලතාව ප්‍රකට කළ විශිෂ්ඨ නිර්මාණ ලෙස සනිටුහන් වේ.
    2010 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දේශපාලනයටද පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය 2015 වසර වන තෙක් ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළාය.
     
    • Like
    Reactions: Asmodeus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    ජීවත් වෙලා ඉන්නකොට කොච්චර වයස හැංගුවත් මැරුනට පස්සෙ ඒ සේරම ප්‍රසිද්ධ වෙනවා කියල දැනගෙන ජීවත් වෙන්න ඕන..

    malini1.jpg


    හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

    ඒ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.

    මියයන විට මාලනී ෆොන්සේකා මහත්මිය 76 වන වියේ පසුවුණි.
    ලියපු එකා මේකෙත් අවුරුදු දෙකක් අඩු කරලා දාලා.. 😂
    ------ Post added on May 24, 2025 at 9:54 AM
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    නාකි මයිනාවත් ඔහොම්මම අරන් යන්න
    පොර එහෙම ලේසියෙන් මැරෙන්නෙ නෑ. මේ ලෝකෙදිම විදවල විදවල තමා මැරෙන්නෙ.
     
    • Haha
    Reactions: Cypress