හෙළ_පානයක්_18+

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
හෙළ පානයක් නිවසේදීම... පුරුෂ පාර්ෂවයට පමණි.18+

හොඳයි කාලෙකින් මාර සරණියට ලිපියක් දැම්මෙත් නැති හින්දා මං තීරණය කලා කාලේ හැටියට බොහෝම දෙනෙකුට පරයෝජනවත් දෙයක් කියා දෙන්ට.. අනිත් කාරනේ තමා මට මේ පුරුෂ පාර්ෂවයෙන් හෙන චෝදනාවක් තිබුනා හැමදාම ගෑණු ළමයින්ට උයන හැටි කියා දෙනවා මිසක් එයාලට හරියන දෙයක් කියා නොදෙනවයි කියලා.. ඉතිං මෙන්න මං ඒකට උත්තරයක් දෙන්ට යන්නේ.. ඒ වගේමයි දැන් මේ රාවණා හිට් වෙලා අපේ කොල්ලෝ ටික හෙළු ප්‍රබෝධය කරට අරං ඉන්න වෙලාව.. ඉතිං එහෙම කාලෙක අපි අපේ ඉපැරණී දේසීය හෙළ කරම වේද ආදියට මුල් තැන දෙන්ට ඕන.. නැද්ද මං අහන්නේ...?

ආන්න ඒ කොයිකත් හිතලා මතලා තමා ‍මං මේක දාන්ට හිතුවේ...

අපිට මේකට මූලික වශයෙන් උවමනා කරනවා මෙන්න මේ දේවල් ටික...

ලිපක්..දර ලිපක් උනත් ගෑස් ලිපක් උනත් කමක් නැහැ...

ලොකු හැළියක්

අර කලින් කිව්ව හැළිය උඩින් කට වැහෙන්න තියන්න ඇහැකි ආකාරයේ ලොකු මැටි කලයක්.

පාන් පිටි කිලෝ බාගයක්

පුනීලයක්

බූලියක් හෝ එයට සමාන භාජනයක්

අඹ ලෑලි කෑල්ලක් (අගල් එක හමාරක් ගණකම් දිග අඩි එකහමාරක් විතර පළල අගල් 4ක් තිබුනම ඇති) මේක තමා වැදගත්ම දේ...

පිත්තල බට කෑල්ලක් (අගල් බාගේ බටයකින් අගල්6ක් දිග කෑල්ලක් තිබුනනං ඇති)

හුඹස් මැටි ටිකක්

හරි මුළින්ම අපි අර අඹලෑල්ලෙන් පොඩි හැන්දක් වගේ උපකරණයක් හදා ගන්න ඕන.. ඒක කරන හැටි තමා ඔය පහත තියෙන්නේ....අංක1 තියෙන විදියේ ලෑලි කෑල්ලෙන් අංක2කේ තියෙන විදියේ හැඩේ කපා ගන්න ඕන..එතන තියෙන අඳුරු පාට කොරස ඉවත් කරලා සුදු පැහැති කොටස අරං අංක 3නේ තියෙන විදියට එක පැත්තකින් හැන්දක් වගේ හාර ගන්න ඕන.. ඒ වගේම ඒ හැන්දේ පතුලේ ඉඳින් සිහිනි සිදුරක් විඳින්න ඕන අනිත් කෙලවරට එහෙම කරලා අවසානෙදී ඒ සිදුර කෙලවර වෙන පැත්තෙන් අර අපි ගත්ත තඹ බට කෑල්ල සවි කරගන්න ඕන..එච්චරයි "අඹ හැන්ද" සූදානම්...

1.jpg

ඊ ළඟ පියවර.. මෙන්න මේක බොහෝම සීරු මාරුවට කර ගන්න ඕන දෙයක්...
අපි අර හදා ගත්ත අඹ හැන්ද ලොකු හැළියට සවි කිරීම... පරිස්සමට හැළියේ පැත්තකින් සිදුරක් විඳලා අර හැන්දේ තඹ බටේ එතැනින් එළීයට එන ආකාරයට සකස් කරලා හුඹස් මැටි ටික හොදට පොඩි කරලා අනලා බටේ සවි කල ගැන හොඳින් සීල් කරගන්න ඕන.. හුඹස් මැටි වලින් ඕක හුරු කෙනාට කල හැකි උනත් බැරි අයට අමාරුයි..එයාලට පුළුවන් ඕක සිමෙන්ති වලිනුත් කරගන්න...නමුත් දේශීය දේට තැන දෙන්න නිතරම අපි වග බලා ගන්න ඕන...හරිනේ..

2.jpg

හරි දැන් අපේ උපකරණය සූදානම්...අපිට තියෙන්නේ ඔය පහත තියෙන ආකාරයට උපකරණය සකස් කර ගෑනිම.. ඒ කියන්නේ ළිප උඩින් හැළිය තියලා..හැළියට උඩින් කලය තියලා ගත්තම හරි... එයිට පස්සේ අර බූලියේ කටට පුනීලය තියලා ඒක අර පිත්තල බටේ යටින් තියා ගත්තතම උපකරණය සකස් වී අවසන්...

3.jpg

හරි දැන් මේකේ තව කොටස් වගයක් පේනවානේ.. යට හැළියේ කහ පැහැති දියරයක් තියෙනවා.. උඩ නිල් පැහැයෙන් තව දියරයක් තියෙනවා... බූලියෙත් මොනවද මංදා දියරයක් තියෙනවා පේනවා...

ඔය උඩ නිල් පාටින් තියෙන්නේ සීතල වතුර.. ඒ කියන්නේ ඇල් වතුර...එතකොට යට තියෙන කහ පාට වතුර එක අපි සකස් කර ගන්න ඕන.. ඒක අපි පසුවට බලමු... එතකොටමේක ක්‍රියා කරන්නේ මෙහෙමයි... අපි ඔය හැළියට යටින් ගින්දර දැම්මම හැළියේ තියෙන දියරය රත් වෙලා එහි වාෂ්පය ඉහල නගින්න ගන්නවා...ඒ වාෂ්පය ගිහින් වදින්නේ කලයේ පතුලේ.. කලේ තියෙන වතුර සීතල නිසා කලයේ පතුලත් සීතලයි.. අන්න එතකොට අර වාෂ්පය කලයේ පතුලේ ගැටිලා ඝණීඵවනයද මොකක්ද කියන එක වෙලා නැවතත් කුඩා වතුර බින්දු හැදෙනවා.. ඒ හැදිලා කලය පතුලේ ඇති වක්‍ර හැඩය නිසා පහතට ගලා ඇවිත් එකතු වෙලා ජල බින්දු හැටියට අර අඹ හැන්දට වැටිලා එකේ සිදුර දිගේ ඇවිත් අර බූලියට එකතු වෙනවා... පැහැදිලියි නේද..?

හරි දැන් අර කහ පැහැති දියරය හැටියට අපිට මොනවද යොදන්න පුළුවන්.. ඔව් අපිට පුළුවන් ඒකට යොදා ගන්න ශාඛ සාර... ඒ කියන්නේ ඔය ඉරමුසු.. පොල් පලා වගේ දේවල් වතුරේ දවසක් දෙකක් පැහෙන්න තියලා ඒ වතුර යොදා ගෙන මේක කරන්න පුළුවන්.. එතකොට අපිට ඉතාමත් පිරිසිදු ඉරමුසු හෝ පොල් පලා ස්ප්‍රිතුවක් සාදා ගතෑකි.. බොහෝම නැවුම් පිරිසිදු පානයක්.. බලන්න කොයි තරං හොඳද ඇඟවල් වලට... අපි අද ජාතියක් හැටියට දුර්වල සෞඛ්‍ය තත්වයක් ඇතිව ඉන්නේ මේ පර සුද්දා දෙන රසායනික එකතු කරපු දහ ජරාවල් බීලනේ.. ඔය කෝඩියල්ය අරකය මේකය කියලා අපි කෙලින්නේම වහනේ හා නැද්ද..?

ඉතිං එහෙම දහ ජරාව නොබී.. මෙන්න මෙහෙම දේශීය අවුසදීය පානයක් හදාගෙන බිව්වම ඇගට වගේම ආර්ථිකේටත් හොඳ නැද්ද මං අහන්නේ.. මෙව්වා හරිනං රජයේ අනුග්‍රහයෙන් ව්‍යාප්ත කල යුතු දේවල්.. ඒත් එයාලා එහෙම කරන්නේ නැහැ.. ඒත් හිතවතුනි හැමදාමත් ඔබලාගේ "මාරයා" වන මං තුමා මෙවා ඔබලාට කියා දෙන්න කැමතියි.. අපි එහෙමයි... සමාජ සේවයටමයි හිත...

ඉතිං ඔයාලටත් දැන් පුළුවන් මේ විදියට මේ උපකරණය සකස් කරගෙන.. නිවසේදීම සුමිහිරි පානයක් සකස් කරගෙන බීලා බලන්න... ඕනනං කැමති කෙනෙකුට ස්වයං රැකියාවක් හැටියට උනත් කරන්න පුළුවන් දෙයක් මේක.. ඇත්තම කිව්වොත් අපේ ගමේ මේක හොඳ ස්වයං රැකියාවක්..ගමේ ඉස්මත්තේ එක හරියක මේක ඉතාමත් හොඳින් කෙරුන ස්වයං රැකියාවක්... බලන්න ජාතික ආර්ථීකේට නේද ඒකෙත් වාසිය.. දේසීය දේ අගය කරන ගමන් අපි රට ගොඩ ගන්න මෙහෙම වැඩ පිළීවෙලවල් වලට යන්න ඕන නැද්ද මං අහන්නේ...

මෙව්වා මෙහෙම කියා දෙනවට හරිනං ඔහේලා මට සම්මාන දෙන්ට ඕන..එහෙනං...
---------------------

නිකංම යන එක හරි නැහැනේ.. මෙන්න ලෙහෙසි පහසු පැනයක්...එකක් නෙවෙයි දෙකක්ම...මෙයට පිළිතුරු දී හුරු බුහුටි අසෝක වීදුරු දෙකක් ‍දිනා ගන්න ඔබටත් අවස්ථාව..

1.මෙහි අවශ්‍ය ද්‍රව්‍ය ලයිස්තුවෙන් එක් දෙයක් භාවිතා කරනා අන්දම සටහන් කොට නොමැත.. ඒ කුමක්ද..?

2.එම ද්‍රව්‍යය භාවිතා කරනවා ඇත්තේ කුමකට කියා ඔබ සිතනවාද..?

---------------------------------------
පසු සටහන...

එක *රියෙක් හරි (නරියෙක්) ඔය අවුසදීය දේවල් වෙනුවට සීනි වතුරට ඊස් කලවං කොරලා තියෙන්න ඇරලා ඒ වතුර එහෙම අර හැළියට දාලා ඉස්පිරිට් එහෙම හදනවා නෙවෙයි ඔන්න... තොපි එහෙවු විස්සාසයක් තියන්න බැරි උන්...

පසු සටහනටත් පසු සටහන...
එපා කියද්දීම හොරෙන් බැළුව කාන්තාවෝ ටිකටයි මේ ඔත්තුව.. ඔබට ඔබේ සුවාමි පුත්තරයාගෙන්..පෙම්වතාගෙන් වැඩි ආදරයක් හිමි කර ගැනීමට මෙම උපකරණය හා පානය උදව් කර ගැනීමට හැකිය... උත්සහ කොට බලන්න...

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ආග් ..මේ අපේ මාරයා අය්යාගේ බ්ලොග් එකේ පරණ පොස්ට් එකක්නේ :lol:
     
    RDxz

    Member
    May 22, 2014
    141
    20
    0
    ගොඩ කාලෙකින් දැක්කේ නැහැ
    කොහේ හිටියත් සතුටින් ඉන්න නංගියා
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    meken secret ekak out karanna puluwan. Western country valin balen navatthapu ----fuel ------e kiwwe Bio fuel------hadanneth mea vage thama. Getharadi unath mea FUEL[INDANA] eka hadala vehicles valata indanayak vasayen use karanna puluwan. E kiyanne KASIPPU SPIRIT eka unath hoda FUEL[INDANAYAK] ekak. Kasippu bona kenekma mata kiwwe, kasippu spirit ekata , Ginikurak patthu karala alluvama hodata patthu venava kiyala. Bonna ganna kasippu denne thava water ekathu karalalu. E kiwwe Kasippu spirit eka hodha FUEL ekak. Habai mea secret out venavata, western country vala posila fuel[petrol ,diesel] company nam kamathi naha. A mokadha Bio Fuel , Posila FUEL venuvata hodha adesakayak nisa. Gedharadima hadha gannath puluwanne.
     
    sapumal_lk

    Banned
    Feb 16, 2015
    163
    20
    0
    39
    FIJI
    හෙළ පානයක් නිවසේදීම... පුරුෂ පාර්ෂවයට පමණි.18+

    හොඳයි කාලෙකින් මාර සරණියට ලිපියක් දැම්මෙත් නැති හින්දා මං තීරණය කලා කාලේ හැටියට බොහෝම දෙනෙකුට පරයෝජනවත් දෙයක් කියා දෙන්ට.. අනිත් කාරනේ තමා මට මේ පුරුෂ පාර්ෂවයෙන් හෙන චෝදනාවක් තිබුනා හැමදාම ගෑණු ළමයින්ට උයන හැටි කියා දෙනවා මිසක් එයාලට හරියන දෙයක් කියා නොදෙනවයි කියලා.. ඉතිං මෙන්න මං ඒකට උත්තරයක් දෙන්ට යන්නේ.. ඒ වගේමයි දැන් මේ රාවණා හිට් වෙලා අපේ කොල්ලෝ ටික හෙළු ප්‍රබෝධය කරට අරං ඉන්න වෙලාව.. ඉතිං එහෙම කාලෙක අපි අපේ ඉපැරණී දේසීය හෙළ කරම වේද ආදියට මුල් තැන දෙන්ට ඕන.. නැද්ද මං අහන්නේ...?

    ආන්න ඒ කොයිකත් හිතලා මතලා තමා ‍මං මේක දාන්ට හිතුවේ...

    අපිට මේකට මූලික වශයෙන් උවමනා කරනවා මෙන්න මේ දේවල් ටික...

    ලිපක්..දර ලිපක් උනත් ගෑස් ලිපක් උනත් කමක් නැහැ...

    ලොකු හැළියක්

    අර කලින් කිව්ව හැළිය උඩින් කට වැහෙන්න තියන්න ඇහැකි ආකාරයේ ලොකු මැටි කලයක්.

    පාන් පිටි කිලෝ බාගයක්

    පුනීලයක්

    බූලියක් හෝ එයට සමාන භාජනයක්

    අඹ ලෑලි කෑල්ලක් (අගල් එක හමාරක් ගණකම් දිග අඩි එකහමාරක් විතර පළල අගල් 4ක් තිබුනම ඇති) මේක තමා වැදගත්ම දේ...

    පිත්තල බට කෑල්ලක් (අගල් බාගේ බටයකින් අගල්6ක් දිග කෑල්ලක් තිබුනනං ඇති)

    හුඹස් මැටි ටිකක්

    හරි මුළින්ම අපි අර අඹලෑල්ලෙන් පොඩි හැන්දක් වගේ උපකරණයක් හදා ගන්න ඕන.. ඒක කරන හැටි තමා ඔය පහත තියෙන්නේ....අංක1 තියෙන විදියේ ලෑලි කෑල්ලෙන් අංක2කේ තියෙන විදියේ හැඩේ කපා ගන්න ඕන..එතන තියෙන අඳුරු පාට කොරස ඉවත් කරලා සුදු පැහැති කොටස අරං අංක 3නේ තියෙන විදියට එක පැත්තකින් හැන්දක් වගේ හාර ගන්න ඕන.. ඒ වගේම ඒ හැන්දේ පතුලේ ඉඳින් සිහිනි සිදුරක් විඳින්න ඕන අනිත් කෙලවරට එහෙම කරලා අවසානෙදී ඒ සිදුර කෙලවර වෙන පැත්තෙන් අර අපි ගත්ත තඹ බට කෑල්ල සවි කරගන්න ඕන..එච්චරයි "අඹ හැන්ද" සූදානම්...

    1.jpg

    ඊ ළඟ පියවර.. මෙන්න මේක බොහෝම සීරු මාරුවට කර ගන්න ඕන දෙයක්...
    අපි අර හදා ගත්ත අඹ හැන්ද ලොකු හැළියට සවි කිරීම... පරිස්සමට හැළියේ පැත්තකින් සිදුරක් විඳලා අර හැන්දේ තඹ බටේ එතැනින් එළීයට එන ආකාරයට සකස් කරලා හුඹස් මැටි ටික හොදට පොඩි කරලා අනලා බටේ සවි කල ගැන හොඳින් සීල් කරගන්න ඕන.. හුඹස් මැටි වලින් ඕක හුරු කෙනාට කල හැකි උනත් බැරි අයට අමාරුයි..එයාලට පුළුවන් ඕක සිමෙන්ති වලිනුත් කරගන්න...නමුත් දේශීය දේට තැන දෙන්න නිතරම අපි වග බලා ගන්න ඕන...හරිනේ..

    2.jpg

    හරි දැන් අපේ උපකරණය සූදානම්...අපිට තියෙන්නේ ඔය පහත තියෙන ආකාරයට උපකරණය සකස් කර ගෑනිම.. ඒ කියන්නේ ළිප උඩින් හැළිය තියලා..හැළියට උඩින් කලය තියලා ගත්තම හරි... එයිට පස්සේ අර බූලියේ කටට පුනීලය තියලා ඒක අර පිත්තල බටේ යටින් තියා ගත්තතම උපකරණය සකස් වී අවසන්...

    3.jpg

    හරි දැන් මේකේ තව කොටස් වගයක් පේනවානේ.. යට හැළියේ කහ පැහැති දියරයක් තියෙනවා.. උඩ නිල් පැහැයෙන් තව දියරයක් තියෙනවා... බූලියෙත් මොනවද මංදා දියරයක් තියෙනවා පේනවා...

    ඔය උඩ නිල් පාටින් තියෙන්නේ සීතල වතුර.. ඒ කියන්නේ ඇල් වතුර...එතකොට යට තියෙන කහ පාට වතුර එක අපි සකස් කර ගන්න ඕන.. ඒක අපි පසුවට බලමු... එතකොටමේක ක්‍රියා කරන්නේ මෙහෙමයි... අපි ඔය හැළියට යටින් ගින්දර දැම්මම හැළියේ තියෙන දියරය රත් වෙලා එහි වාෂ්පය ඉහල නගින්න ගන්නවා...ඒ වාෂ්පය ගිහින් වදින්නේ කලයේ පතුලේ.. කලේ තියෙන වතුර සීතල නිසා කලයේ පතුලත් සීතලයි.. අන්න එතකොට අර වාෂ්පය කලයේ පතුලේ ගැටිලා ඝණීඵවනයද මොකක්ද කියන එක වෙලා නැවතත් කුඩා වතුර බින්දු හැදෙනවා.. ඒ හැදිලා කලය පතුලේ ඇති වක්‍ර හැඩය නිසා පහතට ගලා ඇවිත් එකතු වෙලා ජල බින්දු හැටියට අර අඹ හැන්දට වැටිලා එකේ සිදුර දිගේ ඇවිත් අර බූලියට එකතු වෙනවා... පැහැදිලියි නේද..?

    හරි දැන් අර කහ පැහැති දියරය හැටියට අපිට මොනවද යොදන්න පුළුවන්.. ඔව් අපිට පුළුවන් ඒකට යොදා ගන්න ශාඛ සාර... ඒ කියන්නේ ඔය ඉරමුසු.. පොල් පලා වගේ දේවල් වතුරේ දවසක් දෙකක් පැහෙන්න තියලා ඒ වතුර යොදා ගෙන මේක කරන්න පුළුවන්.. එතකොට අපිට ඉතාමත් පිරිසිදු ඉරමුසු හෝ පොල් පලා ස්ප්‍රිතුවක් සාදා ගතෑකි.. බොහෝම නැවුම් පිරිසිදු පානයක්.. බලන්න කොයි තරං හොඳද ඇඟවල් වලට... අපි අද ජාතියක් හැටියට දුර්වල සෞඛ්‍ය තත්වයක් ඇතිව ඉන්නේ මේ පර සුද්දා දෙන රසායනික එකතු කරපු දහ ජරාවල් බීලනේ.. ඔය කෝඩියල්ය අරකය මේකය කියලා අපි කෙලින්නේම වහනේ හා නැද්ද..?

    ඉතිං එහෙම දහ ජරාව නොබී.. මෙන්න මෙහෙම දේශීය අවුසදීය පානයක් හදාගෙන බිව්වම ඇගට වගේම ආර්ථිකේටත් හොඳ නැද්ද මං අහන්නේ.. මෙව්වා හරිනං රජයේ අනුග්‍රහයෙන් ව්‍යාප්ත කල යුතු දේවල්.. ඒත් එයාලා එහෙම කරන්නේ නැහැ.. ඒත් හිතවතුනි හැමදාමත් ඔබලාගේ "මාරයා" වන මං තුමා මෙවා ඔබලාට කියා දෙන්න කැමතියි.. අපි එහෙමයි... සමාජ සේවයටමයි හිත...

    ඉතිං ඔයාලටත් දැන් පුළුවන් මේ විදියට මේ උපකරණය සකස් කරගෙන.. නිවසේදීම සුමිහිරි පානයක් සකස් කරගෙන බීලා බලන්න... ඕනනං කැමති කෙනෙකුට ස්වයං රැකියාවක් හැටියට උනත් කරන්න පුළුවන් දෙයක් මේක.. ඇත්තම කිව්වොත් අපේ ගමේ මේක හොඳ ස්වයං රැකියාවක්..ගමේ ඉස්මත්තේ එක හරියක මේක ඉතාමත් හොඳින් කෙරුන ස්වයං රැකියාවක්... බලන්න ජාතික ආර්ථීකේට නේද ඒකෙත් වාසිය.. දේසීය දේ අගය කරන ගමන් අපි රට ගොඩ ගන්න මෙහෙම වැඩ පිළීවෙලවල් වලට යන්න ඕන නැද්ද මං අහන්නේ...

    මෙව්වා මෙහෙම කියා දෙනවට හරිනං ඔහේලා මට සම්මාන දෙන්ට ඕන..එහෙනං...
    ---------------------

    නිකංම යන එක හරි නැහැනේ.. මෙන්න ලෙහෙසි පහසු පැනයක්...එකක් නෙවෙයි දෙකක්ම...මෙයට පිළිතුරු දී හුරු බුහුටි අසෝක වීදුරු දෙකක් ‍දිනා ගන්න ඔබටත් අවස්ථාව..

    1.මෙහි අවශ්‍ය ද්‍රව්‍ය ලයිස්තුවෙන් එක් දෙයක් භාවිතා කරනා අන්දම සටහන් කොට නොමැත.. ඒ කුමක්ද..?

    2.එම ද්‍රව්‍යය භාවිතා කරනවා ඇත්තේ කුමකට කියා ඔබ සිතනවාද..?

    ---------------------------------------
    පසු සටහන...

    එක *රියෙක් හරි (නරියෙක්) ඔය අවුසදීය දේවල් වෙනුවට සීනි වතුරට ඊස් කලවං කොරලා තියෙන්න ඇරලා ඒ වතුර එහෙම අර හැළියට දාලා ඉස්පිරිට් එහෙම හදනවා නෙවෙයි ඔන්න... තොපි එහෙවු විස්සාසයක් තියන්න බැරි උන්...

    පසු සටහනටත් පසු සටහන...
    එපා කියද්දීම හොරෙන් බැළුව කාන්තාවෝ ටිකටයි මේ ඔත්තුව.. ඔබට ඔබේ සුවාමි පුත්තරයාගෙන්..පෙම්වතාගෙන් වැඩි ආදරයක් හිමි කර ගැනීමට මෙම උපකරණය හා පානය උදව් කර ගැනීමට හැකිය... උත්සහ කොට බලන්න...

    උස්සපු තැන ත් දාපන්
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    Anti BBS --> kasipu perana thred danawawa elakiriyata :O ,, hethanan deyak ?