හේතුවක් නැතුව බ්ලොක් වෙනවද ?

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හේතුවක් නැතුව බ්ලොක් වෙනවද ?

    දැන් මේ දවස් වල අපේ බුකිවාසී සහෝදර සහෝදරියන් වේගයෙන් බ්ලොක් වෙමින් යනවා. කිරියේ අයටත් මේක වෙලා ඇති. එයින් සමහර අය බ්ලොක් වෙන්නෙ කිසිම හේතුවක් නැතුව කියලත් හිතෙනවා.... ඒ අය කිසිදු අන්තවාදී අදහසක් ඵල කරපු හෝ කවදාවත් කරන අය නෙමෙයි....

    දැන් මේක වෙන්නෙ කොහොමද?....:dull:

    ෆේස්බුක් කන්ටෙන්ට් මොඩරේෂන් කියන්නෙ දැනට ලෝකයේ තියෙන වෙබ් අඩවි සංස්කාරක ක්‍රියාන්විත වලින් ලොකුම එක....!.....පසුගිය මාර්තු මාසය වෙනකොට ෆේස්බුක් අඩවියේ සමස්ථ සක්‍රීය සාමාජිකයන් ගණන බිලියන 2.61 ක්... ඒ කියන්නෙ සක්‍රීයව ලොව පුරා පවතින ප්‍රොෆයිල් ගණන බිලියන 2.61 ක් ....සක්‍රීයව පවතින පේජ් ගණන මිලියන 42 ක්....ඒ වගේම සක්‍රීයව ක්‍රියාකාරීව ෆේස්බුක් ඇප්ස් ගණන මිලියන 9 ක්....( සියලු දත්ත මාර්තු මාසය සඳහා )

    මේ සියලු ප්‍රොෆයිල, පේජ්, ඇප් ආදිය මොඩරේට් කරන්න ෆේස්බුක් ආයතනයට 2019 මාර්තු මාසය වනවිට සිටියේ මොඩරේටර්ස්ලා 8,200 ක් පමණයි....නමුත් ෆේස්බුක් කන්ටෙන් මොඩරේෂන් එක කරන්නේ ඔවුන් පමණක් නෙමෙයි....ෆේස්බුක් ආයතනය සෘජුව රැකියාවට අරගෙන ඉන්න මොඩරේටර්ස්ලා අතට මේ අඩවියේ කන්ටෙන් මොඩරේටින් යන්නෙ ඉතාම හදිසි තත්වයකදී පමණයි.....ඒ වෙනුවට, එදිනෙදා කන්ටෙන්ට් මොඩරේටින් කරන එක ඔවුන් වෙනත් සමාගම් වලට "අවුට්සෝස්" කරල තියෙන්නෙ.....අන්න ඒ අනුව, ෆේස්බුක් ආයතනයට කුළී පදනම මත මොඩරේටින් සේවාව ලබා දෙන ආයතන වල සේවක සේවිකාවන් 215,000 ක් පමණ මේ කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නවා... ඒ ආයතන වෙන්නෙ -

    - ඇමරිකාවේ "කොග්නිසන්ට්" ආයතනය
    - ඇමරිකාවේ " ප්‍රෝ අන්ලිමිටඩ්" ආයතනය
    - අයර්ලන්තයේ "ඇක්සෙන්චර්" ආයතනය
    - ජර්මනියේ "අර්වාටෝ" ආයතනය
    - ඇමරිකාවේ "ජෙන්පැක්ට්" ආයතනය

    තව ඊට අමතරව සිංග්ගප්පූරුවේ ජෙන්කින්, ස්පාඤ්ඤයේ ග්ලැසඩෝර් වගේ ආයතන කිහිපයක් හදිසි අවස්ථා වලදි ලොවපුරා කන්ටෙන්ට් මොඩරේට් කරන්න "ස්ටෑන්ඩ්බයි " ඉන්නවා....

    මේ සා සුවිශාල ප්‍රොෆයිල් සංඛ්‍යාවක්, පේජ් සංඛ්‍යාවක්, ඇප් සංඛ්‍යාවක් මේ අය මොඩරේට් කරන්නෙ අපේ අය බහුතරයක් හිතාගෙන ඉන්න විදියට "පුද්ගලිකව" මැදිහත් වෙලා, මොඩරේටින් ටූල්ස් පාවිච්චි කරලා නෙමෙයි.... වෙනින් විදියකින් කියනවා නම් "මැනුවලි" නෙමෙයි.....එහෙම කරන අවස්ථාත් තියෙනවා.... හැබැයි යම් ප්‍රොෆයිලයක්, පේජ් එකක්, ඇප් එකක් "හයි ප්‍රයෝරිටි" රිපෝටින් එකක් ඔස්සේ ඔවුන්ගේ අවධානයට ආවොත් පමණයි.....ෆේස්බුක් ආයතනයේ ඉහළම අවධානයක් දෙන "හයි ප්‍රයෝරිටි" රිපෝටින් කියලා දැනට හඳුනාගන්නේ "ත්‍රස්තවාදයට රුකුල් දීම සහ ළමා අපචාර ක්‍රියා" කියන දෙක....ඊට අමතරව "හේට් ස්පීච්" ආදී වශයෙන් අදාළ විදියට නෙට්වර්ක් එක මොනිටර් කරන්න ප්‍රයෝරිටි සකස් වෙනවා....මේ හයි ප්‍රයෝරිටි අවස්ථා වලදි ෆේස්බුක් මොඩරේටර්ස්ලා පුද්ගලිකව මැදිහත් වෙලා ඒ ඒ රිපෝට් වෙච්ච දේ පරීක්ෂා කරන අවස්ථා තියෙනවා.....

    නමුත්, බොහොමයක් අවස්ථා වලදි වෙන්නේ "බොට්ස්" ලා ඒ සඳහා යොමු කරන එක.....මේ අයට කියනවා "මොඩරේටර් බොට්ස්" එහෙමත් නැත්නම් "ඇක්ෂන් බොට්ස්" කියලා.... මේ වගේ බොට්ස්ලා පාවිච්චි කරන එකම ආයතනය ෆේස්බුක් පමණක් නෙමෙයි.... වෙබ් අඩවි හොස්ට් කරන සමාගම්, බ්ලොගින්ග් ප්ලැට්ෆෝම් එහෙමත් මේ බොට්ස්ලා භාවිතා කරනවා.... ඊට අමතරව විශ්ව විද්‍යාල, රාජ්‍ය ආයතන එහෙමත් මේවා පාවිච්චි කරනවා....

    "බොට්" කෙනෙක් කියන්නෙ කවුද?.... අපි මේ වචනය උකහා ගන්නේ ඉංග්‍රීසි භාෂාවේ "රොබොට්" කියන වචනයෙන් ... "රොබොට්" කියන වචනය එන්නේ චෙකොස්ලෝවැකියානු බසෙහි "රොබෝටා" කියන වචනයෙන්....ඒ චෙක් බසට ඒ වචනය එන්නේ ග්‍රීක බසෙහි "රුබෝතා" කියන වචනයෙන්.... "රුබෝතා" කියන එකේ අර්ථය තමයි "බලහත්කාරයෙන් යම් සේවාවක් ලබා ගන්න එක ( වහල් සේවය ) " කියන එක....ඉතින් රොබොට් කියන්නෙ අප විසින් දෙනු ලබන නියෝග අනුව යම් ක්‍රියාවක නියැළෙන උපාංගයක් නිසා තමයි ඒ නම යෙදෙන්නෙ.....මෘදුකාංග නිර්මාණයෙදි "බොට්" කියලා කියන්නෙ -

    "මිනිසා විසින් සම්පාදනය කර දෙනු ලබන කිසියම් විධාන මාලාවකට අනුකූලව යම් කාර්යයක් ස්වයංක්‍රීයව කරනු ලබන පරිඝණක වැඩසටහනක්" තමයි බොට් එකක් කියන්නෙ.....මේ බොට් වලට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම සඳහා මෘදුකාංග සකස් කරන අය විසින් දෙනු ලබන "විධාන මාලාවක් සහ ඒ විධාන වල එක් එක් පියවරට සම්බන්ධ උපදෙස් මාලාවක්" තියෙනවා.... අන්න ඒවට අපි ඉංග්‍රීසියෙන් කියනවා "ඇල්ගොරිදම්ස්" කියලා.....පරිඝණක වැඩසටහන් වල, මෘදුකාංග වල වැඩ කෙරෙන්නෙ කොහොමද කියලා තීරණය කරන මේ ඇල්ගොරිදම්ස් වල සරලම ස්වරූපයක් අරගෙන බැලුවොත් "වැඩක් පටන් ගන්න, පරීක්ෂා කරන්න, එහි යම් නිරීක්ෂණයක් පෙනෙයි නම් එක්තරා ක්‍රියාවක් කරන්න, නො-එසේ නම් වෙනත් ක්‍රියාවක් කරන්න" ආදී වශයෙන් අදාළ මෘදුකාංගය මඟින් ක්‍රියාවේ යෙදවිය යුතු පියවර පෙළක් දකින්න ලැබෙනවා....

    ෆේස්බුක් ආයතනය සහ එම ආයතනය මොඩරේටින් සේවා සපයන වෙනත් ආයතන විසින් පාවිච්චියට ගනු ලබන බොට්ස්ලා සලකා බැලුවාම, ඒ බොට්ස්ලගෙ ඇල්ගොරිදම් වලට, යම් කිසිවක් රිපෝට් උනාම, ඒ රිපෝට් වෙච්ච ආකාරය අනුව -

    - අවධානය යොමු කළ යුතු ප්‍රධාන වචන ( "කී වර්ඩ්ස්" )
    - පෙර ගැළපුම්, පසු ගැළපුම් සිදු කළ යුතු ඡායාරූප ( ෆේස්බුක් ඡායාරූප දත්ත ගබඩා සමග, වෙනත් ප්‍රොෆයිල, පේජ් ආදියෙහි අන්තර්ගත ඡායාරූප සමඟ ආදී වශයෙන් )
    - දර්ශක හෝ ආදර්ශ ( අපි දාමරික ක්‍රියාවකට අනුබල දීමක් රිපෝට් කරනවා නම්, ඒ වගේ දෙයක් "මෙන්න මෙහෙමයි" කියලා හඳුනාගන්න පුලුවන් මොඩ්ල්, ආදර්ශ අවස්ථාව - උදා: ගිනි අවියක් ඔසවාගෙන ඉන්න සේයාරුවක් වගේ )

    ආදිය සපයා තිබෙනවා.....

    ඉතින් මේ අපේ ප්‍රොෆයිලයක්, පේජ් එකක්, ඇප් එකක් යම් අයෙකු විසින් රිපෝට් කළොත්, මේ අඩවියේම මොඩරේටර් බොට්ස් වල අවධානය ඒ වෙත යොමුවෙනවා....දැන් මෙතනදි හිතාගන්න එපා අර "සයිෆයි" ෆිල්ම් එකක වගේ, ලයිට් දාගත්තු රොබෝ සොල්දාදුවෙක්, ගිනි අවි මානාගෙන ප්‍රොෆයිල් එකක් වෙත, අහසින් පාවෙලා එන දර්ශණයක්.....!....මේ බොට්ස්ලත් අපි මේ පාවිච්චි කරන ෆේස්බුක් අඩවියේම සෝෂල් ප්ලැට්ෆෝම් එකට අයත් කොටසක් වන, එහි "ඇප්ලිකේෂන් ප්‍රොග්‍රෑමින් ඉන්ටෆේස්" එකට සම්බන්ධ වැඩසටහන්.....පරිඝණක අපරාධ සඳහා භාවිතා කරනු ලබන "බොට්නෙට්" නම් ක්‍රියාන්විතයටම අනුරූපී ක්‍රියාන්විතයක තමයි මේවාත් තියෙන්නෙ....එකම දේ මේවායින් කෙරෙන්නෙ යහපත් දෙයක්.....

    ඉතින් මේ බොට්ස්ලා රිපෝට් වෙච්ච ප්‍රොෆයිලය, පේජ් එක හෝ ඇප් එක පරීක්ෂාවට ලක් කිරීමේදී අර "ඇල්ගොරිදම්ස්" වල උපදෙස් සකස් කරලා තියෙන විදියට, ෆේස්බුක් සමාජ ආචාරධර්ම ( කමියුනිටි ස්ටෑන්ඩර්ඩ්ස්) එක්ක අදාළ පෝස්ට් එක එහෙම සසඳලා, විනාඩි කිහිපයක් ඇතුළත, ඒ වෙනුවෙන් ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණයකට එනවා....එතනදි ඔබ දමා තිබෙන පෝස්ටුව එතරම් හානිකර එකක් නොවූවත්, ඒකෙ තිබිලා අර "කීවර්ඩ්ස්, ෆොටෝ" එහෙම ගොඩක් හයිලයිට් වෙනවා නම්, ඔබේ ප්‍රොෆයිලයට හෝ පේජ් එකට යම් දඬුවමක් ලැබෙන්න ඉඩ තියනවා....

    බොට්ස්ලා සිය ක්‍රියාන්විතය ක්‍රම දෙකකට සිදු කරනවා -

    1. බොට් ට සපයා තිබෙන උපදෙස් සහ විධාන වලට අනුව, ෆේස්බුක් අඩවියේ පරිඝණක සැලසුම තුළින්ම නිර්දේශ වෙන ක්‍රියාමාර්ගයක් අදාළ රිපෝට් එක වෙනුවෙන් ගැනීම

    2. රිපෝට් වෙච්ච අවස්ථා ඒ ඒ කාණ්ඩ අනුව වර්ගීකරණය කරලා, ෆේස්බුක් අඩවියේ මොඩරේටර් කණ්ඩායම් වෙත යැවීම

    මේ මොඩරේටර් කණ්ඩායම් වෙත ලැබෙන රිපෝට් කාණ්ඩ අනුව, ඔවුන් පැය 72 ක කාළයක් තුළ, පහත සඳහන් පියවර 3 න් එකක් ගන්න ඕන -

    1. රිපෝට් එක සළකා බලා, එය ගණන් ගත යුතු නැති දෙයක් නම්, කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන සිටීම
    2. රිපෝට් එක සැළකිය යුතු දෙයක් නම් ඒ පිළිබඳව ක්‍රියා කිරීම
    3. "එස්කැලේට් මෝඩ්" හෙවත් ඇමරිකාවේ සිටින ෆේස්බුක් නීති අංශයේ විශේෂඥයන්ට යවා, වහාම ඒ පෝස්ට් එකට අදාළ රටේ බළධාරීන්ව ඒ පිළිබඳව දැනුවත් කිරීම ... ( උදා: මහාපරිමාණ අපරාධ ආදිය පිළිබඳව තොරතුරු )

    ස්වයංක්‍රීයව ක්‍රියාමාර්ගයක් ගන්නා අවස්ථාවකදි නම්, ඔබට එරෙහිව ෆේස්බුක් ආයතනය අනුගමනය කළ යුත්තේ කුමන ක්‍රියාමාර්ගයද කියන එක "බොහෝ විට" තීරණය කරන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ, මෙන්ලෝ පාක් හි තිබෙන සර්වර් පද්ධතිය විසින්....එතනින් දෙනු ලබන ස්වයංක්‍රීය තීන්දුව කෙසේ වෙතත්, දවසකට ෆේස්බුක් ආයතනයට සහ එම ආයතනයට සේවා සපයන අනෙක් ආයතන වලට රිපෝට් ගහපුවා මිලියන 400 ක් පමණ පරීක්ෂා කරන්න සිදුවෙනවා.... එහෙම පරීක්ෂා කිරීමේදී එක් රිපෝට් එකක් වෙනුවෙන් වැය කරන්නෙ ඉතාම කෙටි කාළයක්....

    ෆේස්බුක් සමාජ ජාලයේ දිනකට -

    - "රිඇක්ෂන්ස්" ( "ලයික්, හහා, හාට්" ආදී ) බිලියන 5 ක් වැටෙනවා
    - ලොග් වීම් මිලියන 890 ක් සිදු වෙනවා
    - ෆොටෝ මිලියන 300 ක් අප්ලෝඩ් වෙනවා
    - සෑම තප්පරයකම අලුත් එකවුන්ට්ස් 5 ක් පමණ හැදෙනවා

    මේ සියල්ල ඔවුන් ප්‍රධාන භාෂා 24 කින් සහ උප-භාෂා 1000 කට ආසන්න සංඛ්‍යාවකින් මොනිටර් කරනවා... උප-භාෂාවක වචනයකට උදාහරණයක් ලෙස ලංකාවේම සිංහල භාෂාවේ විවිධ පළාත්වල දකින්න ලැබෙන වෙනස් වෙනස් භාවිතයන් සලකන්නත් පුළුවන්....

    ඊට අමතරව, ලෝකයේ යම් රටක යම් කිසි අර්බුදයක්, ත්‍රස්ත ක්‍රියාවක් වගේ මොකක් හෝ නරක සිදුවීම, ආන්දෝලානාත්මක සිදුවීමක්, දේශපාලන අර්බුදයක් එහෙම පවතින සමයකදී, ෆේස්බුක් ආයතනය සහ එයට සේවා සපයන අනෙක් සමාගම් වල මොඩරේටර්ස්ලට ඒ රට හෝ කළාපය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා උපදෙස් ලැබෙනවා.... එවිට එම ආයතනයේ මොඩරේටින් ක්‍රියාන්විතය, අදාළ රටේ ඉඳන් ෆේස්බුක් භාවිතා කරන අයගේ ක්‍රියාකාරකම් කෙරෙහි අතිරේකව සංවේදී වෙනවා.....සුළුවෙන් හෝ ඔවුන් විසින් තමන්ගෙ කමියුනිටි ස්ටෑන්ඩඩ්ස් උල්ලංඝණය කරපු මොහොතක් ලෙස කිට්ටුවෙන් යන හෝ දෙයක් හමුවුනොත්, එයට එරෙහිව යම් පියවරක් ගැනෙනවා....

    එමෙන්ම බොහොමයක් රටවල රජයන් මෙම ආයතනය සමඟ ඇතිකරගෙන තිබෙන විශේෂ එකඟතා නිසා, රාජ්‍ය පාර්ශවයන් විසින් නිර්දේශ කරනු ලබන දේත්, මෙම සමාගම පිළිපදිනවා... උදා: යම් රටක ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුවීමෙන් පසුව, එම ක්‍රියාව හෝ එයට සම්බන්ධ ගිනි ඇවිළවීම් ෆේස්බුක් අඩවිය හරහා සිදුවේ නම්, ඒ පිලිබඳව අදාළ රටේ බළධාරීන් සමඟ සාකච්ඡා කර, ඔවුන් නිර්දේශ කරන අයුරින් කටයුතු කරන්න ෆේස්බුක් ආයතනය ඉදිරිපත් වෙනවා.... මේ ෆේස්බුක් - රාජ්‍ය සබඳතාවය වඩාත් ශක්තිමත් උනේ, විවිධ රටවල වර්ගවාදී ගැටුම්, සිවිල් යුද්ද සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයේ වගවීම පිළිබඳව ඇමරිකානු කොංග්‍රසය, රාජ්‍ය දෙපාර්තමේන්තුව, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව, යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුව, සිංග්ගප්පූරු රජය, ආදී ආයතන විසින් එම සමාගමෙන් කරුණු විමසීමෙන් පසුවයි.....සිරියාවේ සිවිල් යුද්දයේදී "අලේප්පෝ" නම් නගරය ආශ්‍රිතව සිදුවූ අපරාධ තමයි, ෆේස්බුක් අඩවියේ වගවීම ප්‍රශ්ණ කරන තැනට ලෝකයේ විවිධ සංවිධාන යොමු කරපු පළමු ප්‍රධානම සිදුවීම...

    අනෙක් රටවල සංවිධාන සහ ආයතන කොතෙක් කෑ ගැහුවත්, ඇමරිකානු රාජ්‍ය ආයතන හෝ ජනතාව ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළේ නෑ... ෆේස්බුක් කියන්නෙ ඇමරිකාව කේන්ද්‍ර කරගත්තු ආයතනයක් නිසා, එම ආයතනයේ වගවීම සම්බන්ධයෙන් අනෙක් රටවලට කළ හැකි මහ දෙයක් නෑ.....ඇමරිකානුවන්ගේ ඇස් අරවන සිදුවීම තමයි 2016 ඇමරිකානු ජනපතිවරණය ආශ්‍රිතව සිදුවූ බව කියන "කේම්බ්‍රිජ් ඇනලටිකා" ආයතනය සහ ෆේස්බුක් අතර තොරතුරු ගණුදෙණුව සම්බන්ධ සිදුවීම....එතැන් සිට ෆේස්බුක් ආයතනය ජාත්‍යන්තර වගවීමකට යටත්විය යුතු බවට ඇමරිකානු අධිකාරී ආයතනත් නිර්දේශ කරනවා.....

    ඔන්න ඕක තමයි ෆේස්බුක් කන්ටෙන්ට් මොඩරේෂන් සම්බන්ධ කථාව කෙටියෙන්.... මේ මොහොතේ ඔවුන් ශ්‍රී ලංකාව කෙරෙහි වඩා වැඩි අවධානයක් යොමු කරනවා....

    .
    mTxAL0H.jpg

     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    Tfs


    You must spread some Reputation around before giving it to DJU9 again.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    good post mcn


    You must spread some Reputation around before giving it to DJU9 again.
     

    Similar threads