හේෂා-අත්අඩංගුවට

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    හේෂා-අත්අඩංගුවට

    එජාප මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්
    http://nethgossip.lk/article/34801

    image_83fdf5162a.jpg



    මුදල් වංචාවක් කළැයි පවතින නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට ඇඹිළිපිටිය මහේස්ත්‍රාත් කේ.පී.ආර්.එල්.විදානගමගේ මහත්මිය අද (30) වරෙන්තු නිකුත් කළාය.

    සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මගින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ද මහෙස්ත්‍රාත්වරිය එහිදී සඳහන් කළාය.

    කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන ජේ.ඒ.අනුර මහේන්ද්‍ර නැමති අය විසින් ඔහුට අයත් ඇඹිළිපිටිය ප්‍රදේශයේ පැවති රුපියල් කෝටි දෙකක් පමණ වටිනා දේපළක් මන්ත්‍රීවරයා විසින් සාවද්‍ය පරිහරණය කිරීමට එරෙහිව ඇඹිළිපිටිය පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව පවරා තිබේ.

    නඩුව සදහා මන්ත්‍රීවරයා පසුගිය නඩු වාරයේ සහ නඩුව කැදවු අද (30) දිනයේද අධිකරණය හමුවට පැමිණ සිටියේ නැත. මන්ත්‍රීවරයා වෙනුවෙන් නීතීඥ මණ්ඩලයක්ම පෙනි සිටි අතර පැමිණිල්ලේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතීඥ ශිරාශ් යුසුප් මහතා සහ නීතීඥ රසාංගා රන්මදු මහත්මිය පෙනී සිටියාය.

    මෙහිදී විත්තිකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනි සිටි නීතීඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා ඇත්තේ විත්තිකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවත්, අද දිනයේ ඔහු වෙනුවෙන් ඔහුගේ මව හා පියා අධිකරණයට පැමිණ ඇති බවත්ය.






    ජම්පරේ අන්දන්න ගිහින් ජම්පරේ ඇන්දා වගේ.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    හේෂාට අත නොතබනු. සර්ගෙ ඇඟේ මයිල් ගහකට හරි හානියක් උනොත් බලාගන්න පුළුවන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    දවසක් ඇතුලට දාල ඇප පිට එලියට එනවා. ඇතුලට දැම්මත් මාස 2-3 තමා බන්ධනාගාර රෝහලේ තමා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පව් අනුන්ට ජම්පර් අන්දන්ඩ උන්න එකා.. :lol::lol::lol: ගූ ඇන් පී කාරයො ඉල්ලන් කන්නෙ ඉල්ලන්.. :rofl::rofl:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    අර නිලූකා කියලා ආණ්ඩුකාරවරියක් හිටියා නේද මේ වගේ