හොට්-ඩෝග්ස්

ELANDARIYA

Junior member
  • Sep 24, 2014
    27
    46
    13
    ජාඇල, පමුණුගම.
    wise-black-holes-580x370.jpg

    නාසා හි Wide-field Infrared Survey Explorer (WISE) මෙහෙයුම Hot-Dogs නමින් හඳුන්වන අති විශාල කළු කුහර රාශියක් හා දුවිලි නිසා අඳුරු වූ මන්දාකිණි රාශියකගේ සොයාගැනීමට මඟ පාදා ඇත.
    දුරේක්ෂ භාවිතයෙන් ලබාගත් ඡායාරූප මඟින් දූලි වලින් පිරි අඳුරු කුහර විශාල ප්‍රමාණයක් සහ තවත් 1000ක් පමණ දූලි වලින් සමන්විත වස්තූන් සහිත දැනට සොයා ගෙන ඇති දීප්තිමත්ම මන්දාකිණිය අනාවරණය කරගෙන ඇත.මෙම බලවත් වූ මන්දාකිණි Hot-Dogs නමින් හඳුන්වන අතර මේවා අධෝරක්ත කිරණ මගින් දීප්තිමත් ලෙස බැබලෙයි.
    WISE විසින් මුලු අහසම දෙවාරයක් 2011 වන විට අධෝරක්ත කිරණ මගින් පරීක්ෂා කරන ලද අතර දුරේක්ෂ මඟින් මිලියන සංඛයාත ඡායාරූප ප්‍රමාණයක් ලබා ගන්නා ලදි. මෙම මෙහෙයුමෙන් එක් රැස් කර ගන්නා ලද සියලුම දත්ත පොදුවේ මුදාහැර ඇත්තේ ලොව වට සිටින තාරකා විද්‍යැඥයින්ට මෙමඟින් අලුතෙන් යමක් සොයා ගැනීමට පිටුවහලක් වන ලෙසය.
    නවතම සොයගැනීම් මඟින් තාරකා විද්‍යඥයින්ට මන්දාකිණි මැද ඇති කළු කුහර පරිණාමයට පත් වෙමින් වර්ධනය වන ආකාරය ගැන මනා අවබෝධයක් ලබාගැනීමට උදව් වී ඇත.උදාහරණයක් වශයෙන් අප ක්ෂීරපථයේ මැද ඇති කළු කුහරය වන සැජිටේරියස් A (Sagittarius A*) අප ඉරට වඩා මිලියන හතර ගුණයක ස්කන්ධයක් ඇති අතර මෙය එක් එක් කාල වලදී ආහර ලබා ගැනීමේ උන්මාදයකින් පෙල්ලෙන්නෙකු මෙන් නොයෙකුත් වස්තූන් ඒ තුලට ඇදගන්නා අතර මේවා උණුසුම්වී වටපිටාවට ආලෝකය විහිදවනු ලබයි. මධයයේ පිහිටි කලු කුහර සූර්යයාට සාපේක්ෂව බිලියන ගණනකින් විශාල වුවහොත් ඒවා තරු වල බිහි වීම නතර කර දැමීමට පවා බලවත් බව සොයාගෙන ඇත.
    එක් අධය්‍යනයකදී ගගනගාමීන් WISE මඟින් සක්‍රිය තත්වයේ ඇති 2.5 මිලියන ප්‍රමාණයක අති විශාල කළු කුහර ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර සමහර ඒවා ආලෝක වර්ෂ මිලියන ගණනක් ඇතින් පිහිටා ඇත. මේවයින් 2/3 පමණ පෙරකාලීනව සොයාගෙන නොතිබුනේ , මේවායින් විහිදෙන දෘශ්‍ය ආලෝකය දූවිලි වලින් අවහිර වී ඇති බැවිනි. නමුත් WISE මඟින් මේවා දැකිය හැක්කේ මෙම බලවත් මුර්ගයන් විසින් දූවිලි රත් වීම නිසා විහිදෙන අධෝරක්ත ආලෝකය නිරීක්ෂණයකළ හැකි බැවිනි.

    black-hole-candidates.jpg

    WISE මඟින් සිදු කරන ලද තවත් අධය්‍ය නයන් දෙකකදී පරීක්ෂකයන් විසින් මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වූ දීප්තිමත්ම මන්දාකිණිය සොයාගැනීම සාක්ෂාත් කරගන්න ලදි. දැනට ඔවුන් මේ සඳහා 1000ක් පමණ අපේක්ෂකයන් තෝරාගෙන ඇත.
    මෙම වස්තූන් හට අපගේ සූර්යයා මෙන් ට්‍රිලියන සියයක තරම් ප්‍රමාණයක ආලෝකය විහිදුවා යැවිය හැක. නමුදු මේවා දූවිලි වලින් යුක්ත බැවින් WISE විසින් නිකුත් කරන ලද දිගම තරංග ආයාම ඇති අධෝරක්ත කිරණ වලට පමණක් නිරාවරණය වේ.
    නාසාහි Spitzer අභ්‍යාවකාෂ දූරේක්ෂය මඟින් මෙම Hot-Dogs මගින් දූලි හා වායු පමණක් නොව අලුත බිහිවුන තාරුකාද තම ආහාර වේලට එකතු කරගෙන ඇති බව පෙන්වාදෙන ලදි.
    Caltech’s Submillimeter නිරීක්ෂකාගාරය හා එක්ව WISE විසින් , මෙම මන්දාකිණි වල උෂ්ණත්වය අධෝරක්ත කිරණ වලින් දීප්තිමත් වන මන්දාකිණි වලට වඩා දෙගුණයක් බව සොයාගෙන ඇති අතර මෙයට හේතුවක් ලෙස මෙම අති විශාල කලු කුහර වල සක්‍රීයතාවය හේතුවෙන් දුලි වලා රත් වීම සඳහන් කරයි. Submillimeter නිරීක්ෂකාගරයෙහි අධයනයන් හි ප්‍රධාන රචකයා වන Jingwen පවසන අන්දමට මෙය මන්දාකිණි වල පරිණාමය පිළිබඳව නව හා දුර්ලභ සොයාගැනීම් රාශියකට මුල් වනු ඇත.

    Universetoday ඇසුරිනි
     

    Similar threads