හොටෙල් ඇමති**

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
පසුගියදා පැවති ජන්දය නිසා දේශපාලන වේදිකාවේදී ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයන් වැව් ආශිත්‍රව ඉදිකරමින් පවතින අනවසර හෝටල් රාශියක් පිළිබඳ විස්තර එළියට ආවා.

බර්ටි ප්‍රේමලාල් කලා වැව් ඉස්මත්තේද, නාච්චාදූව වැවේ එස්.එම් චන්ද්‍රසේකර ද, මෛත්‍රීපාල සිරිසේනගේ මල්ලී ඩඩ්ලි පරාක්‍රම සමුද්‍රයේ ද, අර්ල් ගුණසේකර මින්නේරිය වැවේ ජල පෝෂක ප්‍රදේශයේ ද හෝටල් ඉදිකරමින් පවතිනවා.

මේ අතර වෙළඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ද නිකවැරටියේ මාගල්ලේ වැව් රක්ෂිතයට අයත් ඉඩමක ප්‍රාදේශීය ව්‍යාපාරිකයකු හා එක්ව අනවසරයෙන් සංචාරක හෝටලයක් හදමින් තිබෙන බව වාර්තා වෙනවා.

හෝටලයේ ඉදිකිරීම් භාරව සිටින්නේ ඇමති ජොන්ස්ටන්ගේ ලඟම හිතවතෙකි. මේ ඉදිකිරීම සම්බන්ධව ප්‍රාදේශීය ලේකම්වරයා හෝ, වාරිමාර්ග අධ්‍යක්ෂවරයා හෝ, පරිසර අධිකාරිය හෝ දැනුවත් කර නැහැ.

JEEWS OUT OF MIND........

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර මායිමේ හෙක්ටයාර 2.2 ක (අක්කර 5.4 ක්) වනාන්තර ඉඩමක් වෙන් කරගෙන "Jeew’s Hide Out" නමින් සංචාරක හෝටලයක් තැපැල් සේවා ඇමති ජීවන් කුමාරතුංග විසින් විසින් ඉදිකර ඇත.

හබරණ – පොළොන්නරුව මාර්ගයේ මොරගස්වැව හන්දියෙන් මහසෙන්ගම මාර්ගයේ 4 වන කිලෝමීටර කණුව අසලින් වම් පසට ජාතික වනෝද්‍යානය තුළට වනාන්තරය එළිපෙහෙළි කර අළුතින් සකස් කළ අඩි 10 ක් පමණ පළලින් යුත් කිලෝමීටර 2 ක් පමණ දිගින් යුත් මාර්ගය අවසානයේ ඝන වනාන්තරය තුළ මේ සංචාරක හෝටලය ඉදි කර ඇත.

මෙය පිහිටා ඇත්තේ ජාතික වනෝද්‍යානයේ මායිම් කණු අංක 72 සහ 75 අතර සීමාවේ ය. මේ සම්පූර්ණ ප‍්‍රදේශය ඝන වනාන්තරයෙන් වැසී ඇති අතර මේ හෝටලයේ සිට කිලෝමීටර 6 ක වටා ප‍්‍රදේශය තුළ කිසිදු ජනාවාසයක් හෝ වගා බිම් හෝ මානව ක‍්‍රියාකාරකම් සහිත භුමියක් හෝ දැක ගත නොහැකි අතර සම්පූර්ණයෙන් ම වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තරවලින් වැසී පවතී.

2007 වසරේ දී මේ අමාත්‍යවරයා විසින් හෝටලය ඉදි කළ වනාන්තර ප‍්‍රදේශයේ ඖෂධ පැළෑටි සිටුවීම සඳහා සහ ඒ පැල ගබඩා කර තැබීම සඳහා කුඩා කුටියක් ඉදිකිරීමට යැයි සඳහන් කරමින් ලිපියක් ඉදිරිපත් කර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගෙන මේ හෝටලය ඉදි කර ඇත.

ඒ අවස්ථාවේ දී මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් හෝ පොළොන්නරුව, වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් හෝ ප‍්‍රධාන කාර්යාලයේ වනජීවී නිලධාරීන් විසින් හෝ ක්ෂේත‍්‍ර පරීක්ෂණයක් සිදු නොකර ඝන වනාන්තරය තුළ පිහිටි ජාතික වනෝද්‍යානයට අයත් හෙක්ටයාර 2.2 ක ව්‍යාජ ඔප්පුවක් සහිත ඉඩමේ පැළ සිටුවීම සඳහා අවසර ලබා දී ඇත. මේ සඳහා අවසර ලබා දීමට ප‍්‍රථමයෙන් ක්ෂේත‍්‍ර පරීක්ෂණයක් සිදු කළේ නම් ඉතාම පැහැදිලි වන්නේ මේ වනාන්තර ඉඩමේ නැවත පැළ සිටුවීමට ස්ථාන නොමැති බව යි.

වනජීවී නිලධාරීන් මුලාවට පත් කර හෝ වනජීවී නිලධාරීන්ට අල්ලස් ලබා දී හෝ ජාතික වනෝද්‍යානයේ ඉඩම් ඉතා සූක්ෂම ව අත්පත් කර ගෙන ඖෂධීය පැළ සිටුවීම හා පැළ ගබඩා කිරීමට කුටියක් ඉදිකිරීම සඳහා අවසර ලබාගෙන අදාළ ඇමතිවරයා විසින් ස්ථීර සංචාරක හෝටලයක් ඉදි කර ඇත. කිසිදු ආකාරයක ඖෂධ පැළයක් මේ හෝටලය අවට වනාන්තරය පුරා සිටුවා නැත. සිදු කර ඇත්තේ හෝටලය ඉදි කිරීම සඳහා වනාන්තරයේ විශාල ගස් කපා ඉවත් කිරීම පමණකි.


හෙට අනිද්දාට තියන වතුර ටිකත් ඉවර උනාම බැලුව හැකි හොටෙල් හදපුවගෙ රග

bgvl9k.gif
 
  • Like
Reactions: NB Diamonds

G-Man

Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    හෙට අනිද්දාට තියන වතුර ටිකත් ඉවර උනාම බැලුව හැකි හොටෙල් හදපුවගෙ රග

    උන් හැදෙනවා අපි නැතිවෙනවා..:angry::angry:
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    pissu hadenawa - jarawa kala madiwata kalawath iwarai.
    ane manda anagathe, ape idiri para purata haritha lowak thiyewida ?

    tks for share machan.

    Rep +
     

    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    අපි වනසේ කබල් ගාන මහ කාලකන්නි ජාතියක් බොලවූ......අපේ මුතුන් මිත්තෝ කරපු දේවල් ගැන කියා කියා ඉන්නවා....ඉස්සර රජවරු සොබා දහම රක ගත්තේ පන වගේ..එත් අද උන් මොකද කරන්නේ ?මේ රට කාල කාල උන් විටරක් නෙවෙයි වැනසෙන්නේ...උන්ට සැප විදින්නයි. අපි දුක් විදින්නයි මොකක්ද බන් මේකේ තේරුම???????