හොදටම වැස්ස. වැස්ස වෙලාවට වාහන ධාවනය කරද්දී මේ ගැන ටිකක් හිතන්න..

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,419
    889
    113
    gampaha
    හොදටම වැස්ස. වැස්ස වෙලාවට වාහන ධාවනය කරද්දී මේ ගැන ටිකක් හිතන්න..
    1: වෙනදා වේගෙන් යන්න එපා.
    2: වෙනදට වඩා වාහන අතර පරතරය තියා ගන්න.
    3: AC එක, වයිපර්, head lamls, Signal lamos වැඩද කියලා බලන්න.
    4: කුඩයක් තියාගන්න ඇතුලෙ
    5: Dim light එක, පාකින් එක On කරගෙන යන්න
    6: අත්‍යාවශ්‍යම නැතිව Hazard ලාම්පු දාන්න එපා.
    7: හෝන් එක වෙන අයට ඔබව එන බව හැගවීමට කරදරයක් නොවෙන විදියට පාවිච්චි කරන්න.
    8: පාරේ යන බයික් වලට ප්‍රමුඛතාවය දෙන්න.
    9: මඩ වලවල්, වතුර වලවල් වලින් වේගෙන් යන්න එපා, පාරේ යන අය ගැන හිතන්න.
    10: පදිකයන් නම් වෙනදා තරම් රියදුරන්ට මාර්ගය දර්ශණය නොවන නිසා පාර මාරු වෙද්දී හරිම පරිස්සමෙන්.
    11: AC දාගෙන යන්න
    12: ටයර් වල හරි pressure එක තියාගන්න. ගෙවුනු ටයර නම් ගොඩක් පරිස්සමෙන්. හැකි ඉක්මනින් මාරු කරගන්න. ටයර දෙකක් දානවනම් අලුත් දෙක පිටුපසට දාන්න
    13: Hydroplane කියන සංසිද්ධිය ඇතිවෙලා, වාහනේ ලිස්සලා යන්න පුලුවනි, පිටුපස ලිස්සුවොත් වාහනේ කැරකෙනවා,
    14: බ්‍රේක් කරද්දී, pickup කරද්දී, වංගු ගනිද්දී හෙමින් smooth කරන්න. තදට බ්‍රේක් කරන්න එපා. වාහනේ control නැතිව විසි වෙනවා. පිටිපස කොටස ඉස්සරහට එයි කැරකිලා.
    15: දකුණට වමට හරවන්න තිබ්බොත්, රෝදය සම්පූර්ණයෙන් කපන්නේ නැතිව කෙලින් තියාගෙන, හරවන වෙලාවට කපන්න.
    16. නවත්වද්දී ඉදිරියේ වාහනේ පිටුපස රෝද පේන දුරකින් නවත්වාගන්න. (පිටිපස්සෙන් ඇවත් හැප්පෙන වෙලාවට, හදිසියේ කපලා ගන්න ඕන උනාම හරිම වැදගත්)
    17: බයික් වල යන අය, අත්‍යාවශ්‍ය ගමනක් නෙමෙයි නම් වෙන විදියකට යන්න බලන්න..
    18: වතුර පිරුණු තැන් වලින් වාහන දාන්න එපා.
    19: වතුර ගහගෙන යන තත්වයේඑ තියෙනව නම් ක්‍රොස් කරන්න එපාඅ SUV 4x4 උනත් එක මොහොතෙන් ගහගෙන යයි.
    20: වාහන පාක් කරද්දී, අතු වැටෙන්න පුලුවන්, ගස් පිටන්ම වැටෙන්න පුලුවන් තැනක්ද කියලා බලලා පාක් කරන්න.
    21: පාක් කරද්දී තෙත ඉවුරු වගේ තැන් වල පාක් කරන්න එපා.
    22: නවත්වද්දී ගැලපෙන විදියට රෝදය කපලා නවත්වන්න, ලොකු පල්ලම් වගේ නම් විරුද්ධ පැත්තට කපලා, තැනිතලා පාරක නම පාරින් ඉවතට
    23: පාක් කරද්දී හරියට හෑන්ඩ් බ්‍රේක් දාන්න. මැනුවල් එකක් නම්, පල්ලමක නම් reverse එකේ තියන්න. කන්දක් නම් 1st එකේ තියන්න.
    24: විදුලි කම්බි එහෙම උනත් වැටෙන්න පුලුවන්, බැරි වෙලා රැහැනක් වාහනේ උඩට වැටුනොත්, විදුලිය ඔෆ් කියලා හරියටම නොදැන වාහනෙන් එලියට කකුල තියලා බහින්න නම් එපා.
    24: Expressway යද්දී වෙනනම සැලකිලිමත් වෙන්න.
    25: ඉවසීමෙන් කල්පනාවෙන්ම යන්න

    -MRJ inspire මෙත් සිතින්-
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    6,302
    9,475
    113
    image.png
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,472
    1,440
    113
    Here and there
    15: දකුණට වමට හරවන්න තිබ්බොත්, රෝදය සම්පූර්ණයෙන් කපන්නේ නැතිව කෙලින් තියාගෙන, හරවන වෙලාවට කපන්න.

    මොකක්ද බොල මේකේ තේරුම??