උඹ දන්නවද රාජාලියා ගැන? රාජාලියෙකුට සාමාන්‍යයෙන් අවුරුදු 70ක් විතර ජීවිත් වෙන්න පුලුවන්. ඒත් අවුරුදු 40ක් විතර උනාම රාජාලියට උගේ පියාපත් දරාගෙන ඉන්න බැරි තත්වයට පත්වෙනවා. උගේ තියුණු හොටේ තියෙන තියුණු ගතිය නැතිවෙලා යනවා.

රාජාලියට ඉතුරු වෙනනෙ තෝරගැනීම් දෙකයි. එක්කො ජීවිතය, නැත්නම් මරණය

එහෙමයි කියලා ඌ ජීවිතේ අතාරිනවද? නෑ.

ඌ තනියම පියාඹනවා කන්දක් මුදුනකට. ගිහින් වේදනා උහුලගෙන උගෙ හොටේ ගලක අතුල්ලනවා හැලිලා යනකන්ම. අලුතින් හොටේ වැවෙනකන් ඌ කදුමුදුනට වෙලා ජීවිතේ දුෂ්කරම කාලයක් ගෙවනවා. ඊට පස්සෙ පරණ පිහාටු, නියපොතුත් ගලවලා දානවා. මේ විදියට දවස් 150ක් රාජාලියා ඉවසගෙන, වේදනා උහුලගෙන බලාගෙන ඉන්නවා. මොකටද? අලුත් ජීවිතයක් වෙනුවෙන්.

මේ කාලයෙන් පස්සෙ අලුත් ජීවිතයක් ලැබෙනවා රාජාලියට. තව අවුරුදු 30ක් ජීවත් වෙන්න.

(මේ කතාව මතක් උනේ දැන් ටිකකට කලින් TV එකේ යනවා ඇහුනා, ඒකයි)
ජීවිතේ ප්‍රශ්න තමයි මචං. වෙනස් වෙනවා කියන එක අමාරුයි තමයි. හැබැයි වෙනස් උනායින් පස්සෙ ජීවිතේ හරි ලස්සනයි, වෙනසක් ඕන වෙන්නෙ අලුත් ආරම්භයකට. අලුත් ජීවිතේකට.

හෙටට කල් දාන්නෙ නැතුව ජීවිතේ විදින්න පටන් ගනින්. හැම මොහොතකම හිනා වෙලා ඉදපන්, උඹ කරන- කියන හොඳ දේ අනිවා හරියනවා. Good luck