හොදම චිත්‍රපට ඔබට

එලකිරි සහෝ
මේවාගෙ සිරා ෆිල්ම් ආවාම පොඩ්ඩක් මතක් කරපන්
මටනම් ෆට්ටයි The Shawshank Redemption (1994)
මොර්ගන් ෆ්‍රීමන්, ලියාම් නීශම් ඉන්න ඒවාට තමයි මමනම් කෑමතිම
 
Last edited:

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    The Prestige (2006) | ඔබ අවධානයෙන් බැලුවද…?
    .
    .
    .
    .
    .
    234.jpg

    Great Movie :yes:

    Another Torrent Source :D

    The Prestige 2006 720p Bluray x264 anoXmous - 776MB

    The Prestige 2006 720p BrRip x264 YIFY - 594MB
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    The Prestige (2006) | ඔබ අවධානයෙන් බැලුවද…?

    මේ චිත්‍රපටය හරියාකාරවම විස්තර කරන්න පුළුවන් එකම එක විදියකටයි. ඒ තමා මුලු චිත්‍රපටයම මැජික් එකක් පෙන්නුවා වගේ. ඒ මොකද කියනවනම් අපි සාමාන්‍යයෙන් ඕනම චිත්‍රපටයක් අවසන් වේගෙන එද්දි අවසානය ගැන දළ අදහසක් හරි ගන්නවනේ. මමත් මේකේ අවසානය ගැන දළ අදහසක් අරගෙන ඉන්න කොට මෙන්න වෙනසක්. ආයේ ඒක හිතේ තියන් ඉන්න හම්බවෙන්නෙ නැහැ මෙන්න තවත් හැරවුමක්. ඔය වගේ දෙතුන් පාරක්ම වුණා. ඒ වුණත් හරියටම අවසානයට යනකම් අපිට හිතා ගන්න බැහැ මොකක්ද මේ සිද්ධ වුණේ කියලා. හැබැයි චිත්‍රපටය අවසාන වුණාම මෙන්න තේරෙනවා අපි හරියට බලලා නෑ කියලා. මොකද අවසානයේ එළිවෙන දේ ගැන ඉඟි කීපයක්ම චිත්‍රපටයේ මැද තිබිලා. ඒත් ඒවා ඇස්බැන්ඳුමක් එහෙම නැත්තම් මැජික් එකක් වගේ කරලා නිසා අපි රැවටිලා. මම මේකේ එක දෙබස් කාණ්ඩයකින් ලිපිය අවසන් කරන්නම්.

    හැම මායා ප්‍රයෝගයක්ම කොටස් හෝ රඟපෑම් තුනකින් සමන්විත වෙනවා. පළමු කොටසට කියන්නෙ “the pledge.” ඒ කියන්නේ මායාකරු ඔබට සාමාන්‍ය දෙයක් පෙන්වනවා. දෙවෙනි කොටසට කියන්නේ “the turn.” මායාකරු ඒ සාමාන්‍ය දේ රැගෙන ඒක අසාමාන්‍ය දෙයක් බවට හරවනවා. ඒත් ඔයාලා තාමත් අත්පුඩි ගසන්නේ නෑ. මොකද දෙයක් අතුරුදහන් කිරීම පමණක් ප්‍රමාණවත් නෑ. ඒක ආපහු ගේන්න ඕනා. දැන් ඔයාලා රහස හොයනවා. ඒත් ඔයාලට හොයා ගන්න බෑ, මොකද ඇත්ත වශයෙන්ම ඔයාල හරියට බලන්නේ නෑ. ඔයාලට ඇත්තෙන්ම ඒක හොයාගන්න අවශ්‍ය නෑ මොකද ඔයාලට අවශ්‍ය මෝඩයෝ වෙන්න.

    අනික් විශේෂම කාරණේ තමා, කට්ටියම බැලුවා නේද Inception (2010) ෆිල්ම් එක…. ආන්න ඒක අධ්‍යක්ශණය කල ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙම වැඩක් තමා මේකත්…. ඉතින් ආයේ මුකුත් විස්තර ඕනේ නෑ නේද…

    බලන්න ඔයාලත් මුල ඉඳන්ම මැජික් එකට අහු නොවී නුවණක්කාරයෝ වගේ උන්නාද කියලා. මට කමෙන්ට් එකක් දාලා කියන්න :yes:

    සිංහල සබ් බයිස්කෝප් එකෙන් ගන්න :rolleyes:

    Download
    http://torcache.net/torrent/EC372DAADD3D09476A27F6C74CC9C9D885550728.torrent?title=[katproxy.com]the.prestige.2006.dvdrip.eng.axxo


    234.jpg

    Great Movie I Ever Watched. :yes:
    බයිස්කෝප් දැකලමයි ඩවුන් කරේ. පට්ටම twist එකක්. තේරුම් ගන්න අන්තිම වෙනකම්ම ඉන්න ඕනෙ.

    (විකියා,උබට මේ ෆිල්ම් එකේ අවසානයටම පෙන්වන රූප රාමු කිහිපය ගැන අදහස මොකක්ද?)
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    Braveheart (1995) | කාලයෙන් වැසි ගිය නිර්භීත හදවතක්.

    මේ කියන්න යන්නෙ මේල් ගිබ්සන්ගෙ සුපිරි චිත්‍රපටයක් ගැන..මේක නම් හැමෝම අනිවාර්‍යෙන් බලන්න ඕන එකක්..ඔයාලට මේක බලන්න හේතු දෙකක් දෙන්නද මම? imdb ලකුණු 8.3/10 ,මේ චිත්‍රපටය ඔස්කාර් සම්මන 5ක් දිනාගෙන තියෙනව..එමෙන්ම මෙය ලොව හොදම චිත්‍රපට අතුරින් 102 වැනි ස්ථානයෙයි තියෙන්නෙ..දැන් නම් අනිවා බලමු නේ? :)

    ඔන්න එහෙනම් මම කතාවත් කියන්නම් ටිකක්..මේක 13වන ශතවර්ෂයේ අවසානයත් 14 වෙනි ශතවර්ෂයේ ආරම්භක කාලයත් තුල වෙන සිදුවීමක්..විලියම් නමින් කුඩා දරුවෙක් ඉන්නව ස්කොට්ලන්තයේ..මේ කාලය වනවිට එංගලන්තය විසින් ස්කොට්ලන්තය අල්ලගෙන තියෙනව..මේ කුඩා විලියම් පුංචි කාලයේ සිටම දකින්නෙ බොහොම බිහිසුණු දේවල්..දිනක් ඔහුගේ පියාත් මැරුම්කනව ඉංග්‍රීසීන් අතින්..එතැන් සිට තනි වන විලිය්ම්ව හදාවඩාගන්න එනව ඔහුගේ මාමා කෙනෙක්..මේ පුද්ගලය විලියම්ව ඔහුගේ ගමට ගෙනගොස් සටන් කරන හැටි උගන්නනව..මේ අතරතුර එංගලන්තියේ ඔටුන්න හිටු කුමරුගේ විවාහයත් සිදුවෙනව….

    කාලය මෙහෙම ගත වෙනව..පසුව විලියම් නැවතත් තම ගමට එන්නෙ තරුණයෙක් ලෙස..ඔහු ඇවිත් බොහොම සාමකාමීව ජීවත් වෙන්න උත්සාහ කරනව..කුඩාකල සිට ළගින් සිටි තරුණියක් හා විවාහ වෙනව..නමුත් මේ චිත්‍රපටයේ නිසල බව බිදෙන සිදුවීමක් වෙනව..විලියම් එංගලන්තයට අති විශාල තර්ජනයක් වෙනව..මේ සියල්ල වෙන්නෙ කොහොම්ද කියල බලන්න නම් බාගන්න මේ දැවැන්ත සිනමාපටය! ඔබව ගෙනයාවි වෙනත්ම කාලයකට..ඒ කාලය තුල ඔබට ජීවත් වෙන්න පුලුවන් මේ චිත්‍රපටය එක්ක…

    සිංහල උපසිරස බයිස්කෝප් එකෙන් ගන්න


    Download
    http://tinyw.in/3n1W

    Braveheart_by_LOLTravis.jpg
     
    Last edited: