The Prestige (2006) | ඔබ අවධානයෙන් බැලුවද…?
.
.
.
.
.
![]()


The Prestige (2006) | ඔබ අවධානයෙන් බැලුවද…?
මේ චිත්‍රපටය හරියාකාරවම විස්තර කරන්න පුළුවන් එකම එක විදියකටයි. ඒ තමා මුලු චිත්‍රපටයම මැජික් එකක් පෙන්නුවා වගේ. ඒ මොකද කියනවනම් අපි සාමාන්‍යයෙන් ඕනම චිත්‍රපටයක් අවසන් වේගෙන එද්දි අවසානය ගැන දළ අදහසක් හරි ගන්නවනේ. මමත් මේකේ අවසානය ගැන දළ අදහසක් අරගෙන ඉන්න කොට මෙන්න වෙනසක්. ආයේ ඒක හිතේ තියන් ඉන්න හම්බවෙන්නෙ නැහැ මෙන්න තවත් හැරවුමක්. ඔය වගේ දෙතුන් පාරක්ම වුණා. ඒ වුණත් හරියටම අවසානයට යනකම් අපිට හිතා ගන්න බැහැ මොකක්ද මේ සිද්ධ වුණේ කියලා. හැබැයි චිත්‍රපටය අවසාන වුණාම මෙන්න තේරෙනවා අපි හරියට බලලා නෑ කියලා. මොකද අවසානයේ එළිවෙන දේ ගැන ඉඟි කීපයක්ම චිත්‍රපටයේ මැද තිබිලා. ඒත් ඒවා ඇස්බැන්ඳුමක් එහෙම නැත්තම් මැජික් එකක් වගේ කරලා නිසා අපි රැවටිලා. මම මේකේ එක දෙබස් කාණ්ඩයකින් ලිපිය අවසන් කරන්නම්.
හැම මායා ප්‍රයෝගයක්ම කොටස් හෝ රඟපෑම් තුනකින් සමන්විත වෙනවා. පළමු කොටසට කියන්නෙ “the pledge.” ඒ කියන්නේ මායාකරු ඔබට සාමාන්‍ය දෙයක් පෙන්වනවා. දෙවෙනි කොටසට කියන්නේ “the turn.” මායාකරු ඒ සාමාන්‍ය දේ රැගෙන ඒක අසාමාන්‍ය දෙයක් බවට හරවනවා. ඒත් ඔයාලා තාමත් අත්පුඩි ගසන්නේ නෑ. මොකද දෙයක් අතුරුදහන් කිරීම පමණක් ප්‍රමාණවත් නෑ. ඒක ආපහු ගේන්න ඕනා. දැන් ඔයාලා රහස හොයනවා. ඒත් ඔයාලට හොයා ගන්න බෑ, මොකද ඇත්ත වශයෙන්ම ඔයාල හරියට බලන්නේ නෑ. ඔයාලට ඇත්තෙන්ම ඒක හොයාගන්න අවශ්‍ය නෑ මොකද ඔයාලට අවශ්‍ය මෝඩයෝ වෙන්න.
අනික් විශේෂම කාරණේ තමා, කට්ටියම බැලුවා නේද Inception (2010) ෆිල්ම් එක…. ආන්න ඒක අධ්‍යක්ශණය කල ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙම වැඩක් තමා මේකත්…. ඉතින් ආයේ මුකුත් විස්තර ඕනේ නෑ නේද…
බලන්න ඔයාලත් මුල ඉඳන්ම මැජික් එකට අහු නොවී නුවණක්කාරයෝ වගේ උන්නාද කියලා. මට කමෙන්ට් එකක් දාලා කියන්න
සිංහල සබ් බයිස්කෝප් එකෙන් ගන්න
Download
http://torcache.net/torrent/EC372DAADD3D09476A27F6C74CC9C9D885550728.torrent?title=[katproxy.com]the.prestige.2006.dvdrip.eng.axxo
![]()


Braveheart (1995) | කාලයෙන් වැසි ගිය නිර්භීත හදවතක්.
.
.
.
.
.
.
![]()
