හොදම චිත්‍රපට ඔබට

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    Django Unchained (2012) | කලු සුදු අරගලය මැද ආදරය සොයා…

    අමුතුම කතාවක් Quentin Tarantino අත ගහපු වැඩක්. ලේසි නැහැ නතර උනේ IMDb මීටරේ ඉහලටම නැගල, ලකුණු 8.7/10 ක් කිව්වා වගේ ලේසි නැහැ තමා. ෆිල්ම් එක ඇවිත් කෙටි කලකදී ලෝකේ හොඳම චිත්‍රපට අතර 45 වෙනි තැනටත් එන්න මේ සුපිරි ෆිල්ම් එක සමත්වෙලා තියෙනවා. ඒ වගේම ඔස්කාර් සම්මාන 5 කටත් (හොඳම චිත්‍රපටය ඇතුලුව) නාමයෝජනා වී ඇති අතර ජයග්‍රහණ 13 කුත් මේ වනවිට ලබා ගන්නට මේ සලරුව සමත්කම් ලබා ගෙන තියෙනවා. අපි දන්න කියන නළුවෝ කීප පොලකගෙම මූණත් තහඩුව මේ චිත්‍රපටියට ඔබාගෙන ඉන්න නිසා වැඩේ තවත් නැගල ගිහින්.

    අපි කව්රුත් දන්න Leonardo DiCaprio, Jamie Fox, Cristoph Waltz සහ Samuel L. Jackson මේ චිත්‍රපටියේ ප්‍රධානතම චරිතවලට පණ පොවනවා. මේ නළුවෝ ගැන අමුතුවෙන් කියන්න ඕන වේවි කියල මම නම් හිතන්නේ නැහැ. මොකද චිත්‍රපටි ලෝලියෙකුට මේවා නිතර ඇහෙන දකින නම් සහ මුහුණු. තවත් කියනවා නම් පසුගියදා නිමා වුන Golden Globe සම්මාන රාත්‍රීයේදී අපරාදේ කියන්න බැහැ සම්මාන දෙකකටත් වග කිව්වා.

    Best Supporting Actor – Cristoph Waltz
    Best Screen Play – Quentin Tarantino

    චිත්‍රපටියට ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් වියදම් කරලා දවස් 7 ක් වගේ ඉතාමත් පොඩි කාලෙකදී ඩොලර් මිලියන 106 ක් හොයලා දීලා දැන් ශුද්ධ ලාභ පිට දුවන්න්නේ. මොකද ලැබිල තියෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක බලනකොට මෙහෙම නොවුනොත් තමා Quentin Tarantino පුදුම වෙන්න ඕනේ. මේ මුදල හොයන්න චිත්‍රපටිය සිනමාහල් තිරේට මුල්ම වාර්තා කිරීම කලේ 2012 දෙසැම්බර් 30 දා, 2012 ජනවාරි 6 වෙනිදා වෙනකොට වියදම පියවන්නත් සමත් උනා. මේ කියපු ටික ඇති මේ සලරුව ඔයාලගේ හිතේ ඉහලම මුරුංගා අත්තක රඳවන්න. කොටින්ම කියනවා නම් ලස්සන කතාවක් ලස්සන තේමාවක්. අද වටේ තැලුව වැඩිද මන්දා, ඔන්න එහෙනම් පඳුරට තලන්න හදන්නේ…

    ඔන්නට‍ එහෙනම් කතාව. මේ සලරුවේදී වැඩවසම් යුගයේ වෙන එක්තරා සිදුවීම් පෙළක් ගැන තමා කතා බහ කරන්නේ, මේ කාලේ තමා වහල් කම, වහල් වෙළඳාම, කලුසුදු වර්ණ භේදය වගේ අමිහිරි දේවල් ඇහෙන්න ලැබුනේ. කලු සුදු වර්ණභේදය ඉතාමත්ම ඉහළින් පිළි ගත්ත කාලයක් ඒ කියන්නේ වර්ෂ 1850 වගේ කාලෙක වෙන සිදුවීමක්. සුදු හම උසස් කියලා හිතාගෙන කලු හමට තල තලා සුද්දන්ගේ වහල් වැඩ කර ගත්ත කාලය.

    කතාව ආරම්භයේදීම ඔයාලට දැක ගන්න පුළුවන් වේවි වහල් වෙළෙන්දෝ දෙන්නෙක් වහල්ලු එහෙම නැත්තන් කලු මිනිසුන් යදම් වලින් හිර කරලා විකිනීමට අරන් යන දර්ශනයක්. එතනදීම තේරෙයි මොකද්ද ඒ දවස් වල සිද්ධ උනේ කියලා. ඉතින් එතනට එනවා වෛද්‍යවරයෙක්, දන්ත වෛද්‍යවරයෙක්, එයා කියන්නේ එහෙමයි. එත් මෙයා එයාගේ වෛද්‍ය වෘත්තිය අතැරලා වෙනම වැඩක් පටන් අරන්. Bounty Hunter කෙනෙක් වෙලා, ඒ කියන්නේ අධිකරණයට කට්ටි පනින අයව පණපිටින් හෝ මරල ගිහින් දීලා රජයෙන් සල්ලි ගන්නවා. මෙයාට එහෙම කට්ටි පනින කෙනෙක්ව හොයන්න එක වහලෙක්ව එහෙම නැත්තන් කල්ලෙක්ව (Django) නිදහස් මිනිහෙක් කරලා එයාගේ සගයා කර ගන්නවා. මේ දෙන්න එකතු වෙලා සෑහෙන්න ගාණක් හොයාගන්නවා. පස්සේ මේ කලු සගයට තියෙන්නේ වෙනම බලාපොරොත්තුවක්. ඒ එයාගේ වහල් බිරිඳව හොයා ගෙන නිදහස් කර ගන්න.

    එයා දන්නෙත් නැහැ බිරිඳ කොහේ ඉන්නවද කියලා. පස්සේ මෙයාල හොයා ගන්නවා ලොකු වතු හිමිකරුවෙක් මෙයාගේ බිරිඳ මිලට අරන් කියලා. ඉතින් මේ දෙන්න යනවා එයාව නිදහස් කර ගන්න… මෙයාගේ බලාපොරොත්තුවට වෙන්නේ මොකද කියලා නම් අහන්න එපා බලන්න. ඔන්න එහෙනම් කුතුහලය අවුස්සලා තියෙන්නේ ඉතුරු ටික Download කරගෙනම බලන්න. වහලා විදිහට Jamie Fox රංගනයේ යෙදෙන අතර වතු හිමියා ලෙස Leonardo DiCaprio ත් ඔහුගේ ගෝලයා ලෙස Samuel L. Jackson අද්විතීය රංගනයක යෙදෙනවා.

    එහෙනම් අමතක නොකර ඔබගේ වටිනා කොමෙන්ටුවකින් අප වෙත ඔබගේ මනාපය ලබා දෙන්න කියලා ඉල්ලමින් හැමෝටම නැවත හමුවෙන තුරු ජයෙන් ජය !!!

    සිංහල උපසිරැසි බයිස්කෝප් එකෙන් ගන්න :yes:

    Download

    http://goo.gl/iXgl4o

    DjangoUnchainedOfficialPosterPT.jpeg
     
    Last edited:

    Mr.Sherlock

    Active member
  • Oct 7, 2014
    160
    42
    28
    මචන් මේ sub හැම yify film එකකටම සෙට් වෙන්නෙ නැද්ද? මම Memento (2000) download කරා එකට set වෙන්නෙ නනෙ.
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    Drishyam (2013) | සිනමාවේ පිහිටෙන් ගැටයක්…

    මේක බාරගෙන මාස කීපයක්ම උනා. අනිත් ඒවට සබ් දිදී හිටියට මේකට යොදවන්න කාලයක් තිබුනේ නෑ. මොකද මේ කතාව ටිකක් සුවිශේෂී එකක් කිව්වොත් මම නිවැරදියි.මේ අවුරුද්දේ දැනට බලපු හොඳම චිත්‍රපටය කියලා මේක කීවොත් නිවැරදියි.

    චිත්‍රපටිය මොකක්ද?
    ඉංග්‍රීසි, හින්දි, දෙමළ නෙමේ මේක. මේක මලයාලම් චිත්‍රපටියක්.

    කොහෙන්වත් කොපි කරපු එකක්ද?
    මෙතෙන් බලා ඇති සියලුම භාෂා වල චිත්‍රපට එකකවත් මෙවැනි කතාවක් දැක නැත.

    කොහොමද චිත්‍රපටය?
    පැය 3ක් චිත්‍රපටිය බැලුවද කියලා හිතාගන්න බෑ. මට දැනුනේ විනාඩි පහක් ගියා වගේ.

    කතාව මොකක්ද?
    තම වැඩිමහල් දියණියට නොසිතූ වෙලාවක සිදුවන මහත් කරදරයකට, තමන් බැලූ චිත්‍රපට වලින් උදාහරණය ගනිමින් ලොව සියලු දෙනා නොමඟ යවමින් කූට ලෙස තම මොලයෙන් ගහන රහස් පරීක්ෂක ගැටයක්. ආයේ ලොවත් නැත.

    මේකේ රේටින් කොහොමද?
    9/10 දැන්නම් බලන්න හිතෙනවාමයි නේ!

    බලන්න ඕනේ කවුරුද?
    රහස් පරීක්ෂක කතා අන්තිම වෙනකම් හිතාගන්න බැරිවෙන කතා බලන කට්ටිය අනිවා මේක එක හුස්මට බලාවි. පොදුවේ චිත්‍රපටි බලන හැමෝම අනිවාර්යෙන්ම බලන්න. මොකද මේක මම මෙහෙම කියලා මේක බැලුව අයගේ පොදුවේ මතය මේ අවුරුද්දේ බලපු මොඳම ෆිල්ම් එක මේක කියලයි. අනික මේකේ වටපිටාව ගෙවල් දොරවල් අපේ ලංකාවට සමානයි. බොහෝ දුරට වාගේ.එකෙන් අපේ කමක් ගතියක් එනවා, අනික අර වෙන ෆිල්ම් වල වගේ උඩින් විසිවෙන ගහගන්න ඒවා මොකුත් නෑ සරල ගැමි ජීවිතය වගේම වෙන්න පුළුවන් කතාවක් තියෙන්නේ , බලන්නකෝ හිත හිත ඉන්නේ නැතුව අනිත් දේ වෙනත් බසක් කියලා නොබලා ඉන්න එපා ලොකු අපරාදයක් ඒම නොබලා ඉන්නවා නම්.
    ඔන්න එහෙනම් සේරම විස්තර කිව්වනේ මම. බාලම බලන්න එහෙනම්.

    අනිවා ෆිල්ම් එක බලලා ඇවිත් අපිටත් කියන්නේ ඔයාල බැලුව හොදම ෆිල්ම් එකක් ගානට මේක ආවද, හොද නරකත්! තවත් උපසිරැසියකින් හමුවෙමු!!! ජයවේවා….!!

    ඔන්න සබ් දීලා අද බයිස්කෝප් එකෙන් සබ් ඕනේ කියා කියා උන්න නේ දැන් ගන්න ඇහැකි

    බා ගන්න

    http://i.oc.gs/zedgu

    19-drishyam-movie-review.jpg
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    tamil eka arenna uba dala tiyena anith films okkoma balala tiyenawa.. English film tika nam hodama ewa..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,408
    113
    මචන් විකියා, මම අද තමයි INCEPTION බැලුවෙ. කතාව නම් පට්ටයි.කතාවත් බොහෝ දුරට තේරුනා.ඒත් සමහර තැන් නම් :baffled: වගේ. උබට තේරුනා නම් මේවා කියපන්.

    1.Fischer ට උගෙ හීනෙදි වෙච්ච දේවල් මතක නැද්ද? සහ ඌට උගෙ තාත්තා ගැන කලකිරීම ඇති උනාද?

    2.අන්තිමට පෙන්නන දර්ශනේදි totem එක කැරකෙනවා පෙන්නනවා නවතින්න් වගේ. ඒකෙන් මොකක්ද අදහස් කරන්නෙ?

    3.Eames කොහොමද තමන් අර වයසක පොර කියලා Fischer ට පෙන්නන්නෙ?
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    මචන් විකියා, මම අද තමයි INCEPTION බැලුවෙ. කතාව නම් පට්ටයි.කතාවත් බොහෝ දුරට තේරුනා.ඒත් සමහර තැන් නම් :baffled: වගේ. උබට තේරුනා නම් මේවා කියපන්.

    1.Fischer ට උගෙ හීනෙදි වෙච්ච දේවල් මතක නැද්ද? සහ ඌට උගෙ තාත්තා ගැන කලකිරීම ඇති උනාද?

    2.අන්තිමට පෙන්නන දර්ශනේදි totem එක කැරකෙනවා පෙන්නනවා නවතින්න් වගේ. ඒකෙන් මොකක්ද අදහස් කරන්නෙ?

    3.Eames කොහොමද තමන් අර වයසක පොර කියලා Fischer ට පෙන්නන්නෙ?

    INCEPTION

    600full-inception-poster_0.jpg

    අනාගතය පිළිබඳ දකින සිහින සහ අහම්බෙන් නින්දේදී දකින සිහින ඔබට අමුත්තක් නොවෙයි. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝ විශ්ලේෂණයට අනුව සිහින යනු පියවි ලෝකයේදී ඉටුකරගැනීමට නොහැකි වන සිතේ ඇතිවන බලවත් ආශයන් සහ චිත්ත ආවේගයන් නින්දේදි යටිසිතෙන් මවාගන්නා රූප මඟින් උත්කර්ශයට පත්කරගැනීමකි. මෙයට අමතරව තම සිහින තමාගේ පාලනයට නතුකරගැනීම පිළිබඳව (Lucid Dreaming) පර්යේෂණ පැවැත්වෙන යුගයකි මේ.
    සිහින පිළිබඳ කතිකාවතකට මුල පුරමින් 2010 වර්ෂයේ ලොව පුරා සිනමා රසිකයින් අතර ජනප්‍රිය වූ සිනමාපටයකි, Inception. සිහින පිළිබඳ විද්‍යා ප්‍රබන්ධයක් පමණක් නොව ක්‍රියාදාම සහ සංකීර්ණ මානව හැඟීම් බද්ධ කරන ලද සුවිශේෂී නිර්මාණයක් ලෙස Inception හඳුන්වාදිය හැකියි.
    Inception චිත්‍රපටිය ලියවෙන්නේ ප්‍රවීණ සිනමා නිර්මාණකරුවෙකු වන ක්‍රිස්ටෝපර් නෝලන් අතින් වර්ෂ 2001දී. ඔහුගේ අනෙකුත් නිර්මාණ ලෙස Batman Begins, Batman: The Dark Knight, Memento, The Prestige වැනි අති දැවැන්ත සිනමා නිර්මාණ හඳුන්වාදිය හැකියි. වසර 9ක පමණසංවර්ධනය කිරීමෙන් අනතුරුව ඩොලර් මිලියන 160ක ප්‍රාග්ධනය යොදා නිර්මාණය කෙරුණ Inception චිත්‍රපටය ලොව පුරා සිනමා රසිකයින් වෙත නිකුත්වූයේ පසුගිය 2010 වර්ෂයේ ජූලි 8වෙනිදා ලන්ඩනයේදීයි. චිත්‍රපටයේ පිටපත මෙන්ම නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය ක්‍රිස්ටෝෆර් නෝලන් විසින් සිදුකරන ලදී. නිෂ්පාදන කටයුතු සඳහා ඔහුගේ බිරිඳ එමා තෝමස්ද දායකත්වය දැක්වීය.

    චිත්‍රපටයේ පසුබිම වන්නේ මිනිසුන් අතර “හවුල් සිහින” තාක්ෂණය යොදාගැනීමට හැකි යුගයකි. මෙම තාක්ෂණය තවදුරත් විග්‍රහ කරන්නේ නම්, එමඟින් එක් පුද්ගලයෙකු දකින සිහිනයක් සමඟ කණ්ඩායමක් සම්බන්ධ කෙරේ. එවිට සිහිනය දකින්නා සහ සිහිනයට සම්බන්ධවන්නන් සිහිනය තුළ ජීවත්වෙමින් සිහිනය ගවේෂණය කරයි. තාක්ෂණය මැදිහත්වන්නේ එසේ දකින සිහිනය නිර්මාණය කිරීමටයි. සිහින පිළිබඳ කරුණු රැසක් චිත්‍රපටියේ අනාවරණය වන අතර රූප රාමුවෙන් රාමුවට ඒ පිළිබඳ අවබෝධය ප්‍රේක්ෂකයාට ලබා දේ.

    “කොබ්” යනු ඉහත කී හවුල් සිහින තාක්ෂණය හරහා යටි සිතට ඇතුළත් වී එහි තැන්පත් වී ඇති තොරතුරු සොරකම් කරන්නෙක් සහ ඒ පිළිබඳ පළපුරුද්ද ලැබූ වෘත්තීය මට්ටමේ සිහින හොරෙකි. පරිගණක ජාල හැකර්වරයෙකු හා ඔහු සමාන කළහැක. උදාහරණයක් ලෙස ප්‍රධාන සේවාදායකයක් (Server) සහ එයට සම්බන්ධවන අනෙකුත් පරිගණකවලින් සමන්විත පරිගණක ජාලයක් පිළිබඳ සිතීමෙන් මෙම හවුල් සිහින හරහා එකිනෙකා සමඟ සම්බන්ධ වන මිනිසුන් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැක. මෙහිදී සිහින අවකාශයක් තුළ සිහිනයේ ප්‍රධාන හිමිකරු සේවාදායකයටද, ජාලයට සම්බන්ධ අනෙකුත් පරිගණක ලෙසසිහිනයට සම්බන්ධවන අනෙකුත් පුද්ගලයන්ද සමාන කළහැක. මෙසේ යටිසිත් හරහා ජාලකරණය වී ඇති සිහින අවකාශයට සාමාන්‍ය සිහින දකින්නෙක් ලෙස සම්බන්ධ වන කොබ්, සිය පුහුණුව සහ අත්දැකීම් භාවිතා කරමින් සිහිනය වෙත සම්බන්ධ වී සිටින අනෙකුන්ගේ යටිසිත ගවේෂණය කරමින් එහි තැන්පත් වී ඇති රහස් සොරකම් කරයි. සිහින තුළදී යටි සිත විසින් නොකඩවා රූප මැවීම සිදුකරන අතර එම රූප ගවේෂණය කරමින් කොබ් මෙසේ සිහින හරහා රහස් සොරකම් කරයි.

    අතිදක්ෂසිහින සොරෙකු වන කොබ්, සිය කටයුතු සඳහා “සිහිනයක් තුළ සිහින” යන සංකල්පය භාවිතා කරන්නෙකි. මෙහිදී සිහිනය දකින්නා එක සිහින මට්ටමකට රැගෙන ගොස් එම සිහින මට්ටම තුළදී නැවත නිද්‍රාවට පත් කර තවත් ගැඹුරු සිහින මට්ටමකට රැගෙන යයි. එවිට ඔහුට සිහිනය දකින්නාගේ යටිසිත තුළට ගැඹුරට යාමට අවකාශ ලැබෙන අතර, කොබ්ටද වඩාත් අන්තරායකාරී ලෙස තම යටිසිත ගැඹුරට විවෘත කිරීමට සිදුවේ. මෙලෙස සිහිනයක් තුළ තවත් සිහිනයකට ඇතුළත්වීමේදී සිහින අස්ථාවර වන අතර මෙය වැලැක්වීමට නිද්‍රාවට පත් කිරීමේදී ප්‍රබල ඖෂධ භාවිතා කිරීමට සිදුවේ.

    චිත්‍රපටයේ කතාව දිවයන්නේ කොබ් සහ ඔහුගේ සගයා ආතර් දෙදෙනා ඔවුන්ගේ නවතම සේවායෝජකයා, සයිටෝගේ ව්‍යාපෘතියකට සම්බන්ධවීමෙනි. සයිටෝගේ ව්‍යාපාරික තරගකරුවා වන මොරිස් ෆිෂර්ගේ මරණයෙන් පසුව එම ව්‍යාපාරයට හිමිකම් කියන ඔහුගේ පුතා (රොබට් ෆිෂර්) ලවා ව්‍යාපාරය බංකොලොත් කරවීමටත්, ඒ තුළින් තම ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඒකාධිකාරීත්වය හිමිකරගැනීමටත් සයිටෝ බලාපොරොත්තු වේ.
    මෙම කාර්යය සම්පූර්ණ කිරීම සඳහා කොබ් සහ ඔහුගේ සගයා ආතර් විසින් කණ්ඩායමක් නිර්මාණය කරයි. මේ සඳහා සිහින අවකාශය හැඩගැස්වීම (Dream Architect) සඳහා ගෘහ නිර්මාණ ශිල්පිනියක වන ඇරියාඩ්නි, පුද්ගලයින් අතිදක්ෂ ලෙස අනුකරණය කළ හැකි ඊම්ස් සහ ගැඹුරු නින්ද ස්ථාවර කරගැනීම අවශ්‍ය ඖෂධ සැකසීමට රස විද්‍යාඥ යූසුෆ් සම්බන්ධ කරගනියි.
    මෙම කාර්යයේ ඇති අසීරුතාව වන්නේ මෙය සරලව සිහිනයක් තුළින් තොරතුරු සොරකම් කිරීමක් නොව සිත තුළ අදහසක් තැන්පත් කිරීමට සිදුවන නිසාය. ව්‍යාපාරය බිඳදැමීමට අවශ්‍යකරන අදහසක් රොබට් ෆිෂර්ගේ යටිසිත තුළ ගබඩා කිරීමට අවශ්‍යවන අතර, ඒ සඳහා යටි සිතේ ගැඹුරට ඇතුළත් වීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා “සිහිනයක් තුළ සිහින” ​සංකල්පය භාවිතා කරමින් සිහින මට්ටම් තුනකට ඇතුළත්වීමට සැලසුම් කෙරෙන අතර, ඒ හරහා රොබට් ෆිෂර්ගේ යටි සිත තුළ අදහසක් රෝපණය (Plant) කිරීමට අවකාශ සැලසේ.
    මෙම අදහස් රෝපණය කිරීම පරිගණක වෛරසයක ක්‍රියාවලිය හා සමාන කළ හැක. තෝරාගත් පරිගණකයේ වෛරසය ඇතුළත් කළ විට එය ක්‍රමයෙන් පරිගණකය පුරා විහිද ගොස් පරිගණකය සම්පූර්ණයෙන් ආක්‍රමණය කරයි. වෛරසයේ විධානයන්ට අනුව ක්‍රියාකිරීමට එවිට පරිගණකයට සිදුවේ.

    යථා ලෝකයේ විනාඩි පහක නින්ද පැයක කාලයක් දක්වා සිහින දැකීමට කාල අවකාශයක් සපයන බව චිත්‍රපටියෙහි පැවසේ. සාමාන්‍යයෙන් නින්දේදී මොළයේ ක්‍රියාකාරීත්වය වේගවත් වන අතර මොළය විසින් රූප මැවීම අති වේගයෙන් සිදුකරයි. සිත තුළ ගැඹුරට යන්නට යන්නට සිතේ බලය තීව්‍ර වන බවද මේ වන විට විද්‍යාත්මකව තහවුරු වී හමාරය.
    සිහිනය දකින අතරතුරදී නින්දෙන් අවදිවීමට හැකිවන්නේ සිහින හුවමාරු යන්ත්‍රයට ලබාදී ඇති කාලය අවසන්වීමෙන් හෝ සිහිනය තුළ මියයාමෙන් නැතහොත් යථා ලෝකය තුළදී නිදා සිටින්නාගේ භෞතික ශරීරයට ​සංවේදනයක් (​Kick) ලබාදීමෙනි. කෙසේ නමුත් වඩා ගැඹුරු නින්දකට සරිලන ඖෂධ ලබාගෙන ඇතිවිට සිහිනය තුළ මරණය සිදුවුවහොත් යටිසිත අනන්ත සිහින අවකාශයක සිරවේ. මෙය ​Limbo එකක් ලෙස චිත්‍රපටියේ හැඳින්වේ.

    සිය බිරිඳගේ මරණය පිළිබඳ තමාගේ වරදකාරී හැඟීමෙන් පීඩා විඳින කොබ්ගේ යටිසිත ඒ හේතුවෙන් සිහින තුළදී අස්ථාවර බවට පත්වේ. මේ කරුණ නිසා සිහින තුළ පිබිදෙන කොබ්ගේ බිරිඳගේ ප්‍රක්ෂේපණය විසින් මෙහෙයුමේ සියලු සැලසුම් ව්‍යර්ථ කිරිමට උත්සාහ කරයි. මේ හේතුවෙන් කණ්ඩායමේ සගයින්ට නොයෙකුත් ගැටලුවලට මුහුනදීමට සිදුවේ. යටිසිතේ චිත්‍රපටය තුළ සියුම්ව විග්‍රහ කර ඇති මානව ආදරයේ සංකීර්ණත්වය ප්‍රේක්ෂකයා ආදරය පිළිබඳ නව මානයකට රැගෙන යනු ඇත. ආදරය සහ තම අනෙකාගෙන් යටි සිත නිරායාසයෙන් පුරවාගැනීම, එම චිත්ත රූප යටි සිත විසින් තරයේ ග්‍රහණය කරගැනීම පිළිබඳ සියුම් විග්‍රහයක් මෙහි රූප පෙළ ඔස්සේ ගලා යයි.
    බොහෝ චිත්‍රපටයන්ට ඇත්තේ අවසානයන් එකකි. එම අවසානය දක්වා චිත්‍රපටයේ රූප රාමු එකිනෙක රේඛීයව පෙළගසා තිබෙනු දක්නට හැක. නමුත් මෙම චිත්‍රපටියේ අර්ථය පිළිබඳ කියවීම් බොහෝ වේ. නරඹන්නාට තමාගේම කියවීම් හරහා චිත්‍රපටයට අර්ථදැක්වීම් ලබාදීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම මෙම සිනමා පටයේ සුවිශේෂත්වයයි.;)

    DOWNLOAD

    http://tinyw.in/6r6R 900MB

    http://tinyw.in/MBdj 350MB

    සිංහල සබ් බයිස්කෝප් එකෙන් ගන්න


    :yes:
     
    Last edited:

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    Downfall (2004) | කෘර පාලනයක අවසානය

    ඔයාල හැමෝම දන්නවා ඇතිනේ ජර්මනිය කියනකොටම මතක් වෙන්නේ කවුද කියලා. අවිවාදයෙන්ම ඒ තමයි ඇඩොල්ෆ් හිට්ලර්. 2004 දී නිකුත් වුන මෙම ජර්මානු සිනමා පටයෙන් කියවෙන්නේ හිට්ල්ර්ගේ පාලනයේ කඩාවැටීම පිළිබඳව ට්‍රවුඩි ජුන්ගේ ඒ කියන්නේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ අවසන් ලේකම්වරියගේ සටහන් තමයි මේකේ ඇතුලත් වෙන්නේ. ඒ වගේම මේක තමයි හිට්ලර් පාලනය පදනම් කරගෙන බිහිවූ පළමු ජර්මානු සිනමාපටය. imdb රේටින් 8.3ක අගයක් ලබාගන්නත් මේක සමත් වෙලා තියෙනවා.ලෝකේ හොදම චිත්‍රපට අතර 112 ඉතින් ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ෆිල්ම් එක කොහොමද කියලා.

    මේකේ කතාව පටන් ගන්නේ, 1942 නොවැම්බර් මාසෙදි තරුණ කෙල්ලෝ කණ්ඩායමක් කෘර පාලකයාගේ (හිට්ලර්) මූලස්ථානයට යනවා ඔහුගේ ලේකම් තනතුර සඳහා සම්මුබ පරීක්ෂනයකට. මේකෙදි ඒ සඳහා තෝරාගන්නේ මියුනිච් වලින් ආපු අවූරුදු 22ක් වුන ට්‍රවුඩිව. නමුත් මේකේ ඉතිරිය ගලාගෙන යන්නේ 1945 ඇතිවන ජර්මන් රුසියන් යුද්දයත් සමග. මෙම සිනමා පටන් විග්‍රහ කරන්නේ හිට්ලර්ගේ පාලකයෙක් වශයෙන් කොහොමද ඔහු තීරණ ගත්තේ කියලා. ඒ වගේම මටනම් මේක බලද්දී හැඟුනේ කොතරම් කෘර පාලකයෙක් වුනත් ඔහු තුලත් සේවකයන් කෙරෙහි කරුණාවක් නොතිබුනා නෙවෙයි. ඒ වගේම ඔහුට පනටත් වඩා ආදරය කරපු මිනිසුන් පිරිසක් පවා ඉන්නවා හිට්ලර් වෙනුවෙන් තම ජීවිතය වුනත් කැප කරන්න සූදානම් වුන. හැබැයි හිට්ලර්ට ද්‍රෝහී වෙන අයටනම් කාගේ කවුරු වුනත් ඔහුගෙන් සමාවක්නම් නෑ.

    යුද්ධයේ අවසන් කාලයේ ඇතිවන ගැටළු මොනවද හිට්ලර් ඒවාට කොහොම මුහුණ දේවිද ? මේ එඩිතර කෘර නායකයාව අල්ලගන්න රුසියානු හමුදාවන්ට හැකි වේවිද? ඔහුත් සමග ඉන්න හමුදා නිලධාරීන්ට මොන වගේ තත්වයන්ට මුහුණ දෙන්න වේවිද ? බලයට ඇති කෑදර කම නිසා සිදුවන පාවාදීම් මොනවද? මේ වගේ ගැටළු වලට විසඳුම් හොයාගන්නනම් ඔයාලට මේකත් අරගෙනම බලන්න වෙනවා. කට්ටියටම එහෙනම් ජයවේවා කියලා ප්‍රර්ථනා කරනවා…..!!!

    Download
    http://goo.gl/mL4pW


    සිංහල සබ් බයිස්කෝප් එකෙන් ගන්න :yes:

    downfall_large.jpg
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    මචන් විකී මම Drishyam (2013) | සිනමාවේ පිහිටෙන් ගැටයක්… බෑවා, ඒත් එක්ට්‍රෑක් කරන්න දෙන්නෙ නෑ, ෆයිල් කරප්ටඩ්ලු

    idm එකෙන්ද ගත්තේ සබ් එක ගන්න කොට alt බටන් එක ප්‍රෙස් කරගෙන ඩවුන්ලෝඩ් කරන තැන ක්ලික් කරන්න බලන්න මචං
     

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    මචං අලුත් ටැමිල් ෆිල්ම් දෙක තුනක් ඇවිත් තියෙනව. පුලුවන්නම් ඒවයෙ සබ් කරල දියන්කො.