හොදම චිත්‍රපට ඔබට

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    Salaam Bombay! (1988) | සලාම් බොම්බේ

    හින්දි කිව්වම ඔබට මැවෙන්නේ…හින්දි ගීත, ලිප්ස්ටික් මේකප් වලින් පිරිච්ච ලස්සන කෙල්ලන්, බෝල සබන් කොල්ලන්, තාලෙට පය තබමින් සහය වෙන නැට්ටුක් කාරියන්. නේක විධ වර්ණයන්ගෙන් සමන්විත පරිගණක ආලවට්ටම් අතලොස්සක්, කෘතිම පසුබිමක් වැනි දේවල්. හැබැයි මම ගෙනාපු මේ සලරැවට එහෙව් දේ නොතිබීම එතරම්ම කණගාටුවට කරැණක් නෙමෙයි. ඒ නිසා. බිය නොවන්න .මම ඔබව ගෙනියන්න හදන්නේ. 1988 ටය.

    මේ දෙන්න හදන්නේ. ලොවක් දිනපු හින්දි චිත්‍රපටියක්. මගේ මතකයේ හැටියට මේ චිත්‍රපටිය ලංකාවේ මෙතෙක් කල් විකාශනය නොවුනු එකක්.මේ ලෝකේ හැමදාම ඉස්සරහට ගියත් මේ දේශය කොතරම් සංවර්ධනය වුනත් මංමාවත් වල ඉන්න බස් වල හිඟමනේ යෙදෙන දහසක් අධ්‍යාපනය නොලබන ළමුන් වෙනුවෙන් කතා කරන්නට කිසිම දේශපාලුවෙක් වර්තමානයේ ඉදිරිපත් නොවීම කණගාටුවට කරැණක්. කලාතුරකින් ඉදිරිපත් වන එහෙව් මහත්මා දේශපාලකයන්ගේ ඇස් ඇරේවා. අද දින එකම ප්‍රාර්ථනය එයයි.එම ප්‍රාර්ථනයත් සමඟින් මම ඔබට අද ගෙන එන්නේ අමෙරිකා ඔස්කාර් සම්මාන ලත් හොඳම විදේශීය චිත්‍රපටියක්. මෙම චිත්‍රපටිය දැනට සම්මාන රාශියකටත් හිමිකම් කියන බවත් කියන්න අවශ්‍යමය.

    මේකේ ඉන්න ලමයින්ට මේකප් නැත. ලස්සන ඇදුම් ආයිත්තම්ද නැත.බොනිකර තරැ චිත්‍රපටිය පුරාවටම දක්නට නැත. ඇත්තේ අව්‍යාජ්‍යත්වය, මානුෂීයත්වය, දුක, සතුට මැද දෝලනය එක්තරා ආදර කථාන්දරයක් කිව්වොතින් නිවැරදිය.එය එතරම්ම නිවැරදි නැත. එයද විටෙක ප්‍රශ්නාර්ථයකි. එය තීරණය කිරීම මවිසින් ඔබ ට භාර කිරීමට කැමැත්තෙමි.ක්‍රිෂ්ණා යනු අහිංසක දරැවෙකි. ක්‍රිෂ්ණාගේ මව ඔහුව නිවසින් පිටමං කරන්නේ, රැ.500 ක් සොයා ගෙන වරෙන් යැයි කියමින්. ඉන් පසු දිග හැරෙන කථාන්දරය,ක්‍රිෂ්ණාගේ වටා සිදුවනු ඔබට දැකිය හැකිය. මෙවන් යථාර්ථවාදී ජීවිත 1988 නොව අදටත් ජීවත් වනවා අපට දැකිය හැක. ගෝලීය වශයෙන් අදටත් මෙම චිත්‍රපටිය වලංගු බව සමහරක් විචාරකයින්ගේ මතයයි.හයක් හතරක් නොදත් ළමුන් හට මත්‍ද්‍රව්‍ය ලබා දී මත්ද්‍රව්‍ය ව්‍යාප්ත කිරීමේ අරමුණ ඇති ව ක්‍රියා කරන සලාම් බොම්බේ හි බාබා වැනි චරිත අදටත් මේ දේශයේ මෙන්ම ලෝකයේද දැකිය හැක. එතුලින් අපිට නොකියා කියන ලද කතාන්දරය ඔබ හැමෝටම බලන්න ආරාධනා කරමි.

    ඔබ මට චෝදනා කරන්න ට පුලුවන් කාරණා කීපයක් ඇතැයි මම විශ්වාස කරමි. කම්මැලිකම, කුතුහලය, ඇක්ෂන්, හොරර් ගණයට මෙය අයත් නැති වීම, රිමික්ස් රොක් සින්දු අන්තර්ගතයේ නොමැති වීම, වීරයන්, දුෂ්ටයන් ගේ පිරිවර, අවි ආයුධ, මෙතුලින් දක්නට නැතිවීම, විශේෂයෙන් සඳහන් කල යුතු කාරණයක්. මෙහි ඇත්තේ මේ අට්ටෝත්තර සමාජයේ ගැවසෙන කුහක මිනිසුන්ගේ යටිකූට්ටු දර්ශනයක්ය. එහෙයින් මෙම චිත්‍රපටියේ එන කිසිදු චරිතයක් සුදු නැත. කලුද නැත. ඇත්තේ මිශ්‍රණයකි.

    ලක්ෂ ගණන් ගිනි කෙලි සංදර්ශන, විනෝදාස්වාදය සඳහා වෙන්වෙන මිලියන ගණන් මුදල් ආකර යොදා, උපන්දින සාද, නේ ක විධ උත්සව පවත්වද්දී, ඒ කිසිදු දෙයක් නොමැතිව ජීවිතය ජීවත් කරන්න දඟලන මිනිසුන්ගේ අඳෝනාව ඔබ හටත් දැනිය යුතුමය.

    හදවතින්ම නරඹන්න…නෙතඟට කදුලක් සහිතව ඔබේ කාලය ඔබම ගත කරනවා නොතේරේවි….
    කුසට හරි හැටි අහරක් නොලැබෙන…අධ්‍යාපයේ වරම් අහිමි වුනු…පැල්පත් වල, මුඩුක්කුවල තවමත් ජීවිතය සමග සටන් කරන ළමා ලෝකය අහිමි වුනු සියලු ලාංකීය අනාථ, අසරණ දරැවන් වෙනුවෙන් සෑම පුරවැසියකුගේම, සෑම දේශපාලකයන්ගේම ඇස් ඇරවීම උදෙසා.. මෙකී සිනමාව පරිවර්තනය කළ වගත් අවසානයේ සිහිපත් කරමි.
    :rolleyes:

    Download - http://tinyw.in/8MY6

    සිංහල සබ් බයිස්කෝප් එකෙන් ගන්න:)

    salaam_bombay_88.jpg
     
    Last edited:

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    TV එකේ subtitle එක්ක බලන්න, subtitle එක video එකට එම්බෙඩ් කරන්න
    Freemake Video Converter එකෙනුත් පුළුවන්.

    Download
     
    Last edited:
    May 29, 2015
    612
    45
    0
    12 angry men man balapu pattama patta film ekak oka. loku cost ekak yan nathiwa maxa film hadanna puluwan patta naluwo innawa nan kiyala oppu wenawa meken