පුංචි කාලේ රාතියේ වැහි දවසක උණු පොල් රොටියක් කන අතරේ සැබෑ මිනිසෙකුගේ කථාවක් කියෙව්වා, එක ළමා කාලයේ අමතක නොවන මතකයක්.
ටීන් කාලේ ටාසන් පොත්, මොනතක්‍රිස්තෝ පොත්, ශී, ඇලන් ක්වාටමෙන් වගේ පොත් කියෙව්වා, ඒ කතා වලින් කෑලි අරගෙන අපේ වල්ඩ් සෙක්සි ඩ්‍රීම්ස් තව විවිඩ් කරගත්තා. ඒ කාලේ ඒවා පට්ටම පොත්.
තව ටිකක් කල් ගියාම චන්දන මෙන්ඩිස් පරිවර්තන කතා.. එත් ඒ මනුස්සය අතින් කෑලි දාල චොර කරගත්තා නේ
එඩ්ගා ඇලන් පෝ ගේ මිස්ටරි කතා, පර්සි ජැක්සන් කතා, හැරී පොටර් කතා වගේ ඒවාට කැමති. ඩාවින්සි කෝඩ් කියවල ඩෑන් බ්‍රවුන්, සිඩ්නි ශේල්ඩන්, රොබින් කූක්, මයිකල් ක්‍රයිටන්, ජෙෆ්රි ආච කියවන්න ගත්තා. චින්තා ලක්ෂමී මැතිණිය ගේ අපූ කතා සෙට් එක, කියෙව්වා, එක ආපහු කියවන්න ගට්ස් නැහැ.
ළමාකාලය ඉක්මවුවත් ඊනිඩ් බ්ලයිටන් පොතක් අහුවුනොත් කියවනවා, හාඩි බෝයිස් පොත්, ඔහොම මහා ලිස්ට් එකක් තියෙනවා. මග ඇරිලා තියෙන තව පොත් තියෙනවා, ඒවා වල කර්තෘ නම් මතක නැති නිසා,
ඉතින් හොඳම එකක් තෝරන්න හරිම අමාරුයි, එක එක කැටගරි එකේ එක එක පොත් තියෙනවා, හොඳ පොතක් ඒ වෙලේ රස විඳින්න පුළුවන්, පස්සේ අකමැති වෙන්නත් පුළුවන්,
හාඩ් කෝ හැරී පොටර් ෆෑන් කෙනෙක් විදිහට හැරී පොටර් පොත් හොඳයි කියන්න පුළුවන්, එත් ඒවා හොඳම පොත් නෙවේ.
කොහොම නමුත් එපා වීමක් නැතිව නැවත නැවත කියවන්න කැමති පොත් දෙකක් තියෙනවා, මයිකල් ක්‍රයිටන් ගේ ටයිම්ලයින් පොත. මාක් ට්වේන් ගේ හක්ල්බරි ෆින් චන්ද්‍ර අනගිරත්න සිංහල පරිවර්තනය.