හොද්දක ඇති ගුණ...

cat123

Well-known member
  • Sep 25, 2007
    2,695
    4,434
    113
    හොදි කෑවාම වෙන දේ දන්නවා නම් ඔබ හැමදාම හොදි කයි....

    සමහර අය බත් එක්ක හොදි කන්න හරිම ආසයි. හොදි කන අය හොදි දීසි පිටින් කද්දී තව සමහරුන්ට හොදි පේන්න බෑ. එයාලා කැමති හින්දපු ව්‍යාංජන එක්ක බත් කන්න. අපේ අත්තම්මලා සීයලා නම් හොදි වල ෆෑන්ස් ලා. මම දවසක් ඇයි හොදි වලට ඔච්චර ආස කියලා ඇහුවම එයාලා කීවේ අපිට ඉතින් උඹලට වගේ හයියට හපන්න දත් නෑනේ පුතේ කියලා. ඒත් දත් තියෙන කාලෙදිත් අපේ අත්තම්මා කිරිහොදි කන්න, අපේ සීයා තලප එක්ක කරවල හොදි කන්න හරිම ආසයි කියලා අපේ අම්මා රහසින් මට කිව්වා. ඒකයි එයාලා අවුරුදු 80 ක් පැනලත් ඉහෙන් බහින කිසිම ලෙඩක් දුකක් නැතිව ලස්සනට ජීවත් වුනේ.

    හොදි කන අය හොදි කාපු දෙන්. හොදි නොකන අය හොදි නොකාපුදෙන් කියලා කලින් ඔබ හිතුවත් අද මේ හොදි ගැන කියන කතාව ඇසුවට පස්සේ හොදි නොකන අයටත් හොදි නොකාම ඉන්න බැරිවේවි. කොහොමහරි එයාලත් හොදි කන්නට පටන් ගනීවි.
    උපන් දවසේ ඉඳලා තුන් වේලටම කෑම පිඟානේ හොදි දකින අපිට ඒ හොද්දේ රසවත් බවට එහා ගිය ලොකු ගුණවත් බවක් තියෙනවා කියලා හිතුනෙ නැති එක සාධාරණයි. ඒත් බටහිර රටවල් වල මේ ආහාර සංස්කෘතිය නොමැති නිසා ඔවුන්ට මෙය මහ අමුත්තක්. ඉතින් හාවඩ් විශ්වවිද්‍යාලයෙන් දැනට අවුරුදු කිහිපයකට පෙර ආසියාතික රටවල හොද්දේ ඇති ඖෂධීය වටිනාකම පිළිබඳව මහ දැවැන්ත පර්යේෂණයක් සිදුකලා. ඒ පර්යේෂණ වල ප්‍රතිඵල ආවම සුද්දොත් හරි හරියට හොදි හදාගෙන කන්න පටන් ගත්තා. මොකක්ද දන්නවද ඔවුන් සොයාගෙන තිබ්බේ. හොදි වලට 70% කින් පිළිකා සෑදීමේ සම්භාවිතාව අඩුකරන්න පුළුවන් කියලයි. ඉතින් ඒ පිළිබඳව තවදුරටත් පර්යේෂණ සිදුකළ ඔවුන්ට සොයාගත හැකි වුනේ හැම හොද්දකම වගේ අන්තර්ගත වන ප්‍රධාන අමුද්‍රව්‍ය 03 ක් නිසා මෙසේ පිළිකා සෑදීමේ සම්භාවිතාව අඩු වන බවයි.

    ඉන් පළමුවැන්න තමයි පොල්කිරි. පොල්කිරි සතුව ඇති විශ්මිත බලය බටහිර රටවල ඇති ඔලිව් ඔයිල් වලටත් වඩා ප්‍රභල බවත් පොල්කිරි මඟින් ශරීරයේ විෂ පුදුමාකාර විදිහට නසන බවත් ඔවුන් එහිදී සොයාගත්තා. අපි පුංචි කාලේ සතෙක් විද්දහම එහෙම නැත්නම් දළඹුවෙක් ගෑවුනහම අපේ ඇඟේ පොල්තෙල් ගෑවා. ඒ කියන්නේ මේ රහස අපේ පැරැන්නන් තුළ නිධන්ගතව තිබුණ එකක්. ඒවගේම විසප්පුවක් ආවහම එතනට පොල් තියලා බඳින සිරිතක් අපිට තිබුණා. ඒ කියන්නෙත් පොල්වල ඇති රසායනිකයන් විෂ උරාගන්නවා කියලා අපි අත්දැකීමෙන්ම දැනගෙන උන්නා කියලා කියන එකයි.

    බටහිර සරසවි වල මේවා දැන් හොයාගත්තට අපි මේවා හොයාගෙන තිබ්බේ බොහොම කලින්. ඉස්සර ගමේ ගොඩේ ගැහැණු ළමයි පෙම් හුටපට වලදි හදිස්සියේම දුවලා ගිහින් භූමිතෙල් බොනවා. එහෙම වුනාමත් ඒ අයට පෙව්වේ පොල්කිරි හෝ පොල්තෙල්. භූමිතෙල් වල ඇති විෂ නසන ගුණයක් පොල්කිරි වල පොල්තෙල් වල තිබුණා. ආයුර්වේදයේදී කංසා වැනි ශාක වල විෂ ඉවත් කිරීම සඳහාත් යොදාගන්නේ පොල්කිරි. මේ දේවල් වලින් හිතාගන්න පුළුවන් නේද, අපි කන පොල්කිරි කොතරම් බල සම්පන්නයි ද කියලා.
    ඔවුන් හොයාගත්ත දෙවැනි දේ තමයි හොදි වලට යොදන කහ. කහ වල ඇති විෂ නසන ගුණය පිළිකා සෛල වල ක්‍රියාකාරිත්වය සම්පුර්ණයෙන්ම අඩපණ කරනවා කියලයි ඔවුන් කියන්නේ. කොරෝනා කාලයේදී විෂබීජ නාශකයක්, ප්‍රතිශක්තිය වඩවන ආහාරයක් ලෙස කහ කොතරම් ජනප්‍රිය වුනාද කියන එක අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඔබම එය අදටත් අත්දකිනවා.

    බටහිර රටවල් සාමාන්‍යයෙන් කහ කන්නේ නෑ. කහ කන්නේ අපි. නැත්නම් ඉන්දියාව, පකිස්ථානය වගේ ආසියාතික රටවල්. හොදි කන අයට හොඳට කහ කැවෙනවා. කහ වලට මේ වගේ අසීමිත බලයක් තියෙන නිසා තමයි කිලි නසන්න, විෂබීජ නසන්න අපේ පැරැන්නෝ උදේ හවස කහ ඉස්සේ. අම්මාවරුන්ගේ අසනීප හැදුනම අමුකහ එල්ලුවේ. බටහිර රටවල් මේ රහස හොයාගන්නකොට කුඩා වියේ සිට මේ දක්වා අපි කහ කිලෝ තිහ හතලිහක් විතර කාලා ඇති. ඉතින් හොදිකන අපිට ස්වභාවයෙන්ම පිළිකා සෑදීමේ අවදානම අඩුයි. මේක ඇහුවම දැන් හොදි කන අයට ගොඩක් සතුටු හිතේවි. ඉතින් තව තව හොදි කන්න.

    පිළිකා සෛල සෑදීමේ සම්භාවිතාව අඩු කරන හොදි වල ඇති තුන් වන රහස් අමුද්‍රව්‍යය තමයි දෙහි. සාමාන්‍යයෙන් ලංකාව, ඉන්දියාව වගේ රටවල හොද්දට, මාලුවට, සම්බෝලයට හොඳට දෙහි දානවා. දෙහි ඇඹුල් ටිකක් නැත්නම් අපිට කන්න බැරි ගතියකුත් එනවා. කෑමට දමන මෙම දෙහි වල විෂබීජ නසන ගුණයක් තියෙන නිසා තමයි අපේ පැරැන්නෝ කහ සමඟ දෙහි මුසු කරලා ගෙදරට ඉස්සේ. මලගෙදරක ගිහින් ගෙදරට ආවම අපේ අම්මලා දෙහි බෑයක් අතට දීලා මේක ගාගෙන නාගනින් කියලා කිව්වේ. මෙම දෙහි වල ගුණය බාහිරයට විතරක් නෙවෙයි ශරීර අභ්‍යන්තරයටත් එකලෙස ක්‍රියාකරන නිසා අපේ අත්තම්මලා සැර මසක් මාලුවක් උයද්දී වැඩිපුර දෙහි ටිකක් දාන්න කියලා අපිට උපදෙස් දුන්නා. ඕනම සැර දෙයක විෂ ගතිය, සැරගතිය අවම කරන්න පුළුවන් බව අත්දැකීමෙන්ම දන්න නිසා තමයි අරක්කු බීලා හොඳටම වෙරි උනාම දෙහි පොවන්නෙත්. දෙහි ගාන්නෙත්.

    ඉතින් මේ දේවල් හාවඩ් සරසවියෙන් අපිට කියලා දෙන්න කලින් අපේ පැරැන්නන්ට පින් සිද්ධ වෙන්න මේවා උරුමයෙන්ම අපේ ආහාර සංස්කෘතිය තුළම ගැබ් වෙලා තිබුණා. නමුත් අවාසනාවකට අපි ඉඳි ආප්ප ටිකක්, රතු කැකුළු බත් ටිකක්, තලපයක් එක්ක කාපු හොදි දීසිය අමතක කරලා ඒ වෙනුවට ක්ෂණික නූඩ්ල්ස්, සොසේජස්, පේස්ට්‍රි, පීට්සා වැනි ආහාර වලට හුරුවුනා. ඒ නිසා තමයි අද දිනකට අලුතෙන් පිළිකා රෝගීන් 80 ක් මහරගම පිළිකා රෝහලේ ලියාපදිංචි වෙන්නේ.
    ඉතින් දැන්වත් මේවයින් පාඩමක් ඉගෙනගෙන සම්බා හාලෙන් නාඩු හාලට, අයිස්ක්‍රීම් එකෙන් මුදවපු කිරි හට්ටියට, පැණි බීම බෝතලයෙන් තැඹිලි ගෙඩියට මාරුවෙන්න හොඳින් හිතට ගන්න. අපි තවමත් ගොඩක් ප්‍රමාද නෑ. ඒ නිසා අපේ සිංහල කෑම වට්ටෝරුව හැමදාටම විශ්වාස කරන්න.

    from : fb
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    දොස්තරල කොලෙස්ට්‍රෝල් හැදෙනව කියල පොල් කිරි අඩුවෙන් දාල, දිය කිරෙන් කන්න කියනව
    හැබැයි මිනිස්සුන්ගෙ කොලස්ට්‍රෝල් අඩුවකුත් නෑ, පිළිකා අඩුවකුත් නෑ...

    පිටි කල පොල් කිරි කොහොමද දන්නෑ...
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    "හොදි කන අයට හොඳට කහ කැවෙනවා. කහ වලට මේ වගේ අසීමිත බලයක් තියෙන නිසා තමයි කිලි නසන්න, විෂබීජ නසන්න අපේ පැරැන්නෝ උදේ හවස කහ ඉස්සේ. අම්මාවරුන්ගේ අසනීප හැදුනම අමුකහ එල්ලුවේ. බටහිර රටවල් මේ රහස හොයාගන්නකොට කුඩා වියේ සිට මේ දක්වා අපි කහ කිලෝ තිහ හතලිහක් විතර කාලා ඇති. ඉතින් හොදිකන අපිට ස්වභාවයෙන්ම පිළිකා සෑදීමේ අවදානම අඩුයි."

    කහ නැතිවනේ දැන් කන්නේ. පව් ඒ මිනිස්සු
     
    • Like
    Reactions: Piyathissa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    මට නං පේන්නෙ කවුරු හරි අතින් දාල ලියපු එකක්, මම ඉන්ටනෙට් එකේ හෙවුවා හෙවුවා හාවඩ් එකෙන් හොදි ගැන එහෙම රිසර්ච් එකක් කරලාද කියලා. පේපර් එකක්වත් පබ්ලිකේශන් එකක්වත් හම්බුනේ නං නැහැ. කාට හරි හම්බුනොත් අපිටත් දැනගන්න රෙෆරන්නස් එක දාන්න

    පටන් අරන් තියන විදියෙන්ම පේනවා click bait එකක් කියලා, ලියල තියන විදියෙත් ටිකක් අමුතු ස්ටයිල් එකක් පේනවා, ඔය ස්ටයිල් එකට හෙනට ආටිකල් ලියලා මම දැකල තියනවා
    මවුබිම එකේ ගියපු ආටිකල් එකක්ද දන්නෙ නෑ