හොද පෙම්වතෙක් වෙන්නේ කොහොමද ?

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හොද පෙම්වතෙක් වෙන්නේ කොහොමද ?

    මේක ගොඩක්ම වැදගත් වැන්නේ පෙම්වතියන්ට වඩා පෙම්වතුන්ට තමයි.ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නෑ කියනවනේ.ඒ වගේ ආදරෙත් ඕනවට වඩා කරන්න ගියොත් වැඩේ දෙල් වෙන්න පුළුවන්.හරි එහෙනම් කොල්ලනේ කියවන්න පටන් ගන්න.ඔබ අවධානය යොමු කරන්න ඕනේ කාරණා 6ක් ගැන මේ ලිපියෙන් කියලා දෙන්නම්




    හැම වෙලාවේම ඇය කොහෙද යන්නේ මොකද කරන්නේ කියලා හොයන්න යන්න එපා
    තමුන්ගේ කෙල්ල ගැන හොයලා බලන්න ඕනේ.එත් කෙල්ලගේ පස්සෙන් ඕනවට වඩා follow කරන්න යන්න එපා.බැලු බැල්මට නම් තමුන්ගේ කෙල්ල මොකද කරන්නේ / කොහෙද ඉන්නේ කියලා පැය 24 පුරාම හොයන එක මුලින් මුලින් නම් ඒ තරම් නරක දෙයක් නෙවෙයි .එත් කාලයත් එක්ක ඒ දේවල් අඩු කරන්න.අඩු කරන්න කියන්නේ හොයන්නේ නැතුව ඉන්න එක නම් නෙවෙයි.තම පෙම්වතිය නිවසේ ඉදන් කඩේට යනකොටත් ඔබට කියලා යන්න ඕනේ නෑ.ඒ වගේ පොඩි දෙයක් ඔබට කිව්වේ නැ කියලා ඔබ තරහ ගන්න පෙම්වතෙක් නම් ඉක්මනට ම ඇයට ඔබව එපා වේවි.තව දෙයක් "මේ තරම් වෙලා මොකද කරේ" කියන ප්‍රශ්නේ තමන්ගේ කෙල්ලගෙන් අහන්න කලින් දෙපාරක් හිතන්න.මොකද එතකොට පෙම්වතිය හිතින් හිතනවා තම පෙම්වතා ඒ වගේ ප්‍රශ්නයක් අහන්නේ ඇය ගැන සැක යෙන් ඉන්න නිසා කියලා.



    දවස තිස්සේ ඇයට දුරකථන ඇමතුම් / sms ගහන්න යන්න එපා
    තම පෙම්වතිය ට call කරන්න ඕනේ.sms කරන්න ඕනේ.එත් ඔබ ඒ දේ වෙලාවක් කලාවක් නැතුව නිතරම කරන්න ගියොත් නම් ඒ තරම් හොද වෙන එකක් නෑ.ඔබ ඇයට යවන හැම sms එකකටම ඇය reply කරන කම් බලා ඉන්න පෙම්වතෙක් වෙන්න එපා.ඒ වගේ වෙලාවට ඔබ ඇයට බනිනවා නම් දුක් වෙනවා නම් ඔයාලගේ සම්බන්ධය වැඩි කල් අරන් යන්න බැරි වෙයි.




    ඇයට ඉන්න එකම මිතුරා ඔබ කියලා හිතන්න යන්න එපා
    ඇයගේ ජීවිතය තුල යහළුවන් ගොඩක් ඉන්න පුළුවන්.ගැහුණු යාලුවෝ වගේම පිරිමි යාළුවොත් ඉන්න පුළුවන්.ඒ නිසා මිතුරෙක් විදියට ඇයගේ සම්පුර්ණ අවධානය ඔබ වෙත ගන්න උත්සහ කරන්න යන්න එපා.ඔබ ඇයගේ පෙම්වතා.හැබැයි එකෙන් අදහස් වෙන්නේ නෑ ඇයගෙ හොදම මිතුරා ත් ඔබ කියලා.ඒ නිසා ඒ දේ හොදට තේරුම් අරන් පෙම්වතිය එක්ක හිටියොත් ගොඩක් දුර යන්න පුළුවන්.




    නිරන්තරයෙන් සැක කරන්න යන්න එපා
    උදාහරණයක් විදියට තමුන්ගේ පෙම්වතිය කිසියම් කොල්ලෙක් එක්ක කථා කරනවා කියමු.හැබැයි මේ පොර කෙල්ලගේ school එකේ යාලුවෙකුත් නෙවෙයි.office එකේ යාලුවෙකුත් නෙවෙයි.අසල් වැසියෙකුත් නෙවෙයි.මේ වගේ වෙලාවට ඕන පෙම්වතෙක්ට පොඩි සැකයක් එනවා තමයි.එත් ඒ දේ ඔබ පාලනය කර ගන්න ඕනේ."කොහොමද ඔයා ඒ මිනිහ අදුරන්නේ"කියන ප්‍රශ්නය පෙම්වතියගෙන් අහන්න කලින් දෙපාරක් හිතන්න.ඔබේ ජීවිතයේත් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්.වැදගත්ම දේ දෙන්නා අතර හොද විශවාසයක් ගොඩ නගාගන්න එක. එතකොට අනවශ්‍ය බයක් ඇති වෙන එකක් නෑ .



    ඇය අදින්න ඕනේ කොහොමද කියන එක ඔයා තීරණය කරන්න යන්න එපා
    ගොඩක් කෙල්ලෝ කැමති fashion කරන්න.ලස්සනට අදින්න.එත් ගොඩක් කොල්ලෝ කැමති තමුන්ගේ පෙම්වතිය චාම් විදියට ඉන්නවා දකින්න.කවදාවත් තමුන්ගේ කෙල්ල අදින්න පළදින්න ඕන දේවල් ඔයා තීරණය කරන්න යන්න එපා.මේකෙන් අදහස් වෙන්නේ කෙල්ලට ඕනේ මගුලක් අදින්න දෙන්න නිදහස දෙන්න කියලා නෙවෙයි හොදේ .ශිෂ්ට සම්පන්න ඕනේ ඇදුමක් අදින්න ඇයට නිදහස ලබා දෙන්න.පුංචි මැදිහත් වීමක් කරා නම් හොදටම ඇති.




    කවදාවත් ඔබගේ හොදම යහළුවට ඔබගේ පෙම්වතිය ගැන ඔත්තු බලන්න කියන්න එපා
    ඔබ නැති වෙලාවට ඔබේ පෙම්වතිය මොකද කරන්නේ ? කාත් එක්ක ද කතා කරන්නේ ? මොනවද කතා කරන්නේ ? මොනවද අදින්නේ ? කියන ප්‍රශ්න ගැන හොයන්න ඕනේ කියලා ඔබට හිතෙනවනම් සහ ඒ වැඩේ කරන්න ඔබේ හොදම යාලුවෙක් පත් කරන්න හිතෙනවා නම් ඔබ ටිකක් පරිස්සම් වෙන්න.කවදාවත් ඒ වැඩේ කරන්න යන්න එපා.මොකද කවදාහරි ඇය එක දන ගත්තොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙවී. ඒවගේම යාලුවෝ කියන ජාතිය ඕනවට වඩා විශ්වාස කරන්න අමාරුයි කියලා මතක තියා ගන්න.







    ඔබට මේ ඉහත සදහන් කරපු කරුණු හය ගොඩක් වැදගත් වේවි ඉදිරියේදී පෙම්වතිය සමග කටයුතු කරන කොට.ඔබේ අනවශ්‍ය සැකය නිසා සම්බන්දය දෙදරා යන්නත් පුළුවන්.කරන්න පුළුවන් හොදම දේ තමයි දෙන්නා අතර හොද විශ්වාසයක් හා අන්‍යෝනය අවබෝධයක් ඇති කර ගන්න එක.එතකොට ප්‍රශ්න අඩුයි.


    ගත්තේ මෙතනින්
    http://sadakalthorathuru.blogspot.com/p/blog-page_11.html
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    බොහෝ දුරට ඇත්ත..අපි ආදරේ වැඩි කමට හොයන්න බලන්න ගියාම අපිව නොදැනීම මල වදයක් වෙලා එපා වෙනවා:P
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕවා පොත් කියෝලා කරන වැඩ නෙවේ බන් ඇඟෙන්ම එනවා ඒක :love:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    might be helpful :yes::yes::yes:

    BDEF-BOCEAAsPTj.jpg
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අපි ආදරේ වැඩි කමට හොයන්න බලන්න ගියාම අපිව නොදැනීම මල වදයක් වෙලා එපා වෙනවා
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ඔහොම ඉදලා තමයි බන් මටත් කෙලවුනේ :-(

    sorry machan...I'm not recommend above steps.!!!
    ;)

    ඔහොම අපි උන්නම හැදෙන කෙල්ලො උන්නේ ඉස්සර බන් එකදාස් නමසිය පනස් ගණන් වල හැට ගණන් වල.. :confused: