හොද වැඩ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,925
    35,864
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමට ඊයේ (25) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. මේ හේතුවෙන් මිනිත්තු 25 කට ආසන්න කාලයක් එම ගිණුමේ නිරුවත් ඡායාරූප ආදිය පළකර තිබු බවයි වාර්තා වන්නේ.

    කෙසේ වෙතත් අද අළුයම් කාලය වන විට පාර්ලිමේන්තුවේ ට්විටර් ගිණුම යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවී ඇති අතර මේ දක්වා එම සයිබර් ප්‍රහාරයක් ද එසේත් නැත්නම් එය කවුරුන් විසින් සිදුකලාද යන්න සම්බන්ධයෙන් කරුණු හෙළිවී නැහැ.

    මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයාගෙන් විමසු අවස්ථාවේදී ඔහු කියා සිටියේ ඒ පිළිබඳව මේ වන විට කරුණු සොයා බලමින් සිටින බවයි. එසේම ට්විටර් ගිණුමේ පළකර තිබු සටහන් ඉවත් කිරීමට පියවර ගත් බවත්, කිසිම අයුරකින් ට්විටර් ගිණුම අක්‍රිය කිරීමට කටයුතු නොකළ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
     

    Similar threads