හොඳම ගුරුවරයා

jennt

Well-known member
  • Sep 23, 2021
    3,157
    4,820
    113
    Abyss
    primary පන්ති වල ඉද්දි ඒකෙ principal විදිහට හිටිය
    teacher කෙනෙක් හිටියා.. එයා තමයි ඉතින්.

    ඒ කාලෙ අපේ පවුලට ගොඩක් අමාරු කාලයක්. ලොකු
    අයිය campus එකේ . චූටි අයිය A/l කරනවා. ගෙදර හැමදාම
    ප්‍රශ්න තාත්ත බීල ඇවිල්ල අම්මට ගහනවා. පහුවදාට මුළු
    ගමම දන්නවා සිද්ධිය. මම පොඩි හින්දා වැඩිය තේරෙන්නේ නෑ..

    ඔහොම රණ්ඩුවක් ගියපුදවසට පහුවදා මම ඉස්කෝලෙ ගියේ නෑ.
    principal ට ඕක ආරන්චි වෙලා ගෙදරට ඇවිල්ල එක්කන් ගියා.
    මම ඒකාලෙ දක්ෂයි. ඒ teacher ඒක හඳුනගෙන ඉගෙන ගන්න මාර
    විදිහට උනන්දු කරා. ඒකෙන් තමා ශිෂ්‍යත්වය pass වෙලා
    ටිකක ප්‍රසිද්ධ ලොකුයි කියන ඉස්කෝලෙකට යන්න හම්බුනේ..
    ළමයෙක් වෙනුවෙන් එච්චර කැප වෙන ගුරුවරයෙක් ඊට පස්සේ
    හම්බෙලා නෑ..

    ඒකට ගියාට පස්සේ ලොකුම ප්‍රශ්නය වුණේ ඉංග්‍රීසි.. ශිෂ්‍යත්වය
    ලියන්න ඉංග්‍රීසි ඕන බොහොම පොඩ්ඩයි. ඒත් 6 වසරට ගියාම
    සම්පූර්ණ අච්චු පොතක්ම තියෙනවා. ඒකෙ teacher කියන
    මෙලෝ දෙයක් තේරුණේ නෑ.. පිස්සු වගේ.. අනිත් ළමයි ඔක්කොම
    උත්තර දෙනවා සට පට ගාල..

    ඊට පස්සේ ගෙවල්ගාව sir කෙනෙකුට සිද්ධිය කිව්වට පස්සේ
    sir ඊළඟ සතියට අදාළ පාඩම් මේ සතියේ සතිඅන්තයේ කරලා
    යැව්වා. දන්නැති හැම වචනයකම තේරුම සිංහලෙන් ලියාගෙන
    activities ඔක්කොම කලින් කරලා යන්නේ.. ඒ අවුරුද්දෙන්
    පස්සෙ ඉංග්‍රීසි පන්ති යන්න ඕන කමක් තිබුනේ නෑ.. ගත්තු
    ගාන හරියටම මතක නෑ.. බොහොම පොඩි ගානක් ගත්තේ..

    ඔය අතරේ ඉස්කෝලෙ එපා කරපු ගුරුවරුත් හිටියා..
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    😍
     
    • Like
    Reactions: jennt

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    මමනං බොහෝවිට මේ වෙද්දි, කොහෙ හරි බනධනාගාරෙක ඉන්න ඉඩ තියෙනව.
    විවෘත සිර කඳවුරක කැඩිච්ච බන්දනාගාර බස් එකක්, පොලිස් ජීප් එකක් හදනවා වෙන්ඩත් පුලුවන්.
     
    • Haha
    • Love
    Reactions: NRTG and PHBhagya

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Mata nam aththatama ehema kauruth ne ban.... honda naraka.... e kiyanne man kemathi akamathi guruwaru innawa..... echcharai....
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    එහෙම සැබෑ ගුරුවරු කියලා එක්කෙනෙක් නෙවෙයි , කිහිප දෙනෙක්ම මට මුනගැහිලා තියෙනවා. ඒ අතින් මන් ලකී.
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,528
    113
    අපිට ඒ ලෙවල් ඉංග්‍රීසි කරපු සර් සහ බයෝ කරපු ටීච. සර්ට මාර දැනුමක් තිබුනා. ඉංග්‍රීසි විතරක් නෙවෙයි හැම දෙයක් ගැනම. වෙනස් විදියකට ජීවිතේ දිහා බලපු කෙනෙක්. ඉංග්‍රීසි ඉගෙනගන්න එකෙක්ට වත් උවමනාවක් තිබුනෙ නෑ. දන්නවනෙ ඒ කාලෙ. හැබැයි සර් කවදාවත් බුල් කෙලියෙ නෑ. හැමදාම පන්තියට ආවා. ඉගැන්නුවා. අපේ පන්ති භාර් හිටියෙත් සර්. ට්‍රිප් එකක් ඕගනයිස් කරා ආයෙ මුකුත් නෑ ඒක තමයි අදටත් මම ගිය හොඳම ට්‍රිප් එක. අම්පාර මඩකලපුව සයිඩ් එකේ හැම තැනක්ම කවර් කරා. හැම තැනක් ගැනම හොඳ අවබෝධයක් සර්ට තිබුනා. ඔය මඟුල් මහා විහාරය මුහුදු මහා විහාරය පාසිකුඩා බුද්ධංගල එහෙම දැන් ප්‍රසිද්ධ උනාට ඒ කාලෙ කවුරුත් යන් නෑ. ඒ හැම තැනම එක්කන් ගියා. සිරා පොරක්. කඩ්ඩත් ඒ වගේමයි.
    ටීචත් කවදාවත් බුල් කෙලියෙ නෑ. අපි ඉගෙන ගන්නෙ නැති බව දැන දැනත් අපිට පුලුවන් උපරිමෙන් ඉගැන්නුවා. ටීචට ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානයක් බාර දීල තිබුනා. ඒකෙ ඔය අන්වීක්ෂ අරව මේව තිබුනා. ඒවත් උදව් කරගෙන අපිට පට්ටෙටම ඉගැන්නුවා. අපේ පන්තිය තමා ඒ අවුරුදු දෙකේ සයන්ස් එකේ නරකම පන්තිය. ඒත් ටීච හැමදාමත් අපිට ආදරේ කරා. පෙන්ෂන් යන දවසෙත් මුලු ඉස්කෝලෙම ඉස්සරහ අපි ගැන කතා කරල අපිට සුබ පැතුවා. අපේ පියතුමා වැඩ කරෙත් මම ගිය ඉස්කෝලෙ මයි. ඒත් ටීච කවදාවත් මගෙ නසරාණි වැඩ පියාට කියන්න ගියෙ නෑ. එක දවසක් වත් කියල නෑ. මා එක්ක විතරයි කතා කරේ ඒ ගැන. පට්ට හොඳ මිනිස්සු දෙන්නෙක්. අදටත් පාරකදි දැක්කත් දණ ගහල වඳින මිනිස්සු තුන් හතර දෙනාගෙන් දෙන්නෙක්.
    කෙනෙක්ට දණ ගහල වඳින්න හිතෙන මිනිස්සු ජීවිත කාලෙටම හම්බ වෙන්නේ ඔය වගේ බොහොම ටික දෙනයි බං.ඉස්සරහට ඒ අය තවත් අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නෑ...
     
    • Like
    Reactions: NRTG