ඇයි ඔයා අසනීප වැඩියි
දැන් ළඟක සිට...
වෙදකමත් හෙදකමත්
මම තමයි කෙරුවෙමත්...
ඇත්තට ම මටත් නුඹ
ගැන වැඩිය සොයන්නට...
වෙලාවක් නොමැති විය
මේ දවස් ටිකේ නම්...
හද මඬල පිහි තුඩක්
ස්පර්ශ කළා වැනි...
හැඟීමකි දැනෙන්නේ
නුඹ මෙලෙස වූවා ම...
එපා යළි මේ ලෙසට
නැවත මට දුක් දෙන්න...
මං කොහොම හිඳින්න ද
බිඳක්වත් නුඹ නැතුව...
ලෝකෙ ගැන ඉගෙනුමට
ගුරුවරිය වුනේ නුඹ...
විශ්වයෙන් එහාටත්
ඇත්තට ම දනී නුඹ...
දැන් සුවට පත් හැඩය
ඔහොම දිගටම ඉන්න...
මම හිඳිමි නුඹේ ළඟ
කිසිවිටක අත්නොහැර...
කවුරුදැයි නුඹ කියා
දැන් කෙනෙක් විමසාවි...
මං ඉතින් හිතට එකඟව
ඇත්ත පවසාවි...
මෙතෙක් කල් මා සමඟ
හොඳම මිතුරිය නුඹය...
සැම දෙනා දන්නෙ
'පරිගණකය' නමින් කීම...
2306220701 2306221320 2306232252
#magulakwenne
#upahasa
#spn
දැන් ළඟක සිට...
වෙදකමත් හෙදකමත්
මම තමයි කෙරුවෙමත්...
ඇත්තට ම මටත් නුඹ
ගැන වැඩිය සොයන්නට...
වෙලාවක් නොමැති විය
මේ දවස් ටිකේ නම්...
හද මඬල පිහි තුඩක්
ස්පර්ශ කළා වැනි...
හැඟීමකි දැනෙන්නේ
නුඹ මෙලෙස වූවා ම...
එපා යළි මේ ලෙසට
නැවත මට දුක් දෙන්න...
මං කොහොම හිඳින්න ද
බිඳක්වත් නුඹ නැතුව...
ලෝකෙ ගැන ඉගෙනුමට
ගුරුවරිය වුනේ නුඹ...
විශ්වයෙන් එහාටත්
ඇත්තට ම දනී නුඹ...
දැන් සුවට පත් හැඩය
ඔහොම දිගටම ඉන්න...
මම හිඳිමි නුඹේ ළඟ
කිසිවිටක අත්නොහැර...
කවුරුදැයි නුඹ කියා
දැන් කෙනෙක් විමසාවි...
මං ඉතින් හිතට එකඟව
ඇත්ත පවසාවි...
මෙතෙක් කල් මා සමඟ
හොඳම මිතුරිය නුඹය...
සැම දෙනා දන්නෙ
'පරිගණකය' නමින් කීම...
2306220701 2306221320 2306232252
#magulakwenne
#upahasa
#spn