හොඳම සිංහල චිත්‍රපටි 5 ක්

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හොඳම සිංහල චිත්‍රපටි 5 ක්

    ලංකාව ඇතුලෙ වාරණයට ලක් වෙච්ච කලා නිර්මාණ ගැන අපි මීට කලින් ඔයාලට ලිපියක් ගෙන ආවා මතකද? අශෝක හඳගමගෙ අක්ෂරය, සංජීව පුෂ්පකුමාරගෙ ඉගිලෙන මාලුවෝ වගේ චිත්‍රපටත් අපේ ඒ ලැයිස්තුවට ඇතුලත් උනා. හැබැයි ලංකාවෙ ප්‍රදර්ශනය තහනම් උනාට ඒ චිත්‍රපට අන්තර්ජාලය හරහා යූටියුබ් මගින් එහෙම බලන්න චාන්ස් එක අපිට හම්බ උනානෙ.

    අපි අද කියන්න යන්නෙත් වාරණයට අහු වෙච්ච සහ කිසිදාක සිනමා ශාලාවක ප්‍රදර්ශනය කරන්නට නොලැබුණ ලංකාවේ චිත්‍රපට 5 ක් ගැන. හැබැයි අපේ කලින් ලැයිස්තුවේ සඳහන් වෙච්ච චිත්‍රපට වලට වඩා මේ කියන්න යන චිත්‍රපට වල වෙනසක් තියනවා. ඒ තමයි ලංකාවේ සෑහෙන කතාබහකට ලක්වෙන්න තිබ්බ මේ චිත්‍රපට කවදාවත් අපිට මොනයම්ම මාධ්‍යයක් හරහා වත් නරඹන්න නොලැබෙන එක. ඒ ඇයි කියන හේතු දැනගන්න ඔයාලට මේ ලිපිය කියවන්නම වෙනවා.



    1. තීන්දුව (Judgement) :angry::angry:

    Banned Cancelled Movies
    Soure – asiantribune.com
    අධ්‍යක්ෂක – ගාමිණී ෆොන්සේකා

    වේලුපිල්ලේ ප්‍රභාකරන්, රෝහණ විජේවීර වගේ චරිත ඇතුලත්ව, දේශපාලනික තේමාවකින් යුක්ත චිත්‍රපටයක් හදන්න 1990 ගණන් වල මැදදි ගාමිණී ෆොන්සේකා උත්සාහ කරනවා. ගාමිණී ෆොන්සේකා, ටෝනි රණසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස්, යශෝධා විමලධර්ම සහ නිමල් ලක්ෂපතිආරච්චි ආදීන් තමයි මේ චිත්‍රපටයේ රංගන ශිල්පීන් කැළට ඇතුලත් වෙන්නෙ. 90 ගණන් වලදි හදන්න සැලසුම් කලාට මේ චිත්‍රපටයේ කතාවට තේමා කරගන්නෙ 2006 වගේ අනාගත කාලයකදී එක්තරා රටක (ලංකාවට සමාන) සිදුවෙන දේශපාලනික විපර්යාසයක් ගැනයි. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන ජෙනරාල් දුනුවිල නම් විශ්‍රාමික හමුදා නිලධාරියාගෙ චරිතයට පණ පොවමින් ගාමිණී මේ චිත්‍රපටයට රංගනයෙනුත් දායක වෙන්නටයි සූදානමින් ඉන්නෙ. ඉංග්‍රීසි බසින් නිර්මාණය කරන්නට සැලසුම් කෙරුණ මේ චිත්‍රපටයේ මූලික සැලසුම් කටයුතු වලටම ඒ කාලයේදී රුපියල් මිලියනයකට වැඩි මුදලක් යොදවල තියනව. කොහොම වෙතත් “හමුදා පාලනයක්” ගැනත් කියවෙන මේ චිත්‍රපටය රූගත කරන්නටත් කලියෙන්ම එහි තේමාව නිසා තහනමකට ලක්වෙනව. ඒ “රටේ හමුදාව මව්බිම වෙනුවෙන් යුද්ධෙක නියැලිලා ඉන්න අවස්ථාවක මේ වගේ චිත්‍රපටයක් නිපදවීම නුසුදුසුය” කියා තීන්දු කරමින්. ‘තීන්දුව’ චිත්‍රපටයට එරෙහිව ලැබුණු ඒ තීන්දුව නිසා ගාමිණී ෆොන්සේකාගේ තවත් විශිෂ්ට නිර්මාණයක් වෙන්න තිබුණ මේ චිත්‍රපටය උපන් ගෙයිම මියැදෙනව.



    2. සුසීමා/ගිනි සිළුව :dull::dull::dull:

    Banned Cancelled Movies
    Source – youtube.com, sarasaviya.lk
    අධ්‍යක්ෂණය – මොහාන් නියාස්

    මොහාන් නියාස් සහ සරත් නාමල්ගම අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් දායක වෙමින් 2001 අවුරුද්දේදී චිත්‍රපටයක් හදන්න ගන්නවා. ‘සුසීමා’ සහ ‘ගිනි සිළුව’ යන නම් වලින් හඳුන්වනු ලබපු මේ චිත්‍රපටයට පාදක වන්නෙ සුසීමා ජයවීර නම් කෙටිදුර ධාවන ශූරියකගේ කථා පුවතක්. අපේ රටට ජාත්‍යන්තර කීර්තියක් ගෙනාපු සුසන්තිකා ජයසිංහ මහත්මියගෙ චරිතය යම්තාක් දුරකට මේ චිත්‍රපටයෙන් පිළිබිඹු කෙරෙනවා කියල තමයි ඒ දවස්වල මත පලවුනේ. මෙහි ප්‍රධාන චරිතය වන ධාවන ශූරියගේ චරිතයට පණ පෙවූ සංගීතා වීරරත්න රංගන ශිල්පිණිය මේ චරිතය රඟපාන්නට පෙර සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාවගේ ධාවනය සහ ව්‍යායාම ගැන පවා අධ්‍යයනය කරල පෙර සූදානම් වෙලා තියනවා. කොහොම වෙතත් සියයට 85 ක් විතර වැඩ අවසන් කරල තිබුණ මේ චිත්‍රපටයට එරෙහිව 2001 අවුරුද්දෙදි සුසන්තිකා ජයසිංහ නඩුවක් පවරනවා. ඒකට හේතුව හැටියට ඈ කියන්නේ ඇයගේ ජීවිතයේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කරමින් මේ චිත්‍රපටය ඇයට අපහසුවක් වන ආකාරයට නිර්මාණය කර තිබෙනවා කියලයි. අවුරුදු 14ක් පුරාවට දිගහැරෙන මේ චිත්‍රපටය සම්බන්ධ නඩු විභාගය අවසාන වන්නේ සුසන්තිකා ජයරත්න මහත්මියට ජය අත්කර දෙමින්.

    මේ තහනම නිසා ‘සුසීමා’/’ගිනි සිලුව’ චිත්‍රපට කථාවට පාදකව ඇත්තේ සුසන්තිකාගේ කතා පුවතද නැද්ද කියන එක අපිට කවදාවත් දැන ගන්න ලැබෙන්නේ නැහැ.



    3. මාගම් සෝලිය :frown::frown::frown:

    Banned Cancelled Movies
    Source – thummansala.com
    අධ්‍යක්ෂක – ජනක මල්ලිමාරච්චි

    මොහාන් රාජ් මඩවල විසින් ‘මාගම් සෝලිය’ නවකතාව රචනා කරන්න බොහෙම කාලෙකට කලින් අපේ විශිෂ්ට කළාකරුවෙක් වුනු සුගතපාල ද සිල්වා මහතා අතින් ‘මාගම් සෝලිය’ නමින් චිත්‍රපට පිටපතක් ලියවෙනව. ඒ පිටපත රචනා වෙන්නෙ ලංකාව හොල්ලපු මිනීමැරුම් දෙකක් සිදු කරපු මැතිව් පීරිස් දේවගැතිවරයාගේ චරිතයේ සත්‍ය සිදුවීම් ඇසුරිනුයි. මේ තිර පිටපත ඇසුරින් ‘මාගම් සෝලිය’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ එවක රජයේ හිටපු ඇමතිවරයෙකුගේ පුතෙක් වූ ජනක මල්ලිමාරච්චි විසිනුයි. ප්‍රධාන චරිතය වූ මැතිව් පීරිස් චරිතය රඟ දැක්වීම සඳහා තෝරාගෙන තිබුණේ රවීන්ද්‍ර රන්දෙනිය මහතාවයි. කෙසේ නමුත් ගාමිණී ෆොන්සේකා මහතාගේ ‘තීන්දුව’ චිත්‍රපටයට සිදුවුනා වගේම මේ චිත්‍රපටයත් රූගත කිරීම මුල් අදියරේම නවතා දමන්නට සිදු වනවා. ඒ එවක ජනාධිපතිව සිටි ප්‍රේමදාස මහතාගේ ඉල්ලීමකට අනුව.

    ලංකාවේ ආන්දෝලනයකට ලක්වෙන්න තිබ්බ චිත්‍රපටයක් වෙච්ච මේ චිත්‍රපටය නැරඹීමේ වාසනාව අපිට නොලැබුණත්, අපේ තවත් විශිෂ්ට අධ්‍යක්ෂකවරයෙන් වන චන්ද්‍රන් රත්නම් අතින් මැතිව් පීරිස් චරිතය මේ වෙද්දි නැවත සිනමාවට නැගිලයි තියෙන්නෙ. ‘According to Matthew’ නම් ඒ චිත්‍රපටය නැරඹීමේ වාසනාව ප්‍රේක්ෂක අපට අද හෙටම ලැබෙන්නට නියමිතයි.

    අනිවා Entertainment Junkies Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂


    email address


    Subscribe


    4. සිර කඳවුර :growl::growl::growl:

    Banned Cancelled Movies
    Source – sarasaviya.lk
    අධ්‍යක්ෂක – ධර්මසේන පතිරාජ

    ධර්මසේන පතිරාජ කියන්නේ ලංකාවෙන් බිහිවුණ හොඳම අධ්‍යක්ෂකවරයෙක් කියන එකට කිසිම විවාදයක් නෑ. පතිරාජයන් විසින් සිනමාවට සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට දායාද කරපු අපූරු නිර්මාණ රැසක්ම අදටත් ලංකාවේ විශිෂ්ටම ටෙලි සහ චිත්‍රපට හැටියට වැජඹෙනවා.

    සැබෑ සිදුවීමක් පාදක කරගෙන ලියන ලද සමන් වීරමන්ගේ තිර රචනයකට අනුව 80 ගණන් වල මුලදි පතිරාජයන් විසින් මේ ‘සිර කඳවුර’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවා. ගීතා කුමාරසිංහ, ජෝ අබේවික්‍රම, අමරසිරි කළංසූරිය ආදීන් රංගනයෙන් එකතු වෙන මේ චිත්‍රපටයේ සංගීත නිර්මාණය කරන්නේ ප්‍රේමසිරි කේමදාසයන් විසිනුයි. මේ චිත්‍රපටය තිරගත වුනානම් එය පතිරාජයන්ගේ හොඳම චිත්‍රපටය වන්නටද ඉඩ තිබුණ බවට සමහරු මත පල කරනවා. කොහොම උනත් 1983 ජූලි කලබල කාලෙදි විජය චිත්‍රාගාරයේ තිබ්බ මේ චිත්‍රපටය අවාසනාවන්ත විදිහට ගින්නෙන් දැවිල විනාශ වෙනව. ඒ හේතුවෙන් ශ්‍රී ලාංකීය සිනමාවට දායක වෙන්න තිබ්බ විශිෂ්ටතම චිත්‍රපටයක් නැරඹීමේ වාසනාව සිනමා රසිකයන්ට අහිමි වෙලා යනවා.



    5. මංමුලා වැල් :lol::lol:

    Banned Cancelled Movies
    Source – nfc.gov.lk
    අධ්‍යක්ෂක – තිස්ස අබේසේකර

    විජය කුමාරණතුංගගේ රංගන ජීවිතය වෙනස් කරන ආකාරයේ රංගනයක් ඇතුලත්, තිස්ස අබේසේකරයන්ගේ වෙනස්ම ආරයක සිනමා නිර්මාණයක් හැටියටයි මංමුලා වැල් චිත්‍රපටය ගැන දන්න අය කියන්නෙ. තවත් සමහරු කියනවා මේක සුප්‍රකට හොලිවුඩ් චිත්‍රපටයක් වෙච්ච ‘ඩිලිවරන්ස්’ (Deliverance) චිත්‍රපටයෙන් ආභාෂය ලබපු චිත්‍රපටයක්ය කියල. විජයට අමතරව ධම්ම ජාගොඩ සහ ස්වර්ණා මල්ලවාරච්චි මේ චිත්‍රපටයට රංගනයෙන් එකතු වී තිබෙනවා. මේ චිත්‍රපටයත් මුලුමනින්ම පාහේ වැඩ නිමකර ඇති එහෙත් කිසිදා අපට දැක බලාගන්න නොලැබෙතැයි සිතිය හැකි චිත්‍රපටයක්. ‘මංමුලා වැල්’ චිත්‍රපටයේ අග මුල හොයාගෙන යද්දී ඒ චිත්‍රපටයේ නම අසුබ වීම නිසා චිත්‍රපටයට සම්බන්ධ බොහෝ දෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවන්නටත්, වෙනත් කරදර වලට පත් වෙන්නටත් සිදු උනාය කියන කතාවක් ගැනත් අහන්න ලැබෙනව. මේ අවාසනාවට ඇති බිය නිසාද කියල හරියටම කියන්න බැරි උනත්, මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක තිස්ස අබේසේකරයන්ටත් ‘මංමුලා වැල්’ චිත්‍රපටය නිම කිරීමට එතරම් උනන්දුවක් නොතිබුණු බවටයි තොරතුරු වාර්තාවෙන්නේ. අධ්‍යක්ෂක තිස්ස, විජය, ධම්ම ජාගොඩ, දයා අල්විස් සහ චිත්‍රපටයේ නිෂ්පාදක මුනිදාස සිල්වා ඇතුලු මේ අවාසනාවන්ත සිනමා නිර්මාණයට දායක වූ බොහෝ දෙනෙක් අද වන විට ජීවතුන් අතර නැහැ. විජය විසින් පසු කලෙක මිලදී ගන්නා ලද මංමුලාවැල් චිත්‍රපටයේ අද වන විට අයිතිය ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සතුව බවයි පැවසෙන්නේ.

    Uputa Ganeemaki
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,203
    8,959
    113
    Dubai
    චිත්‍රපටයේ නම අසුබ වීම නිසා චිත්‍රපටයට සම්බන්ධ බොහෝ දෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවන්නටත්, වෙනත් කරදර වලට පත් වෙන්නටත් සිදු උනාය කියන කතාවක් ගැනත් අහන්න ලැබෙනව. :shocked:
    විජය විසින් පසු කලෙක මිලදී ගන්නා ලද මංමුලාවැල් චිත්‍රපටයේ අද වන විට අයිතිය ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සතුව බවයි පැවසෙන්නේ.
    :dull:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    චිත්‍රපටයේ නම අසුබ වීම නිසා චිත්‍රපටයට සම්බන්ධ බොහෝ දෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවන්නටත්, වෙනත් කරදර වලට පත් වෙන්නටත් සිදු උනාය කියන කතාවක් ගැනත් අහන්න ලැබෙනව. :shocked:
    විජය විසින් පසු කලෙක මිලදී ගන්නා ලද මංමුලාවැල් චිත්‍රපටයේ අද වන විට අයිතිය ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සතුව බවයි පැවසෙන්නේ.
    :dull:

    thnx for the information mcn
     

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    patta machan...tfs:):)
    api kochara awasanawanthada ban...ek hoda film ekakwat balanna wenne na ne:no::no::no::no:
    2.50 sinhala movie walata okkoma denawa..:angry::angry::angry: