හොඳ ආරන්චියක්.
හොඳ ආරන්චියක්.
රොබට් වින්සෙන්සෝ දක්ෂ ගොල්ෆ් ක්‍රීඩකයෙක්. වතාවක් ඔහු ශූරතාවය දිනාගත් පසු ඔහුට ලැබුණු ත්‍යාග මුදල් සහිත චෙක්පතක් රැගෙන, ක්‍රීඩා ලෝලීන්ටත් ආචාර කරමින් විවේක ගැනීමට සිතා ගොල්ෆ් සමාජ ශාලාව තුලට ගියා. ටික වේලාවක් එහි ගත කළ වින්සෙන්සෝ හුදෙකලාවම තම රථය නවතා තිබූ ස්ථානයට ගියා. රථය ළඟ තරුණ කාන්තාවක් හිටගෙන ඉන්නවා. ඇය ඔහුගේ ජයග්‍රහණයට සුභ පැතුවා. ඉන් පසු දුක්මුසු ස්වරයකින් යමක් කියන්න පටන් ගත්තා.
තමාගේ දරුවා අසනීප බවත්, ඔහු මරණාසන්න තත්ත්වයට පත්ව ඇති බවත්, ඔහුට අවශ්‍ය දේ ලබා දීමට තබා රෝහල් බිල ගෙවීමටවත් තමා ළඟ මුදල් නැති බවත් මේ කාන්තාව කීව්වා.
වින්සෙන්සෝ එම කථාව සාවදානව අසා සිටියා. ඉන් පසු තමාට ලැබුණ ජයග්‍රාහි චෙක්පත අතට ගෙන එය තරුණ කාන්තාවගේ නමට පිටසන් කර දෙමින් පැවසුවා. දරුවාගේ ජීවිතයේ අවසන් දින කිහිපය තුළ ඔහුව සතුටින් තබන ලෙස.
ඉන් පසු සතියේ මෙම කාරුණික ක්‍රීඩකයා ගොල්ෆ් සමාජ ශාලාවට ගියා. ක්‍රීඩා භෝජනය සදහා සමාජ ශාලාව භාරව කටයුතු කරන උසස් නිලධාරියෙක් වින්සෙන්සෝ ළගට පැමිණ විමසුවා ඔහුගේ ජයග්‍රාහි චෙක්පත කිසියම් කාන්තාවකට පරිත්‍යාගය කළා ද කියලා. වින්සෙන්සෝ හිස සලා එය අනුමත කළා.
" මිත්‍රයා........ ඔබට කියන්න දෙයක් තියෙනවා. ඇය වන්චාකාරියක්. ඔය කියූ ආකාරයේ අසනීප වූ දරුවෙක් ඇයට නැහැ. ඇය මවක් නොවේ. අවිවාහක කාන්තාවක්. " එම නිළධාරියා කිව්වා. එවිට වින්සෙන්සෝ මෙසේ ඇසුවා.
" එයා කියන විදිහේ අසනීප දරුවෙක් නැහැ කියලාද ඔබ කියන්නේ "
" නැහැ තමයි "
" ඉතින් ඒක කොච්චර හොඳ ආරන්චියක්ද? " වින්සෙන්සෝ පිළිතුරු දුන්නා.
හොදයි නම් බම්ප් එකක් දාන්න.
අනිත් අයටත් කියවන්න.