හොඳ දෙක!!!

lifeisfantacy

Member
Nov 24, 2006
20
9
0
මේ සීන් කෝන් එක මගේ යාලුවෙක් මට මේ පාර ගෙදර ගිය වෙලාවේ පච ගහ ගහ ඉන්න වෙලාවේ කියපු එකක්..මෑන්ස් වැඩ කරන්නෙ බෙන්තර පාලමෙන් එහා පලාතක ඔය පුන්කලස් වලට ඈඳිච්ච පෞද්ගලික බැංකුවක...මිනිහට ඒ ජොබ්ස් එක සැට් වෙච්ච විදිහත් මරු..ඒක වෙන දවසක වෙලා තියන වෙලාවක මෑන්ස්ගෙනුත් අහලා දාන්නං කෝ! අර කජුවත්තේ අහල තිබ්බ ප්‍රශ්න වගේ එව්වට උත්තර දීලා තමා මෑන්ව තෝරගෙන තිබුනේ!

කොහොමින් කොහොම හරි මිනිහ දැන් ඒ බැංකුවේ වැඩ...

ඒ බැංකුවේ බොසා මහ නාහෙට අහන්නෙ නැති ටිකක් සැර පරුෂ හිට්ලර් ජාතියේ ඩයල් එකක් ලු...නිවාඩු එහෙම ගන්නවට ඒ හැටි කැමති නැති එහෙම ලේසියෙන් නිවාඩු දෙන්නෙත් නැති ජාතියෙලු..ප්‍රධාන නගරෙක තියන කාර්යබහුල බැංකුවක් නිසා වැඩ එහෙම හරි වෙහෙස කරයි කියලා තමා අපේ එකා කියන්නේ!
කොහොමත් ඔව්වයෙ ඔය 365 ඩේ බෑංකින්, 24/7 Open අරව මේවා කියලා හබල් නැති අපිට නැව් ටෝක් දුන්නට වැඩ කරන උන් එපැයි වැඩ කොරන්න..නේද?රාජ්‍ය තැන් වගේ බැහැල්ලු!



බොසාගේ ඔය සීන් එක නිසා මිනිහට ස්ටාෆ් එක හරි ආදරෙයිලු..කට්ටිය එකතු වෙච්ච වෙච්ච තැන්වල ඒ මනුස්සයගේ ගුණ වනනවලු වැනිල්ලක් ආයි හොයා ගන්න බැරි වෙන්නම..ඔය වගේ පරිසරයක් ඇතුලේ තියන වැඩ තොගෙයි work stress එකයි හැටියට එහෙම වෙන එක අහන්නත් දෙයක්ද නේද?
අපේ එකත් මිනිහව මතක් කරන්නේ රෝස බල්ලා..රෝස බල්ලා කිය කිය තමයි...ඒ තරම් ආදරෙයි..

ඔතන වැඩ කරන ස්ටාෆ් එකේම ඩයල් එකක් ඉන්නවලු ටිකක් විහිලුවට බර..මිනිහා නිවාඩුවක්ද මංදා ඇප්ලයි කරලා කොහොම හරි එදා...
මිනිහා අනිත් උන්ට කියනවලු අද දුන්නෙ නැත්නම් බලාගමු..අරකද මේකද කියලා....(අර පාලු ගෙයි මොනාද බිඳිනවා කියන්නේ)
කොහොම හරි ඔහොම දවසේ වැඩ කටයුතු සිද්දවෙන අතරතුර මෑන්ස්ට බොසා එන්න කිව්වලු කැබින් එකට...මිනිහත් සූරයා වගේ ගියාලු...
දැන් අනිත් අයට ශෝ එක පේනවලු වීදුරුව ඇතුලෙන්..බොසා මූට හෙන ලෙක්චර් එකක් දෙනවලු..මූත් උගුඩුවා වගේ අහන් ඉන්නවලු....
ඔන්න මිනිහා එලියට ආවලු ගියාට වැඩිය උජාරුවට..(රජනිකාන් ගේ වෝක් එකක් මවා ගන්න)
ආපු ගමන් දඩි බිඩි ගාල අනිත් උන් වට වෙලා ඇහුවලු

"මොකො මස්සිනා උනේ ??? බොසා බැන්නා නේද?" කියලා?

යන්න කලින් ටෝක් ඉශූ කරපු විදිහට දැන් මූට ලාවට වගේ කිංඩිත් නිසා මෑන්ස් කිව්වලු

"පිස්සුද...? මං දෙකයි කිව්වේ, සර් මට යන්න කිව්වා" කියලා..

අනිත් උන් ඇහුවලු "දැන් උඹ මොනාද සර්ට කියපු හොඳ දෙක? "

"වෙන මොනාද ඉතින්.... යන්නම් සර් තමයි" කියලා ඇඟට පතට නොදැනි කියලා මාරු උනාලු අනිත් උන්ට හිනා කාල මැරෙන්න දීලා....


මීට පස්සේ මාත් ඔය අරව මේවා බලං ආවේ නෑ කියල බනින සර්ලට හොද දෙකක් කියලා එන්න ඉන්නේ! :)

කියන්න කතා ඇතෙක් බරට ඇතත් දුමියලා,ඔබාලා තරමට විහිලු කතා ලිවීමේ හැකියාවක් නැති බැවින් ඇජස් කර කියව ගන්නා මෙන් ඉල්ලා සිටිමි.. :)

උපුටා ගැනීම http://sabithl.blogspot.com
 
  • Like
Reactions: Rangau2