පෙටි කෑශ් සීන් එකට නම් ආතල්ම ඩයලොග් ජීනි. ඒකෙ ඇප් එක සුපිරි. අනං මං නැතුව ට්‍රාන්සර් කරගන්න පුලුවන්, සේවින්ග්ස් පොකට් සීන් එක මරු මට නම්. පොඩි පොඩි වියදම් වලට වෙන් කරගන්න. කාඩ් එකත් හොඳයි, ෆුවල් සර්චාජ් එකත් නෑ, 10 පාරක් ටොපප් කරන්න පුළුවන් 25ක් නෙමෙයි කැපෙන්නෙ. ට්‍රාන්සර් එලියට 40ක් ෆ්‍රී.පෙරේදා සම්පත් බෑන්ක් එකේ මැශින් එකේ සර්විස් මෝඩ් වැටිලා 49000ක් විත්ද්‍රෝ කරන්න ගිහින් කැපුනට සල්ලි ආවෙ නෑ,සුපිරි සපෝට් එකක් දුන්නෙ කම්ප්ලේන් එක දාපු වෙලාවෙ ඉඳන් ආපහු රිෆන්ඩ් උනාටත් පස්සෙ කෝල්කරලා අප්ඩේට් අහනවා