හොඳ ෆිල්ම් එකක් තෝරාගන්න එක සිම්පල්
මේ විදියට තෝරාගන්නවා නම් ඔයාට හොඳ ෆිල්ම් එකක් තෝරාගන්න එක සිම්පල්ENTERTAINMENT
ජීවිතේ ඇතුලේ අපි ගොඩක් බිසී වෙලා එක එක හේතු නිසා. ඉගෙනීම, රස්සාව, ආදරේ, කසාදෙන් පස්සේ ජීවිතේ වගේ දේවල් නිසා ගොඩක් වෙලාවට අපිට අපි කැමති දෙයක් කරන්න වෙලාවක්වත් හොයාගන්න ලැබෙන්නේ නැහැ. අඩුගාණේ ෆිල්ම් එකක් බලන්නවත්?

ෆිල්ම් එකක් බලනකොට නියම රසේ තියෙන්නේ සිනමා හෝල් එකක බලන එකෙන් කියලා පැරණි සෘෂිවරු කිව්වට අපිට තියෙන වැඩත් එක්ක කොහොම මේ දේවල් කරන්නද කියලා හිතෙන වාර අනන්තයි අප්‍රමාණයි. සමහර අපේ යාළුවෝ එක ෆිල්ම් එක තුන් හතරපාරට බලනවා කොටස් වශයෙන්. එතකොට ඉතින් රසය කියන දේ ගැන ආපහු කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැති වුනත් චිත්‍රපටයේ තිබෙන පූර්වඅපර සන්ධි ගලපගෙන බලන්න බැරි කමකුත් නැහැ.

මෙහෙම බලනවා වුනත් සිනමා එකකට ගිහින් බැලුවත් ඇත්තටම තියෙන ලොකුම ප්‍රශ්නය තමයි කොහොමද තමන් කැමති, තමන්ට හොඳටම ගැලපෙන චිත්‍රපටි තෝරා බේරගෙන බලන්නේ කියන එක. මේ නිසා අනිවා කියවන අපේ යාලුවන්ට ඒකට මෙන්න මේ විදියට පොඩි උදව්වක් දෙන්න හිතුවා.

1. තමන් කැමති චිත්‍රපටි වර්ග ගැන අයිඩියා එකක් හදාගැනීම

Busy Movie Fan Hacks
Source – 98move1.xyz
බිසීලයිෆ්එකක්ගතකරනඅපිහුඟ දෙනෙක්ට එන ප්‍රශ්නයක් තමයි ඔන්න ඉඳලා ඉඳලා හොඳයි කියල හිතෙන ෆිල්ම් එකක් අරගෙන බලන්න ගන්නවා. ආතල් එකේ බලන්න ගත්තට මොකද ටිකක් වෙලා බලද්දි නින්ද යන්න එනවා, එහෙමත් නැත්නම් චිත්‍රපටය මෙලෝ රහක් නෑ. අන්න ඒ වගේ නීරස අත්දැකීම් අඩු කරගන්න නම් තමන්ට ඕනෙ මොන විදිහේ චිත්‍රපටයක්ද කියන අයිඩියා එක හදාගැනීම අනිවාකළ යුත්තක්.
එක එක්කෙනාගේ කැමැත්ත විවිධාකාරයි, සමහරු Love stories වලට ආස වෙනකොට තවත් සමහරු ආස වෙන්නේ Horror වලට වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම ඔයා තේරුම් ගන්න ඕනෙ දේ තමයි ඔයා වඩාත්ම කැමති මොන මොන විදිහේ චිත්‍රපටි වලටද කියන එක.
මේ කැමැත්ත කියන එක මේ ඉහතින් කිව්ව කැටගරි වලට විතරක් නෙවෙයි, භාෂා විදියටත් වෙන් කරලා පෙන්වන්න පුළුවන්. English, Sinhala, Tamil, Hindi, Urdu, Chinese, Korean, Malayalam වගේ වර්ග වල චිත්‍රපටි අපේ රටේ රසිකයින් නරඹනවා.
2. මූඩ් එක ගැනත් අවධානය යොමු කරන්න

Busy Movie Fan Hacks
Source – dailymail.co.uk
මේක ගොඩක් දෙනෙක් නොහිතන කාරණයක්. මෙහෙමයි, දැන් සමහර දවස් තියනවා අපි ෆුල් බිසී පිට හරිම ස්ට්‍රෙස් පිට ගෙවන. මේ වගේ ස්ට්‍රෙස්ෆුල් දවසක රෑකට පොඩ්ඩක් හිත රිලැක්ස් කරන්න බලන්න ඔලුව වෙහෙසලා හිතන්න වෙන, බරසාර සම්භාව්‍ය ගණයේ චිත්‍රපටයක් ගැලපෙන්නෙ නැතිවෙන්න පුලුවන්. ඔයා ඒ විදිහේ ෆිල්ම් වලට කොච්චර ආස උනත් ඒ වෙලාවේ ඒ චිත්‍රපටයෙන් ලැබෙන වින්දනේ අඩු වෙන්න පුලුවන් ඔයාගෙ මානසික මට්ටම නිසා. මේ නිසා චිත්‍රපටයක් බාගත කරද්දි හෝ මිලදී ගනිද්දි මේ දවස්වල ඔයාට බලන්න හිතෙන, ඔයාගෙ මූඩ් එකට ගැලපෙන චිත්‍රපටි වර්ගය ගැනත් පොඩ්ඩක් අවධානෙ යොමු කලෝතින් හොඳයි.
3. සම්මාන ගැන අවධානයෙන් ඉන්න

Busy Movie Fan Hacks
Source – oscar.go.com
කැමති චිත්‍රපට වර්ගය තෝරාගත්තට පස්සේ පුළුවන් ඒ චිත්‍රපට තරඟ කල සම්මාන උළෙලවල්ගැන පොඩ්ඩක් හෙවිල්ලෙන් ඉන්න.Golden Globe, Academy හෙවත් Oscar සම්මාන උළෙල වැනි සම්මාන උළෙලවල් වගේම ලංකාවේ නම් ජනාධිපති සම්මාන, OCIC, Raigam, Hiru Awards සම්මානගැන සෙවිල්ලෙන් ඉන්න පුළුවන්. හැබැයි මෙහෙමයි. සම්මාන ලත් පළියට චිත්‍රපටයක් ඔබේ කැමැත්තට ගැලපෙන්නේ නැතිවෙන්න පුලුවන්. නමුත් සම්මාන ලත් චිත්‍රපටයක් මගින් ඔබේ බලාපොරොත්තු කඩවීම තරමක් අවමයි. ඒ නිසයි අපි මේ ගැනත් අවධානය යොමු කරන්න කියන්නෙ.
අනිවා Entertainment Junkies Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි
email address
Subscribe
4. ඩිරෙක්ටර් සහ ස්ක්‍රීන් රයිටර් ඔස්සේ සෙවීම

Busy Movie Fan Hacks
Source – cineplex.com
ගොඩක් අය මේ ක්‍රමේ භාවිතා කරනවා කියලා කියන්න පුළුවන්. තමන් කැමති චිත්‍රපටි අධ්‍යක්ෂක ගැන එහෙම නැතිනම් තිර රචකයා ගැන අවබෝධයක් තියෙනවා නම් එයාලගේ හොඳම චිත්‍රපටි ගැන අපිට ලේසියෙන්ම තොරතුරු හොයාගන්න පුලුවන්. ඒ වගේම ඔයා නරඹපු චිත්‍රපටයක් ඔයාගෙ හිතට හොඳට ඇල්ලුවෝතින් ඒ ඔස්සේ සෙවීමක් කරල ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂක සහ තිරපිටපත් රචකයා ගැන දැනගන්න පුලුවන්. ඊට පස්සේ ඒ අයගේ වෙනත් නිර්මාණ ගැන හොයාබලන්නට ඔයාට අවකාශ ලැබෙනව.
5. නලුවා/නිලිය ඔස්සේ සෙවීම

Busy Movie Fan Hacks
Source – boostlikes.com
තමන්ගේ හිතේ ඉන්න කැමතිම නළුවා හෝ නිළිය ඉන්න චිත්‍රපටි තමයි අපේ යාළුවො වැඩියෙන් ම බලන්න කැමති. එහෙම වුනාම බොහොම ලේසියෙන්ම IMDB වැනි චිත්‍රපට වෙබ් අඩවි හරහා හරි එයාලා ගේ Fan pages, twitter, Instagram පිටු වලට subscribe වෙලාහරි එයාලගෙ අලුත් සහ පරණ චිත්‍රපට ගැන දැනගන්න හැකියාව තියනවා.
6. යාළුවන්ගෙ රෙකමන්ඩේෂන්

Busy Movie Fan Hacks
Source – intl.target.com
මේකත් බොහොම සාර්ථක වැඩක්. මොකද යාළුවො දන්නවා, තමන්ගේ බොක්කේ ෆිට් එක බලන්නේ කරන්නේ මොන වගේ ෆිල්ම් ද කියලා. ඉතින් එහෙම ෆිල්ම් එකක් දැක්කොත් එහෙම එයාලා කරන්නේ තමන්ගේ යාලුවා වෙනුවෙන් ඒක ඩවුන්ලෝඩ් කරලා ෆිල්ම් එකක් පෙන් එකකට, ඩීවීඩී එකකටකොපි කරලා ගෙනල්ලා දෙන එක තමයි.
හැබැයි මෙතැනදී තමනුත් හරියට අඳුරගෙන ඉන්න ඕනෙ තමන් කැමති ටයිප් වල ෆිල්ම් වලට කැමති යාලුවෝ කවුද කියල. මොකද යාලුවෝ අතරත් විවිධ කැමැත්තවල් තියන අය ඉන්න පුලුවන්නෙ. ඒ නිසා ඒ කෙනෙක්ට හොඳටම අල්ලපු ෆිල්ම් එකක් ඔයාට අල්ලන්නෙ නැති වෙන්නත් ඉඩ තියනවා. ඒ නිසා යාලුවා තමන්ට රෙකමන්ඩ් කරන ෆිල්ම් කැටගරිය සහ ඒ යාලුවා බලන්න කැමතිම චිත්‍රපටි වර්ග ගැනත් අවධානයෙන් ඉන්න එක වැදගත්.
7. ඔන්ලයින් රේටින්ස්, විචාර සහ සාකච්ඡා

Busy Movie Fan Hacks
Source – tubefilter.com
Rotten Tomatoes , IMDb ,Meta Critic, Film Comment, Roger Ebert, Film.com, Flixter වගේ සයිට්ස් වලින් බොහොම පහසුවෙන්ම ඔබට කැමති චිත්‍රපටිය ගැන විස්තර දැනගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔවුන් දෙන රේටින්ස් හරිමනිරවද්‍යයි. මීට අමතරව මේ වෙබ් අඩවි වල චිත්‍රපට සම්බන්ධයෙන් පළකෙරෙන විචාර සහ සාකච්ඡා ආදියෙනුත් යම් චිත්‍රපටයක් ගැන පැහැදිලි අදහසක් ගන්නට පුලුවන්. මේ තියෙන්නෙ ඒ විදිහේ සිනමා නිර්මාණ ගැන කතාබහ කරන වෙබ් අඩවි කිහිපයක්.
8. ටොරන්ට්

Busy Movie Fan Hacks
Source – wonderhowto.com
ලංකාවේ අපි බහුතරේකට ඔරිජිනල් චිත්‍රපට ඩීවීඩී මිලදී ගන්න තරම් ආර්ථික හයියක් නෑ. චිත්‍රපටයක් රෙන්ට් කරන්නට ගියත් පැරණි හොඳ චිත්‍රපටි එකතුවක් තියන වීඩියෝ සෙන්ටර්ස් හොයාගන්නට අමාරුයි. මේ නිසා නීතිවිරෝධී කටයුත්තක් උනත් බහුතරයක් දෙනා ටොරන්ට් මගින් තමයි චිත්‍රපට බාගත කරගන්නේ.
මේ වෙද්දි පරණ චිත්‍රපටි ටොරන්ට් වල පොඩි හිඟයක් තිබ්බත්, අලුත් ෆිල්ම්ස් ගැන හොයනකොට ටොරන්ට් කියන්නේ සෑහෙන්න හොඳ resource එකක්.
ඔබ ටොරන්ට් බාගත කරන්නෙක් නම් සමහර චිත්‍රපට යටතේ ඒ චිත්‍රපට වල ගුණ අගුණ ගැන, පිටපතේ කොලිටිය ගැන එහෙම අදහස් දැකගන්න පුලුවන් වේවි. එයත් ඔබේ රස වින්දනයට උදවුවක් වේවි.
9. ෆිල්ම් එක හදලා තියෙන්නේ පොතකින් නම්, පොත හොඳයි ද කියල බලන්න
Busy Movie Fan Hacks
Source – williamfogglibrary.org
මේ ක්‍රමය අති සාර්ථක ක්‍රමයක්ය කියන්න බැරි උනත් සමහර අවස්ථාවලදී පොතක් ඇසුරින් හැදුණු චිත්‍රපටයක් නැරඹීමේදී පොත ගැන අදහසක් තිබීම වාසි සහගත වෙන්න පුලුවන්. පොතේ කතාවස්තුවේ තේමාව ඔබට ගැලපෙනවාද නැද්ද යන්න ගැනත්, පොතේ සාර්ථකත්වයත්, ඒ පොත සිනමා කෘතියකට නගන අධ්‍යක්ෂකවරයාගේ ඉතිහාසය ගැනත් දැනුමක් තිබීම මේ සඳහා වැදගත් වෙනවා. බොහොමයක් වෙලාවට මේ මගින් ඔබ දන්නා කියන කතාවක් නැවත වතාවක් බලන්නට සිද්ද වෙන නිසා ඔබ වඩාත්ම කැමති විනෝදාංශයට මෙහිදී මුල්තැන දෙන්න මතක තියාගන්න. ඒ කිවුවෙ ඔබ වඩාත් කැමති පොත් කියවන්නනම් පොත මුලින් කියවලා ඉන්න එක වටීවී, ඔබ කැමති චිත්‍රපටි නරඹන්නනම් පොත මුලින් කියවීමෙන් චිත්‍රපටයේ රසවින්දනයට බාධා ඇතිවෙන්න ඉඩ තිබෙවි. ඒ ගැනත් හිතලම මේ තීරණය ගන්න.
Uputa ganeemaki