හොඳ_පිළිකාවක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    හොඳ පිළිකාවක්


    4th-stage-of-lung-cancer.jpg




    ඔන්න මිනිස්සු දෙන්නෙක් මග රෑක වැස්සට කොටු වෙලා හිටියා කඩ මංඩියක අගු පිලක. නිකං 2011 උදුවප්-දුරුත්තේ වගේ මාර සීතලයි.

    එක පොරක් සාක්කුවෙන් ඩන්හිල් සිගරැට් පැකට් එකකුයි, ලයිටරේකුයි අරගත්තා. සිගරැට් එකක් පත්තු කරගෙන දුම් අරින්න පටන් ගත්තා.

    එතන හිටිය අනිත් පොරට ඉවසන්න බැරි වුණා.

    "මහත්තයා මටත් දෙනවද සිගරැට් එකක්?" පොර ඉල්ලුවා. ඉල්ලපු පරක්කුවෙන් සිගරැට් එකකුයි ලයිටරෙයි ලැබුණා.

    සිගරැට් ඇද ඇද දුම් අරින ගමන් දෙන්නා කතාවටත් වැටුණා.

    ඔන්න පළමුවෙනි පොර ගේ සිගරැට් එක ඉවර වුණා. පොර පැකට් එක සාක්කුවෙන් ගන්න කොටම දෙවෙනි පොරත් එක හුස්මට පොර ගේ සිගරැට් එක ඇදල දැම්මා.

    "මටත් තව එකක් ගන්න පුළුවන්ද මහත්තයා?"

    බැලින්නම් සිගරැට් පැකට් එක ඇතුලේ තිබුනේ එකම එක සිගරැට් එකයි. මහත්තයා ඒක පත්තු කර ගත්තා. උරහිසේ තිබුණු බෑග් එක ඇරලා අළුත්ම ඩන්හිල් පැකට් දෙකක් එළියට අරං, එකක් තමන්ගේ සාක්කුවට දාගෙන අනික දෙවෙනි පොරට දුන්නා.

    "ආ, තියා ගන්නව දැන් බීල ගෙදරත් ගිහින් බොන්න."

    දෙවෙනි පොරට හරිම පුදුමයි. මාර සල්ලිකාරයෙක් වෙන්න එපායැ එහෙම ඩන්හිල් සිගරැට් පැකට් එකක්ම දීලා දාන්න.

    "මහත්තයා හොඳ සල්ලි කාරයෙක් වගේ? පොර ඇහැව්වා. හොඳ බිස්නස් එකක් තියෙනවා ඇති?"

    "හොඳ බිස්නස් එකක් නෙමෙයි ඕයි මට තියෙන්නේ."

    "එහෙනං?"

    "හොඳ පිළිකාවක්. පෙනහැල්ලේ!"




    ප/ලි:
    ළමයිනේ සිගරැට් නං කට හරියේ තියන්න එපා!




    උස්සපු එකකි හොද නං ++REP​
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Bumpiyoooooooo
    Api nam issara biwwa,school yana kale :P
    dan nam balen pewwath bonne na :)